fbpx
More
    26.7 C
    Colombo
    Monday, June 1, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අඹු සැමි ගැටුම් අඩු කරගන්න මේ දේවල් කරලා බලන්න.

    Family Tech Sponsorspot_imgspot_img

    අඹු සැමි ගැටුම් කිව්වහම ඉතිං කසාද ජීවිතේ පුරාවට පොඩි හරි වචන හුවමරුවක් කරගෙන නැති අඹු සැමි යුවළක් හොයනවට වඩා ලේසි කවුරුවත් මැරිලා නැති ගෙයකින් අබ ඇට මිටක් හොයාගන්න එක. කොයි තරම් හොදින් ගැළපෙන අදහස් තියෙන ජෝඩුවක් වුණත් කලාතුරකින් හරි පොඩි පහේ වචන හුවමාරුවක් කරගන්න එක අතිශය සාමාන්‍ය දෙයක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා.

    දෙන්නා දෙමහල්ලොන්ගේ රණ්ඩු බත් ඉදෙනකන් විතරයි කියලා කීවත් සමහර අය නම් බත් මුට්ටි බර ගාණක් තැම්බෙනකනුත් වචන හුවමාරු කරගන්න එක නවත්තන්නේ නෑ විතරක් නෙවෙයි සමහර වෙලාවට මේවා අත පය හුවමාරු වෙනකනුත් ඇදිලා යන්න ඉඩ තියෙනවා. නිතර නිතර මේ විදියට රණ්ඩු සරුවල් ඇති වෙන එක දෙන්නා දෙමහල්ලොන්ගේ ජීවිත වලින් සතුට සහනය දුරස් කරවන නිසා familylife.lk අපි මේ ලිපියෙන් “අඹු සැමි ගැටුම් අවම කරගන්න ආකාරය” ගැන කතා කරන්න හිතුවා.

    රණ්ඩු වෙන්නේ ඇයි?

    අධික ආතතිය, සීමිත කාලය සහ කාර්‍යබහුලකම, වඩා ඉහළ ජීවන තත්ත්වයක් ලබා ගැනීමට දරන වෙහෙස, දරුවන් සහ පවුලේ අය අතර ඇති මතවාදීමය ගැටුම්, ලෙඩ රෝග, ආර්ථික ප්‍රශ්න වගේ අටෝරාශියක් හේතු මේ ගැටුම්වලට මුල් වෙනවා. කොයි දේටත් ඇගිල්ල දික් කරන්නේ තමන්ගේ ළගම ඉන්න කෙනාට නිසා ළගින්ම ඉන්න සැමියා හෝ බිරිද තමයි වැරදිකාරයා විදියට පෙනෙන්න ගන්නේ.

    නිතරම රණ්ඩුවෙනවා නම්…

    අනිවර්යයෙන්ම ම ජීවිතයේ සැනසීම සතුට අහිමි වෙනවා. විශාදය, අනියම් සබදතා, මව්පිය ගැටුම් දරුවන්ට අහිතකර විදියට බලපෑම සහ දික්කසාදය වගේම සිය දිවි නසාගැනීම් දක්වා වුණත් මේවා දුරදිග යන්න ඉඩ තියෙනවා.

    හැබැයි…

    ඉදලා හිටලා රණ්ඩුවෙනවා කියන්නේ ඔබේ විවාහා ජීවිතයේ අවසානය හෝ සහකරුට/ සහකාරියට/ දරුවන්ට ඔබේ ඇති ආදරයේ අඩුවක් විදියට නම් සළකන්න අවශ්‍යතාවයක් නෑ. වැරදුණු තැන, වරදින තැන හරියට අදුරගෙන ජීවිතේ සතුට ආයෙත් හොයාගන්න ඕනි තරම් ක්‍රම සහ විධි තියෙනවා.

    මේ දේවල් අඩු කරගන්න.

    පදනම් විරහිතව දුශ්ට ආකාරයෙන් කරන දොස් පැවරීම් සහ අනෙකාගේ හිත දරුණු විදියට රිදවන සංවේදි කරුණු දක්වමින් කරන දොස් පැවරීම් අවම කරන්න ම වෙනවා. සරලවම කීවොත් ඉවක් බවක් නැතුව පිටකරන විසකුරු වචනවලින් කැඩෙන බිදෙන හිත් ආයේ හදන්න නම් ලේසි වෙන්නේ නෑ. මේ විදියට කරන වාද විවාද දවස් ගණන් ඇදගෙන යනවනම් ඔබේ සබදතාවය සිදු වෙන හානිය සුළුපටු විදියට සළකන්න නම් අපහසුයි.

    අඹු සැමි ගැටුම්

    තමන්ගේ වැරදි පිළිගෙන සමාව ඉල්ලන්න පෙළඹෙන්න තරම් නිහතමානි වෙන්නේ නැත්තන් ඒකත් එතරම් හොද දෙයක් නෙවෙයි. පෙර වැරදි, කලින් සිදු වූ ගැටුම් සහ වාද විවාද වගේ දේවල් නැවත නැවතත් මතක් කරමින්, ඒ කියන්නේ පරණ කුණු ආයේ ආයේ අවුස්සගෙන රණ්ඩු වෙනවනම් ජීවිත කාලෙම රණ්ඩු වෙවී තමයි ඉන්න වෙන්නේ කියන එකත් මතක තියාගන්න වෙනවා.

    අනෙක් අතට තමන්ගේ ගැටුම් වලට කොහෙත්ම අදාළ නොවෙන දෙමව්පිය හිත මිතුරෝ මේ ගැටුම් අතරට රින්ගවා ගැනීමෙන් මේවා තවත් දුර දිග යන්න ඉඩ තියෙනවා. සහකරුගේ/ සහකාරියගේ හිත රිදවීමේ අරමුණින් ම රණ්ඩු වෙන්න පටන් ගන්නවනම්, ඒ කියන්නේ අනෙකාගේ හිත රිදවලා සතුටු වීමේ පුරුද්දක් ඔබට තියෙනවා නම් වෛද්‍ය උපදෙස් පතන එක තමයි වඩාත් නුවණට හුරු වෙන්නේ

    රණ්ඩු නොවීම ඉන්න පුළුවන් ද?

    ඒ නම් මේ ලෝකේ මිනිස්සු වෙන්න බෑ. මාර්ගපල ලබාගත්ත උත්තමයින්ට වගේ පෘතග්ජන මිනිස්සුන්ට තමන්ගේ හැගීම් දැනීම් පාලනය කරන්න එක එතරම් ලේසි නැති නිසා තරහා, දුක, වේදනාව, වෛරය වගේ සිතිවිලි දැනෙන ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් තමන්ට දැනෙන හැගීමට ප්‍රතිචාර දක්වනවා.

    යම් විදියකින් තමන්ගේ හැගීම් පිට නොකර හිතේ හිරකරගෙන ඉන්න එක පසු කාලීනව ඊට වඩා හානියක් කරන්න ඉඩ තියෙනවා. හැබැයි මේ හැගීම් ප්‍රකාශනයයි ප්‍රතිචාර දැක්වීමයි කියන දේ තමන්ගේ සම්බන්ධයට අහිතකර නොවෙන විදියට පාලනයක් ඇතුව කරන එක ගැන වැඩුණු මිනිස්සු විදියට ලොකු අවදානයක් යොමු කරන්න වෙනවා. 

    අඹු සැමි ගැටුම්

    මේ දේවලුත් මතක තියාගන්න.

    දැන් තියෙන්නේ අපේ ආච්චිලා සීයලා පවුල් කාපු කාලයට වඩා වෙනස් සමාජ රටාවක් බව ඕනෑම කෙනෙක්ට තේරෙන දෙයක්. පිරිමියාගේ වගකීම, ගැහැණියගේ වගකීම් කියලා කසාද ජීවිතයේ වගකීම් බෙදන්න උත්සහ කරන එකෙන් අඹු සැමි ගැටුම් වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නෑ. කසාද ජීවීතයේ වගකීම් සාමුහික ක්‍රියාවලියක් විදියට ඉටුකරන එක තමයි සුදුසුම ක්‍රමය වෙන්නේ.

    අනෙක් අතට කසාදෙන් පස්සේ දෙන්නා එක්කනෙක් වෙනවා වගේ මිථ්‍යා මත ඔළුවට දාගන්නේ නැතුව දෙදෙනාගේ පෞද්ගලිකත්වයට, රුචි අරුචිකම් වලට, අදහස් උදහස් වලට, නිදහසට ගරු කරගෙන ජීවත් වෙන්න උත්සහ කරන තරමට ජීවිතයේ සතුට රදවා තියාගන්න පුලුවන් බවයි අපේ නම් අදහස වෙන්නේ.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසීමට පහත ලෝගෝව ක්ලික්/ටැප් කරන්න

    www.familylife.lk

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26.7 ° C
    26.7 °
    26 °
    93 %
    5.5kmh
    94 %
    Mon
    32 °
    Tue
    28 °
    Wed
    28 °
    Thu
    28 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු