fbpx
More
    28.4 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අම්මා, තාත්තා ඇඹුල් කෑවම දත් හිරිවැටෙන්නේ දරුවන්ගෙයි…

    Family Tech Sponsorspot_imgspot_img

    දෙමවුපියන්ගේ රණ්ඩුසරුවල් නිසා දරුවන්ට සිදුවන බළපෑම ගැන අද අපි familylife.lk දරු සෙනෙහස තීරයෙන් කතා බහ කරන්නයි මේ සූදානම.. 

    තමන්ගේ විවාහ ජීවිතයේ එකම වතාවක්වත් ගැටුමක් ඇති කර නොගත්ත ජෝඩුවක් හොයාගන්න එක කළුනික හොයනවාටත් වඩා අමාරු දෙයක්. දෙවිදියක සිතුම් පැතුම්, අදහස් තියෙන දෙන්නෙක් එක වහලක් යටට ගියාම අඩුම තරමේ ජීවිතයේ එක සැරයක්වත් ගැටුමක් ඇති වෙන්න ඉඩ තියෙනවා.

    වගේ ගැටුම්කාරී අවස්ථාවක් ගොඩක් වෙලාවට දෙන්නටම පුදුමාකාර ආතතියක් වගේම පවුලේ දරුවො ඉන්නවනම් අනිවාර්යෙන්ම ඔවුන්ටත් අහිතකර බලපෑමක් වෙනවා. මව්පියන්ගේ ආක්‍රමනශීලි බවත් ඔවුන් තම තමන්ගේ ප්‍රශ්න නිසා දරුවන්ගේ ගැටළුවලට අඩු ප්‍රතිචාරයක් දැක්වීම තුළිනුත් මේ ගැටළුව තව තවත් වැඩි වෙන්න පුළුවන්.

    විශේෂයෙන්ම නිරන්තරයෙන්ම ගැටුම් ඇතිකරගන්න මව්පිය යුවළක් නම් දේ දරුවාගේ සුන්දර ළමා කාලයට විතරක් නෙවෙයි මුළු ජීවිත කාලයටම අඳුරු කැළලක් වෙනවා.  කතාවකුත් තියෙන්නේඅම්මා තාත්තා ඇඹුල් කෑවම දත් හිරිවැටෙන්නේ දරුවොන්ගේ  කියලා.

    මව්පියන්ගේ ක්‍රියා පිළිවෙත් වගේම කතාබහ කරන දේවලුත් දරුවන්ට වැටහෙන්නේ නෑ කියන වැරදි මතයක වැඩිහිටියෝ ඉන්නවානමුත් අම්මා තාත්තගේ ප්‍රශ්න නොතේරුනත්  තමන් අහන දකින දේ ඉක්මනින් ග්‍රහනය  කරගන්න, මතක තියාගන්න පොඩි දරුවෝ ඉතාම පහසුවෙන් පෙළඹෙනවා. නිසා දරුවෝ ඉදිරිපිටදි රන්ඩු දබර වෙන්න කලින් මේ කියන කරුණු ගැනත් චුට්ටක් මතක් කරගන්න කියලා අම්මලා තාත්තලගෙන් familylife.lk අපි බොහොම ආදරණීය ඉල්ලීමක් කරනවා.

    www.familylife.lk
    අනුග්‍රහය – theinfidelity.com

      

    1. අනාරක්ෂිත හැඟීම

    තමන්ට ආදරය කරන, තමන්ව රැක බලා ගන්න, තමන්ගේ ආරක්ෂකයෝ වෙන අම්මා තාත්තා ගහ බැන ගන්නවා දකිනකොට කුඩා දරුවෙකුට දැනෙන්නේ අනාරක්ෂිත සහ අසරණ හැගීමක්. අම්මට තාත්තට හරි තමන්ට හරි අනතුරක් වෙයිද කියලා භීතියක්. කෙටියෙන්ම කීවොත් මේ දේවල් අහන දකින දරුවට හරිම අප්‍රසන්න සිතිවිල්ලක්  තමයි ඇති වෙන්නේ.

    2. වරදකාරී හැඟීම සහ ලැජ්ජාව

    අඩදබරවලට හේතුවෙන ඇත්ත කරුණ දරුවා දන්නේ නෑ. ඉතින් අම්මා තාත්තා රණ්ඩු වෙනවා දකින දරුවාගේ හිතේ මේ ගැටුම් ඇතිවෙන්නේ තමන් නිසාය කියන වැරදි වැටහීම ඇතිවෙන්න ඉඩ තියෙනවා. මේක දරුවාට ලොකු වරදකාරී හැඟීමක් ඇති කරවලා නිසා හිතට ලැජ්ජාවකුත් ඇති කරවන්න ඉඩ තියෙනවා.

    3. ආත්ම අභිමානය බිඳ වැටීම

    මේ වරදකාරී හැඟීමත් ලැජ්ජාවත් දරුවගේ ආත්ම අභිමානය බිඳ දාලා තමුන් වැදගැම්මකට නැති පුද්ගලයෙක් කියන දේ ඔහුගේ හිතට කාවද්දනවා. මේ දේ පසුකාලීනව ඔහුගේ සමාජයීය සම්බන්ධතාවන්ටත්, වෘත්තීය ජීවිතයටත් අහිතකර බලපෑමක් සිදුකරන්නට ඉඩ තියෙනවා.

    4. පාර්ශවයක් ගැනීමට නොහැකිවීම

    අම්මා තාත්තා දෙන්නටම ආදරේ කරන, දෙන්නා ලගම දැවටෙන්නට ප්‍රිය කරන දරුවාට මේ ගැටළුවල නිමිත්තවත්, මව්පියන්ගේ හරි වැරැද්දවත් තේරෙන්නේ නෑ. දරුවා අහන්නේ දකින්නේ වචන හරඹයක් එහෙමත් නැත්තන් ගුටි හරඹයක් විතරයි. ගන්න පැත්තක් හිතාගන්න බැරිව, සිදුවන දේ වටහාගන්න බැරිව දරුවා විශාල මානසික පීඩනයකට පත්වෙනවා.

    www.familylife.lk
    අනුග්‍රහය – centerforchildcounseling.org

    5. වැරදි ආදර්ශ ලැබීම

    අම්මා තාත්තා කියන්නේ දරුවෙකුගේ  මුල්ම ආදර්ශය. දරුවා අනුගමනය කරන්නේ, අනුකරණය කරන්නේ තමන්ගේ දෙමව්පියන්ව. ඉතින් අම්මා තාත්තා ලබාදෙන ආදර්ශ නරක නම්, වැරදි නම් එයින් දරුවාට කිසිසේත්ම යහපතක් නම්වෙන්නේ නෑ. විශේෂයෙන්ම  අනාගතයේදී තමන්ගේ වෘත්තීය ජීවිතයේ දී වගේම අනෙකුත් සමාජයීය සම්බන්ධතා ගොඩනගා ගැනීමේදීත්, සන්නිවේදනය, ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම සහ විසඳීම වගේම නම්‍යශීලීභාවය කියන කාරණාවලටත් මේක අහිතකර බලපෑමක් වෙන්න පුළුවන්.

    6. දුර්වල අධ්‍යාපන සහ සෞඛ්‍යමය ගැටළු

    මව්පිය ගැටළුවලින් මනස පිරී තියෙන දරුවාට තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට නිරවුල්ව සිත යොමු කිරීමේ හැකියාව නැති වෙනවා. වගේම  කායික සහ මානසික සෞඛ්‍යටත් එය නරක විදියට බලපානවා. මාපිය ගැටුම්වල වක්‍ර බලපෑමක් විදියට දරුවාගේ ප්‍රතිශක්තීකරණය බිඳ වැටිලා ඔහු නිතර ලෙඩ රෝගවලට ලක්වෙන බවටත් මේ වෙද්දි කරුණු සොයාගෙන තියෙනවා.

    7. හැසිරීමේ ගැටලු

    නිවසේ පවතින ගැටළුකාරී තත්ත්වය දරුවාගේ මානසික සංවර්ධනයට සහ මානසික නිරවුල්භාවයට අහිතකර බලපෑමක් ඇති කරවන බව අපි පෙර පැවසුවා. වගේම පාසලේදී, සම වයස් කණ්ඩායම් අතර හැසිරීමේදී ලජ්ජාසහගත සහ කුලෑටි බවකට දරුවා පත් වෙන්නටත් මෙය හේතුවක් විය හැකියි.

    වගේම අනෙක් අතට ප්‍රචණ්ඩකාරී හැසිරීම් රටාවකට යොමුවෙන්නත් ඉඩ තියෙනවා. තමන් නිවසේදී දකින අහන දේවල් කැපීමකින් කෙටීමකින් තොරව විදියටම ග්‍රහණය කරගැනීම මේකට හේතුවක් වෙනවා. ඊට අමතරව විශාදය, අවධානය යොමු කිරීමේ අපහසුතා වගේ තත්ත්වයනුත් දරුවාට ඇතිවෙන්න පුළුවන්. මෙම තත්ත්වය රැකියා ස්ථානය සහ විවාහය දක්වාත් ගලායෑමේ සැළකිය යුතු ඉඩක් පවතිනවා.

    8. වැරදි හැසිරීම් සාමාන්‍යකරණය වීම

    මව්පියන්ගේ වැරදි හැසිරීම දිගින් දිගටම දකින දරුවාට කාලයක් යද්දි දේවල් බොහොම සාමාන්‍ය දේවල් බවට පත්වෙනවා. තමන්ගේ මතයට විරුද්ධ මතයක් ගොඩ නැගෙනකොට කෝපයට පත් වීම, අතින් පයින් පහර දීමට, මර්දනයට වගේ ක්‍රියාවන්ට දරුවා පෙළඹෙන්න පුළුවන්.

    www.familylife.lk
    අනුග්‍රහය – livingwellguru.com

    9. දුර්වල පෞර්ෂමය ගැටළු

    කුඩා කාළයේදී අත්දකින බොහෝ දේවල් දරුවන්ගේ හිත්වල නොමැකෙන විදියට තදින් සටහන් වෙනවා. නිතර ගැටුම් ඇතිවෙන නිවසක වෙසෙන දරුවෙක් පසු කාලීනව පරපීඩක කාමුකත්වය, ගැටලුවලින් මිදී පලායෑමට උත්සහ කිරීම වැනි දෙයට පෙළඹෙන්න තියෙන ඉඩකඩ ඉහළයි. මේ තත්ත්වය නිසා සිය දිවි හානි කරගැනීමකට පවා පෙළඹෙන්නට ඉඩ තියෙනවා.

    10. හැඟීම් ප්‍රකාශ කිරීමේ ගැටළු

    නිවැරදි සන්නිවේදන විදි මගින් තමන්ගේ හැගීම් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැතිකම නිසාත් කළහකාරී ක්‍රම මේ සදහා යොදාගැනීම නිසාත් දරුවා අපහසුතාවයන්ට මුහුණ දීමට ඇති ඉඩකඩ ඉහළයි.

    11. නිවස ගැටළුකාරී තැනක් ලෙස සැළකීම

    වයසින් වැඩෙනකොට නිවස සහ මව්පියන් ඝෝෂාකාරී කළහකාරී විදියට සළකන්න දරුවා පෙළඹෙන්න ඉඩ තියෙනවා. එහෙම උනාම නිවසට පැමිනීමට ප්‍රියනොකරන්නත් පිටස්තර පුද්ගලයන් ඇසුරට වැඩිවශයෙන් යොමු වෙන්න තියෙන ඉඩකඩ වැඩී. ඇතැම් විට මත්ද්‍රව‍ය වැනි දෙයට හුරුවීම පවා මේ තුළින් සිදුවෙන්නට පුළුවන්.


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    කවරයේ ඡායරූපය – detroitbailbonds.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28.4 °
    75 %
    5.4kmh
    99 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    28 °
    Thu
    27 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු