More
    25.6 C
    Colombo
    Monday, October 19, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ෂොපිං යනකොට මේ ගැනත් හිතුවොත් ඇත්තටම නව වසර සුබම වෙයි නේද?

    -

    Family Budget Sponsorspot_imgspot_img

    ෂොපිං යනකොට අපි බොහෝ දෙනෙකුට අපි කවුද කියන එක අමතක වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අසිහියෙන් වගේ ෂොපිං කලොත් ලබන අලුත් අවුරුද්දෙ පළවෙනි මාසෙම ඉන්න වෙන්නෙ එමිටි පොකැට් බෝඩ් එක ගහගෙන. ඒ හින්ද ෂොපිං යනකොට පර්ස් එක ගැනත් හිතල අමාරුවෙ නොවැටෙන විදිහට වැඩ කරගන්න එක තමයි වටින්නෙ.

    උත්සව සමයේ විවිධාකාර වෙළදපල ප්‍රවර්දන වැඩසටහන්, මග දිගට ඇති සැරසිලි වලින් වර්ණවත් සෙල්, දිනපතා එස් එම් එස් වලින් ලැබෙන ඩිස්ක්උන්ට් පිළිබද තොරතුරු රුපවාහිනී රේඩියෝ පුවත්පත් දැන්වීම් නිසා ඔබගේ වුවමනා අවශ්‍යතා ඉක්මවා ගොස් ඇති.

    පාසල් නිවාඩු කාලය, ඒ වගේම බෝනස්, උත්සව අත්තිකාරම්, ආයතනයේ පුර්ණ වැටුප ලැබෙනවා වෙන්න පුළුවන් නිසා විවිදාකාර මිලදී ගැනීම් පිළිබද බලාපොරොත්තු තියාගෙන ඇති. අපි කොහොමද පර්ස් එක මැනේජ් කරගෙන, කියක් හරි ඉතුරු කරගන්නේ කියලා හිතලා බලන එක තමයි පළවෙනියෙන්ම කරන්න ඕනෙ. මුලින්ම ෂොපිං හරි සුපර් මාර්කට් යන්න කලින් මාසේ සුපුරුදු අදායම හා උත්සව මාසයේ විශේෂ අදායමත් කොලයක ලියාගන්න තවත් පැත්තකින් හැමදාම හැම මාසෙම ගන්න ඕනේ දේවල් ලියාගන්න. ඒ වගේම උත්සව මාසයේ ගන්න ඕනේ දේවල් ටිකත් ලියාගන්න. ටියුෂන් ගාස්තු, අනිවාර්ය ණය වාරික ගාස්තු, වාහන ලීසිං වාරික ඇතුළු සාමාන්‍යයෙන් තමන්ට දරන්න වෙන වියදම් ටිකත් ලියාගන්න. ඉන්පස්සෙ මේ හැමදේම අඩුකරල බලන්න උත්සව සමය වෙනුවෙන් අතිරේඛව තමන්ට කීයක් වියදම් කරන්න පුළුන්ද කියල. ඔයාගේ ෂොපිං බජට් වෙන්නෙ අන්න ඒ වටිනාකම මිසක් දෙසැමබර් මාසෙ අතට එන සම්පුර්ණ මුදල නොවන බව ඉස්සෙල්ලම සිහියෙ තියාගන්න

    ෂොපිං

    කලින් අපි කිව්වා ඔබගේ අවශ්‍යතා ඉක්මවා උවමනා තියනවා කියල, අවශ්‍යතා කියන්නේ මිනිසා ජීවත්වීමට අත්‍යවශ්‍ය ශාරීරික මානසික මුලිකාංග. සරලව කිව්වොත් ආහාර, ඇදුම් පැළදුම්, නිවාස ආදිය. වුවමනා කියන්නෙ හැඩගැහුණු තොරාගැනීම්. අවශ්‍යතා වලට එහා ගිය යමක්. අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් විවිධ විධික්‍රම. ඔබේ අවශ්‍යතාවය ආහාර වුනාට ඒ අවශ්‍යතාවය සපුරා ගැනීමට ඔබ මොනතරම් විවිධත්වයක් යටතේ තෝරාගැනීම් කරනවාද? ඔබ සැලකිළිමත් වෙන්න ඕනෙ මේ වුවමනා සපුරා ගැනීමේ විධික්‍රම ඔබේ පසුම්බියට දරාගත හැකි ඒවාද යන්න තීරණය කිරීමෙන්.

    ඒවගේ උවමනා තිබ්බත් එය වාසි දායක ලෙස වෙළදපල ගැන නිසි අවබෝදයකින් ෂොපිං හරි සුපර් මාර්කට් යනවනම් වාසි ගන්න පුළුවන්. පුවත්පත් වල, ඩිජිටල් අවකාශයේ ඕනේ තරම් මේ වෙළදපල ප්‍රවර්දන වැඩසටහන් පිළිබද දැන්වීම් විස්තර පළකර තිබෙනවා. ඔබට අත්‍යවශ්‍ය දේවල් පිළිබද පමණක් තෝරාගෙන වාසිදායක සුපර් මාර්කට් වෙළදසැල් තෝරාගන්න පුළුවන්. ඒ වගේම ඩිස්කවූන්ට් දෙන දවස් තෝරාගන්න කාර්ය බහුල නම් සවස් කලෙයේ හරි ගියොත් ඔබට නිසි ලෙස වාසි ගන්න පුළුවන්

    අත්‍යවශ්‍ය භාණ්ඩයකට විශාල වාසියක් නම් රැගෙන රැස්කලට කමක් නැහැ. ළදරු කිරි පිටි ලබායි නම් වැඩිපුර එකක් ගෙන රැස්කරන්න පුළුවන්, සමහර ක්‍රෙඩිට් කාඩ් වලට වාසි තියනවනම් ගන්න. එත් නිසි වෙලාවට වාරික ගෙවීමට මතක තියාගන්න. නැත්තම් වෙන්නෙ ලැබුනු වාසිය වගේ තුන්හතර ගුණයක දඩ මුදල් ගෙවන්න සුදුවෙන එක.

    www.familylife.lk
    ©rikikrisdianto.com

    විශේෂයෙන් බ්‍රෑන්ඩ්ස් තෝර ගැනීමේදී සැලකිලිමත් වෙන්න. සමහර විට කොයි බ්‍රෑන්ඩ් එක ගත්තත් ලැබෙන උපයෝගීතාවය එකම වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල අඩුම මිලට ඇති බ්‍රෑන්ඩ් එක තෝරන්න. බොහෝ සුපර් මාර්කට් වලින් මේ වන විට ලෝයල්ටි වැඩසටහන් ක්‍රියාත්මක කරල තියෙනව. ඔබගේ ලැයිස්තුව අරන් බලන්න මේ ලෝයල්ටි වැඩසටහන් වලට අයත් වෙන්නෙ මොන බ්‍රැන්ඩ්ස් කියල. ඒ වගේම එම දැන්වීම් හොඳින් කියවන්න. සමහර වෙලාවට ඔබ නොමග යන්න පුළුවන්. උදාහරණයක් විදිහට සියයට 60 දක්වා වට්ටම් කියල ලොකුවට ගහල තිබුණට 60% වට්ටමක් ඔබට ලැබෙන්නෙ නෑ. “දක්වා” කියන වචනයෙන් සම්පූර්ණ අර්ථයම වෙනස් වෙනවා. අයිතම විසිපහක් තියන තැනක මෙම සියයට හැටේ වට්ටම තියෙන්නෙ එක අයිතමයක් වෙනුවෙන් විතරයි වෙන්න පුළුවන්. අනික් අයිතම විසි හරතටම ඇත්තේ සියයට විස්සයි. මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

    මේ දෙසැම්බරය රටේ බදු ප්‍රතිපත්තියෙ සැලකිය යුතු වෙනස්කම් සිදු වෙලා තියනව. විශේෂයෙන් වැට් සියයට අටක් දක්වා අඩු වීමත්, ජාතිය ගොඩනැංවීමේ බද්දට කළ සංශෝධනයත් නිසා භාන්ඩ වල මිල අඩුවීමක් විය යුතුයි. ඒ හින්ද ඒ ගැනත් පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න.

    උත්සව සමයේ පර්ස් එකට අඩුම බලපෑමක් වෙන්න ෂොපිං යන්න අපෙන් සහයක් ලැබෙන්න ඇති නම් අපේ සතුට එයයි.

    ෂොපිං යන්න කලින් කියවන්න තවත් ලිපියක් බලන්න මෙතැන ක්ලික් කරන්න


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    moderate rain
    25.6 ° C
    25.6 °
    25 °
    93 %
    3kmh
    99 %
    Mon
    32 °
    Tue
    30 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු