fbpx
More
    25 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පිරිසිදු පිරිමියෙකු ඇයට පළමු ගල ගසන්න.

    Family Tech Sponsorspot_imgspot_img

    විශ්ව සිනමාවේ සොඳුරු සිනමාත්මක අත්දැකීම් ඔබ වෙත ලං කරන්නට ෆැමිලිලයිෆ් නිරන්තරයෙන් කටයුතු කරනවා. familylife.lk මෙම ලිපියෙන් ඔබ වෙත හඳුන්වාදීමට බලාපොරොත්තුවන්නේ තවත් අනුවේදනීය කතා පුවතක් තුලින් මිනිස්කම නැවත ප්‍රශ්නගත කරන එතෙර සිනමා සිත්තමක් වන The Stoning of Soraya M .ගැනයි.

    Kuhpayeh යන ඉරානයේ දුෂ්කර පෙදෙසක සිය මෝටර් රථය කාර්මි දෝෂයකට ලක්ව අතරමං වන මාධ්‍යකරුවෙකු (Jim Caviezel) වෙනත් වාහනයක් උදව්වෙන් එය ගැරේජයක් වෙත රැගෙන යයි. අතර මුසල්මානු කාන්තාවක් යාබද ගලායන දියපාරක් අසලට පැමිණ් සුනඛයෙකු විසින් බුදින්නට සැරසෙන මිනිස් ඇටකටු කිහිපයක් සුනඛයා එළවා දමා දියෙන් දොවා වැල්ලේ වළක් අතින් හාරා වලදමයි. මොටර් රථය ඇදගෙන යන වාහනය හා මාධ්‍යකරුවා ගමට පැමිණෙන අතර පෙරකී ගැහැනියද අසලට පැමිණේ.  මෙම මාධ්‍යකරුවා හඹා එනසහ්රා” (Shohreh Aghdashloo) නම ඉහත කී ගැහැනිය ඊට පෙර දිනයේ තමන්ගේ ලේලිය ඉතා අමානුෂික ලෙස ගල්ගසා මරා දැමූ කතාව පවසයි. Cyrus Nowrasteh විසින් අධ්‍යක්ෂණය කරන ලදThe Stoning of Soraya Mචිත්‍රපටය ඇරඹෙන්නේ එතැනින්.   

    සොරායා” (Mozan Marno) ගේ සැමියා වන අලි (Navid Negahban) නිරන්තරයෙන් ඇයට ශාරීරික වදහිංසා පමුණුවන අතර ඔහු උත්සාහ ගන්නේ ගමේමුල්ලාලවා සොරාය වැරදිකරුවෙකු කොට 14 වියැති ලාබාල ගැහැනු ළමයෙකු විවාහ කර ගැනීමට. අලි සහ සොරායා දරුවන් සිව් දෙනෙකු සිටින අතර ඉන් දෙදෙනෙක් ගැහැනු දරුවන් වෙනවා. අනෙක් දෙදෙනා පිරිමි දරුවන්.

    දියනියන් දෙදෙනාගේ ආරක්ෂාව හා පවුලේ මූල්‍ය ශක්තිය සඳහා තමන්ගේ තාවකාලික බිරිඳ බවට සිටින ලෙස අලි සොරායා ගෙන් ඉල්ලා සිටී. නමුත් සොරාය එය ප්‍රතික්ෂේප කරයි. මේ අතර ගමේ තවත් ගැහැනියක් මිය යන අතර ඇයගේ දරුවාගේ හා නිවසේ ඕනෑ එපාකම් බලා ගැනීමට මුල්ලාහ්, ගම්පතියා හා සොරායා ගේ සැමියා අලි, සහ්රා ගෙන් ඉල්ලීමක් කරයි. ඇය පවසන්නේ ගෙවීමක් කරන්නේ නම් සොරායාට එය කළ හැකි බවයි. අනුව සොරායා මියගිය ගැහැනියගේ නිවසට පැමිණ දරුවාගේ හා නිවසේ කාර්යයන් ඉටුකර දෙයි.

    මේ අතර අලි සහ මුල්ලාහ් වැන්දඹු සැමියා බියගන්වා පොළඹවාගෙන සොරායා නරක ආකාරයෙන් හැසිරුණ බව ඔප්පු කරයි. අනතුරුව ඇය වැරදිකාරියක බව පතුරා ඇයට ශරියා නීතිය අනුව දඬුවම් දීමට නියම කරයි. නමුත් සහ් රා සිය ලේලිය නිවැරදි බව දැන ඇයව බේරා ගැනීමට මැදිහත් වන නමුත් පුරුෂ මූලික මුසල්මානු සමාජය ඊට වඩා ප්‍රබල වෙයි. අවසානයේ ඇයට ගල් ගසා මරන්නට නියම කෙරේ.

    පළමු ගල ගසන්නට නියම කෙරෙන්නේ සොරායා ගේ පියාටයි. ඔහුගේ ඉලක්කය වරදී. අලි එල්ලය බලා ඇයට ගල් ගසයි. ශෝචනීයම අවස්ථාව වන්නේ ඇයගේම කුසින් උපන් පුතුන් දෙදෙනාද ඇයට ගල් පහර එල්ල කිරීමයි. එය කළ හැකිද? චිත්‍රපටයේ දී අපට දැඩි කම්පනයක් ඇති කරන සිදුවීම එයයි. අවසානයේ සියළු (ශුද්ධවන්ත ) පිරිමි ඇයට ගල්ගසා මරා දමයි. සඳහා ආවරණය ලබා ගන්නේ ඉස්ලාම් ආගම අර්ථකතනය කිරීමෙනි. කුරානයේ පාඨයන්ට මුවා වෙමිනි. අවසානයේ සොරායා වෙනුවෙන් සාහ්රා හුදකලා සටනක නියැලුනද ඇය තවත් ගැහැණියක ලෙස පරාජය වේ. නමුත් ඇය සටන අත් නොහරී මෝටර් රථය දෝෂයට ලක්ව ගමට පැමිණෙන මාධ්‍යකරුවාට ඔහුගේ මෝටර් රථය අලුත්වැඩියා කරන තුරු ඇය සියල්ල පවසයි. මාධ්‍යකරුවාගේ මෝටර් ර්ථය අලුත්වැඩියා කරන්නේ සොරායාට බොරු සාක්ෂි දී ඇයව වැරදිකාරියක කල වැන්දඹුවගේ සැමියාය. අවසානයේ අනතුර තේරුම් ගන්නා මුල්ලාහ්, ගම්පතිවරයා, අලි සහ වැන්දඹු සැමියා මාධ්‍යකරුවාගේ පටිගත කල කැසට් පටය උදුරා ගනී. නමුත් සාහ්රා අදාල කැසට් පටය සඟවා තබා ගෙන ඔහුට දී මෝටර් රථයෙන්ම  පලායාමට සලස්වයි

    මුලු චිත්‍රපටයම ආගමික අන්තවාදයේ බිහිසුණුකම පිළිබඳ අප සසල කරවන අත්දැකීමක් බවට පත්වේ. විශේෂයෙන් ගැහැනිය දෙවන පුරවැසියෙකු ලෙස සළකන සමාජයක ගැහැනිය සතෙකුට පවා ලැබෙන අයිතිවාසිකම් වලින් තොර සත්වයෙකු බවට පත්වීම මොනතරම් ඛේදයක්දැයි අපගෙන්ම විමසා සිටීමට අපව පොළඹවයි. අප දන්නා තරමින් ඕනෑම ආගමික දර්ශනයකම හරය වන්නේමානවවාදයයි“. නමුත් පසුකාලීනව සියළුම සමාජ තමන්ගේ ආගමික දර්ශනයන් තම දේශපාලන, ආගමික, සමාජ අව අරමුණු වෙනුවෙන් අර්ථකථනය කරගැනීම ලෝකය මේ මොහොතේ මුහුණදෙන බරපතලම ඛේදවාචකයයි.

    අධ්‍යක්ෂක – සයිරස් නවුරාස්ට්

    මෙහි සමස්ථ චරිත නිරූපනයද ඉහළම මට්ටමක පවතින අතර විශේෂයෙන් John Debney ගේ සංගීතය හද උදුරා දමන සුළුය. සොරායා සහ සාහ්රා ලෙස චරිත නිරූපනය කරන

    Shohreh Aghdashloo සහ Mozan Marno ගේ නිරූපන හැකියාවේ උපරිම ඵල නෙලා ගැනීමට අධ්‍යක්ෂ Cyrus Nowrasteh සමත් වී සිටී

    The Stoning of Soraya M චිත්‍රපට හරහා අපට බලකර සිටින කාරණය වන්නේ නුවණින් විමසා බලා ආගමික දර්ශනයන්හි හරය ජීවිතය වෙනුවෙන් භාවිතා කරන ලෙසයි. අන් කිසිවක් නිසා නොව ඕනෑම ආගමික දර්ශනයක හරය වන්නේමානවවාදයපමණක්ම වන බැවිනි.

     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    heavy intensity rain
    25 ° C
    25 °
    25 °
    81 %
    1.6kmh
    100 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    26 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු