fbpx
More
    26 C
    Colombo
    Monday, April 29, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    Sairat – අහසෙන් පොළවට – මරාතියෙන් ලොවට…

    Family Tech Sponsorspot_imgspot_img

    Sairat ගැන කියන්න පටන් ගන්න වෙන්නෙ මෙහෙමයි.

    විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතීන් වලින් සැකසුනු ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක් පුරාම පොදු වූ එක් සාධකයක් තිබෙනවා. කෙනෙකුගේ ජීවිතයක් සාහසික ලෙස උදුරා ගන්නට තරම් ප්‍රබල එම එකම සාධකය නිසාම දිනෙන් දින දියුණුවට පත් වන සමාජ තළයට අයත් මිනිසුන්ගේ නොදියුණු බව ඉස්මතු කරනවා. ජාති ආගම් කුල භේදය නිසාම බොහෝ ජිවිත අහිමි වීම් නිරපරාදේ සිදුවන්නේත් බොහොම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින්. Honor killings ලෙසින් වෙනමම වර්ගීකරණයකට පවා අයත් වෙන මෙම අපරාධයන් හි නිරර්ථක බව පෙන්වා දීම සඳහාම මහාරාෂ්ට්‍රයේ මරාති සිනමාවෙන් ලොවට පිදෙන විශිෂ්ටතම සිනමා කාව්‍යයක් විදිහට Sairat වැදගත් වනවා.

    Sairat හි සැකැස්ම මුලින්ම සොබහවිකයි. චිත්‍රපටයේ සෑම රංගනයක්ම, සෑම සිදුවීමක්ම, සෑම රූපරාමුවක්ම අතිශය සොබහවික බවකින් යුක්තයි. අධ්‍යක්ෂකවරයා සහ රචකයා වන Nagraj Manjule ගේ පෞද්ගලික අත්දැකීම ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක් නිසාම ඔහු උපන් ගම්මානයම රූගත කිරීම් කටයුතු සඳහා යොදාගෙන තිබෙනවා. සොබහ සෞන්දර්යයේ අපූරු දර්ශනයන් සමඟින් මහාරාෂ්ට්‍රයේ චාරිකාවකට සමාන රූපමය ආකර්ශනීයත්වයක් චිත්‍රපටය සතුයි. එතනටම ඈඳෙන නවයෞවනයේ පොපියන චමත්කාරජනක ආදර කතන්දරයක් නිසාම සියල්ලම ආදරණීය බවකින් යුක්තයි.

    නමුත් මේ Star crossed ආදරවන්තයින් පැටලෙන්නේ ජීවිතයත් මරණයත් අතරේ කෙරෙන සෙල්ලමක බව විසේකාර තාරුණ්‍යයේ ආලයෙන් මුසපත් වන ඔවුන්ට මොහොතකට අමතක වෙනවා. ඉහළම පැළන්තියේ දේශපාලනික පවුලක දියණියක සහ පහළම තළයේ ධීවරයෙකුගේ පුතෙක් අතර සිදුවන ආදර හුටපටයක අවසානය කුමක්ද ‍යන්න ඉතාමත්ම පැහැදිලියි. නමුත් තරුණයා Parshya සහ තරුණිය Aarchi විසින් තම කුහක සමාජ ක්‍රමය අභියෝගයට ලක් කරමින් ඔවුන් දෙදෙනා හරි හෝ වැරදි තීරණයක් ගන්නවා. චිත්‍රපටය නිකුත් වූවායින් පසුව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම යම් බලපෑමක් සිදුවූ බවත් වාර්තා වනවා.

    Sairat

    මරාති සිනමාවේ ඉහළම සාර්ථකත්වයක් ලැබූ නිර්මාණයක් විදිහට Sairat හි වඩාත්ම කතාබහට ලක් වෙන්නේ තරුණ යුවලගේ රංගනයයි. 90% ක්ම වූ රංගන ශිල්පීන් ආධුනිකයින් විදිහට ප්‍රධාන රංගනය වෙනුවෙන් Rinku Rajguru සහ Akash Thosar විසින් විදහා පානා රංගන වින්‍යාසය සහ ප්‍රතිවාදී පාර්ශවය ඇතුළු සියලුම සහය රංගනයන් වල ලොකු ප්‍රබලත්වයක් දකින්නට ලැබෙනවා. මාතෘකාවට අදාළ වන සියලුම සංසිද්දීන් වෙනුවෙන් සැපයෙන පූර්ණ ‍යතාර්ථවාදී රංගනය නිසාම නරඹන්නාගේ සිතැඟි වෙනස් කරවන්නට පවා සමත් වන ස්වරූපයකින් සමන්විත වනවා.

    Archi චරිතය වෙනුවෙන් Rinku Rajguru හට විශේෂ ගෞරව බුහුමන් හිමිවීමත් විශේෂයක්. 2001 දී උපත ලැබූ ඇයට චිත්‍රපටය සඳහා ආරාධනය හිමිවෙන්නේ 2013 දී යි. වයස අවුරුදු 14 වැනි ලාබාල වියේදීම ඈ 63 වන ජාතික චිත්‍රපට උළෙලේදී ඉන්දියානු ජාතික සම්මානයෙන් පිදුම් ලබනවා. ජූරියේ විශේෂ ඇගයීමට ලක් වනවා. හොඳම රංගන ශිල්පිනිය ලෙසින් මරාති ෆිල්ම්ෆෙයා උළෙලේදීත් සම්මාන ලබනවා. තම ප්‍රථම රංගනය වෙනුවෙන්ම ලැබිය හැකි ඉහළම සම්මාන දිනූ ඇය විසින් චිත්‍රපටයේ ජීවය රක්ෂා කරන අපූරුව අතිවිශිෂ්ටයි.

    ඒ අනුව 66 වන බර්ලින් සිනමා උළෙල නියෝජනය කරන්නටත් අවස්ථාව හිමි කරගන්නා Sairat හට එහිදීත් හොඳ ප්‍රසාදයක් හිමි වෙනවා. කුලමල වාද භේදයන් නිසා සිදුවන සමාජ අසාධාරණයන් ගැන නිපැයුනු “Satyamev Jayate” රූපවාහිනී සංවාද මණ්ඩප වැඩසටහන නිර්මාණය කළ ප්‍රවීන රංගන ශිල්පී ආමීර් ඛාන් විසින් තම ට්විටර් ගිණුම ඔස්සේ “අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක්” ලෙසින් විශේෂ සඳහනක් ද සිදුකර තිබෙනවා.

    Sairat

    Sairat හි සංගීතයත් සුවිශේෂීයි. මේ වන විට බොලිවුඩයේත් ඉහළම නමක් දිනූ Ajey-atul සුසංයෝගය විසින් සම්පාදනය කරනු ලබන සංගීතය විසින් සමස්ත ඉන්දීය සිනමා ක්ෂේත්‍රයටම එක් කරනු ලබන්නේ විශාල වටිනාකමක්. ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර Sony Symphony Studio හි දී, සංගිතඥයින් 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පටිගත කෙරුනු පළමු ඉන්දීය චිත්‍රපටය බවට පත්වෙන්නේත් Sairat මයි.

    බොලිවුඩ්, කොලිවුඩ්, ටොලිවුඩ් සහ මොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව තවමත් පසුගාමී ව හිඳිනා මරාති සිනමාවේ විශිෂ්ටත්වය කියා පාන්නක් විදිහට මරාති සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය වන්නටත් Sairat ට හැකියාව ලැබුනේ කෝටි 4 ක වියදමින් තනා තිරගත කළ පළමු මාසය තුළදීම ලොව පුරා කෝටි 100 ක ආදායම් කඩ ඉමක් සනිටුහන් කරමින් දින මහාරාෂ්ට්‍රයේ සිනමාහල් වල සාර්ථක දින 100 ත් පසුකරමිනි.

    ජාති ආගම් කුල භේද නොතකා ආදරයෙන්ම විතරක් බැඳෙමින් අරගල කරනා පෙම්වතුන් දැක ඇති. ආදරය වෙනුවෙන්ම සියල හැරදා අහසින් පොළවට බට රාජ කුමාරිකාවන් ද ඔබ දැක ඇති. අහස් මාළිඟා නොපතමින් තමන්ගේම නිදහස් අහසක තම විමන් සාදාගන්නා අහිංසක පෙම්වතුන්ගේ කතන්දරත් දැක ඇති නමුත් නරඹා අවසානයේ “අහසින් පොළවට” කඩන් වැටෙනා මෙතරම් සංවේදී හැඟීමක් නම් ඔබ කිසිදා අත්නොවිඳ ඇති.


    ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26 ° C
    26 °
    26 °
    83 %
    2.5kmh
    99 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    31 °
    Thu
    30 °
    Fri
    31 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු