fbpx
More
    32 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    බිඳී ගිය පෙම් සබඳතාවය නිසා ඇති වන මානසික පීඩනයෙන් මිදෙන්න…

    Family Tech Sponsorspot_imgspot_img

    දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ තියාගෙන ආරම්භ කළ පෙම් සබදතාවය බිඳී යෑම ඕනෑම කෙනෙකුටට ලොකු සිත් වේදනාවක් ගෙන දෙන කාරණයක් වෙනවා. වේදනාව දරාගන්න අපහසු වෙනකොට ජීවිතේට පවා හානි කරගන්න සමහරු පෙළඹෙන්න ඉඩකඩ තියෙනවා. familylife.lk අපි ෆැමිලි ටුඩේ තුළින් ගෙන එන මේ ලිපියෙන් කතා කරන්නේ ප්‍රේම සම්බන්ධතාවක් බිඳී යෑමෙන් පසුව ඇතිවෙන මානසික පීඩනය මගහරවා ගන්න ඔබට කරන්න කියන්න පුළුවන් දේවල් කීපයක් පිලිබදව යි.

    සමහර විට ඔබේ පවුලේ සහෝදරියක්, සහෝදරයෙක් හෝ ඔබේ ළඟම මිතුරෙක් මේ ප්‍රශ්නයට මුහුණ දී ඉන්නව වෙන්න පුළුවන්. මේ කරුණුත් එක්ක ඔවුන්ට අසිවැසිල්ලක් වෙන්නත් ඔබට පුළුවන් වේවී.

    www.familylife.lk

    තුන් මාසේ

    ප්‍රේම සම්බන්ධයක් බිඳී යාමෙන් පසුව ඇතිවෙන වේදනාව මාස තුනක් වගේ කෙටි කාලයක් යනකොට බොහෝ දුරට තුරන් වෙලා යනවා කියලා පිලිබඳ පර්යේෂණ පවත්වලා තියෙන පර්යේෂකයෝ කියනවා. ඉතින්සියල්ල අනිත්‍ය ලෝකේ මේ ලව් අෆයාර් එකක් නැතිවෙන එක මොකද්ද අනේකියන කාරණය හිතට වටහලා දීලා මේ මාස තුන කොහොමහරි ගොඩදාගන්න එකයි ඔබ කළ යුත්තේ.

    තිබුණු සබඳතාවය නැතිවෙලා අවසානයි, නැවත පුද්ගලයා සමග තමන්ගේ කිසිඳු හිතවත්කමක් නෑ කියන කරුණ මුලින්ම වටහා ගන්න. “යාළුවො වගේ ඉන්නවා, සහෝදරයෝ වගේ ඉන්නවාකියලා හිතලා බොරුවට හිත හදාගන්න උත්සහ කරන්නේ නැතුව යථාර්තය වටහාගැනීම, පසුකාලීනව ඇතිවෙන්න හැකියාව තියෙන බොහෝ සිත් තැවීම් වලින් ඔබව මුදවාවි.

    බ්ලොක්

    ෆේස්බුක්, ඉන්ස්ට්‍රග්‍රෑම් වගේ සමාජ ජාල වලින් අදාළ කෙනාව අවහිර කරනවානම් (Block) වඩා හොදයිඊමේල් හෝ කෙටි පණිවිඩ යවන්නත් දුරකථන ඇමතුම් දෙමින් කෙනාට හිරිහැරයක් වෙන්නත් උත්සහ කරන එකෙන් වෙන්නේ තවදුරටත් තමන්ව පිළිකුල් වෙන එක විතරයි කියන කරුණ වටහාගැනීම අත්‍යවශ්‍ය යි. වගේම පරණ කෙටි පණිවිඩ, එස්එම්එස්, ඊමේල් මකා දැමීමත්, අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය අවහිර කිරීමත් සිත් වේදනාව අවම කරන්න උපකාරයක් වේවි.

    ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හදාගෙන කෙනාගේ එදිනෙදා ජීවිතය ගෙවෙන ආකාරය හෝ දැනට හිතවත්කම් පවත්වන උදවිය ගැන හොයා බැලීමෙන් තමන්ට ප්‍රයෝජනයක් නැති බවත් තේරුම් ගැනීම තමයි වඩාත් සුදුසු. වගේම නිරන්තරයෙන්  මුණු පොතේ කඳුළු වැගිරවීම, වෙනත් නොයෙකුත් කරදරවලට මාර්ගයක් වෙනවා විතරක් නෙවෙයි,  හිත මිතුරන්ටත් තමුන්ව නොරිස්සීමට මුලක් බව වටහාගත යුතුයි.

    කෙටියෙන්ම කිවොත් කෙටි කාලයකට හෝ ජංගම දුරකථනය, සමාජ ජාල වගේ දේවල් තමන්ගේ ආශ්‍රයෙන් ඉවත් කරලා තැබීම හිතට ලොකු පහසුවක් වේවි. වගේම හිත මිතුරන්ගේ මාර්ගයෙන් හෝ පුද්ගලයා ගැන සොයා බැලීමට උත්සහ නොකිරීමෙන්, ඔබව යථා තත්ත්වයට පත්වීම ඉක්මන් වන්නට ඉඩ තියෙනවා.

    www.familylife.lk

    ඒක වෙනුවට මේක

    කලින් සම්බන්ධය අවසන් වීමත් එක්කම දුක තුනී කරගන්න වෙන සම්බන්ධයක් පටන් ගැනීම කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ වෙහෙසට පත්වෙලා තියෙන හිතට සැළකිය යුතු කාලයක නිදහසක් අවශ්‍ය වෙනවා. මේ කාලසීමාවේ දී හිත අලුත් සම්බන්ධතාවයකට වඩා වෙනත් දෙයකට යොමු කිරීම තමයි සුදුසුම දේ වෙන්නේ.

    අලුත් දෙයක් ඉගෙනීම, ඇවිදීම, විනෝද චාරිකා යෑම, සාදවලට සහභාගිවීම, හිත මිතුරන්/ පවුලේ සාමාජිකයින් එක්ක ඇති සම්බන්ධය වැඩි කරගැනීම වගේ දේවල් ඉක්මනින් වේදනාව තුනීකරගන්න උපකාරයක් වේවි. කෙටියෙන්ම කිවොත් හුදෙකලා නොවී වැඩි වැඩියෙන් හිතවතුන් අතර ගැවසීම වඩා හොද ප්‍රතිපල ගෙන දෙන දෙයක් වෙනවා.

    තමන්ගේ විරහ වේදනාව හිතවත්ම මිතුරු මිතුරියන් තුන් හතර දෙනෙක් අතර පමණක් බෙදාගැනීම ප්‍රමාණවත් වෙනවා. හැබැයි ඔවුන් මුණගැසෙන වාරයක් පාසා  ඔබේ ගැටලුව ගැන කතා කිරීමත් එතරම් සුදුසු නෑ. වගේම පරණ මතකයන් වරින් වර මතක් කරවීමට උත්සහ කරමින් හිත රිදවන හිතවතෙක් ඇසුරු කරනවානම්, එවැනි අයගෙනුත් දුරස් වීම ගැන දෙපාරක් හිතන්න එපා.

    www.familylife.lk

    එයා වගේද මම?

    පරණ ආදරයේ අලුත් පෙම්වතා හෝ පෙම්වතිය සමග තමන්ව සංසන්දනය කරමින් දුක් වීම, තමුන්ට හෝ අනෙක් අයට දොස් පවරාගැනීම, පලිගැනීමට උත්සහ කිරීම එහෙමත් නැත්නම් තමන්ට හෝ වෙනත් කෙනෙකුට හානි සිදු කර ගැනීම තරමක අවුලක්.

    වඩා තමන්ගේ ශරීර සෞඛ්‍ය, නිරෝගිකම, පිරිසිදුකම, පෙනුම සහ  හැඩරුව ගැන අවධානය යොමු කිරීම වඩා ප්‍රතිපලදායක වෙනවා. එහෙමත් නැත්තන් සතුටින් ඉන්න වෙනත් පුද්ගලයින්  දිහා බලමින් හුල්ලනවාට වඩා, ව්‍යායාම කිරීම, ඇවිදීම, රුපලාවන්‍යාගාරයකට යෑම වගේ දෙයකට හිත යොමු කිරීමෙනුත් පරණ මතකයන් ගොඩක් දුරට අමතක වෙන්න ඉඩ තියෙනවා.

    පහුගිය කාල සීමාවේදී තමන්ට අතපසු වුනු විනෝදාංශ වලට ආයෙත් අවධානය දෙන්නත්, සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්නත්, තමන්ගේ අනාගතය සැලසුම් කරගන්නත් මේ කාලය උදව්වක් කරගන්න ඔබට මේ වෙනකොට උවමනා තරම් කාලවේලාව තියෙනවා.

    මෙතන තමයි තැන

    පරණ මතකයන් සිහිකරවන ස්ථානවලට යාම, ගීත ඇසීම, චිත්‍රපට, බැලීම හෝ නවකතා කියවීම වෙනුවට විනෝදාත්මක චිත්‍රපට, ගීත සහ පොත්පත් වලට අවධානය ලබා දෙන්න. වගේම ඔහු හෝ ඇයගේ ඡායාරූප සිහිවටන වගේ දේවලිනුත් ඉවත්වෙන තරමට හිතට සැනසිල්ල වැඩි වේවි.

    www.familylife.lk

    ඔක්කොම අවුල්

    සිදුවූ දේ තමන්ගේ රැකියාවට සහ අනෙක් සමාජ සම්බන්ධතාවයන්ට ගැටළුවක් කරගැනීමේ වැරැද්ද නම් කිසිසේත්ම නොකළ යුතු දෙයක් විදියටයි අපි නම් දකින්නේ. විශේෂයෙන්ම දින ගණන් නිවාඩු ලබා ගැනීම වගේ දේවල් ඔබේ වෘත්තීය ජිවිතයට අහිතකර විදියට බලපෑමට ඇති ඉඩකඩ ඉතා වැඩියි. රැකියා ස්ථානයෙන් සහ හිත මිතුරන්ගෙන් වෙන්වී මුලුගැන්වී සිටීම ගැටලුවට විසදුමක් වනවාට වඩා තවත් ගැටළු ඇතිකරවන්න හේතුවක් වේවි.

    බොරුවෙන් හිත හදාගමුද?

    හැමදේම හොදින් සිදුවෙන බව ව්‍යාජ විදියට හිතට වටහලා දෙන්න උත්සහ කිරීම අනවශ්‍ය යි. තමන්ට උවමනා නම් අඬන්න, දුක් වෙන්න, කෑමොර දෙන්න අයිතිය ඔබට තියෙනවා. හැබැයි විරහ වේදනාව කියන දේ තාවකාලිකයි කියන දේ හිතේ තියාගෙන මේ දේවල් කරන්න. තව කෙනෙක් මත තමන්ගේ සතුට රඳා පවතිනවා කියන මානසිකත්වයෙන් ඈත් වෙලා තමන්ගේ සතුට තමන්ගේ ක්‍රමයට හොයාගන්න උත්සහ කරන එක තමයි වැදගත්ම දේ.

    අවසාන වශයෙන් සිදු වූ දේවල් අමතක කරන්න, සමාව දෙන්නත්, තමන්ට සිදු වුනේ යහපතක් කියල හිතලා හිත හදාගන්නත්  උත්සහ කරන්න. ගෙවුණු කාල සීමාව ජිවිතයට පාඩමක් උගන්නපු,  අත්දැකීම් එක් කරපු කාලයක් කියල හිතන්න. ගොඩක් දෙනෙක් පෙම් සබඳතාවයක් බිඳී ගියාම දුක් වෙන්නේඅනේ මට වගේ කෙනෙක් ආයේ ලැබෙන්නේ නෑකියන කාරණය හිතේ තියාගෙන වුනත් තිබුණු සම්බන්ධකම් නවතින්නේ වඩා හොද සම්බන්ධකම් ඇතිවෙන්න කියන කාරණය හිතට දාගත්තොත් මේ කනස්සල්ල ඉක්මනටම නැති කරගන්න හැකියාව ලැබෙයි.


    ඔබ ඇති කරගත් හිතේ සහනය තවත් කෙනෙකු වෙනුවෙන් දායද කරන්න මෙම ලිපිය පහත මාධ්‍ය ඔස්සේ ෂෙයා කිරීමට අමතක නොකරන්න


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    32 ° C
    32 °
    32 °
    68 %
    4.9kmh
    26 %
    Fri
    32 °
    Sat
    29 °
    Sun
    28 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු