More
    30 C
    Colombo
    Monday, October 19, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ඔබේ දරුවාට ඔබෙන් නොවිය යුතු මේ දේවල් ගැන ඔබ සිතුවාද?

    Family Tech Sponsorspot_imgspot_img

    familylife.lk දරු සෙනෙහස තීරයෙන් ගෙන ආ පසුගිය ලිපි හරහා දරුවන් ගෙනෙන කරදරවලට හේතු විය හැකි බොහොමයක් කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණා ඔබට මතක ඇති. මනා පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු ලෙස ඔබේ දරුවා රටට දැයට දායාද කරන්නට නම් ඔබ අතින් ඉටු විය යුතු යුතුකම් මෙන්ම ඔබ අතින් සිදු නොවිය යුතු කරුණු කාරණා ද වේ. මේ ඒ පිළිබඳවයි.

    www.familylife.lk
    ©shespeaks.com

    මව්පියන් කාර්යබහුල/අවිවේකී වීමෙන් දරුවා මගහැරීම

    දරුවාගේ ලෝකයේ සිටින ප්‍රබලම චරිත දෙක නම් අම්මා හා තාත්තාය. මෙම දෙදෙනොම රැකියාවන් සමග කාර්යබහුල වීම අද සමාජයේ දක්නට ලැබෙන උග්‍ර ප්‍රශ්නයකි. එනිසාම දරුවා තම අවධානයෙන් ගිලිහී යාමට ඇති ප්‍රවණතාවය ඉහළය. භෞතික වශයෙන් අවශ්‍ය කටයුතු සපුරාලනවා මෙන්ම දරුවාගේ මානසික අවශ්‍යතාවයන් පිළිබඳව ද මාපියන් සැලකිලිමත් විය යුතුය. සියලු වැඩ කටයුතු මැද වුවද නිතර සොයාබැලීම හා යම් වේලාවක් දරුවා සමග සම්මුඛව හිඳ සුහද සාකච්ඡාවක් ඇති කර ගැනීමට හැකි නම් එය අතිශයින්ම ඵලදායකය.
    මෙහිදී,

    • දවසේ කටයුතු පිළිබඳ දරුවාගෙන් විමසන්න
    • කළ හොඳ/ජයග්‍රහණ ප්‍රශංසාවට ලක්කරන්න. දරුවාගේ ඊලඟ ඉලක්කයන් වෙත දිරිමත් කරන්න
    • සිදුවූ වැරදි/පරාජයන්/පසුබැසීම්වලට හේතු වූ කරුණු පැහැදිලි කිරීම හා ඒවා නිවැරදිව කිරීමට උපදෙස් දීම හා දිරිමත් කිරීම
    • මාපියන්ගේ ජීවිත අත්දැකීම් දරුවාට වටහාගත හැකි මට්ටමින් කියා දීම
    • ආදරය/කරුණාව/මෛත්‍රිය/ඉවසීම/අනුනට පිහිට වීම වැනි මානුෂීය වටිනාකම්වල අගය කියාදීම
    • සෞන්දර්යාත්මක අංගයන් සමග කාලය ගත කරමින් වින්දනාත්මක අත්දැකීම් හිමිකර දීම
    • සෙල්ලම් කිරීම, ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම
    • ඉදිරි දවසේ කටයුතු පිළිබඳ සැලසුම් කිරීමට හා ඒවාට මුහුණදීමට දරුවා සූදානම් කිරීම

    මෙවැනි සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම නිසා දරුවාගේ සිත තුළ “මම තනි නැහැ, මට අම්මා ඉන්නවා. මට තාත්තා ඉන්නවා” වැනි හැඟීම්/සිතිවිලි හා අපේක්‍ෂාවන් ජනිත වීමට ඉඩකඩ බහුලය. එවැනි පසුබිමක් මාපියන් හා දරුවන් අතර අනෙf්‍යාන්‍ය විශ්වාසය හා පිළිගැනීම ශක්තිමත් කිරීමට අතිශයින්ම හේතු වේ.

    www.familylife.lk
    ©parenting.firstcry.com

    අනවශ්‍ය ලෙස දරුවාව පාලනය කිරීම

    අනවශ්‍ය ලෙස පාලනය කිරීමට යාම නිසා ඔබේ දරුවා දඩබ්බර වීමට හා ක්‍ෂණික තීරණ ගැනීමට පෙළඹිය හැකිය. ඔබේ දරුවා වුවද ඒ තවත් එක් ස්වාධීන පුද්ගලයකු වන බව සිහිතබා ගැනීම වටිනේය. ඔහුට ආවේණික වූ ගති ලක්‍ෂණ, රුචි අරුචිකම්, හැකියාවන් ඇත. ඒ ඔස්සේ දරුවාට සිය දෛනික ජීවිතය හසුරුවාලීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරදීම මව්පියන් වන ඔබගේ යුතුකමකි. වගකීමකි.

    දරුවාට සුදුසු පරිදි නිර්මාණශීලීව හා විමර්ශනාත්මක තීරණ ගැනීමට හා ක්‍රියාකිරීමට සුදුසු නිදහස තිබීම අතිශයින්ම වැදගත්ය. එහෙත් වර්තමානයේදී අපට දක්නට ලැබෙන්නේ මාපියන් විසින් අනවශ්‍ය වගකීම් හා බර පැටවීම නිසා දරුවන් කායිකව හා මානසිකව විඩාවට පත්වීමයි. මීට හේතු වන කරුණු කීපයක් මෙසේය.

    www.familylife.lk
    ©thebodyisnotanapology.com

    අන් දරුවන් සමග සංසන්දනය කිරීම

    ඔබේ දරුවා වෙනත් දරුවෙකුට සමාන කළ හැකිද? එය කොතෙක් දුරට ප්‍රායෝගිකද? පුද්ගලයා එකිනෙකාට වෙනස් වේ. මෙසේ සංසන්දනය කිරීම දරුවාට වාසිදායක වන අවස්ථා ද නැතිවා නොවේ. එසේ වන්නේ දරුවාට අවේණික වූ ගති ලක්‍ෂණවලට ආසන්න මට්ටමක පවතින සාධකයන් සමඟ සංසන්දනය කළහොත් වේ. එහෙයින් ඔබේ දරුවා දිරිමත් කිරීමක් කළ හැකිය. ඒත් දරුවාට ළඟා විය නොහැකි මට්ටමක සාධක සමග සංසන්දනය කිරීම තුළින් වන්නේ ඔබත් දරුවාත් යන දෙපාර්ශවයම ඉච්ඡාභංගත්වයට පත්වීම හා පීඩාවට පත්වීම පමණි.

    තරගකාරීත්‍වයට යොමු කිරීම

    සංසන්දනය කිරීමේ ඊළඟ පියවර නම් තරගකාරීත්වයට යොමු වීමයි. වර්තමානයේදී දක්නට ලැබෙන්නේ බොහෝ විට තරගකාරීත්වයට යොමු වීම තුළ මාපියන් මෙන්ම දරුවාද මහත් සේ විඩාවට පත්වීමයි. ඒ මන්දයත් දරුවා සමග තරගකාරීත්වය තුළ සිටින අන් දරුවන් හා ඔවුන්ගේ මාපියන් පිළිබඳ ද්වේශය මුසු මානසිකත්වයක් නිර්මාණය වීමයි. මෙය ළමා මනස තුළ ඊර්ෂ්‍යාව, අත්මාර්ථකාමී බව, සිත් දැඩි වීම, කළහකාරී වීම වැනි ප්‍රතිගාමී සිතිවිලි ජනිත වීම හා හැසිරීම් කරා යොමු කරලීමට හේතු විය හැක.

    www.familylife.lk
    ©guardianhelmets.com

    එමනිසා ඔබේ දරුවා පාලනය කරන්නට යාමේදී ඔබ ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම වර්තමාන තාක්‍ෂණික ලෝකය තුළ වෙසෙන ඔබේ දරුවා දඩබ්බර වීම හා ක්‍ෂණික තීරණ ගැනීමට වැඩි ප්‍රවණතාවක් දක්වන්නේ නම් ඔබ ඒ ගැන වඩාත් සුපරික්‍ෂාකාරී වීම වැදගත්ය.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    30 ° C
    30 °
    28 °
    78 %
    2.8kmh
    100 %
    Mon
    31 °
    Tue
    30 °
    Wed
    29 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු