fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවන්ගේ කියවීමේ ආශාව වැඩි දියුණු කිරීමට කළ හැකි දේවල්…

    Family Tech Sponsorspot_imgspot_img

    දරුවන්ගේ කියවීමේ ආශාව වැඩි දියුණු කිරීම සඳහා දෙමවුපියන් වශයෙන් ඔබට කළ හැකි මැදිහත් වීම ඉතා විශාලයි මෙන්ම තීරණාත්මකයි. family read වෙතින් ගෙන එන මෙම ලිපියෙන් familylie.lk අපි බලපොරොත්තු වන්නේ ඒ සඳහා ඔබට යම් පිටිවහලක් සපයා දීමටයි.

    දරුවන් පොත් පත් කියවන්න දක්වන උදාසීනතාවය නිසාම කාලය සමග ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් යම් යම් බලපෑම් ඇති වෙනවා. ඒ වගේම දරුවන්ගේ කියවීමේ ආශාව එක රාත්‍රියකින් ගොඩ නගන්නත් බැහැ. දරුවෙක් පොත් පත් කියවීමට දක්වන ඇල්ම බැල්ම සමග තවත් බොහෝ වාසිදායක පරිසරයක් නිර්මානය වෙනවා. ඒ පරිසරය අප හිතනවාට වඩා දරුවාගේ අධ්‍යාපනයට ඉතාම හිතකාමී විදිහට අනාගතයේදී බලපෑම් ඇති කරනවා.

    ඒ වුනත් අපේ බොහොම දෙමව්පියන් දරුවන්ට පාසලේ පොත පත හැරුනාම වෙන කිසිම කතා පොතක්, කවි පොතක් ඇහට පේන්නවත් දෙන්නේ නැහැ. සමහර දෙමව්පියන්ගේ මතයක් තියෙන්නේ ඉස්කෝලේ පොත් පත් ටික බලා ගත්තාම හොදටෝම ඇති, ඒකටත් වෙලාවක් නැති කාලයේ තවත් පොත් කියවන්න පටන් ගත්තොත් හොදට හිටිවී, වගේ මතයක්. ඒ වුනත් දරුවෙක් වෙතින් කිවන පුරුදු වගා වුනොත් ඔබ නොදන්නා වාසි බොහොමයක් ලබා ගැනීමට පුලුවනි.

    දරුවන්ගේ කියවීමේ ආශාව

    එහෙම නම් දරුවන්ගේ කියවීමේ ආශාව වැඩිදියුණු කිරීමෙන් දරුවාට ලැබෙන වාසි මොනවාද?

    දරුවාගේ කියවන ඇල්ම නිසා ඔහු බොහෝ දේ තනියම ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වනවා. වැඩිහිටියන් මත යැපෙනවා වෙනුවට තමන්ට අවශ්‍ය දැණුම පොත පත වෙතින් තනියෙන්ම කියවා දැන ගැනීමේ හැකියාව දරුවා උපයා ගන්නවා.

    සවන්දීමේ කුසලතාවය ඇති වෙනවා.

    සිංහල ජන සමාජය අතීතයේ පටන්ම පොත් පත් කියවන විට ඒ වෙනුවෙන් සවන්දීමට වැඩි කැමැත්තක් දැක්වූ ජන සමාජයක්. විශේෂයෙන් බණ කතා අහන්න තවමත් පොඩිත්තන් අත්තම්මා, සීයාට සමීප වෙනවා. අකුරු නොදන්නා යුගයේ පවා අකුරු දන්නා කෙනෙක් කියන කථාන්දර බොහොම කැමැත්තෙන් අසා සිටියා. ඒ නිසාම සවන්දීමේ හැකියාව දියුණු වුණා. අදටත් පොත් පත් කියවන දරුවා වෙතින් සවන්දීමේ හැකියාව නොදැනීම සංවර්ධනය වීමේ පරිසරයක් ගොඩ නැගෙනවා. ඒ නිසා දෙමව්පියන් නොදකින අන්දමට දරුවාගේ සවන්දීමේ කුසලතාවය පොත් පත් කියවීම නිසා සංවර්ධනය වෙන බවත් තරයේම මතක තබා ගන්නවා නම් අගෙයි.

    ඒ වගේම දරුවාගේ චරිත සංවර්ධනය ගොඩ නගා ගැනීමටත් දරුවන්ගේ කියවීමේ ආශාව වැඩිදියුණු කිරීම උපකාරී වෙනවා. වචන දහස් ගණනකින් ලබා දෙන අවවාද වලට වඩා කතා පොතකින් ලබා දෙන ආදර්ශය ඉතා ප්‍රබල ලෙසින් දරුවාගේ හදවතට ආමන්ත්‍රනය කරනු ඇත.
    පොත් පත් කියවන විට දරුවාගේ වාග් කෝෂය පුළුල් වෙනු ඇත. පොත පතින් දරුවා බොහෝ දේ ඉගෙන ගන්නා අතර ඒ දැණුම තමාගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ හැකියාව පොත පතින් උපයා ගත හැකියි.

    ඒ වගේම දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය අතිරේක දැණුම කියවන පොත් පතින් තමා විසින්ම සොයා දැන ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ අන්දමින් තමා විසින් සොයා ගන්නා දැනුම ඉතාම හොඳින් ධාරණය වෙනවා විතරක් නොවෙයි, එය අවශ්‍ය අන්දමින් ගලපා ගැනීමේ හැකියාවත් දරුවන් බාල කාලයේ පටන්ම ලබා ගන්නවා.

    දරුවන්ගේ කියවීමේ ආශාව

    කියවන පුරුදු ගොඩ නගන්නේ කොහොමද?

    ඔබ දරුවාට ඇති අසීමිත ආදරය නිසාම බාල කාලයේ පටන්ම ඔහු විසින් ඉල්ලන හැම දෙයක්ම ලබා දෙන්නනට උනන්දුවක් දක්වනවා. ඒ වගේම ඉගෙනුම් පරිසරයට අවශ්‍ය හැම දෙයම වුනත් ලබා දීම කිසිම විදිහකට මග ඇරෙන්නේ නැහැ. ඒ නිසා පොත් පත් වුනත් දරුවාගේ අතට ලබා දෙන්න. මුලින්ම ඔබ කියවන දේ දරුවාට අසන්න ඉඩ දෙන්න. එයින් පසුව ඒ කතාවේ දරුවාගේ හිත ගිය තැන් විමසා සිටින්න. එහෙම වුනාම දරුවාගේ හිතේ තවත් අලුත්ම කතාවක් ගොඩ නැගෙන තරමටම නිර්මාණශීලීත්වයක් අවදි වෙන්න පුලුවන්.

    පොත් ඉරයි. අහුවෙන්න දෙන්න එපා.

    පුංචි කමට දරුවා පොත් පත් ඉරීම වලක්වන්නත් බැරි දෙයක් වේවි. ඒත් දරුවාට පොත් නොදී සිටිම නොව පොත් පත් පරිස්සමින් ආරක්ෂා කර ගැනීමේ හුරුව ගොඩ නගන්න. අතීතයේදී පොතක් පතක් බිම වැටුනොත් එය නැවත අතට දුන්නේ පොතට වැද සමාව ඉල්ලන තරම් අහිංසක හැසිරීමකින්ය. අකුරු ඒ තරමටම පූජණීයත්වයෙන් එදා සලකන ලදී.

    දරුවන්ගේ කියවීමේ ආශාව ඇති වෙන දේ කියවන්න දෙන්න.

    පුංචි කාලයේ පටන්ම දරුවන්ට කුතුහලය ඇති වෙන කතාන්දර කියා දෙන අතරවාරයේම යම් යම් කුතුහලයක් දැනෙන අන්දමින් දරුවාගෙන් අදහස් විමසා සිටින්න. මේ අතර දරුවාගෙන් කතාව අවසානය ගැන විමසා සිටින්න. එවිට දරුවා යම් නිර්මානශීලී අදහසක් ගොඩ නැගීමටත් ඉඩ තිබේ.

    දරුවන්ට කියවන දේ විවිධ අන්දමින් ලබා දීම වැදගත්. සමහර විට ඔබ කැමැති දෙයම දරුවාට ලබා දීම වෙනුවට විවිධ කියවන දේ ලබා දීම නිසා දරුවාගේ කියවන ඇල්ම වැඩිදියුණු වෙනු ඇත. එකම රාමුවකට දරුවා කොටු කිරීම වෙනුවට විවිධ දේ ලබා දෙන විට දරුවාගේ හිතේ ඇසූ පිරූ තැන් තව තවත් වැඩිදියුණු වෙනු ඇත.

    දරුවන්ට පොත් කියවීම මෙතරම්ම වැදගත් ඇයි කියල අපි මීට පෙර ලිපියකිනුත් කතා කළා. පහතින් එම ලිපියට පිවිසෙන්න.

    දරුවෙකුට පොත් කියවන්න හුරු කිරීම මෙච්චරම වැදගත් ඇයි කියල දන්නවද?


    ඔබ වැනිම පොතට පතට ආදරය කරන, දැනුමට, රසවින්දනයට ප්‍රියකරන තවත් අයෙකුගේ යහපත වෙනුවෙන් පහත මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න


     

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසීමට පහත ලෝගෝව ක්ලික්/ටැප් කරන්න

    www.familylife.lk

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු