දශකයක හීන අරං Archives | familylife
	1	</sy:updateFrequency>
දශකයක හීන අරං ආ නව වසරට ආයුබෝවං – Online අහස යට 04
දශකයක හීන අරං ආපු 2020 අවුරුදු උදාව පහුවෙලා හරියටම පැය 24කුත් ගෙවිලා ගිහින්. දැන් තමයි Online සුබ පැතුම් ටිකට reply කරලා අහවර උනේ. ඇයි ඉතින් FB එකේ post ටිකට reply කරලා ඉවර වෙනකොට messenger එකට සුබ පැතුම් දහයක් විතර එනවා. ඊටත් පස්සෙ watsup, Viber, කීයකින් නම් reply කරන්නද? සමහර වෙලාවට එකම කෙනා සමාජ ජාල හැම […]
The post දශකයක හීන අරං ආ නව වසරට ආයුබෝවං – Online අහස යට 04 appeared first on familylife.
දශකයක හීන අරං ආපු 2020 අවුරුදු උදාව පහුවෙලා හරියටම පැය 24කුත් ගෙවිලා ගිහින්. දැන් තමයි Online සුබ පැතුම් ටිකට reply කරලා අහවර උනේ. ඇයි ඉතින් FB එකේ post ටිකට reply කරලා ඉවර වෙනකොට messenger  එකට සුබ පැතුම් දහයක් විතර එනවා. ඊටත් පස්සෙ watsup, Viber, කීයකින් නම් reply කරන්නද? සමහර වෙලාවට එකම කෙනා සමාජ ජාල හැම එකකින් ම සුබ පතලා copy කරලා past කරලම ඇගිලිත් හිරි වැටිලා.
ඒත් ඉතින් online ජීවිතේට හුරැ උනාට පස්සෙ මේ දේවල් මගහරින්න බෑ. 2020 January 01st selfy එකක් නොදා ඉන්නෙ කොහොමද FB එකේ කොන් වෙන්න බෑනෙ. හැබැයි ඉතින් ඒවා දිහා බලනකොට හි⁣තෙනවා. මිනිස්සු අවුරැද්දෙ පලවෙනි දවසෙ ලස්සනට ඇදලා හිනාවෙලා ඉන්නෙ අලුත් අවුරැද්ද ගැන කොච්චර බලාපොරොත්තු සහගතවද.
තමන්ගෙ තියෙන බලාපොරොත්තු හීන හැමදෙයක්ම මේ අවුරැද්දෙ නම් හරියයි කියන සුබවාදී හැගීම හැම මූණකම තියෙනවා. ඒත් ඉතින් 01වෙනිදා කියන්තේ මෙච්චර දවස් ගෙවුනා වගේම ගතවුනු එක දවසක් විතරයි කියලා හිතෙන කොට මාද ඇතුලුව හැමෝම ගැන මාර දුකක් ඇතිවෙනවා.
එක එක්කෙනා  එවන සුබ පැතුම් ටික එහෙට මෙහෙට කර කර ඉදලා 31Night අවුටින් එකක් ගිහින් පහුවදාට කිරි බත් කෑල්ලක් කාලා selfy යක් දෙකක් ගහලා, පොඩි share පාරක් දැම්මනම් අවුරැද්ද shape එකේ ගියා කියලා හිතන එකත් වෙනමම ආතල් එකක්. හැම දෙයක් ගැනම serious වෙන්න ගියාම තමයි හිත බිදෙන්නෙ.
“අපි මේ ගෙවන ජිවිතේ මොකක්ද ඇත්තටම ” කියලා හිතන හිතීම නතරකරගන්න පුලුවන්නම් අවුලක් නෑ. යාලුකන් නෑදෑකම් ඔක්කොම online එකට සීමා වෙලා. අම්මා තාත්තටත් සුබ පතන්නෙ ආශිර්වාද ගන්නෙ video call එකකින්.එක අතකට ඒකත් තියෙන එක කොච්චර දෙයක්ද සම්බන්ධකම් රැකගන්න.
දශකයක හීන අරං ආපු අලුත් අවුරැද්දෙ මම කියවපු හොදම සුබ පැතුම දැක්කෙ සුනිල් විජේසිරිවර්ධන කියන ආචාර්ය වරයාගේ FB ලියවිල්ලකින්. එයින් කොටසක් මම උපුටලා දාන්නම්. ඒක හදවතට දැනනෙන නිසා.
මේ වසරේදී සොයා ගන්නා නව දැනුම නිසා ඔබේ පරම්පරාව ජීවත්වන, එකිනෙකා සමග සම්බන්ධවන, සුවපත් වන ආකාරයේ මහත් ධනාත්මක වෙනස් කම් සිදුවනු ඇත. කෙනෙක් මේ මොහොතේ මහත් සේ  මානසික, කායික  වේදනාවක් අත් දකියි; තව දින කිහිපයකින්, මාස කිහිපයකින් ඔව්හු කිසිදා නොවූ තරම ට සුපුෂ්පිත වන්නෝය; දැනට ඔව්හු ඒ බවක් නොදනිති.
” නව වසරට හා නව දශකයට සුභාසිරි ! “
ඒ ඔහුගේ පැතුමයි. 
නැවත ගොඩ නැගීම. නැවත සිතීම. 2020 ආරම්භයට නව ගැම්මක් එයින් ලැබුනා. අවුරැදු සුබ පැතුමක් මගින්. කෙනෙක්ට අලුත් අවුරැදට සුබදායි හැගීමක්. නව මතවාදයක් බෙදා හරින්න පුලුවන්නම් එයින් කෙනෙක්ගෙ හදවත උද්දීපනයක් කරන්න පුලුවන්නම්  Online සැරි සරණ අපේ ජිවිත දැනට වඩා චුට්ටක් හරි ලස්සන වෙයි කියලා හිතුනෙ ඒ FB සුබ පැතුම කියෙව්වයින් පස්සෙයි.
දැනෙනව නම් ශෙයා කරන්න