fbpx
More
    26 C
    Colombo
    Monday, April 29, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පරිවර්තන පොත් මිලට ගන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න

    Family Tech Sponsorspot_imgspot_img

    පරිවර්ථන පොත් ඇතුළුව පොත් මිටියක් ඔක්තෝම්බරයේ මිලට ගත්ත අය, සාහිත්‍ය මාසය නිමාවෙලා දෙමසකට වඩා ගෙවුනත් තමන් මිලදී ගත් සියල්ල තවම කියවලා ඉවර නැතුව ඇති. සමහර විට කියවලා ඉවර වුනත් ඒ ගැන සගයන් එක්ක තියෙන සංවාද ඉවර වෙලා නැතුව ඇති. විශේෂයෙන් ම මේ වසරේ පරිවර්තන පොත් සම්බන්ධව ටිකක් වැඩිපුර කතා බහ කෙරුණු නිසා familylife.lk අපි හිතුවා ෆැමිලි රීඩ් තීරයෙන් පරිවර්තන කෘතියක් මිලට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන කතා කරන්න.

    පරිවර්තන පොත් ලියවෙන්නේ ඇයි?

    ඉංග්‍රීසි ඇතුළු විදේශ භාෂා ගැන ප්‍රමාණවත් දැනුමක් නැති නිසා පරිවර්තන පොත් කියවනවා කියන අදහස සමහර පුද්ගලයන් තුළ තියෙනවා. හැබැයි මේක නිවැරදි සිතිවිල්ලක් නම් නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෝ පවා තමන්ගේ භාෂාවෙන් ලියවුනු පොත් කියවන්න ප්‍රිය කරනවා.

    මව් හාෂාව තරම් වෙන කිසිම භාෂාවක් එතරම් හිතට අල්ලන්නේ නැති එක තමයි මේකට හේතුව වෙන්නේ. මේ හේතුව හන්දා තමයි රටක පරිවර්තන සාහිත්‍යක් තියෙන්නේ. වෙනත් විදියකින් කිව්වොත් පරිවර්තන සාහිත්‍ය කියන්නේ එක්තරා විදියක කලාවක් විදියට හදුන්වන්න පුළුවන් වෙනවා. 

    පාඨකයින්ට සිදු වන අසාධාරණය 

    නමුත් මේ වෙනකොට හතු පිපෙනවා වගේ පරිවර්තන පොත් බිහිවෙනවා වගේම මේ පොත්වල ගුණාත්මක භාවයත් එන්න එන්නම අඩුවෙනවා කියන චෝදනාව පාඨකයොන්ගෙන් එල්ලවෙනවා. මේ හේතුව නිසාම බොහෝ දෙනෙක් මුල් කෘතිය කියවන්න පෙළඹෙන බව දකින්න ලැබෙනවා. හැබැයි ගුණාත්මක පරිවර්තන පොත් බිහි නොවෙන එක මව් භාෂාවෙන් පමණක් පොත් කියවන පාඨකයොන්ට කරන විශාල අසාධාරණයක් බවත් කියන්න ම වෙනවා.

    අනෙක් අතට මහන්සියෙන් හරි හම්බ කරගන්න සල්ලි ටිකක් අමාරුවෙන් ඉතිරි කරගෙන, පොත් කඩවලට හරි පොත් ප්‍රදර්ශනයට හරි ගිහින්, ආව පොත කියවලා ඉවර වුනාම “මේක ගත්ත සල්ලි අපරාදේ” කියලා පාඨකයොන්ට හිතෙනවනම් එක හරිම කණගාටුදායක තත්ත්වයක් විදියට තමයි අපි නම් දකින්නේ.

    නිවැරදිම පරිවර්තකයා තෝරාගන්න

    මේ හේතුව හන්දම, වර්ණවත් පිටකවරත්, සුපිරි මිල ගණනුත් එක්ක පරිවර්තන පොත් පිරිලා ඉතිරිලා තිබ්බත් පරිවර්තන කෘතියක් මිලට ගන්න කලින් දැන් ටිකක් වැඩිපුර හිතන්න වෙලා තියෙනවා. පරිවර්තන පොත්වලට පෙම් බදින බොහෝ දෙනෙක් තමන් කැමතිම රචකයාගේ එහෙමත් නැත්තන් පරිවර්තකයාගේ පොත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මිලට ගන්න පෙළඹිලා ඉන්නවා.

    එහෙමත් නැත්තන් මේ කාල වකවානුව වෙනකොට ලෝකේ ජනප්‍රිය පොත් පරිවර්තනය කරලා ජනප්‍රිය වුනු “සෙලිබ්‍රිටි පරිවර්තකයොන්ගේ” පොත් මිලට ගන්නවා. හැබැයි පොත කියවනකොට දැනෙන්නේ පුදුමාකාර ව්‍යාකූල බවක්. පරිවර්තකයා පවා තේරුමක් ඇතුව පරිවර්තනය කරලා තියෙන බවක් මේ පොත්වලින් පෙනෙන්නේ නෑ. 

    ඒ නිසා මුලින්ම කරන්න වෙන්නේ හොද පරිවර්තකයෙක් හොයාගන්න එක. පොත් කියවන්න ඇබ්බැහි වුනු, පොත් ගැන හොදට දැනුම් තේරුම් ඇති අයගෙන් රසවත් විදියට පරිවර්තන කටයුත්ත සිදු කරන පරිවර්තකයො ගැන අදහසක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.

    අවාසනාවකට ගාමිණි  වියන්ගොඩ, කේ. ජී කරුණාතිලක, දැදිගම වී රොද්‍රිගෝ වගේ පරිවර්තකයෝ බොහොම අඩුවෙන් තමයි අලුත් නිර්මාණ කරනව දකින්න ලැබෙන්නේ. අවුරුද්දකට විශාල ප්‍රමාණයේ පොත් 10-15ක් විතර පරිවර්තනය කරන පරිවර්තකයෙක්ගෙන් නිවැරදිම සහ රසවත්ම පරිවර්තනයක් බලොපොරොත්තු වෙන්න පුලුවන්ද කියන කාරණය ඇත්තටම සැක සහිත වෙනවා. 

    පරිවර්තන පොත්

    ඒ වගේම පොත පරිවර්තනය වෙලා තියෙන වාර ගණන ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න. උදාහරණයක් ව්දියට ගත්තොත් “හරි පුදුම ඉස්කෝලේ” නමින් ලීලානන්ද ගමාච්චි මහත්මයා පරිවර්තනය කරලා තියෙන්නේ ඩොරති බ්‍රිටන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු “ටෝට්ටෝ චාන්” කියන ජපන් බසින් ලියැවුණු කෘතියක්. ඒ වගේ කරුණු ගැනත් පොඩ්ඩක් හොයලා බලලම පොත් ගන්න එක තමයි වඩා හොද.

    ප්‍රකාශකයා කවුද?

    අනිත් කරුණ තමයි වගකීමක් සහිත ප්‍රකාශන ආයතනයකින් පොතේ පරිවර්තනයට වගකියනවද කියන කාරණය. සමහර පොත් ප්‍රකාශන ආයතන එකිනෙකා අතර ගැටුම් පවා ඇතිකරගනිමින් පොත් ප්‍රකාශන අයිතිය ලබා ගන්නවා. පිවර්තන සාහිත්‍ය ගැන ඇල්මෙන් පාඨකයා එන සද්භාවයෙන් පරිවර්තන ප්‍රකාශයට පත් කරනවාට වඩා  වානිජමය වාසි මුදුන් පමුණුවා ගැනීමක් තමයි එයින් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ.

    බිස්නස් එකකින් එහා ගිය අරමුණක් හෝ පත පොතට ආදරය කරන, පොත් කියවන බවක් නම් මේ අයගෙන් දකින්න අමාරුයි. ඒ වගේම මුල් කෘතිය ප්‍රකාශනයට පත් කරපු ආයතනයෙන් අවසර අරගෙන නිත්‍යානුකූලව පොත පරිවර්තනය කරලද කියන කාරණය ගැනත් පොඩ්ඩක් හොයලා බලලම පොත් ගන්න.

    පරිවර්තන පොත්

    මිලට ගන්න කලින් පොතේ අන්තර්ගතය ගැන හොයන්න

    පරිවර්තනයක් මිලට ගන්න කලින් ඒ පොතේ මුල් කෘතිය ගැන අන්තර්ජාලය හරහා හොයලා බලන්න. පොත් සම්බන්ධ ෆෙස්බුක් සමුහ ඕනෑ තරම් මේ වෙනකොට දකින්න ලැබෙනවා. එවැනි තැන හරහා මුල් කෘතිය ගැනත් පරිවර්තනය ගැනත් විමසලා බලනවානම් විස්තර හොයාගන්න පුලුවාන්කම තියෙනවා.  විශේෂයෙන් ම තමන් ප්‍රිය කරන වර්ගයේ පරිවර්තන ගැන සමාන රුචියක් තියෙන පුද්ගලයින්ගෙන් වැඩි දුරටත් විස්තර හොයාගන්න හැකි වෙනවා.

    මුල් කෘතිය මදක් හෝ කියවලා සංසන්දනයක් කරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. උදාහරණයක් විදියට great කියන ඉංග්‍රීසි වචනය සිංහලයට පරිවර්තනය කලාම ප්‍රධාන, උදාර, මහා වගේ අර්ථ කිහිපයක් එනවා. මුල් කෘතියේ මේ වචනය යොදාගෙන තියෙන අදහස හරි හැටි වටහාගෙන පරිවර්තන කලේ නැත්නම් සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථයක් තමයි එන්නේ.

    ඒ වගේම මුල් කෘතිය ලියවුනු භාෂාවටම අනන්‍ය වුනු (උපමා පිරුළු වගේ දේවල්) යෙදුම් එහෙමත් නිවැරදිවම පරිවර්තනය වුනේ නැත්තන් තේරුමක්, රසයක් නැති පරිවර්තනයක් තමයි සිදු කෙරෙන්නේ.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසීමට පහත ලෝගෝව ක්ලික්/ටැප් කරන්න

    www.familylife.lk

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26 ° C
    26 °
    26 °
    83 %
    2.5kmh
    99 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    31 °
    Thu
    30 °
    Fri
    31 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු