fbpx
More
    29.3 C
    Colombo
    Thursday, April 17, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    මේ ටිකත් හිතලම වාහන සිහිනය සැබෑ කරගන්න…

    Family Tech Sponsorspot_imgspot_img

    කාර් එකක් කියන දේ වඩාත්ම ජීවිතයට වැදගත් වෙන්නෙ සල්ලි වැඩි වුනාමවත්, තරුණ වියට එළැඹුනාමවත්, කාර්යබහුල වුනාමවත් නෙමෙයි. තමුන්ටම කියලා රෝද හතරක අවශ්‍යතාවය ලොකුවටම හිතට එන්නෙ කසාදයක් බැඳලා දරුවෙක් ලැබුනම. අද Familylife.lk අපි ෆැමිලි ටුඩේ තුලින් කථා කරන්නෙ පවුලේ වාහනය තෝරා ගැනීම පිළිබඳවයි.

     

    එහෙමත් නැත්තං ගගමේ ගොඩේ වචනෙන් කියනවනං පවුලක් පන්සලක් වුනාම. ඇයි අපි එහෙම කියන්නෙ. සල්ලි තිබුනා කියල වාහනයක් ගන්න එක අනිවාර්ය නෑ. තරුණයෙක් වුනා කියලත් වාහනයක් ගන්න එක අත්‍යවශය නෑ. කාර්යබහුල වීම තවත් සංකීර්ණ කරවන්නත් වාහනයකට පුළුවන්. හැබැයි අනේකවිධ හදිසි අවස්ථා එන පවුලක් කියන සංසිද්ධියෙදි නං කාර් එකක් තියෙන එක අතිශය වටින තත්ත්වයක්. විදියට පවුල වෙනුවෙන් කාර් එකක් තෝරාගන්න කලින් හිතන්න ඕන මොනවද කියලයි මේ කියන්න යන්නෙ.

    www.familylife.lk
    අනුග්‍රහය- detroitbailbonds.com

    පවුලට ගැලපෙනවද?

    මුලින්ම හිතන්න ඕන දේ තමයි පවුලට සරිලන්නෙ මොන විදියෙ වාහනයක්ද කියන එක. වාහනයක් ගත්තම දරුවන්ට දොරවල් අරින්න එපා, කෑම හලන්න එපා, චූ දාන්නෙපා කියල බැන බැන ගිහින් වැඩක් නෑ. දරුවො ගෙදරදි කරන වැඩ ටිකම කාර් එකේදිත් කරනව. නිසා පහසුවෙන් පිරිසුදු කරන්නට හැකි, තෙතවැඩියෙන් නොරඳන සීට් කවර තියෙන, බේබි ලොක් වැනි පහසුකම් තියෙන වාහනයක් මිලදීගැනීම අවශ්‍යයි. විශේෂයෙන්ම පවුලේ වාහනයකට ඕන වෙන දෙයක් තමයි ඩිකිය කියන්නෙ. මොකද දරුවො එක්ක ගමනක් යද්දි ගෙනියන්න වෙන දේවල් ප්‍රමාණය අතිශය විශාලයිනෙ.

    නඩත්තුව

    මේ ගැනත් හිතන්න ඕන. බොහෝවිට මෙහෙම අවශ්‍යතාවයකට වාහනයක් මිළදී ගනිද්දි වෙනුවෙන් භාවිතා කරපු වාහනයක් මිළදී ගන්න බොහෝදෙනා උත්සාහ කරනවා. නිසා දන්න අයෙකු සමග ගොස් නිවැරදිව පරීක්ෂා කර බලා වාහනයක් මිලදීගන්නට තීරණය කළ යුතුයි. වගේම නිසි ලෙස නඩත්තු කර වාහනය පවත්වා ගත යුතුයි. සාමාන්‍යයෙන් පවුලේ පාවිච්චියට වාහනයක් මිලදීගැනීමේ සැබැ අරමුණ වෙන්නේ එදිනෙදා ගමන් වගේම හදිසි අවස්ථා කියන දෙක. වෙනුවෙන් ඕනෑම මොහොතක වාහනය සූදානම් පිට තිබීමේ වගකීම ඔබ දැරිය යුතුමයි.

    පාරට ගැලපෙනවද?

    වාහනයක් මිළදීගැනීමේදී ඔබ සිටින ප්‍රදේශය පිළිබඳ සිතීමත් වැදගත්. පටු පාරවල්, සහ කුඩා ගෙමිදුලක් ඇති නිවසක වෙසෙනවා නම් ඔබ ප්‍රමාණයෙන් විශාල වාහනයක් මිලදීගැනීම සුදුසු නැහැ. වගේම වළවල් සහිත පාරවල් පිරි පෙදෙසක ජීවත් වෙනවානම් පොලොවෙන් එතරම් උස් නැති වාහනයක් (low ground clearance cars ) මිලදී ගැනීමත් ප්‍රශ්නකාරී විය හැකියි.

    www.familylife.lk
    අනුග්‍රහය-motori.quotidiano.net

    මිල දරාගැනීම

    මිල දරාගැනීම කියන කාරණය අතිශය වැදගත්. ඔබ වාහනයක් මිලදී ගත්තා කියා දරුවාගේ පෝෂණයට අවශ්‍ය ආහාර මගහැරීම සුදුසු නැහැ. පවුලට වාහනයක් මිලදී ගත් නිසා පවුලේ සතුට වෙනුවෙන් සති අන්තයකට වැය කළ මුදල බිලිදිය යුතු නැහැ. නිසා ඔබ වාහනයක් මිලදී ගැනීමෙන් පසු ඔබේ ආර්ථිකය වැටෙන්නට නොදී තබා ගැනීමත් අනිවාර්ය සාධකයක්.

    මිල ගෙවීම් ක්‍රමය

    වාහනයේ මිළ ගෙවන්නේ කෙලෙසින්ද කියා ඔබ ගන්නා තීරණයත් අතිශය වැදගත්. ඔබේ වෙනත් දේපලක් වෙනුවෙන් අලෙවි කරනවාද? එය මොහොතට ගැලපෙන තීරණයක්ද? එය ඔබට අනාගතයේ පාඩුවක් වේවිද? බැංකු ණයක් ලබාගන්නවාද? ලීස් කරනවාද? ෆිනෑන්ස් කරනවාද? මේ සියල්ලෙන් ඔබට වඩාත් වාසිදායකම දේ ඔබේ තීරණය විය යුතුයි.  මූල්‍ය සේවා සමග ගිවිසුම් ගත වන්නට කලියෙන් වාහනයේ ණය මුදල ගෙවා දැමීමට ඇති කාලය ගැනත් හිතන්න. තව අවුරුදු හතරකින් හෝ පහකින් තමන්ගේ ආදායම් තත්ත්වය ගැන හිතල තීරණයකට එළඹීමත් වැදගත්. නැත්තම් මගදී වාහනය පාඩු පිට විකුණා දැමීමට හෝ හිඟ වාරික නිසා මූල්‍ය සමාගම විසින් පවරා ගැනීම හෝ සිදුවිය හැකියි. නැතිනම් ඔබට සිදුවන්නේ වාහනයක් සමග පසුතැවීමකුත් මිළට ගන්නටයි.

    www.familylife.lk
    අනුග්‍රහය-roomtogrow.co.uk

    විකල්ප

    රෝද හතරේ වාහනයකට වඩා විකල්ප ඔබ සතුද කියාත් සිතිය යුතුයි. ඔබේ පුංචි පවුලේ අවශ්‍යතාවය ත්‍රීරෝද රථයකින් සපිරෙනවානම් වැඩි මුදලක් වියදම් කිරීම අනවශ්‍ය කාරණයක්. වගේම හදිසි අවශ්‍යතාවයකට හැරෙන්නට පෞද්ගලික වාහනයකින් ගමන් නොයන ඔබේ නිවස අසළම ත්‍රීරෝද රථ නවත්වා තිබෙනවානම් හෝ නිවස අසළ ත්‍රීරෝද කුළී රථ සේවයේ නියැලෙන පිරිස් සිටිනවානම් ඔබ අනවශ්‍ය බරක් කරට ගැනීමට පෙර දෙවරක් සිතිය හැකියි.

    නොසිතිය යුතු දෑ

    ඔබ හිතැතිම පාට කළු පාට වූවා කියා ඔබට සරිලන මිළට කළු පැහැ වාහනයක් මිළට ගන්නට නොහැකි වීම ගැන දුක් නොවන්න. කොහොමත් කළු පැහැ වාහන ඉක්මනින් රත් වෙන නිසා එය කුඩා දරුවන්ට අපහසුවක් වන්නටත් පුළුවන්. ඔබ ගන්නා වාහනය මිළ අඩු එකක් කියා මිතුරන් හෝ නෑදෑයින් ඔබට සිනහා වෙන බව නොසිතිය නොගිණිය යුතුම කාරණයක්. කුඩා කාලයේ සිටම ඔබේ සිහිනය වූයේ වටිනා SUV රථයක් වුවත්, පවුලේ ආර්ථිකයට අවට පරිසරයට එය නොගැලපේනම් ගැනත් සිතින් වැළපීම අත්හරින්න.

     


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    කවරයේ ඡායරූපය -terryshieldstoyota.com.au

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    29.3 ° C
    29.3 °
    29.3 °
    70 %
    1.8kmh
    97 %
    Thu
    29 °
    Fri
    30 °
    Sat
    30 °
    Sun
    29 °
    Mon
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු