fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අමතර ආදායමක් උපයන්න මේ පුංචි දේවල් කරල බලන්න

    -

    Family Budget Sponsorspot_imgspot_img

    අමතර ආදායමක් ලෙහෙසියෙන්, පහසුවෙන් තමන්ගෙ පවුලට ලැබෙනවානම් බොහෝදෙනෙකුට එය සැනසීමක්. මේ නිසා familylife.lk අපි තීරණය කළා ඔබට මේ පිළිබඳව යම් අදහසක් ලබාදෙන ලිපිපෙළක් ෆැමිලි බජට් යටතේ පලකරන්නට. බොහොම පුංචි සිතුවිලි ගොඩක් අපි ඔබ එක්ක බෙදාගන්නට බලාපොරොත්තු වෙනවා. මෙම ලිපි පෙළේ මූලික අරමුණ දවසක කුඩා සහ මධ්‍යපරිමාන ව්‍යවසායක පරපුරක් වෙනුවෙන් ඔබ තුළ යම් උත්තේජනයක් ඇතිකරන ගමන්ම ඔබේ පවුල ඉතුරුවක් ඇති ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියනවා දැකීමයි.

    කාර්යය බහුල ජිවන රටාවක් එක්ක රැකියාවක් කිරීම හෝ රැකියාවක නියැලෙන අතරතුර වෙනත් අදායම් මාර්ගයක් කරා යොමු වීම අපහසු කටයුත්තක් විය හැකිය. විනෝදාංශයකට එවැනි සරල කාර්යබහුල ජිවන රටාවට බාධාවක් නොවන ලෙස ඔබට තෝරාගත හැකි දේවල් කීපයක් පිළිබද අදහස් කිහිපයක් සොයා බලමු.

    නිවසේ එදිනෙදා වැඩ කටයුතු කරන ගමන්, ඔබට පහසුවෙන් වගා කළහැකි, ඔබ ප්‍රදේශයේ දේශගුණයට ගැලපෙන විසිතුරු ශාක හෝ මල් වර්ගයක්, හෝ කිහිපයක් තෝරාගෙන නිවසේ ඉඩකඩ ඇති ස්ථානයක වගා කර, ප්‍රාදේශීයව වෙළද පොලක් සොයාගත හැකිය. වගාව පිළිබද උපදෙස් ඔබට අන්තර්ජාලය හරහා නිවසේ සිට සොයාගැනීමට පුළුවන්, එසේම පළාතේ කෘෂිකර්ම නිලධාරියාගෙන් ද ඔබ තෝරාගන්නා ගැනුම්කරුවන්ගෙන්ද අවශ්‍ය උපදෙස් තොරතුරු ලබා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස නිවසටම පැමිණ අන්තුරියම් මල්, ජේබ්රා මල්, විසිතුරු ශාක පත්‍ර මිලදී ගන්නා වෙළදුන් ඔබට සොයාගන්න පුළුවන්.

    අමතර ආදායමක්

    එසේම ඔබට කරපිංචා, රම්පෙ, නාරං, කෙසෙල්, පේර ආදියටද වෙනත් සුදුසු භෝග පලදාවන් සදහා ද ප්‍රාදේශීයව වෙළදපලක් සොයාගත හැකිය. අමතර වෙහෙසක් නොමැතිව ඔබට සුළු අදායමක් මෙයින් සොයා ගන්න පුළුවන්.

    තවදුරටත් පාවිච්චියට ගතහැකි ආර්ථික වටිනාකමක් ඇති භාණ්ඩ, විදුලි උපකරණ, දැව කදන්, පොල් ලී, දර සාධාරණ මුදලකට විකිණීම මගින් අමතර ආදායමක් මෙන්ම නිවසේ ඉඩකඩ ඉතුරුවක් ද සිදු වේ. ඒ වගේම පාවිච්චි කළහැකි තත්ත්වයේ මිල අධික ඇදුම් පැළදුම් වෙනත් අයෙකුට සාදාරණ මුදලකට විකිණීම මගින් ද, පාවිච්චි කළ ටයර්, පරණ යකඩ, පොල්කටු, බෝතල්, පත්තර, ටින් ආදිය ක්‍රමවත්ව එකතුකර විකිණීම මගින් ද, තමාගේ පරිහරණයට මිලදීගත් එහෙත් පාවිච්චියට නොගන්නා දේවල් (ජංගම දුරකථන, පොත්පත් ආදිය) විකිණීම මගින් ද ඔබට සුළු අදායමක් සොයාගන්න පුළුවන්, මේ සදහා ikman.lk වැනි වෙබ් අඩවි වලින් සහය ඔබට ලබා ලබා ගන්න පුළුවන්.

    ඔබ වගා කටයුතු පිළිබද දැනීමක්, කෘෂි කර්මය ගැන උනන්දුවක් තිබෙන අයෙක් නම් ඔබට බොන්සායි වගාවකට යොමුවිය හැකි, විවේක වෙලාවක දී මේ සදහා යොමුවෙන්න පුළුවන්, හොද වෙළදපලක් නාගරික පරිසරයකින් සොයාගන්න පුළුවන්. මෙයින් ඔබට විශාල මුදලක් සොයා ගන්න පුළුවන්.

    ඒසේම ඔබට බිම්මල්, කතුරු මුරුංගා වැනි වගාවක් සදහා යොමු වෙන්න පුළුවන් නම්, ඔබට ගමේ, නගරයේ දන්නා හදුනන වෙළදසලකට පළදාව ලබා දෙන්න පුළුවන්, පළාතේ කෘෂිකර්ම නිලධාරියාගෙන් හා අන්තර්ජාලය හරහා වැඩිදුර විස්තර සොයාගන්න පුළුවන්.

    ඔබ සොයන අමතර මුදල, ආරම්භයේදී සුළු අදායමක් උනත් පසුව ඔබට ව්‍යාපාරයක් ලෙස පසුවට දියුණු කල හැකි නොවේද. කාර්යය බහුල ජිවන රටාවේ ඇති ස්ට්‍රෙස් එක / ආතතිය වලක්වාගන්නටත් විනෝදාංශයක් ලෙස හොඳ තෝරාගැනීමක් ද නොවන්නේද. අහිතකර අනවශ්‍ය ජීවන රටාවක් වෙනුවට ආදර්ශමත් මෙවැනි හුරු පුරුදු ජීවිතයට එක කරගැනීම මගින් අමතර ආදායමක් ලෙහෙසියෙන් පහසුවෙන් ලැබෙනවා වගේම පවූලේ සියලුදෙනා එකමුතුව විනෝදයෙන් කාලය ගෙවීමටත් හොඳ අවස්ථාවක් වෙනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු