fbpx
More
    29.3 C
    Colombo
    Thursday, April 17, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ආයුර්වේදයට අනුව නිරෝගී දරු උපතක් සැලසුම් කිරීම

    -

    සුව අසපුව සමාදර දායකත්වය

    නිරෝගී දරුවකු බිහි කරගැනීම විවාපත් වන සෑම යුවලකගේම ප්‍රාර්ථනාවක්. ආසාවක්. එවන් නිරෝගී දරුවකු බිහිකර ගැනීමට විවාහයට පෙර සිටම කටයුතු සුදානම් කරගැනීම පිළිබඳව ආයුර්වේදයේ සඳහන් වෙලා තිබෙනවා. අද familylife.lk අපි ගෙන එන්නේ ඒ පිළිබඳ විස්තරයක්. 

    විවාහ විය යුත්තේ කුමන වයසේදීද?

    විවාහ වීම සඳහා පුරුෂයින්ට සුදුසුම වයස ලෙස දක්වා ඇත්තේ අවුරුදු 25 යි. ප්‍රජනක ඉන්ද්‍රියන් හොඳින් වර්ධනය වී ඇති සහ  පුර්ණ ධාතු පරිණතියට පත්ව ඉතා හොඳ බිජ පිට කිරීමට හැකි වයසක් ලෙස අවුරුදු 25 සඳහන් වේ. වයස අවුරුදු 16 වන තෙක් කාන්තාවන් විවාහ වීමට නුසුදුසු ලෙස ආයුර්වේදයේ සැලකෙනවා.

    නිරෝගී දරු උපතක් සැලසුම් කරන කාන්තාවක් තමා සතුව වර්ධනය කර ගත යුතු ලක්ෂණ

    • මනා ශරීර සෞඛ්‍යයක් පැවතීම. ඇස්, කන්, නාස්, පියයුරු, ආදිය අංග සම්පුර්ණව පිහිටා ඇති අය වඩාත් නිරෝගී දරු උපත් සිදු කරන බවට සඳහන් වෙනවා.
    • ඉතා ප්‍රියජනක, විනීත ගති පැවතුම් වලින් යුක්ත වීම වැදගත්.
    • කිසිදු සමාජ රෝගයකින් නොපෙලිමත් නිරෝගී දරු උපතකට වැදගත්.

    ගර්භයක් බලාපොරොත්තු වන කාන්තාවක් ඔසප් වීමෙන් පසු කටයුතු කළ යුතු ආකාරය.

    • ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට මාස් ශුද්ධියෙන් පසු ස්ත්‍රියක් ස්නානය කර පිරිසිදුව සුදු පැහැති වස්ත්‍රාභරණ දරා ආගමික වතාවත් වල නිරත වීමෙන් දරු පල හටගැනීමේ හැකියාව වැඩිදියුණු කෙරෙනවා.
    • එසේ පිරිසිදු වූ ස්ත්‍රියක් තමා නිතර සිහිපත් කරන තැනැත්තාගේ ලක්ෂණ සහිත වූ දරුවන් බිහිවන බවද දක්වා තිබෙනවා.
    • සැමවිටම සැහැල්ලු සිතින් යුක්ත වීමත් වැදගත්. ආශාවන් ඇති කර ගැනීමේදී කල්පනාකාරීව සමබර ආශාවන් ඇති කරගැනීම වැදගත්.
    • සන්ධ්‍යා කාලයේ ස්නානය සහ ලිංගික ක්‍රියාව නිරෝගී දරු උපත් සඳහා සුදුසු නොවන බව සඳහන් වෙනවා.
    www.familylife.lk
    ©hiveminer.com

    – නිරෝගී දරු උපතක් බලාපොරොත්තුව මෛථුන්‍යය නොකල යුතු ස්ථාන සහ අවස්ථා

    • සන්ධ්‍යා කාලය
    • උත්සව ඇති දින වල
    • උදේ පාන්දර
    • මධ්‍යම රාත්‍රී
    • මධ්‍යහ්නය
    • නොගැලපෙන ස්ථාන වල
    • අපිරිසිදු සහ විවෘත ස්ථාන වල
    • අධික කුසගින්නේ හෝ පිපාසයෙන් සිටින අවස්ථාවන් වල
    • අධිකව ආහාර ගත් විට
    • අධික බිය, ශෝකය හෝ සන්ත්‍රාසය ඇති විට
    • දිගු කලක් රෝගාතුරව සිට ශරීර සෞඛ්‍යය යථා තත්වයට පත්ව නොමැති අවස්ථාවන් හි
    • පාලනය කර නොගත් දීර්ඝ කාලින රෝග තිබෙන විට
    • කුෂ්ට වැනි පිළිකුල දනවන රෝග ඇති විට.

    මෛථුන්‍යයට පෙර සුදානම

    • නිරෝගී දරු සම්පතක් බලාපොරොත්තු වන යුවලක් උදෙසා තම මෛථුන්‍යය සුදානම් කරගත යුතු ආකාරයද ආයුර්වේදයේ දැක්වෙනවා.  එහිදීත් මුලික කරුණක් ලෙස ගැනෙන්නේ තම සිත් පහන් ස්වභාවයෙන් එකී කර්තව්‍යයට එළඹීමයි. සඳහා තමන් අදහන ආගම අනුව සහ තමන්ගේ සංස්කෘතික ස්වභාවය අනුව පිළිවෙත් වෙනස් කරගැනීම අයහපත් වන්නේ නැහැ.
    • කාන්තාව , පුරුෂයා , සහ කාමරයේ පිරිසිදු භාවය ගැන සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් කාමරය මෛථුන්‍යයට ගැලපෙන පරිදි පිරිසිදුව සහ ආකර්ශනීය ලෙස සකස් කිරීම වැදගත්. කාමරය තුල සිත් පහන් කරන සුවඳක් තිබිය යුතුයි.
    • යහනේ පිරිසිදු සැපවත් ඇඳ ඇතිරිලි ආදිය තිබීම සුදුසුයි. යහනට පිවිසීමේදී පුරුෂයා දකුණු පසින්ද කාන්තාව වම් පසින්ද පිවිසීම උචිත බව සඳහන් වෙනවා.

    නිරෝගී දරු උපතක් උදෙසා මෛථුන්‍යය කළයුතු ඉරියව්.

    මෛථුන්‍යය කල හැකි ඉරියව් රාශියක් ආයුර්වේදයේ දක්වා තිබුනත් නිරෝගී දරු සම්පතක් ඉලක්ක කරගෙන මෛථුන්‍යය කරන විට වඩාත් ගැලපෙන ඉරියවු ආයුර්වේදයේම විස්තර කර තිබෙනවා. අනුව පුරුෂයා උඩින් , ස්ත්‍රිය පහලින්ද සිටින සේ වැතිරෙන ඉරියව්ව වඩාත් ගැලපේ. උපරිම ශුක්‍රාණු ප්‍රමාණයක් ගැබ්ගෙල ආසන්නයේ තැන්පත් වෙමින් ගර්භාෂයට ගමන් කරන්නේද මේ ඉරියව්වේදී යි.

    www.familylife.lk
    ©quora.com

    දරුවාගේ ලිංගය නිර්ණය සඳහා මෛථුන්‍යය සැලසුම් කිරීම.

    • උපදින දරුවා ගැහැණු දරුවෙක්ද, පිරිමි දරුවෙක්ද කියන ගැටලුව කලලයට යම් වයසක් යනතුරු සාමාන්‍ය ස්කෑන් පරීක්ෂණයකින් පවා හඳුනාගන්න අපහසුයි. නමුත් පෙර සැලසුම් කිරීමෙන් තමාට අවශ්‍ය ලිංගයක දරුවෙක් බිහිකරගැනීමට යම් උපදෙස් ආයුර්වේදයේ සඳහන් වනවා.
    • පිරිමි දරුවකු බලාපොරොත්තු වන්නේ නම් මෛථුන්‍යය කලයුත්තේ ඔසප් චක්‍රයේ ශුද්ධ වීම අවසන්ව ස්නානයෙන් පසු එළඹෙන ඉරට්ටේ දින වලදී යි. ඔත්තේ දින වලදී මෛථුන්‍යය සිදු කළහොත් ගැහැණු දරුවකු පිළිසිඳ ගැනීමට වැඩි අවස්ථාවක් ඇත. එයට හේතුව ලෙස දැක්වෙන්නේ ශුද්ධිය අවසන්ව එළඹෙන ඉරට්ටේ දින වලදී ස්ත්‍රී ධාතු බලවත් වීම යි.
    • තමන් කැමති ලිංගයක දරුවකු බිහිකර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන ඖෂධ පිලිබඳ ආයුර්වේදයේ දීර්ඝව සඳහන් වෙනවා. සම්බන්ධව ප්‍රවීන  ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසීමෙන් ඔබට වැඩි පුර උපදෙස් ලබා ගන්න පුළුවන්.

    බලන්න ආයුර්වේදීය සත්කාරයක් ගැන ලියවුනු මේ ලිපියත් ඔබට වැදගත් නේද කියල…

    ප්‍රසූතියෙන් පසු ඔබව සුවපත් කරන ඖෂධීය පානය “කායම් හොද්ද”

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසෙන්න


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරූපය – i2.wp.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    වෛද්‍ය සුකිතා ද සිල්වා
    වෛද්‍ය සුකිතා ද සිල්වා
    වෛද්‍ය සුකිතා ද සිල්වා කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ BAMS උපාධිධර ආයුර්වේද වෛද්‍ය වරියකි.
    Colombo
    overcast clouds
    29.3 ° C
    29.3 °
    29.3 °
    70 %
    1.8kmh
    97 %
    Thu
    29 °
    Fri
    30 °
    Sat
    30 °
    Sun
    29 °
    Mon
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු