fbpx
More
    29 C
    Colombo
    Tuesday, May 14, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    උත්සව සමයේ ෂොපින් යන්න කලින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න

    Family Tech Sponsorspot_imgspot_img

    familylife.lk අපි ෆැමිලි ටුඩේ යටතේ ගෙන එන මෙම ලිපියෙන් කතා කරන්න යන්නේ උත්සව සමයේ ෂොපින් කරන්න කලින් හිතන්න කරන්න ඕන දේවල් කීපයක් ගැන යි

    නත්තල වගේම අලුත් අවුරුද්දකුත් ලඟම එන නිසා මේ වෙනකොට කවුරු කවුරුත් සාප්පු සවාරි යන එක ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. තමන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ, තෑගි බෝග, ආහාර ද්‍රව්‍ය වගේ බොහෝ දේවල් අඩු මුදලකට ගන්න එක තමයි කාගේත් බලාපොරොත්තුව. හැබැයි ඉතින් මේ දවස්වල ෂොපින් කරන එකත් තරම් ලේසි පහසු කටයුත්තක් නම් නෙවෙයි. මේ කරුනු ගැන ඔබ අවධානය යොමු කළොත් සමහර විට ඔබගේ මෙවර සාප්පු සවාරිය එතරමි නරක අත්දැකීමක් වන එකක් නෑ

    1. අවශ්‍යතා ලැ‍යිස්තුගත කරන්න.

    අවශ්‍යතා ලැයිස්තුගත කිරීම සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. අපි නොහිතන ආකාරයේ වාසි මේ හරහා ලබාගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් කාලය, ශ්‍රමය සහ මුදල් ඉතුරු කරගන්න උවමනා නම් අනිවාර්යෙන් මේ ලැයිස්තුව පිළියෙළ කරගන්න වෙනවා.

    නිකන්ම භාණ්ඩ ලැයිස්තුව විතරක් සටහන් කර නොගෙන ඒවාට අදාළ සියලුම කරුණුත් සටහන් කරගෙන පිළිවෙලකට මේ ලැයිස්තුව සාදාගැනීම වැදගත් වෙනවා. අවශ්‍යතා සහ උවමනා පැහැදිලිව හඳුනාගෙන අවශ්‍යතාවලට මුල් තැන දෙමින් සාප්පු සවාරි යාමෙන් අනවශ්‍ය වියදම් බොහොමයක් මගහරවා ගන්නට පුළුවන්කම තියෙනවා. තමන්ට උවමනා කරන මිල අධික භාණ්ඩයක් එහෙම තියෙනවනම් දේ මිලට ගන්න එක සති දෙක තුනක් පහු කලාට කමක් නෑ. සතියකින් දෙකකින් භාණ්ඩයේ අවශ්‍යතාවය නැතිවෙන්නත් ඉඩ තියෙනවා.

    භාණ්ඩ ලැයිස්තුගත කරන වෙලාවට එකම ස්ථානයකින්, එකම විදීයකින් මිලට ගන්න පුළුවන්කම තියෙන භාණ්ඩ, හොඳම තත්ත්වයේ භාණ්ඩ ලාභදායි විදියට ගන්න පුළුවන් ස්ථාන වගේ කරුණු ගැන අවධානය යොමු කරලා ලැයිස්තුව පිළිවෙලට සකසාගන්න. හිතවතුන්ට තෑගි ලබදෙනකොට එකම ආකාරයේ තෑගි දෙන්න මැළි වෙන්න අවශ්‍ය නෑ. එහෙමත් නැත්තන් එක එක්කෙනාට විශේෂ වුණු (personalized gift) තෑගි භාණ්ඩ එකම ස්ථානයකින් නිර්මාණය කරවාගන්න. එහෙමත් නැත්නම් ගිෆ්ට් වවුචර්ස් දෙන්නත් පුළුවන්නෙ.

    www.familylife.lk
    ©spice4life.co.za

    2. ඔන්ලයින් ෂොපින්

    ඇඳුම් පැළඳුම්, ආභරණ, බෑග්, සපත්තු, තාක්ෂණික උපාංග, සෙල්ලම් බඩු ඇතුළු කුඩා දරුවන්ගේ වෙනත් උපකරණ ඇතුළු ඕනෑම දෙයක් අන්තර්ජාලයෙන් ඇනවුම් කර ගෙන්වාගැනීම මේ වෙනකොට අපිට ආගන්තුක කාරණයක් නෙවෙයි. විශේෂයෙන් කඩ සාප්පුවල සෙනග අතරේ කල් ගතකිරීමට අකමැති වගේම කාලය, ශ්‍රමය සාප්පු සවාරියක් වෙනුවෙන් වෙන් කරන්න හැකියාව නැති කෙනෙක්ට මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්.

    වගේම නිදහසේ තමුන්ට අවශ්‍ය කාලයක් ගෙවාගෙන තේරීමේ හැකියාවත් තියෙනවා. මෙහි දී ක්‍රෙඩිට් කාර්ඩ් පත් වලින් සහ අත්පිට මුදල්  මගින් ගෙවීම් කරන්න පුළුවන්කම තියෙනවා. ඔන්ලයින් ෂොපින් කරනකොට වැඩි වට්ටම් වාසි තියෙන Green Monday (සයිබර් මන්ඩේ), Black Friday, 11.11 වගේ සංකල්ප ගෝලීය වශයෙන් ජනප්‍රියවීමත් එක්ක අද වන විට බොහොමයක් ඔන්ලයින් ෂොපිං ආයතන එවැනි සංකල්ප ලංකාවේත් ක්‍රියාතමක කරනවා. ඒ දේවල් ගැනත් සැලකිලිමත් වීමෙන් වාසි ලබාගන්න පුළුවන් ගැනත් අවධානය යොමු කලොත් තවත් වාසි ලැබේවි.

    www.familylife.lk
    ©npo-glad.org

    3. සති මැද දවසක්

    හැමෝම ෂොපින් යන්න ඉන්න සති අන්තයක හෝ නිවාඩු දවසක ගියොත් නම් අනිවාර්යෙන් පැයක් හමාරක් යනකොට සාප්පු සවාරි එපා වෙනවා. සති මැද දවසක යන එක තමයි වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ. වගේම සති අන්තයේ වුනත් උදෙන්ම හරි ටිකක් රෑ වෙලා හරි යනවනම් කරදරයක් නැතුව ෂොපින් කරන්න පුළුවන්. ගොඩක් කඩවල් උත්සව සමයේ දී කල්වේලා ඇතුව විවෘත කරනවා.

    යාළුවො, නෑදෑයෝ, විශේෂයෙන්ම පොඩි දරුවෝ එක්ක යනවට වඩා තනියම ගිහින් එනවනම් නිදහසේ ඉක්මනින් තමන් කාර්යය ඉෂ්ට කරගෙන ආපහු එන්නත් හැකිවේවි. දරුවො එක්ක යන්නම වෙනවානම් ලමයින්ටත් සෙල්ලං කිරීමේ ඉඩකඩක් තියෙන වෙළඳසැලක් තෝරාගන්න එක වටිනවා. දේට බිරිඳ හෝ සැමියාගෙන් කෙනෙක් යොමුවුනා නම් දරුවත් සතුටින් ඉඳිද්දි ෂොපින් කිරිල්ලත් හරියට සිද්ධ වේවි.

    යන්න කලින් හො ආහාර වේලක් ගැනීම, වතුර බෝතලයක්, සරල ආහාරයක් අරන් යාම, පහසු ඇඳුමකින් පාවහන් වලින් සැරසීම වගේ දේවල් ගැනත් අවධානය යොමු කලොත් සාප්පු සවාරිය අතරතුරේ අපහසුතාවයට පත් වීමෙන් මිදෙන්න පුළුවන් වෙනවා.

    www.familylife.lk
    ©verywellfamily.com

    4. ආරක්ෂාව

    උත්සව සමයේ සාප්පු සවාරි යනකොට ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා වැදගත් වෙනවා. වාහනයක යනවනම් නියමිත රථ ගාල්වල වාහනය නැවත්වීම, අමතක නොකර වාහනයේ අගුලු දැමීම, ජංගම දුරකථන, මුදල් වගේම මිලට ගන්න භාණ්ඩවල ආරක්ෂාව ගැන හොඳින් අවධානය යොමු කිරීම, ගැටකපන්නන් ගැන අවධානයෙන් සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය යි.

    වගේම නැවත වතාවක් බිල්පත නැවත පරීක්ෂාකිරීම, තමන් ආරක්ෂකයින් ගාව තබා ගිය භාන්ඩ නැවත නිසි පරිදි පරීක්ෂා කර(එක වගේ බෑග් පැටලෙන්නට ඉඩ තියෙනවා) ලබාගැනීම.

    5. ගොදුරක් නොවෙන්න නම්

    උත්සව සමය කියන්නේ වෙළදසල් බොහෝ ලාභ උපයන්න වගේම කඩ සාප්පුවල පරණ වේවි තියෙන භාණ්ඩ විකුණගන්නත් පාවිච්චි කරන කාල සීමාවක්. නිසා තමුන්ට සැබෑ ලාභ ලැබෙන අවස්ථා සහ තමන්ව වෙළඳ ගොදුරු බවට පත්වෙන අවස්ථා ගැන හොඳ අවබෝධයකින් ෂොපින් කිරීම වැදගත් වෙනවා.

    භාණ්ඩවල මිල සංසන්දනය කිරීම කල්යල් ඇතිව කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. අන්තර්ජාලය හරහා වගේම වෙලඳසල්වලට දුරකථන ඇමතුමක් දීමෙන් පවා මේ දේ කරන්න පුළුවන්. “තොග සීමිතයි, මේ වාසිය ලබාදෙන අවසන් දිනය අදයිවගේ අනවශ්‍ය හදිසි කිරීම් වෙළද උපක්‍රම වශයෙන් හදුනා ගැනීම මගින් අනවශ්‍ය මිලදී ගැනීම්වලින් මිදෙන්න පුලුවකම තියෙනවා.

    www.familylife.lk
    ©townnews.com

    තොග මිලදී ගැනීමේදී ලැබෙන මිල අඩු කිරීම් සියලු භාණ්ඩවලට අදාළ නොවෙන නිසා භාණ්ඩ ඒකකයකට ලැබෙන ලාභය ගැන විශේෂ අවධානය යොමු කිරීම තමයි වැදගත් වෙන්නේ. උදාහරණයක් විදියට, “ටී ෂර්ට් 5 ක් ගත්තොත් එකක් නොමිලේ දෙනවා  වගේ දෙයක් පෙන්වන්න පුළුවන්.

    ලාභය අහිමි කරගන්න තියෙන අකමැතිකම නිසා අනවශ්‍ය භාණ්ඩ මිලට ගන්න එකෙන් වළකින්න. උදාහරණයක් විදියට රුපියල් 10,000 සුවඳ විලවුන් බෝතලයක් රුපියල් 9000 ලැබෙන හින්දා සුවඳ විලවුන් වෙනුවෙන් එතරම් මුදලක් වියදම් කිරීම අත්‍යවශ්‍ය නොවුනත්, නොහිතා නොබලා එවැන්නක් මිලට ගැනීම වගේ දෙයක් පෙන්වන්න පුළුවන්

    බොහෝ අවස්ථාවල දී කලබලයෙන් භාණ්ඩ මිලදී ගැනීමේ දී  තමයි මේ වගේ ගැටවලට හසුවෙන්නට මුල්වෙන්නේ. වගේම ගෙවීම් කිරීමේ දී වඩාත්ම වාසිදායක ක්‍රමය මගින් ගෙවීම් කරන්න උත්සාහ කරන්න. උදාහරණයකට බැංකු ඩෙබිට් /ක්‍රෙඩිට් කාර්ඩ්පත්වලින් ගෙවීම් කරනකොට මිල අඩුකරන ඇතැම් කඩ සාප්පු මේ වෙනකොට උවමනාතරම් තියෙනවා.

    අවසාන වශයෙන් තමන්ගේ සාප්පු සවාරිය නතරවිය යුතු අවස්ථාව ගැන හොඳ අවධානයක් යොමු කිරීමත් අනවශ්‍ය වියදම් මගහරවාගන්න උපකාරයක් වෙනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    29 ° C
    29 °
    29 °
    72 %
    2.2kmh
    78 %
    Tue
    31 °
    Wed
    29 °
    Thu
    28 °
    Fri
    29 °
    Sat
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු