fbpx
More
    27 C
    Colombo
    Monday, April 29, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    චීන වෛරසය ලංකාවට එන්න කලින් ඒ ගැන දැනුවත් වෙන්න…

    Family Tech Sponsorspot_imgspot_img

    චීන වෛරසය ලෙස මේ දිනවල දැඩි කතාබහට ලක්වන, මේ වන විට වූහැන් නිවුමෝනියා ලෙසින් ලෝක වෛද්‍ය ක්ෂේත්‍රයේ හඳුන්වන වෛරසය පිළිබඳ සැකෙවින් හෝ familylife.lk පාඨකයින් දැනුවත් කිරීමටයි මේ සූදානම. ජනවාරි මාසයේ මුල සිට විවිධ අංශ මගින් අනතුරු අඟවන ලද මෙම වෛරස් තත්ත්වය මගින් මේ වනවිට චීනයේ වූහැන් ප්‍රදේශයේ පමණක් හය දෙනෙක් මියගොස් විශාල පිරිසක් රෝගතුර වී තිබෙනවා.

    මේ වන විට ලොව විවිධ රටවලින් මෙම රෝගීන් වාර්ථා වී ඇති අතර විදේශ මාධ්‍ය වාර්තා කරන අන්දමට දකුණු කොරියාව, හොංකොං, තායිවානය, තායිලන්ත, ජපානය වැනි චීනය ආශ්‍රීත රටවල් මෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් නගරයෙනුත් රෝගීන් වාර්ථා වී තිබෙනවා.
    විශේෂයෙන් සාස් (Severe Acute Respiratory Syndrome – SARS), හා මර්ස් (Middle East respiratory syndrome – MERS) මෙන්ම පහසුවෙන් මිනිසෙකුගේ ශ්වසන පද්ධතියට හානි කළ හැකි මෙම වෛරසය මිනිසෙකුගෙන් මිනිසෙකුට පහසුවෙන් පැතිර යාමේ හැකියාව පවතිනවා.

    මේ පිළිබඳ familylife.lk සම්පත් දායකයෙකු වන වෛද්‍ය හසින්ද උඩලගම මහතා සිය facebook පිටුවේ පළ කළ අදහසක් ඔහුගේ අවසරය ඇතිව අප පහතින් පළ කරන්නේ මේ පිළිබඳව ඉක්මනින් ඔබව දැනුවත් කිරීමට ඇති අවශ්‍යතාවය සලකා බලා. චීන වෛරසය නැතහොත් වූහැන් වෛරසය පිළිබඳ සවිස්තර ලිපියක් නුදුරේදීම ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා.

    චීන වෛරසය

    වෛද්‍ය හසින්ද උඩලගම විසින් පළකළ සටහන –

    චීන වෛරසය ගැන නිව්ස් ගොඩක් අය ශෙයාකරගෙන තියනව දැක්කා. ඒ සම්බන්ධව ලංකාවෙ තත්වය ගැන තවම හරියට දන්නෙ නෑ. තාම එහෙම ඒ වර්ගයේ වයිරස් සහිත ලෙඩ්ඩු නම් වාර්තා වෙලා නෑ. ඇඟේ හැප්පෙන ගානට දැන් චීන්නු ඉන්න නිසා අවදානමක් නෑමයි කියන්න බෑ.

    එහෙම ලෙඩක් ආවත් ඉතින් කරන්න කියල විශේෂ දෙයක් නෑ. පැතිරෙන එක වලක්වන්න ක්‍රියාමාර්ග ගන්නයිතියෙන්නෙ. මේකත් ස්වසන මාර්ගය ආශ්‍රිත ලෙඩක්. ඒ නිසා වැඩිපුරම බෝවෙන්නෙ “බිඳිති” මාර්ගයෙන්. බිඳිති කියන්නෙ කෙල, සොටු, සෙම වගේ ස්වසන මාර්ගයෙන් නිපදවෙන දේවල්. මේ නිසා වෙනදා සාර්ස්, ඉන්ෆ්ලුවෙන්සා වගේ ලෙඩ වලදි කරපු ටිකම තමා කරන්න තියෙන්නෙ. නමුත් අපේ රටේ මිනිස්සු නොකරන එකම දේත් ඒක. මෙහෙම මොකක් හරි ලෙඩක් ගැන ආරංචියක් ආවම ගොඩක් අය කරන්නෙ පලවෙනි කිවිසුම ගියපු ගමන් ඩොක්ටර් කෙනෙක් ගාවට යන එක. ඒකෙ වැරැද්දක් කියන්නෙ නෑ. නමුත් ඒ අතරෙ වැදගත්ම කොටස ගොඩක් අය අතින් කෙරෙන්නෙ නෑ. ඒ කොටස තියෙන්නෙ ලෙඩාගෙ අතේ.

    මෙහෙම මරණීය ලෙඩක් පැතිරෙන්න ඕනෙම නෑ. තමන්ට සෙම සෙම්ප්‍රතිශ්‍යා අසනීප තත්වයක් තියනව නම් අනේ අනිත් අයට බෝ නොකර ඉන්න බලන්න. මම දැකල තියනවා ගොඩක් අය ලේන්සු පාවිච්චි කරන්නෙ නෑ. “හා…ච්චෝ..!” ගාලා මුළු පලාතම හෙල්ලිලා යන්න තමා කිවිසුම් අරින්නෙ. අහල පහල ගෙවල් වල මිනිස්සුත් දන්නවා මේ මනුස්සයට හෙම්බිරිස්සාව හැදිලා කියලා. එච්චරට සද්දෙ. සද්දෙ වැඩියි කියන්නෙ “බිඳිති” පැතිරෙනවා වැඩියි. ඇත්තටම බිඳිති නෙමේ පැතිරෙන්නෙ සෙම බෝල බෝල.

    කැස්ස නම් හෙම්බිරිස්සාව නම් ලේන්සුවක් පාවිච්චි කරන්න. හදිසියට ලේන්සුවක් නැත්නම් අතේ වැලමිටෙන් උඩ කොටසෙන් ආවරණය කරන්න. අත පාවිච්චි කරන්න එපා කියන්නෙ අතේ ගෑවෙන වයිරස් ඔයා අල්ලන අල්ලන තැන් වල තැවරෙන නිසා. ඒ තැන් අල්ලන අනිත් අයටත් ඒවා බෝවෙන්න පුලුවන්. හෙම්බා තියනවා නම් පුරුද්දක් විදියට නිතර නිතර අත සෝදන්න. මොකද ඔයා නොදැනුවත්ව කොහොමත් නහය අවට අල්ලන නිසා අත්වල විෂබීජ තියනවා. අසනීපයක් නැතත් මගතොටේ – බස්වල, පොලේ, කඩේ ගිහින් ආවම අත සෝදන එක පුරුද්දක් කරගන්න. දැන් කොහොමත් එක එක වයිරස් වැඩි නිසා නිකම් ලෙඩ වෙන එක අඩු කරගන්න ඒක උදව් වෙයි. පොඩි අයටත් මේවා පුරුදු කරන්න. පුලුවන් නම් හෙම්බා එක්ක ජොබ් එකට යද්දි මාස්ක් පාවිච්චි කරන්න.

    මේ වගේ වසංගතයක් පැතිරෙනකොට සෙනග අතරෙ ගැවසෙන එක අඩු කරන්න ඕනෙ. මේ චීන වෛරසය වැඩිපුරම පැතිරිලා තියෙන්නෙ වෙලඳ සැල් හරහා. ෂොපින් කරන්න ගියාම රෝගීන් සහ නිරෝගී අය මුහු වෙනවා. චීනයෙ කට්ටිය මේ අවුරුද්දෙ මුල ලක්ෂ ගණනින් පිටරටවල් වල සංචාරය කරන්න නියමිතයි. මේ එයාගෙ නිවාඩු කාලයක්. ඒ නිසා තමා මේකෙ අවදානම වැඩි. ලංකාවටත් සෑහෙන පිරිසක් ඒවි. ලංකාවෙ පලවෙනි ලෙඩා වාර්තාවුණ දවසෙ ඉඳලා ශොපින් මෝල් වගේ විදේශිකයො වැඩිපුර ඉන්න තැන් වලට යන එක අඩු කරන්න වෙයි.

    අනිත් කාරණය ඉතින් අහිංසක අපි (සෞඛ්‍ය සේවයේ අය) ගැනත් ඩිංගක් හිතන්න. ඇත්තටම කැස්ස තියනවා කියල කටින් කිව්වම ඇති. කැහැලා පෙන්වන්න ඕනෙ නෑ. කැහැලා පෙන්වන්නම ඕනෙ කියල හිතෙනවා නම් ලේන්සුවක් තියල කහින්න. අපි මාස්ක් දාගෙන ඉන්න එක ගැන මොනවත් හිතන්න එපා. වසංගතයක් ආවම ඒකෙන් ගොඩක්ම බැට කන කට්ටියක් තමා අපි. දොස්තරලා නර්ස්ලා ලෙඩ වෙලා නිවාඩු අරන් හොස්පිටල් එක අඩු ස්ටාෆ් එකකින් අමාරුවෙන් දුවලා රෝගී සත්කාරය ගැටළුවක් වෙනවට වඩා ස්ටාෆ් එක පරිස්සම් කරන එක වටිනවා. අපි මාස්ක් එකක් දාගෙන ඉන්න එක ගැනත් මොනවත් හිතන්න එපා. දෙගොල්ලන්ගෙම ආරක්ෂාවට තමා එහෙම මාස්ක් දාගෙන ඉන්නෙ. නැතුව ලෙඩ්ඩු ගැන අප්‍රියාවකට නෙමේ.

    තමන්ගෙ ස්වසන – සනීපාරක්ෂාව ගැන මීට වඩා ටිකක් කල්පනා කරන්න. ගෝලීය උෂ්ණත්වය ඉහල යාමත් එක්ක ලොකු පොඩි වයිරස් ගොඩයි දැන්. ගොඩක් ඒවා ස්වසන මාර්ගය ආශ්‍රිත ඒවා. අවුරුද්දකට සැරයක් අලුත් වයිරස් එකක් අනිවාර්යයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් ව්‍යාප්ත වෙනවා. ලංකාවෙත් අවුරුද්දකට සැරයක් දැන් ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් යනවාමයි. ඉතින් කෝකටත් කියල ඒ පැත්තෙ සනීපාරක්ෂාව ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න.

    මෙම ලිපියේ සවිස්තර ලිපිය පළ කර ඇත. ඒ සඳහා පිවිසීමට පහත මාතෘකාව ක්ලික්/ටැප් කරන්න

    කොරෝනා වෛරසය ආසාදනයෙන් මිදෙන්න මේ දේවල් අනිවාර්යයෙන් කරන්න


    අවධානමට පෙර සූදානම සඳහා හැකිතාක් ෂෙයාකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    27 ° C
    27 °
    27 °
    83 %
    3.4kmh
    97 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    31 °
    Thu
    30 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු