fbpx
More
    32.8 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කාලෙට ගැලපෙන්න පටි තද කරගන්න සැරසෙන්නෙ මෙහෙමයි

    Family Tech Sponsorspot_imgspot_img

    මොන දේ කරලවත් සල්ලි ටිකක් ඉතුරු කරගන්න බෑ කියන එක අද කාලේ ගොඩක් දෙනා නගන මැසවිල්ලක්. නිසාම familylife.lk අපි අද ඔබට අරන් එන්නේ තමන්ගේ ආදායම නිවැරදිව කළමනාකරණය කරල ඉතුරුම් අතිකරගන්න විදිහ.

    විශේෂයෙන් රටේ ආර්ථික අර්බුදයක් පවතින මේ වගේ වෙලාවක බලන්න මේ දේවල් ඔබටත් උදව්වක් වෙයිද කියලා. ඔබ දැනටමත් ඉතුරු කරන කෙනෙක් උනත් අපි කියන දේවලින් ඔබටත් ගත හැකි දෙයක් තියේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    www.familylife.lk
    ©all4women.co

    1. ආදායම් වියදම් ගණනය කිරීම

    මාසික වැටුප, ඉතුරුම් පොළී ඇතුළුව ලැබෙන ආදායම් ටික ගණනය කරන්න. කරන වියදමුත් එකක් නෑර ගණනය කරන්න. ෆෝන් එකට ඇප් එකක් දාගෙන ලේසියෙන්ම මේ දේ කරන්න පුළුවන්. තමන්ට ලැබෙනු ඇතැයි සිතෙන නමුත් සියයට සියයක් විශ්වාස කළ නොහැකි ලැබීම් මෙයට ගනනය කරන්න එපා. විශේෂයෙන් කාට හෝ අතමාරුවකට දුන් ණයක්, නැත්නම් ජෝතිෂ්‍යයෙන් දිනන බව පැවසූ ලොතරැයි දිනුමක වටිනාකම ආදිය ගැලපීමෙන් මාසය අවසානයේ ඔබ ලොකු අකරතැබ්බයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ස්ථිරව ලැබෙන ආදායම පමණක් සලකා බලන්න.

    2. ගණනය කළ වියදම් අයවැයකට ඇතුළත් කරන්න

    තමන්ට ලැබෙන ආදායමට අනුව වියදම් නොකළහොත්, කියන්නේ අදායමට සරිලන්නේ නැති විදියට වියදම් කළොත් සල්ලි ඉතුරු කරගන්න බැරිවෙනවා විතරක් නෙවෙයි ණය වෙන්නත් සිදුවෙනවා කියන කාරණය හිතේ තියාගෙන අනවශ්‍ය වියදම් කපා හරිමින් අයවැය ලේඛනය හදාගන්න. අනවශ්‍ය වියදම් කපා හරින අතරම හදිසියේ ඇති විය හැකි අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් වෙන් කිරීමක් කරන්නත් අමතක කරන්න එපා. උදාහරණයක් විදිහට ගත්තොත් බේත් හේත් ගන්න යන වියදමට සාමාන්‍ය වෙන් කිරීමක් කරන්න. වාසනාවකට ලෙඩක් දුකක් නොවුනොත් එය ඔබට අමතර ඉතිරියක් වනවා සේම හදිසියේ උණක් හෙම්බිරිස්සාවක් හැදුනොත් සැලසුම් කළ මාසෙ වියදම අවුල් කර නොගන්නත් මේ වෙන් කරපු මුදල් පාවිච්චි කරන්න පුලුවන්. 

    3. සුළුවට පටන් ගන්න

    එක සැරේ ලොකු ඉතුරුවක් කරගන්න අමාරු නිසා පොඩියට වැඩේ පටන් ගන්න. ලැබෙන ආදායමෙන් 10-15%ක් මාසිකව ඉතුරු කරගන්න අරමුණක් තියාගන්න. එහෙමත් නැත්නම් සතියකට 2000-3000ක් ඉතුරු කරනවා කියලා හිතන්න. ආදායමේ ප්‍රමාණය අනුව ඉතුරුම් ටාගට් එකක් හදාගන්න.

    4. ඉලක්කයක් තබා ගන්න

    නිවාඩුවක් ගත කිරීම, උපන්දින සාදයක් පැවැත්වීම, රන් ආභරණයක් හෝ බ්‍රෑන්ඩඩ් ඔර්ලෝසුවක් මිළදී ගැනීම වැනි කෙටිකාලීන ඉලක්කයක් හෝ මංගල උත්සවය පැවැත්වීම, වාහනයක මූලික ගෙවීම, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, විශ්‍රාම සැලසුම් වැනි දිගුකාලීන ඉලක්කයක් තබාගන්න.

    www.familylife.lk
    ©rikikrisdianto.com

    5. ප්‍රමුඛතාවලට මුල්තැන දෙන්න.

    දිගුකාලීන ඉලක්ක පිළිබඳ සිහියේ තබාගනිමින් එදිනෙදා ජීවිතයේ ප්‍රමුඛතාවන්ට ඉඩ දෙමින් අත්‍යවශ්‍ය වියදම් කරන්න. මෙය පුරුද්දක් වූවායින් පසු ඉතිරි කර ඇති මුදල හැකිතාක් අමතක කර සිටින්න. නැතිනම් යම් ප්‍රමාණයක් ඉතුරු කළ සැනින් නොයෙකුත් අවශ්‍යතා මතුවීම ස්වභාවිකයි. ඒ නිසා තමාගේ අරමුණ වෙනුවෙන් පමණක් එම මුදල යොදවන බවට තමන්ටම සපත කර තමන්ට දුන් පොරොන්දුව රකිමින් ඉතිරිය තර කරන්න. 

    6. දිගුකාලීන හා කෙටිකාලීන ඉලක්ක සපුරාගැනීමට වියදම් කරන ආකාරය.

    මෙය මූලිකවම බැංකු ගිණුමක හෝ කීපයක මුදල් ඉතුරු කිරීමක් විය හැකියි. වියදම් කිරීමෙන් පසු ඉතුරුවන මුදල බැංකුගත කරනවා වෙනුවට මුදල් බැංකුගත කිරීමෙන් අනතූරුව ඉතුරුවන මුදල වියදම් කිරීමට පෙළඹෙන්න. විශේෂයෙන් ඔබ හර කාඩ් පතක් (Debit Card) ගිණුමට සම්බන්ධ කර ඇත්නම් ඉතුරුම් සඳහා ATM හෝ හර කාඩ් (Debit Card) පත් පහසුකම් නොමැති වෙනම ගිණුමක් භාවිතා කිරීමට උන්නදුවන්න. තම වැටුප හෝ වෙනත් ආදායම් ගිණුමට බැර වූ වහාම ඉතුරුම් සඳහාම ඇරඹු  සම්බන්ධ නොකළ ගිණුමට ඔබේ මාසික ඉතුරුම් වාරිකය බැර කිරීමට මතක තබා ගන්න. නැතිනම් අදාල ගිණුමට ස්ථාවර නියෝගක් ලබා දීමෙන් ඉතුරුම් සඳහා පමණක් ස්ථාපිත කළ ගිණුමට මුදල් මාරු කරන්න පුලුවන්. එය තමන්ගෙ හිතට ගතට නොදැනී ඉතුරු කිරීම සඳහා හොඳ ක්‍රමයක් වනු ඇත.  

    www.familylife.lk
    ©investopedia.com

    7. ප්‍රගතිය පරීක්ෂා කරන්න

    පළමු මාසයේ ප්‍රගතිය ඔබව උද්‍යෝගිමත් කරවනු ඇත. ගැටළුවක් හදුනාගතහොත් එයට පිළියම් යොදාගනිමින් ක්‍රියාවලිය දිගින් දිගටම කරගෙන යන්න. ඉතුරුම් වටිනාකාම වැඩි කළ හැකි සෑම මොහොකම ඒ වෙනුවෙන් උනන්දුවන්න. මේ වන විට බොහෝ බැංකු ආයතන අන්තර්ජාල බැංකු සේවා හඳුන්වා දී ඇති නිසා ස්ථාවර නියෝග ආදිය ගෙදර ඉඳන්ම සැකසීම, වෙනස් කිරීම කළ හැකියි. එම නිසා තමන්ගේ ඉතුරුම් වර්ධනය කර ගැනීමට නිරන්තර උත්සාහයක යෙදෙන්න.

    අද අපි කථා කළේ තමන්ගේ ආදායම තුළින් ඉතුරුම් ඇති කරගන්නා ආකාරයයි. මේ ලිපියේ දෙවන කොටසින් තමන්ගේ වියදම් මතින් ඉතිරියක් ඇති කරගන්නේ කොහොමද කියල කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    කවරයේ ඡායාරූපය – imagesbazaar.com

    ෆැමිලි ටුඩේ යටතේ ලියවුණු එදිනෙදා දිවියට වැදගත් සියලු ලිපි සඳහා පිවිසෙන්න


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    32.8 ° C
    32.8 °
    32 °
    65 %
    1.2kmh
    86 %
    Mon
    33 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    31 °
    Fri
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු