fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අවුරුද්දට අඩු දරුවන්ගෙ ආහාර රටාව සැකසෙන්න අවශ්‍ය ආකාරය

    Family Tech Sponsorspot_imgspot_img

    අවුරුද්දට අඩු දරුවන්ගෙ ආහාර රටාව පිළිබඳ කතා කිරීමේදී අපි කලින් කීව ආකාරයටම ළදරුවෙකුට මුල් මාස 6 ඇතුළත මව්කිරි පමණක්ම සහ මාස 6න් පස්සේ ඝන ආහාර ආරම්භ කිරීම අවශ්‍ය වෙනවා. මොකද මුල් මාස 6 තුළ දරුවාට මව් කිරි හරහා ලැබෙන යකඩ සහ ඛනිජ ලවණ ප්‍රමාණය මාස 6න් පසුව ප්‍රමාණවත් වන්නේ නෑ. නමුත් අවශ්‍යතාවය අනුව වෛද්‍ය උපදෙස් මත මාස 5න් පමණත් ඝන ආහාර ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා.

    අවුරුද්දට අඩු දරුවන්ගෙ ආහාර

    දරුවාට අවුරුද්දක් පිරෙනකොට උපත් බර වගේ තුන් ගුණයක බරක් තිබිය යුතුවීම සහ ඉක්මනින් වර්ධනය වන ළපටි ශරීරයට ශක්තිය සහ පෝෂණය අවශ්‍ය වන නිසා ඝන ආහාර පටන් ගත්තත් මව්කිරි අවුරුදු 2 වන තුරු ලබාදීම අවශ්‍ය වෙනවා. ළදරුවාගෙ කුඩා කුසට සරිලන තරමට පමණක් ආහාර ලබාදිම, අසාත්මිකතා සහ අහුවෙන හැමදේම කටේ දාගැනීම නිසා ලෙඩ වීමට ඇති ඉඩකඩ නිසා විශේෂ අවධානයක් දෙමින් රැක බලා ගැනීම, මෘදු ලෙස සකසාගත් සහ දියර ගතියෙන් අඩු ආහාර වලින් පටන්ගැනීම, දරුවාට බල නොකරමින් සහ ආහාර ගැනීමේ අලුත්ම අත්දැකීම විදින්නට ඉඩහරිමින් දරුවාට ආහාර ලබා දීම ගැන මව්පියන් විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා.

    අවුරුද්දට අඩු දරුවන්ගෙ ආහාර සකස් කිරීමේදී තවත් අවධානය යොමු කළ යුතු කාරණයක් වන්නේ යම් හෙයකින් දරුවාට මව්කිරි ලබාදීමේ හැකියාව නැතිනම් ලබා දිය යුතු ආහාර වේල් ප්‍රමාණය වැඩි කළ යුතු වීමයි. මව්කිරි ලබා දිය යුතු සාමාන්‍ය ප්‍රමාණය පහතින් දැක්වෙනවා. හැබැයි මේ සාමාන්‍ය ප්‍රමාණය දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

    • මාස 4-6 —— අවුන්ස 28-40
    • මාස 7-9 —— අවුන්ස 24-36
    • මාස 10-12 — අවුන්ස 18-30

    මව්කිරි වලට අමතරව දරුවා ආහාර ගන්න සූදානම් කියලා හදුනාගන්න පුළුවන් ලක්ෂණ කිපයක් තියෙනවා.

    • වාඩිවෙලා හිස කෙලින් තබාගැනීමට හැකිවීම.
    • ගෙදර අනිත් අය ආහාර ගන්න වෙලාවට කුතුහලයෙන් සහ කැමැත්තකින් බලාගෙන සිටීම. අත දිගුකර ආහාර ඉල්ලීම.
    • හොඳින් කිරි බිව්වත් නිතර බඩගින්නකින් පෙළිම
    • තමන්ගෙ දිව පාවිච්චි කරලා කවන කෑම ටික ඉබේ එළියට වැටෙන්නෙ නැතිව දිවෙන් පාලනය කරගැනීමේ හැකියාව තිබීම. 

    අවුරුද්දට අඩු දරුවන්ගෙ ආහාර

    හැබැයි දරුවාගේ මේ කියන ලක්ෂණ නෑ කියලා හෝ ඉදුල් කටගාලා නෑ කියලා හෝ ඝන ආහාර ලබා දීම මාස 6ට වඩා කල් දාන්න එපා කියන එකත් අපි මතක් කරනවා. ඒ වගේම කිසිම හේතුවක් නිසා මාස 4ට කලින් නම් ඝන ආහාර, කැද, වතුර වගේ දේවල් දෙන්නෙ නෑ. කන ප්‍රමාණය දරුවගෙන් දරුවට, දවසින් දවසට වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම බබා කිරි වැඩිපුර බොනවානම් කෑම ලබාදෙන්න කලින් කිරි දෙන්න එපා.

    මාස කීපයක් මව්කිරි බීපු පොඩ්ඩාට කෑම කනවා කියන සංකල්පය හඳුන්වලා දෙන්න වගේම විවිධ රසයන්, විවිධ ආහාර වර්ග, ආහාරවල ස්වභාවය කියන දේවල් හඳුන්වලා දෙන්නත් ප්‍රධාන ආහාර වේල් තුන ලබාදෙන්න වෙනවා. ඒ කියන්නේ බඩගිනි වුණත් නැතත් අහාර දෙන්න පටන් ගන්න වෙනවා. බල කරන එක නම් හො​ඳ දෙයක් විදියට සළකන්න බෑ. වැඩිහිටි අපිට වුණත් බඩ පිරිලානම් ආයේ කන්න බෑනේ.

    කෑම එක හදලා තේ හැදි බාගයක් හරි කවන්න. බබාගේ ඇග සෝදලා/ නාවලා, වාඩිකරවගන්න. නිදිමතේ ඉන්න බබෙක් නම් කන්න කැමති වෙන්නෙ නෑ. නිශ්ශබ්ද වටපිටාවක් නම් කෑම කවන එකට අවධානය යොමු කරවාගන්නත්, බඩ පිරුණම කෑම දෙන එක නවත්තන්නත් පහසුවක් වෙනවා. ටීවී ෆෝන් වගේ දේවල් නම් අයින් කරලාම දාන තරමට හො​ඳයි.

    ඝන ආහාර ආරම්භ කළ දරුවාට ලබා දිය යුතු හා නොදිය යුතු ආහාර ගැන අපි තවත් ලිපියකින් කතා කරමු.

    මෙම ලිපියේ පළමු කොටස ළදරුවෙකුට ඝන ආහාර මේ විදිහට අරඹන්න (ලිපිය සඳහා මෙතන ක්ලික්/ටැප් කරන්න) නමින් පල කරන ඇත.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු