fbpx
More
    26 C
    Colombo
    Thursday, April 17, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවා කේන්තිකාරයෙක් නම් ඔබත් මේ දේවල් දැනගෙන ඉන්නම ඕනෙ.

    Family Tech Sponsorspot_imgspot_img

    දරුවා පුංචි වුනත් ඔහුට හෝ ඇයට තරහ යන්නෙ පුංචිකමට නම් නොවෙයි. අපිට හිතා ගන්නවත් බැරි විදිහට දරුවන්ට තරහ යන අවස්ථාවන් ගැන ඔබට ඔබේම දරුවන් ගෙන් වගේම එදිනෙදා දකින දරුවන්ගෙන් ලබා ගත් අත්දැකීම් ඇති. එක අතකට දරුවන්ට තරහ යෑම එතරම් අහඹු හෝ අස්වාබාවික දෙයක් නොවයි. ඊට හේතුව ඔවුන්ටත් හැගීම් දැනීම් තියෙන ජීවින් කොටසක් වීමයි. ඒත් මේ තරහ පිටුපසින් දිවෙන හේතු සාධක ගැන නම් දෙමව්පියන් විදිහට කාගේත් අවධනය යොමු වීම ඉතාම වැදගත්. ඔබ මොහොතකටවත් මෙසේ හිතුවාද..?

    ඇයි අපේ දරුවාට තරහ යන්නේ

    • සමහර විට නිවසේ පරිසරය දරුවාට පීඩාවක් වෙන්න පුලුවනි.
    • දරුවා ස්වභාවයෙන්ම ආවේගශීලී විය හැකියි. දෙමවුපියන්ගෙන් ලැබෙන ආදරය සහ අවධානයේ ගැටළු තිබීම.
    • බාල කාලයේදී ලබන අහිතකර අත්දැකීම්.

    දරුවට තරහ යන හේතු දැනගත්තා නම් අපි තව තවත් දරුවා තරහ ගැන්වීමට යොමු විය යුතුද?

    අකමැත්තෙන් වුනත් කිව යුත්තක් තිබෙනවා. අපේ ඇතැම් වැඩිහිටියන් දරුවන් තරහ ගන්වා බලමින් තත්ත්වය ඔවුන්ට විනෝදයක් කර ගන්නවා. එය ඉතාම වැරදියි. දරුවෙකුට වුනත් අනවශ්‍ය විදිහට තරහ යෑම ඔවුන්ගේ මානසිකත්වයට එතරම් ගැලපෙන දෙයක් නොවෙයි. නිසා හැකි තරම් දරුවාට තරහ ඇති වෙන පරිසරය වැලැක්වීම මිස ඔවුන් තරහ ගැන්වීම නම් එතරම් සුදුසු නැහැ.

    අක්කලා අයියලා තරහ ගන්වනවා නම්

    බාල දරුවාට තරහ යනවා දකින ඇතැම් වැඩිහිටි දරුවන් නංගී හෝ මල්ලිව තරහ ගැන්වීමට බොහොම කැමැතියි. නිසා නිතරම බලන්නේ බාලදරුවාට තරහ ගැන්වීමටයි. මෙහිදී දෙමව්පියන් විදිහට ඔබ බුද්ධිමත් වීම වැදගත්. ඊට හේතුව වැඩිමහල් කියන්නේත් ඔබේ බාල දරුවාට වඩා අවුරුදු කීපයක වෙනසක් තිබෙන පොඩි එකෙක්. නිසා මල්ලි හෝ නංගී තරහ ගස්වන්න එපා කියමින් වැඩිමහල් දරුවාට දැඩි දඩුවම් පමුණුවන විට ඔවුන් බාල දරුවා සමග අමනාප කම් ගොඩ නගා ගන්නවා. එවිට ප්‍රසිද්ධියේ නොවුනත් නොපෙනෙන විදිහට හෝ බාල දරුවාට හිරිහැර කරමින් ඔහු හෝ ඇය තරහ ගැන්වීමට උත්සාහ කරනවා. නිසා කිසිම විටෙක වැඩිමහල් දරුවන්ට දඬුවම් කිරීමට වඩා ආදරයෙන් ගැන කියා දීම ඉතාම වටිනවා.

    දරුවා

    කවදාවත් තවත් කෙනෙක් සමග සමාන කරන්න එපා.

    ඔබේ දරුවාගේ දහසකුත් එකක් වැරදි තිබුනත් ඒවා තවත් අයෙකුගේ හොඳ සමග සමාන කරන්න එපා. වැඩිහිටියන් විදිහට ඔබගේ අපේක්‍ෂාව සෙසු ආදර්ශමත් දරුවෙකු සමග සංසන්දනාත්මකව සාපේක්ෂ කරමින් චරිතයේ හොඳ ඔබේ දරුවාට ආදේශ කිරීම ගැන වුනත් ඔවුන් එතරම් කැමැත්තක් නැහැ. එයින් වෙන්නේ හේතු නැතුවාම නිතරම අප්‍රසන්න චරිතයක් බවට ඔබේ දරුවා පත් වීම පමණයි.

    අතීතය ගෙවී අවසානයි.

    දරුවෙක් වැරදි කළ විට ඔවුන්ගේ අතීත වැරදිත් සමග සම්බන්ධ කර ගන්න එපා. අවස්ථාවට පමණක් අවවාද හෝ දඬුවම් ලබා දෙන්න. එසේ නොමැතිව ඔබ නිතරම අතීතය හාරා අවුස්සන විට දරුවාගේ ආවේගශීලිත්වය තවත් උත්සන්න තත්වයට පත් වේවි.

    දරුවා සමග කාලය ගත කරන්න

    දරුවන්ට දෙමව්පියන්ගේ අවදානය, ආදරය අවශ්‍ය වෙනවා. එහි අඩුපාඩු වූ විට මට ආදරය කරන්න යැයි ඉල්ලා සිටින්න බැහැ. නමුත් ඉතා සියුම් විදිහට වෙනුවෙන් ප්‍රතිචර දක්වනන් දරුවන් හරි රුසියන්. නිසා දරුවාට ආදරය කරන්න. ඔවුන් සමග කාලය ගත කරනන් ඉඩ සලසා ගන්න. එවිට තරහාව යනු දරුවාට ආගන්තුක දෙයක් බවට පත් වේවි.

    දරුවා

    දෙමව්පියන්ගේ තරහ දරුවන් පිට එපා

    බොහෝ විට දෙමව්පියන්ට ඔවුන්ගේ තරහ පිට කිරිමට හොඳම චරිත බවට පත්ව ඇත්තේ දරුවන්. නමුත් එය කිසිදු ලෙසකින් සාධාරණ නැහැ. ඔබගේ ආවේගශීලිත්වය දකින දරුවන් එය අනුකරණයට සූදානම් වෙනවා. නිසා නිතරම දරුවන් ඉදිරියේදී ආදර්ශමත් චරිත වීමත් ඉතාම වැදගත්.

    මේ දේවල් ගැන තවත් දැනුවත් වීම වැදගත්. බලන්න මේ ලිපිත් ඔබේ දැනුවත් භාවයට ඉවහල් වෙනවද කියල

    01. දරුවන්ගේ කරදරවලට හේතු නැතුවාම නෙවෙයි…

    02. දරුවන් ගැන ඔබේ මැසිවිල්ල ඔවුන්ගේ සැනසිල්ලට හරවන්න


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26 ° C
    26 °
    26 °
    80 %
    1.5kmh
    100 %
    Thu
    29 °
    Fri
    30 °
    Sat
    30 °
    Sun
    29 °
    Mon
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු