fbpx
More
    27 C
    Colombo
    Monday, April 29, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ආදරවන්තයින්ගේ දිනය පවුලේ අයත් එක්ක එකතුවෙලා සමරන්න කැමති ද?

    Family Tech Sponsorspot_imgspot_img

    ආදරවන්තයින්ගේ දිනය, එහෙමත් නැතිනම් බටහිර රටවල ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව පෙබරවාරි 14 දිනය, “වැලන්ටිස්” කියන ශාන්තුවරයා සිහිකරන උත්සව දිනයක් විදියට තමයි ඔවුන් හදුන්වන්නේ. අපේ රටේ  “ආදරවන්තයින්ගේ දිනය” විදියට ජනප්‍රිය වෙලා තියෙන මේ දිනය ඇතැම් අය අනවශ්‍ය නාස්තිකාර දිනයක් විදියටත්, තවත් පිරිසක් ආදරය වැඩි වර්ධනය කරගන්න අවශ්‍ය ආදරණීය දිනයක් විදියටත් සළකනවා.

    විවාහයෙන් පස්සේ වගකීම් වැඩි වෙලා, දරු මල්ලොන්ගේ, පවුලේ සහ රැකියාවේ වැඩ කටයුතු බහුල වෙද්දි තමන්ගේ සැමියා/ බිරිද සහ දරුවෝ වෙනුවෙන් ම වැය කරන්න දවසක් ලැබෙනවා නම් කොයි තරම් සතුටක් ද කියන කාරණය වැටහෙන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් ම විතරයි. familylife.lk අපි මේ ලිපියෙන් කතාකරන්නේ ආදරවන්තයින්ගේ දිනයේදි පවුලේ අයත් එක්ක එකතුවෙලා ආදරෙන් සහ සතුටෙන් පිරී ඉතිරුණු සුන්දර දවසක් ගත කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැනයි. පෙබරවාරි 14 නිවාඩු දවසක් නොවෙන හන්දා මේ එන සති අන්තය හෝ මේ වෙනුවෙන් වෙන් කරගත්තටත් කිසිම වැරැද්දක් නෑ.

    ආදරණීය ආහාර වේලක්/ විශේෂ ආහාරයක්

    හැමදාම උදේ පාන්දර නැගිටලා හදිසියේ හදාගන්න කෑම පාර්සලය වෙනුවට නිවාඩු දවසේ කට්ටියත් එක්කම ටිකක් වැඩිපුර නිදාගෙන නැගිටලා වෙනදට හදන්නේ නැති සරල කෑම වේලක් පිළියෙල කරගන්න. වෑංජන ගොඩක් අවශ්‍ය නැති, ලේසියෙන් හදගන්න පුළුවන් විශේෂ බත් වර්ග හදන ක්‍රම අන්තර්ජාලයේ තියෙනවා. දවල් කෑමට පොඩි වෙලාවක් අරන් එහෙම දෙයක් හදාගන්න උත්සහ කරන්න.

    නිතරම පිළියෙල කරන්නේ නැති පීසා (අවශ්‍ය රොටී වර්ගය මිලදි ගන්න පුළුවන්), ස්ප්‍රින් රෝල්ස් (ශීට්ස් මිලදී ගන්න පුළුවන්), බිත්තර ආප්ප වාගේ ගෙදර හැමෝම කන්න කැමති දෙයක් රාත්‍රී ආහාරයට පිළියෙල කරගන්න පුළුවන්නම් ඒකත් හොද වෙනසක් වේවි. මේවා හදන්න අවශ්‍ය බඩු කලින් ගෙනත් තියාත්තනම් වගේම කට්ටියම සහයෝගයෙන් කෑම හදන වැඩේ කරනවනම් තවත් වටිනවා. තමන්ට වියද කරන්න පුළුවන් ආකාරයට, කාලය යොදවන්න පුළුවන් ආකාරයට කෑම බීම හදාගන්න උත්සහ කරන එක තමයි වඩාත්ම සුදුසු කියලත් අමතක කරන්නෙපා. 

    ආදරවන්තයින්ගේ දිනය

    තමන්ම නිර්මාණය කරපු කාර්ඩ් පතක් / කුඩා තිළිණයක්

    විශාම වියදම් දැරීම නම් කොහෙත්ම අවශ්‍ය නෑ. පොඩ්ඩෝ එක්ක එකතුවෙලා ගෙදර තියෙන දේවල්වලින් ම ලස්සනට කාර්ඩ් එකක් හදලා තමන්ගේ බිරිදට/ සැමියට තමන් කොච්චර ආදරේ කරනවද කියන එක සටහන් කරලා දෙනවනම් ඒ ප්‍රමාණවත්. සුළු මුදලකට පොතක්, විසිතුරු ආභරණයක්, පැළයක්, සුවද විලවුන් බෝතලයක් වගේ දෙයක් කැමැත්ත අනුව තෝරාගන්න පුළුවන්.

    මූවි ටයිම්

    පවුලේ කට්ටියම එකතු වෙලා ගෙදරම ඉදන් චිත්‍රපටයක් බලන්න උත්සහ කරන්න. ගෙදරදීම පොප් කෝර්න් හදාගන්න එකත් ගොඩක් ලේසියිනේ. කැමතිනම් කට්ටියම එළියට ගිහින් ෆිල්ම් හෝල් එකකින් බැලුවත් වැරැද්දක් නෑ. රෑ වෙලා පොඩ්ඩෝ නිදාගත්තම දෙන්නා එක්ක එකතුවෙලා රොමෑන්ටික් මූවි එකක් බලන එකත් හොද අත්දැකීමක් වේවි.

    ෆොටෝ ශූට් එකක්

    ලොකු ලොකු කැමරා නම් ඕනිම නෑ. මේකට ෆෝන් එකේ කැමරාව හොදටම ප්‍රමාණවත්. සතුටින් ගෙවන දවසේ සුන්දර මොහොතවල් පින්තූර අරගෙන තියාගන්න එක සුන්දර සිහිවටනයක් විදියට ගොඩක් වටීවී. 

    පොඩ්ඩෝ එක්ක සෙල්ලමක්

    වෙනදට සෙල්ලම් කරන්නේ පොඩ්ඩෝ විතරනේ. ආදරවන්තයින්ගේ දිනය අම්මයි තාත්තයි බබාලයි හැමෝම එකතුවෙලා සෙල්ලම් කරන්නත් පැයක්වත් වෙලාව වෙන්කරගන්න. ගෙදර සංගීත භාණ්ඩ තියෙනවනම් ඒවා වාදනය කරන ගමන් සින්දුවක් එහෙම කියන්නත් තහනමක් නෑ. මේ වගේ සුළු දේවලින් දරුවෝ සතුටු වෙන තරම ඔබට අදහගන්නවත් බැරිවෙයි.

    පික්නික් එකක්

    ලොකු දුරකට පික්නික් යන්න ඕනි නෑ. මිදුලේ හෙවණ තියෙන ගහක් යට පිරිසිදු කරගෙන, කෑම බීම අරගෙන නිදහසේ පැයක් දෙකක් විවේකයෙන් ගත කරන එක පවුලේ හැමෝටම සුන්දර අත්දැකීමක් වෙන්න ඉඩ තියෙනවා. අවශ්‍ය නම් ඩේ අවුට් එකක් වගේ පිටතට ගිහින් කාලා බීලා විනෝදවෙලා වුණත් එන්න පුළුවන්. 

    ආදරවන්තයින්ගේ දිනය

    දෙන්නගේ ආදර කතාව

    අම්මයි තාත්තයි මුණගැහුණු විදිය කියලා දෙන්න පුළුවන් තරම් වයසක බබාලා ඉන්නවනම් ඔන්න ඒ කතන්දරේ එයාලට කියලා දෙන්න පුළුවන්. ඒ කාලේ රසවත් සිදුවීම් සිහිකරන එක ඔබටත් සතුටුදායක මොහොතක් වේවි. 

    පරණ පින්තූර

    ආදර කතාව කියන ගමන් ඒ කාලේ ෆොටොස් ටිකත් බැලුවනම් ආදරේ තවත් අලුත් වෙන්න ඉඩ තියෙනවා. වෙඩින් ඇල්බම් එක, වීඩීයෝ එක එහෙමත් බලන්න වෙලාවක් වෙන්කරගන්න පුළුවන් නම් තවත් වටිනවා.

    ෆෝන් තහනම්

    තමන්ගේ පවුලේ අය වෙනුවෙන් වෙන් කරන සුන්දර දවසේ ජංගම දුරකථනය, සමාජ ජාල වෙබ් අඩවි, නිමාවක් නැති දුරකතන ඇමතුම් ඉවත්ම කරලා දානවා නම් ඒ දේ විශාල සහනයක් වෙන්න ඉඩ තියෙනවා. 

    ආදරේ තරම් මෙච්චරයි.

    තමන්ගේ බිරිදට / සැමියාට / දරුවන්ට තමන් කොච්චර ආදරේ කරනවද, තමන්ට ඔවුන් කොයි තරම් වටිනවද, ඔවුන් සමගින් කාලය ගත කරන එක තමන්ට කොයි තරම් සතුටක්ද කියන කාරණය ගැන හෙළිකරන්න මැළිවෙන්න එපා. නොහිතන තරමේ වෙනසක් ඔබට අතවිදින්න හැකියාව ලැබේවි.

    සතුටු දේවල් විතරමයි

    මේ දිනය ඇතුළත හැකිතරම් සතුට, සැනසීම සහ සෙනෙහස ගෙනෙන දේ විතරක් කියන්න කරන්න උත්සහ කරන්න. තමන්ගෙන් සිදුවෙන සුළු සුළු වැරදි, හිත් රිදිම් වළක්වා ගන්නත්, අනෙක් අයගෙන් සිදු වෙන එවැනි අතපසුවීම්  නොසළකා හැර සමාව දෙන්නත් කාරුණික වෙන්න. 


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    27 ° C
    27 °
    27 °
    83 %
    3.4kmh
    97 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    31 °
    Thu
    30 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු