More
    25 C
    Colombo
    Sunday, May 19, 2024

    ෆැෂන් කරන්න තරබාරු වීම ප්‍රශ්නයක් කරගන්න එපා

    Family Tech Sponsor

    familylife.lk අපි ෆැමිලි ෆැෂන් තුළින් ගෙන එන මේ ලිපියෙන් කියන්න යන්නේ තරමක් තරබාරු තරුණියකට ගැළපෙන විලාසිතා ක්‍රම කීපයක් ගැනයි.

    ශරීරයේ බර වැඩි වීම, එහෙමත් නැත්තන් තරබාරු වීම කාන්තා පිරිමි දෙපක්ෂයට විශාල මානසික පීඩනයක් ගෙන දෙන හේතුවක්. විශේෂයෙන් හැඩට වැඩට ඇදගෙන හොඳ ආත්ම විශ්වාසයක් එක්ක එළිපහළියට එන්න තරම් මානසික ශක්තියක් නැතිවීම නිසා කෙනෙක් සමාජයෙන් මුලුගැන්වෙන්න පෙළඹෙන්නට පවා ඉඩ තියෙනවා.

    ඉස්සරනම් මහත අයට මොන ෆැෂන් කියලා මතයක් තිබ්බට මේ වෙනකොට දේ වෙනස් වෙලා තියෙනවා. ශරීර ප්‍රමාණයෙන් වැඩි උදවියටම වෙන් වූ නවීන ඇඳුම් විලාසිතාගාරයන් පවා ලංකාව තුළත් දකින්නට හැකියාව තියෙනවා. එම නිසා තෝරාගැනීම ගැන ප්‍රශ්නයක් නෑ. දැන් අපි බලමු එහෙම තෝර ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනෙ කාරනා ගැන.  

    www.familylife.lk

    ඟේ හැඩය පෙන්වන විලාසිතා

    ශරීරය තරබාරු වීම විලාසිතා කිරීමට බාධාවක් කරගැනීම කිසිසේත්ම නොකළ යුතු දෙයක් වගේම මහත තරුණියක් විලාසිතා කිරීම ලජ්ජාවට කාරණයකුත් නෙවෙයි. තරබාරු ඔබ කල යුත්තේ ශරීරයේ හැඩය ඉස්මතු වන ආකාරයට ඇඳුම් තෝරාගැනීමයි.

    කියන්නේ උඩුකයත් යටිකයත් පැහැදිලිව වෙනස් වන විදියට ඇඳුම සකස් කරගන්න. බෙල්ට් එකක් පාවිච්චි කිරීම, උඩුකය සහ යටිකය එකිනෙකට වෙනස් වර්ණවලින් යුක්ත වෙන ඇඳුම් තෝරාගැනීම මගින් මේ දේ කරන්න පුළුවන් වෙනවා. ඉනට මදක් ඉහලට වෙන්න මේ බෙදා ගැනීම සිදුකරනවානම් ශරීරයේ උස මදක් වැඩි කරලා මහත අඩුකරලා  පෙන්වන්න එය ඉවහල් වෙනවා.

    තද පැහැ විලාසිතා

    ළා පැහැති වර්ණවලින් ඇගේ ගොඩක් ස්ථාන පැහැදිලිව පෙන්වන නිසා ළා පාට ඇඳුම්වලින් තරබාරුකමත් ටිකක් වැඩිපුර පෙන්වනවා කියලා කියන්න පුළුවන්. මේ හේතුව නිසා මහත යුවතියක් තද වර්ණවලින් ඇඳුම් විලාසිතා සකස් කරගැනීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. කළු, තද අළු, කාකි, තද නිල්, කොල, දුඹුරු, තද දම් වගේ පාට මේ අතරින් ප්‍රධාන වෙනවා.

    සිරස් රටා

    හරස් අතට ඉරි රටා ඇති විලාසිතා මගින් මහත කෙනෙක්ගේ තරබාරුව තව දුරටත් කැපී පෙනෙනවා. එවැනි අයෙක්ට වඩා සුදුසු වෙන්නේ සිරස් ඉරි හෝ රටාවන් සහිත ඇඳුම් විලාසිතා. විශේෂයෙන්ම ශරීරයේ උස වැඩි කර පෙන්වන නිසා පෙන්සිල් කට් විලාසිතාවේ දිගු සායවල්, ජීන්ස් විලාසිතා මහත තරුණියකට හොඳින්ම ගැළපෙනවා. විශාල ප්‍රමාණයේ මල් මෝස්තර, ඝනකම් එම්බ්‍රොයිඩර් මෝස්තර සහිත ඇඳුම්වලට වඩා කුඩා තිත් සහිත රටා වඩාත් ගැලපෙනවා.

    ආභරණ\ සපත්තු\ කොන්ඩා මෝස්තර 

    වඩා විශාල මෝස්තර සහිත මාල, කරාඹු හෝ ඉතා කුඩා මාල කරාඹුවලට වඩා මධ්‍යම ප්‍රමාණයේ ආභරණ මහත යුවතියකට වඩාත් හොදින් ගැළපෙනවා. සිහින් සහ දිගු මාල සහ කරාබු විලාසිතාත් සුදුසු වෙනවා. යම් විදියකින් විශාල කරාඹු යුවළක් පළදිනවානම් මාලයක් නොපැළදීම තමයි වඩාත් සුදුසු.

    විශේෂ ආභරණයක්, ඔරලෝසුවක් වගේ දෙයක් ඇඳීම මගින් දකින අයගේ අවධානය දේවල්වලට යොමු කරවීමෙන් ශරීරයේ ප්‍රමාණයට වැඩි අවධානය යොමු නොකරවගන්නත් පුළුවන්කම තියෙනවා. අඩිය උස සපත්තු පළඳින අවස්ථාවල දී විශාල අඩි සහිත සපත්තුවලට වඩා සිහින් අඩිය සහිත සපත්තු තෝරාගැනීමෙන් ශරීරයේ සිහින් බවක් පෙන්වනවා. තදට හිටින විදියට සකස් කරන කොණ්ඩා මෝස්තර වලට වඩා කොණ්ඩය සැහැල්ලු විදියට කඩා දැමීම හෝ උසට පෙනෙන විදියට පෝනිටේලයක් දැමීම ඉතා හොදින් ගැළපෙනවා.

     

    ඇඳුමේ කර සහ අත්

    V කර සහිත ටීෂර්ට්, බ්ලවුස්, සාරි හැට්ට ඇදීම මහත යුවතියකට වඩාත් ගැළපෙනවා. මුහුණ සහ පපුව අතර ඇති ඉඩ ප්‍රමාණය යම් තරමකට නිරාවරණය වීමෙන් ශරීරයට උස බවක් ලැබීම තමයි මෙයට හේතු වෙන්නේ. වගේම අත්වල මහතත් වැඩි අයෙක් නම් අත් කොට ඇඳුම් විලාසිතාවලට වඩා දිගු අත් සහිත ඇඳුම් හොදින් ගැලපෙනවා.

    සාරි ? ඔසරි ?

    රැකියාවට යාමේ දී සාරිය හෝ ඔසරිය අඳින්න වෙනවා නම් සාරිය තෝරාගැනීම තමයි වඩා සුදුසු වන්නේ. සාරිය මගින් ශරීරයේ උස වැඩි කර පෙන්වනවා වගේම තරුණ පෙනුමත් වැඩිකරවලා පෙන්වනවා. වගේම හසුරවාගන්න අමාරු සහ බරැති සාරිවලට වඩා සැහැල්ලු, නම්‍යශීලී සහ කඩාහැලෙන, පළල බෝඩරයක් නැති  සාරි තෝරා ගැනීමෙනුත් ශරීරය සිහින්ව පෙනෙනවා. V කර සහිත, අත් දිගට දැමූ, පිට පෙදෙස වැහෙන සහ ඉන තෙක් දිග සාරි හැට්ට විලාසිතා තෝරාගන්න වගබලාගන්න.

    ©biwmagazine.com

    බාච්චු එපා!

    තරබාරු ශරීරය වහගන්න බාච්චු ආකාරයේ ඇඳුම් විලාසිතා තෝරාගැනීම නම් අනුමත කරන්න බෑ. කියන්නේ ඇඟට වඩා විශාල බ්ලවුස්, ටී  ෂර්ට්ස්, සායවල් හෝ කලිසම්වලට වඩා ශරීරයේ ප්‍රමාණයට ගැලපෙන ඇඳුම් තෝරාගැනීම වැදගත් වෙනවා. ලෙගින් කලිසම් සහ කුර්තා  විලාසිතාත් මහතා යුවතියකට හොදින් ගැලපෙනවා.

    ත්‍රීක්වාටර් විලාසිතාවේ කලිසමුත් මහත යුවතියකගේ සිරුර සිහින් කර පෙන්වනවා. හැකියාවක් තියෙනවනම් තමන්ගේ ශරීර ප්‍රමාණයට වඩා එකක් අඩුවෙන් ඇඳුම් තෝරාගන්න. උදා:- 42 නම් 40 තෝරාගන්න.නමුත් යට ඇඳුම් නියම ප්‍රමාණයේ ඒවාම විය යුතුයි. ඇඳුම් සාක්කුවල යම් යම් දේවල් පුරවගැනීමේ පුරුද්දක් ඇත්නම් එයින් වැළකීමෙනුත් වෙනසක් සිදුවේවි.

    යට ඇඳුම්

    කවරාකාර ඇඳුම්කින් සැරසුනත් නියමාකාර යට ඇඳුම් භාවිතා නොකරන්නේ නම් ශරීරයේ හැඩය විකෘතිව පෙන්වනවා. විශේෂයෙන් තමන්ගේ ශරීර ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා ඇඳීම කාන්තාවන් කරන විශාල වැරද්දක් විදියට පෙන්වන්න පුළුවන්. වගේම මහත දාර සහිත යටකලිසම් වැනි දෙයිනුත් සිරුරට එකතු කරන්නේ අවලස්සනක්.

    ශරීරය මදක් කුඩා කර පෙන්වීමට අවශ්‍ය නම් හොද තත්ත්වයේ යට ඇඳුම් භාවිතය අත්‍යවශ්‍ය කාරණයක්. වගේම ශරීරය සිහින් කර පෙන්වීම සදහාම ඇති උඩුකය සහ යටිකය ආවරණය වෙන විදියට නිපදවා ඇති උසස් තත්ත්වයේ යට ඇඳුමක් මිල දී ගැනීමත් නිර්දේශ කරන්න පුළුවන්කම තියෙනවා.

    ඇපල් හැඩය සහ පෙයාර්ස් හැඩය

    ඇපල් හැඩයේ සිරුරක් කියන්නේ යටිකයට වඩා උඩුකය පිරුණු පෙනුමක් ඇති සිරුරකටයි. මේ අයගේ උරහිස් පළල වැඩියි. ඉන සහ පපුව පෙදෙස මහතයි. උකුල පළලින් අඩුයි. මෙවැනි කාන්තාවන් පිම්බුණු ස්වභාවයක් ඇති සායවල්/ කලිසම් සහ එතරම් බුරුල් නැති සිරුරේ ප්‍රමාණයට ගැලපෙන ටී ශර්ට්ස්/ බ්ලවුස් විලාසිතා තොර ගැනීම වඩා සුදුසුයි. උරහිස් සහ පපුව පළලින් අඩු සහ ඉන ප්‍රදේශය සාපේක්ෂව විශාල පෙයාර්ස් හැඩයේ ශරීරයක් ඇති කාන්තාවන්ට ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයේ විලාසිතා සුදුසු වෙනවා.


    විලාසිතා අගයන, සුන්දරව අදින්න පළදින්න කැමති තවත් ඔබ වැනිම කෙනෙකුගේ අවධානය වෙනුවෙන් පහත මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න


     

    Colombo
    overcast clouds
    25 ° C
    25 °
    25 °
    89 %
    5.9kmh
    100 %
    Sun
    28 °
    Mon
    29 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    29 °
    error: Content is protected !!

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු

    Exit mobile version