More
    28.4 C
    Colombo
    Friday, September 4, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අලුත යුග දිවියට එළැඹි ඔබත් දරුවෙක් ගැන හීන දකිනවද?

    Family Tech Sponsorspot_imgspot_img

    අලුත යුග දිවියට එළැඹි ඔබ ඇතැම් විට දරු පැටියෙක් ගැන හීන මවනවා විය හැකියි. අත්දැකීම් නැති නිසාම දන්නා කියන කෙනෙක් එක්ක කතා බහ කොහොමත් හොඳයිනේ. අන්න නිසයි Familylife.lk අපි ඔබත් එක්ක මේ අත්දැකීම් බෙදා ගන්න හිතුවේ.

    කිව්වත් වගේ පුංචි පැටියෙක් කියන්නේ ගෙදරකට වාසනාවක්. ඉතිං සැමියාගේ උපරිම සහයෝගයත් එක්ක බිරිඳ මේ වෙනුවෙන් සුදානම් වෙන්න ඕනේ. කියන්නේ කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්න ශාරීරිකවත් මානසිකවත් සැරසෙන්න ඕනේ. වගේම ඔබ දෙපල ආර්ථික පැත්තෙනුත් සූදානම් වෙනවා නම් හොඳයි.

    මුලින්ම කිව්වොත් කාන්තාවක් වයස අවුරුදු 21 – 35 අතර නම් ඔන්න දරු පැටියෙක් හදන්න හොඳම වයස කියලයි වෛද්‍යවරු කියන්නේ. ඒත් ඔබ වයස 35 වැඩි කෙනෙක් නම් ගැන දුක් වෙන්න එපා, ඔබට දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාව තියෙනවා. අපි මෙතන කිව්වේ වඩාත් සුදුසුම වයස් සීමාව ගැන. මොකද මේ වයස් පරාසය ඇතුලේ සංකුලතාවයන් ඇති වීමේ ප්‍රවනතාවය අවම නිසා. වගේම අවුරුදු 21 – 35 අතර කාන්තාවකට දරු පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් වෛද්‍ය උපදෙස්වලට යොමු වෙන්න අවුරුද්දක කාලයක් උත්සාහ කරන්න පුළුවන් වුනත් වයස 35 වැඩි කාන්තාවකට උත්සාහ කිරීමට ලබාදෙන කාලය මාස හයක් කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.

    www.familylife.lk
    ©dmitrimarkine.com

    විවාහ වුණු ගමන් දරුවෙක් හදනවා හෝ ටික කාලෙකට දරුවෙක් ලැබීම ප්‍රමාද කරනවා වුනත් මේ කාරණා දෙකේදීම අපි මේ කියන්න යන හැම කරුණක්ම ඔබට වැදගත් වේවි. අන්න නිසයි විවාහයෙන් පසු හැකි ඉක්මනින් ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමු වී ලියාපදිංචි විය යුත්තේ. ලියාපදිංචි වීමත් එක්ක ඔබව නව දිවි සුව සත්කාරක වැඩ සටහනට යොමු කෙරෙන නිසා හරහා  බොහෝ වැදගත් කරුණු කාරණා වගේම උපදෙසුත් ලැබෙනවා. 

    එහිදී,

    • ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටම ෆෝලික් ඇසිඩ් විටමිනය ලබාගැනීම
    • ශරීරයේ බර (BMI අගය) නියමිත අගයේ පවත්වා ගැනීමට උපදෙස් ලබාදීම
    • මානසික සුවතාවය පවත්වා ගැනීම පිළිබඳව උපදෙස් ලබාදීම
    • පූර්ව ගර්භණි සායන මගින් රුබෙල්ලා ලබා නොගත් අයට එන්නත ලබාදීම (දරු පිළිසිඳ ගැනීමකට මාස තුනකට පෙර)
    • මුඛ සෞඛ්‍ය පරික්ෂාව සඳහා සායනවලට යොමු කිරීම
    • දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධි බර, රූමැටික හෝ සංජානනීය හෘදයාබාධ, වකුගඩු හා සම්බන්ධ රෝග හා අපස්මාරය වැනි රෝග යන හඳුනා නොගත් රෝග හඳුනා ප්‍රතිකාර වෙත ඔබව යොමු කිරීම
    • ජානමය සංකූලතා පරීක්‍ෂණවලට යොමු විය යුතු කාන්තාවන් සඳහා යොමු කිරීම

    යන කාරණා වලට වෛද්‍යවරුන් විසින් පියවර ගනු ලබනවා.

    www.familylife.lk
    ©thepublicdiscourse.com

    මෙතැනදී වැදගත් වෙන තවත් කාරණයක් කිව්වොත්, අපි අතරේ ඇතැම් කාන්තාවන් ඉන්නවා ගැබ් ගැනීමට නුසුදුසු තත්ත්වයේ සිටින. සමහර විට අධි රුධිර පීඩනය, දියවැඩියාව නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් රෝග තත්ත්වයක් නිසා වෙන්නත් පුළුවන්. අන්න නිසාත් මේ සායනයක ලියාපදිංචි වෙලා දැනුවත් වීම වගේම පරීක්ෂණවලට යොමු වීමත් බොහොම වටිනවා. මොකද දරුවෙක් පිළිසිඳ ගන්න නුසුදුසු තත්ත්වයේ කාන්තාවකට තත්ත්වය පාලනය වෙලා පිළිසිඳ ගැනීමකට සුදුසු තත්ත්වයට පත් වෙනතුරු අවශ්‍ය උපත් පාලන ක්‍රම ගැනත් මේ සායන හරහා දැනුවත් කිරීම සිදු කෙරෙනවා. වගේම පිළිසිඳ ගැනීමකට සුදුසු තත්ත්වයේ සිටින කාන්තාවකට වුනත් දරුවෙක් ප්‍රමාද කරන්න අවශ්‍ය නම් සඳහා සුදුසු උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කිරීමත් මෙහිදී සිදු වෙනවා.

    මෙන්න මේ කරුණු නිසාම දරුවෙක් ගැන හීන දකින ඔබත් සායනයේ ලියාපදිංචි වීම හරිම වැදගත්. ඔබ පෞද්ගලික අංශයේ ප්‍රසූතියට සැලසුම් කලත් මෙම සායනයක් තුළින් ඔබට ලැබෙන දැනුම හැම මොහොතකම ඔබට වැදගත් වේවි. අන්න නිසා පෞද්ගලික අංශයට යොමු වුනත් ගමේ ක්ලිනික් එක අතපසු කරගන්න එපා.

    ඉතිං අපේ රටේ මව්වරුන් වෙනුවෙන් වූ සෞඛ්‍ය සේවාව ගත්තොත් ඇත්තටම ලොකු වටිනාකමක් තියෙනවා. සායනයක් හරහා කාන්තාවකට සැලසෙන සේවාවන් ගැන හිතද්දී දේ ඔබටත් වැටහේවි. ඔබත් දරුවෙක් ගැන හීන දකිනවා නම් මුලින්ම කරන්න ඕනේ මොකද්ද කියලා දැන් තේරෙනවා නේද? අපි ඊලග ලිපියෙන් ඔබ ගැබ් ගෙන ඇති බව ගෙදරදීම දැනගන්න පුළුවන් පුංචි පරීක්ෂණය ගැන කතා කරමු.

    මෙම ලිපිය සම්පාදනය කිරීමේදී කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිළධාරී W.K මහේෂ් මහතා දැක්වූ සහයෝගය වෙනුවෙන් විශේෂ ස්තුතිය හිමිවේ.


    මවු සිහිනය ( ගර්භණි සමය ) ගැන තවත් ලිපි කියවන්න

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසෙන්න


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරූපය – parenting.firstcry.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28 °
    83 %
    5.1kmh
    4 %
    Thu
    28 °
    Fri
    31 °
    Sat
    31 °
    Sun
    29 °
    Mon
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු