fbpx
More
    25.6 C
    Colombo
    Monday, April 20, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවාට ඝන ආහාර ආරම්භය සඳහා මේ දේවල් දැන සිටීම අනිවාර්යයි

    Family Tech Sponsorspot_imgspot_img

    දරුවාට ඝන ආහාර ආරම්භය , සාමාන්‍යයෙන් මාස හයෙන් පසු සිදුකළ යුතු වුවත් එසේ කිරීමේදී මෙම කරුණු දැන සිටීම ඉතාමත් වැදගත්. ඒ නිසා අවුරුද්දට අඩු දරුවෙකුගේ ආහාර රටාව සකසා ගැනීම වෙනුවෙන් Familylife.lk අප පළ කරන තෙවන ලිපිය මෙයයි. පසුගිය ලිපි ඔබට මගහැරුනේ නම් මෙම ලිපිය අවසානයේ ඇති ලින්ක් මගින් අදාල ලිපි කියවීමේ හැකියාව ඔබට තිබෙනවා.

    ඝන ආහාර ගැනීම ආරම්භ කළ දරුවාට පහත සදහන් ආහාර වර්ග වයස අවුරුද්ද පහුවෙන තුරු ලබා දෙන්න එපා කියන කාරණයත් සිහියේ රදවා තබාගන්න.

    • මී පැණි – ළදරුවන්ට ඉතා අහිතකර බැක්ටීරියාවක් අඩංගු වෙනවා
    • එළ කිරි – ළදරු උදරයට දරාගත නොහැකි තරම් ලැක්ටෝස් ප්‍රමාණයක් අඩංගු වෙනවා.
    • රටකජු, හේසල් නට්, ආමන්ඩ් වැනි නට්ස් වර්ග – ප්‍රෝටින් වලින් අනූන වුවත් අසාත්මිකතා ඇතිවිය හැකියි. අසාත්මික නැතිනම් ලබාදෙන්න පුලුවන්කම තියෙනවා.
    • කූනිස්සෝ, පොකිරිස්සෝ – රසදිය අනුපාතය ඉහළයි.
    • සීනි අඩංගු සියලුම රසකැවිලි වර්ග සහ පැණි බිම වර්ග
    • ලුණු – ළදරු වකුගඩුවලට දරාගත නොහැකියි.
    • බිත්තර සුදු මදය – අසාත්මිකතා ඇතිවිය හැකියි. 
    • අමු එලවලු – නයිට්‍රේට් විශාල වශයෙන් අඩංගු වෙනවා.
    දරුවාට ඝන ආහාර ආරම්භය

    පහත සදහන් සියළුම පෝශක කොටස් දරුවා ලබාගන්නවා කියන කාරණය තහවුරු කරගනිමින් සමබල ආහාර වේලක් දරුවාට ඝන ආහාර ආරම්භය සඳහා ලබාදෙන්න උත්සහ කරන්න. ඒ වගේම දරුවාට අසාත්මික ආහාරත් හදුනාගන්න.

    • ප්‍රෝටීන් – සෛල වර්ධනයට, ආහාර ශක්තිය බවට පත් කිරීමට, ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට, ආසාදන වැළැක්වීමට සහ ඔක්සිජන් පරිවහනයට අවශ්‍ය වෙනවා – මස්, කරවල, බිත්තර, මාළු, නට්ස් වර්ග, බෝංචි සහ අනෙකුත් රනිල කුලයේ ආහාර, කිරි ආහාර, පියලි සහිත ඇට වර්ග.
    • කාබෝහයිඩ්‍රේට් – සිරුරට ශක්තිය ලබාදෙන ප්‍රධාන ආකාරයයි. මේදය සහ ප්‍රෝටීන් පාවිච්චි කරලා සෛල නිර්මාණය සහ පිළිසකර කිරීමට උපකාර වෙනවා. තන්තු සහ පිශ්ටය විදියට ලැබෙන කාබෝහයිඩ්‍රෙට් තමයි දරුවන්ට සුදුසු වෙන්නේ – අල වර්ග, බත්, පැස්ටා, නූඩ්ල්ස්, පිටි ආහාර, කිරි ආහාර, රනිල බෝග
    • මේදය – දරුවන්ට ශක්තිය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයකි- කිරි ආහාර, බටර්, තෙල්, ගිතෙල්, මාළු, නට්ස් වර්ග, අලිපේර, තල, වට්ටක්කා ඇට
    • කැල්සියම් – දත් සහ ඇටකටු වර්ධනයට, ලේ කැටි ගැසීමට, ස්නායු පේෂි සහ හදවතේ ක්‍රියාකාරීත්වයට වැදගත් වෙනවා- මව්කිරි, චීස්, යෝගට්, බිත්තර කහ මදය, බ්‍රොකොලි, නිවිති ටෝෆු, කුඩා මාළු, කූනිස්සන්, කතුරුමුරුංගා, තම්පලා
    • යකඩ – ලේ නිපදවීම ප්‍රධාන වශයෙන්ම සිදු කරනවා- රතු මස්, පීකුදු, රනිල කුලයෙ ආහාර, නට්ස් වර්ග, නිවිති, ගොටුකොළ, වට්ටක්කා ඇට, රතු හාල්, මුහුදු ආහාර,
    • ෆෝලේට් – සෛල ගොඩනැගීමට සහ වර්ධනයට වැදගත්  වෙනවා- නිවිති, කිඩ්නි බීන්ස්, පියලි ඇට, පැපොල්,
    • තන්තු – දරුවාගේ බඩවැල් වල සමමිතියක් ගොඩනැගීමට, පසු කාලීනව පිළිකා සහ හදවත් රෝගවලින් වැළකීමට වැදගත් වෙනවා – පළතුරු, එළවලු, කුරුට්ට සහිත ධාන්‍ය, රනිල කුලයේ ආහාර
    දරුවාට ඝන ආහාර
    • විටමින් ඒ – ඇස්වල පෙනීමට, සමේ නිරෝගිකමට, අසාත්මිකතා වැළැක්වීමට, ප්‍රතිශක්තිය වර්ධනයට අවශ්‍ය වෙනවා- කැරට්, කහ බතල, වට්ටක්කා, ගෝවා, බිත්තර කහ මදය, සියළුම කහ පැහැති එලවලු සහ පළතුරු 
    • විටමින් සී – සෙම්ප්‍රතිශ්‍යාව වැලකීම, රුධිර පරිවහනය ශක්තිමත් කිරීමට හැකියාව තියෙනවා- ඇඹුල් පළතුරු, තක්කාලි, දෙහි, කොමඩු, ගෝවා, නිවිති, පැපොල්, කොලිෆ්ලවර්, බ්‍රොකොලි.
    • විටමින් ඩී – අස්ථි වර්ධනයට, සෛල ක්‍රියාකාරිත්වයට. සැමන්, කෙළවල්ලො, සාඩින්, යෝගට්, මව්කිරි, බටර්, උදෑසන ළා හිරු එළිය
    • ඔමේගා –  මොළයේ වර්ධනයට – සැමන්, සාඩින්, නට්ස් වර්ග, හුරුල්ලන්, නිවිති, සෝයා
    • විටමින් ඊ – ප්‍රති ඔක්සිකාරකයකි. සමේ පැහැය වර්ධනයට සහ නව සෛල වර්ධනයට- තිරිගු, ධාන්‍ය, ඔලිව්, සෝයා, බතල, අලිපේර
    • විටමින් කේ – ලේ කැටි ගැසීමට – නිවිති ඇතුළු පලා වර්ග, ගෝවා, හතු
    • විටමින් බී – ස්නායු සෛල වර්ධනයට, ආහාර ජීර්ණයට, මතකය වර්ධනයට, නව පටක වර්ධනයට, ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට, ප්‍රතිශක්තිය වර්ධනයට, රතු රුධිරානු වර්ධනයට – සත්ත්වමය ආහාර, පලා වර්ග, ධාන්‍ය, හතු, බිත්තර, මාළු, බඩ ඉරිගු, කොල්ලු, එලවලු, පලතුරු, තක්කාලි  
    • සින්ක් – හරක් මස්, වට්ටක්කා, තල, නිවිති, යෝගට්, චීස්, නිවුඩු සහල්

    මෙම ලිපිපෙළේ පසුගිය ළිපි සඳහා පහතින් පිවිසෙන්න

    පළමු ලිපිය – ළදරුවෙකුට ඝන ආහාර මාස හයෙන් පසු මේ විදිහට අරඹන්න

    දෙවන ලිපිය – අවුරුද්දට අඩු දරුවන්ගේ ආහාර රටාව සැකසිය යුතු ආකාරය


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසීමට පහත ලෝගෝව ක්ලික්/ටැප් කරන්න

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    25.6 ° C
    25.6 °
    25.6 °
    89 %
    2.4kmh
    76 %
    Mon
    30 °
    Tue
    30 °
    Wed
    30 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු