fbpx
More
    26.7 C
    Colombo
    Monday, June 1, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    යකඩ ගැහැණුන් සහ බොලඳ ගැහැණුන් – ඔන්ලයින් අහස යට 6

    Family Tech Sponsorspot_imgspot_img

    යකඩ ගැහැණුන් සහ බොලඳ ගැහැණුන් ගැන කියන්න හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන් දෙයක් පහු ගිය දවසක online group එකක ලියවිල්ලක තිබුනා, බුකියෙ වැඩියම කෙහෙවලු පටලව ගන්නෙ ගෑණුන්ට එරෙහිව ගැහැණුමයි ” කියලා. කතාවෙ ඇත්තකුත් තියෙනවා.

    FB එක නිසා හුදකලා වෙලා තිබුණු ජීවිත වලට අලුත් online ජීවිතයක් ලැබිලා තියෙනවා. මේ අතරෙ විවිද තරාතිරමෙ විවිධ අධ්‍යාපනික මට්ටම්වල, විවිධ රැකියාවල නිරත ⁣වන අය ඉන්නවා. ඒ වගේම ගෙදරට වෙලා ළමයි එක්ක කුස්සියේ වැඩ ටිකත් කරගෙන හුදකලා ජීවිත ගත කරන අයත් ඉන්නවා. ⁣ගෙදර ළමයි බලා ගෙන ඉන්න ගෑණු නුගත් ගෑණු, රස්සාවල් කරන අය මාර වැදගත් උගත් කියලා එක එක මිනුම් දඩු හදාගෙන අනෙකාව පහත් කිරීම නිසා මේ group ඇතුලෙ බුකි වලි වලට හේතු වෙනවා.

    තමන් කරන කියන දේ සහ තමන්ගේ මතය පමණක් නිවරදි කියන පදනම වැරැදී කියන දේ ගොඩක් අය දන්නෙ නෑ. උගත්කම්, දැනුම තියාගෙන ගෙවල් වල ළමයි බලාගෙන ඉන්න අය කොච්චර නම් ඉන්නවද. අනික හැම ගෑණියෙක්ටම කතාවක් තියෙනවා. ඒ කතාව එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. ඒ වෙනස කෙනෙක් හරි වෙන්නවත් වැරදි වෙන්නවත්, පොෂ් වෙන්නවත් ගොඩේ වෙන්නවත් හේතුවක් නෙමෙයි.

    අනික ගොඩක් ගෙදර හුදකලා ජීවිත ගත කරන අයට පොඩි බිස්නස් එකක් කරගන්නත් දැන් ඉඩකඩ ලැබිලා තියෙනවා. ඒ ගොල්ලො තමන්ගෙ මාකට් එක හදාගෙන මාර තරඟයක් (startup competition) එකකුත් ගොඩ නගාගෙන යනවා. likes පොරය පටන් ගන්නෙ ඔතෙන්දි තමයි. මේ අතරෙ කිසිම තරඟයකට සුදානමක් නැති හුදෙක් විනෝදාංශය තකා page maintain කරගෙන අනිත් අයගේ දුක සතුට බෙදාගෙන online සැරිසරණ ජීවිතත් තියෙනවා.

    ඉතින් ඔය group ඇතුලෙ page ඇතුලෙ කෙහෙවලු පටලව ගන්න එන්නෙ තව කෙනෙක්ගෙ දියුණුව දක්ෂකමක් බලා ඉන්න බැරි උනාම. ඒ වට මැදි උනාම අර කිසිම ආර්තික වාසියක් බලාගෙන මේවයෙ සැරි සරණ ජීවිතවල හිත රිදෙනවා, කනස්සල්ලට පත් වෙනවා. online කියලා ඉතින් වෙනසක් නෑ, ගමක, office එකක කොහේ උනත් තව කෙනෙක්ගෙ දියුණුවක් දක්ෂකමක් බලන් ඉන්න බැරි ගෑණු කොච්චර නම් ඉන්නවද?

    අනිත් කාරනේ තමයි online යාළුකම් හරි ඉක්මනට ගොඩනැගෙනවා. කවදාවත් අහලවත්, දැකලවත් නැති අය group හරහා අලුත් යාළුවො විදිහට FB එකෙන් රින්ගනවා. FB එකට රිංගුවා කියන්නෙ තමන්ගෙ ජීවිත වලටත් ඇතුලු වෙනවා. එතනදි නම් ටිකක් පරිස්සන් වෙන්න ඔනි. මොකද ගොඩක් අය තමන්ගෙ ජීවිතේ wall එකේ දානවනේ. දුක බෙදා ගන්න, උපදෙස් දෙන්න ගොඩක් අය ඉදිරිපත් වෙනවා. එතනදි ගෑණු පිරිමි දෙගොල්ලොම මේ විදිහට ජීවිත ඇතුලට එන්න පුලුවන්.

    ඒක නිසා හොදට නරකට දෙකටම මේක බලපාන්න පුලුවන් කියන අවබෝධයෙන් online සැරි සරනවානම් මේ බුකියෙ ඉහ ගහගෙන ඉන්න පුලුවන්. ගෑහැණුන්ට එරෙහිව ගැහැණුන් වගේම, ගෑණු වෙනුවෙන් පිරිමි එක්ක වලියට යන නෝනලත් ඔනි තරන් හම්බ වෙනවා. පහු ගිය දවසක යකඩ ගැහැණුන් සහ බොලඳ ගැහැණුන් ගැන සමන් එදිරිමුණි කියන රචකයගේ ලියවිල්ලක් නිසා ලොකු ආන්දෝලනයක් බුකිය ඇතුලෙ ඇති උනා. ලෝකෙ යකඩ ගැහැණුන් බිහිවෙලා තියෙනවා. ඒවට බලපාන සමාජ ආර්ථික ආගමික දේශපාලනික හේතු තිනෙවා. ඒ ගැන හැදෑරීමක් නැතුව ඒ මහත්තයා යකඩ ගැහැණුන් කියලා කෙනෙක් නෑ කියලා, ගැහැණුන් බොලද වන විට පිරිමියාගේ ගෞරවය ඔවුන්ට ලැබෙනවා කියන පදනමින් තමයි ඒක ලියලා තිබුනෙ. අන්න එතෙන්දිනම් අපේ කාන්තාවො ටිකට හොදටම තරහා ගිහින් තිබුනා.

    ඔහුගේ ලියවිල්ලෙන් කොටසක් මම මෙහි උපුටා දක්වන්නම්….

    “විප්ලව මෙහෙයවන ගැහැණු දරුවනි, මුලින්ම ගවුම හදාගෙන වාඩි වෙන්න.

    ගැහැණු උපතින්ම ළඳබොළඳය. සියුමැලිය. මෘදුය. සුන්ඳරය. ලාලිත්‍යානුකූලය. ඔවුහු ගස් ගල් වගේ නොවෙති. ඔවුන් ලතාවෝ වෙති. රළු සුලං නොවෙති. මල් සුවඳ රැගත් මදපවනම වෙති. ශක්ති සම්පන්න භාවය අතින් පවා ඉතාම ඉතාම ඉතාම අල්පමාත්‍රීය අවස්ථාවකදී හැරුණු කල අන් සෑම අතින්ම ගැහැණිය පිරිමියාට වඩා ළපටිය. ඔවුන්ට ගැහැණුන් කියන්නෙ ඒ නිසාය. “

    – සමන් එදිරිමුණී –

    ඔහුගේ මතය විවේචනය කරමින් කාන්තාවො රැසක් ඔහුට එරෙහිව රචනා පිට රචනා බුකිය පුරාම ලියල තියනවා දුටුවා. බුකිය තුල අරගල කරන කාන්තාවනි. ගැහැණුන් ලෙස අරගල කල යුතුව ඇත්තේ මෙවන් ලියවිලි වලට බැණ වැදීමටවත්. පිළිතුරැ දීමටවත් නොව තමන් තුලම අරගලය දියත් කිරීමටයි. ජිවිතය දිනා ගත යුත්තේ තමන් සමග සටන් කිරීමෙන්ම පමණි.

    ජීවන අරගලය හමුවේ වේගයෙන් වෙනස් වෙන සමාජ හැලහැප්පීම් හමුවෙ අපේ ළමයි රැක ගත යුතුව තියෙනවා. මේ උඩු දුවන තරගකාරීත්වය හමුවේ ඔබේ අපේ දරැවන් සංවේදී මිනිසුන් ලෙස ගොඩනගන්න අරගල කරන්න. ඔබේ ළමයි හැම අතින්ම හොද නිෂ්පාදනයක් ලෙස ගොඩ නගන්න. කකුල් දෙක ලන් කරගෙන ගවුම හදාගෙන වාඩි වෙලා ඉන්න වෙලාවක් නැති වෙයි. මෙවන් ලියවිලි වලට පිලිතුරැ බැදිය යුත්තේ කිුයාවෙන්මය. යකඩ ගැහැණුන්ට බය වෙන එක පිරිමි ස්වාභාවයක්. හැබැයි කකුල් ලං කරගෙන දෙවෙනි ඉනිම බලන අක්කලා නංගිලාට නම් මේ කියපු එක වැටහෙයිද දන්නෙ නෑ.


    දැනෙනව නම් ශෙයා කරන්න


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26.7 ° C
    26.7 °
    26 °
    93 %
    5.5kmh
    94 %
    Mon
    32 °
    Tue
    28 °
    Wed
    28 °
    Thu
    28 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු