fbpx
More
    26 C
    Colombo
    Thursday, April 17, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    වැලන්ටයින් දවසට හස්බන්ඩ්ව / වයිෆ්ව පුදුම කරවමු ද?

    Family Tech Sponsorspot_imgspot_img

    වැලන්ටයින් දවස කියන්නෙ ඔබ ප්‍රේමවන්තයින් වී සිටි සමයේ ඉහළින් සමරපු දවසක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් එයට තදින්ම විරුද්ධ වූ ප්‍රේමවන්තයින් වෙන්නත් පුළුවන්. නමුත් ඒ දිනය පිළිබඳ ඇති මතිමතාන්තර කොහොම වුනත් මේ වන විට විවාහපත් යුවලක් විදිහට ඔබේ ජීවිතටය ප්‍රබෝධයක් එක්කර ගන්න මේ දිනය යොදාගන්න ඔබට පුළුවන්.

    විවාහයට කලින් පෙම් සබදතාවය පමණක් තියෙන කාලේ ආලෙන් ඇලී ඇලී වෙළී හිටියත් විවාහයෙන් පස්සේ ඒ තත්ත්වය ටිකක් වෙනස්වෙනවා. විවාහයත් එක්ක එන වගකීම් කන්දරාවත් නිසා තමන් දෙදෙනා වෙනුවෙන් ම විතරක් විවේකයක් හොයාගන්න එක බහුතරයක් පිරිසකට එතරම් ලේසි පහසු කටයුත්තක් නම් නෙවෙයි. විශේෂයෙන් ම දරුවෝ ලැබුණම මේ තත්ත්වය තවත් ටිකක් වැඩි වෙනවා.

    හැබැයි ඉතින් දරුවෝ ආවා කියලා, වගකීම් වැඩි වුණා කියලා දෙන්නා දෙමහල්ලෝ ගැන තියෙන සැළකිල්ල, ආදරය අඩු කරගන්නේ නැතුව කිරි පැණි වගේ අඹු සැමියෝ නැතුව නෙවෙයි. familytlife.lk අපි මේ ලිපිය අරන් එන්නේ හස්බන්ඩ්/ වයිෆ් ගැන තමන්ගේ හිතේ තියෙන ආදරේ එයාට දැනෙන්න දීලා ළග එන අලුත් අවුරුද්දේ තමන්ගේ පවුල් ජීවිතේ සුන්දර වෙනසක් ඇති කරගන්න කැමති අය වෙනුවෙනුයි.

    ආදරණීය සටහනක්.

    පුදුම කරවන්න මහ ලොකු වියදමක් දරන්න අවශ්‍ය නෑ. සරල ක්‍රමවලින් තමන්ගේ ආදරේ අලුත් කරගන්න පුළුවන්. පොඩි කොළ කෑල්ලක ලියපු ආදරණීය සටහනකින්, එහෙමත් නැත්තන් වචන කිහිපයක් වුණත් ඒකට ප්‍ර්‍රමාණවත් වෙනවා. ඒ විදියට ලියපු චිට් එකක් නොහිතන වෙලාවක, නොහිතන තැනකින් හම්බවෙන්න තියලා තිබ්බොත් එයාට ඒක ඇත්තටම පුදුමයක් වගේම සතුටකුත් වෙයි. Message jar ideas (මෙතැන ක්ලික්/ටැප් කරන්න) කියලා සර්ච් කරලා බැලුවොත් නිර්මාණාත්මකව මේ දේ කරන්න අදහස් ලැබේවි.

    එයා කැමතිම විනෝදාංශයක් ඔයත් ට්‍රයි කරලා බලන්න.

    එකිනෙකට වෙනස් අදහස් තියෙන දෙන්නෙක් නම් ගොඩක් වෙලාවට දෙන්නා කැමති විනෝදාංශත් හාත්පසින්ම එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. තමන්ගේ හස්බන්ඩ්/ වයිෆ් වෙනුවෙන් එයා කැමතිම විනෝදාංශයත් එක සැරයක් හරි අත්හදා බැලුවොත් ඒක එයාට විශාල සතුටක් වෙයි. හැබැයි ඉතින් “අපෝ මේ මොනවද/ විකාරයක්නේ” වගේ කතා කියන්න ගියොත් නම් වැඩේ අවුල් වෙන නිසා ඒ වගේ දේවල් නොකර ඒ මොහොත සතුටින් විදින්න උත්සහ කරන්න.

    වැලන්ටයින්

    ආසම විදියේ කෑම වේලක්.

    හස්බන්ඩ්ට පුළුවන් නම් “ඔයාට අද මම ආස දෙයක් උයලා දෙන්නම්” කියලා තමන්ගේ වයිෆ්ට කෑම වේලක් හදලා දෙන්න ඒක ඇයට විශාල සතුටක් වෙයි. බබාලට කන්න පුළුවන් විදියට හැමදාම හදන ලුණු, මිරිස් අඩු කෑම වේලක් වෙනුවට හස්බන්ඩ් ආසම විදියට කෑම වේලක් හදලා දෙන්න උත්සහ කරනවනම් ඔහුටත් ඒක ලොකු සතුටක් වෙයි. වෙනස් විදියක කෑම වේලක්, අතුරුපසක්, කෙටි කෑමක් වගේ ඕනෑම දෙයක් හදලා ලස්සනට පිළිගැන්වුවොත් ඇත්තටම ඒක ආදරණීය වැලන්ටයින් පුදුම කිරීමක් වෙයි.

    අතින්ම හදපු කාර්ඩ් එකක්, විසිතුරු නිර්මාණයක් දෙන්න.

    කඩෙන් ගෙනත් දෙනවට වඩා තමන්ගේ අතින්ම දෙයක් හදලා දෙන එක වටිනවානේ. අවශ්‍ය නම් පොඩ්ඩොත් හවුල් කරගෙන මේ දේ කරන්න පුළුවන්. වැලන්ටයින් දවසත් ඒකට හොඳ දවසක්. කාර්ඩ් එකක් හෝ ලස්සන නිර්මාණයක් හදලා තෑගි දෙන එක කරන්නේ ආදරේ පෙන්වන්න නිසා ඒකට විශේෂ දවසක්ම වෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම ලොකු වියදමක් යන්නෙත් නෑ.

    හෙඩ් මසාජ් එකක් / රූපලාවන්‍ය සත්කාරයක්

    පැය බාගයක් විතර හිමින් සීරුවේ කරන හෙඩ් මසාජ් එකකින් ඔළුවේ තියන සෑහෙන ප්‍රශ්න තොගයක් අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ වෙනුවෙන් පැය බාගයක් වෙන් කරන එක වියදමක්, මහන්සියක් වෙන දෙයක් නොවෙන තමන්ටත් කරදර අඩු දෙයක් වෙනවා. හස්බන්ඩ්ගේ / වයිෆ්ගේ කැමැත්ත අහලා එයාට රූපලාවන්‍ය සත්කාරයක් කරගන්න ඉඩ සළස්වන එකත් ආදරය වැඩිවෙන පුදුම කරවීමක් වේවි. මේක රූපලාවන්‍යාගාරයකින් කරගන්න ඉඩ සළස්වනවනම් වඩා හොදයි කියලත් මතක් කරනවා.

    හිතවතුන් එක්ක පාර්ටියක් / ට්‍රිප් එකක්.

    මේ සදහා නම් බර්ත්ඩේ එකක් වගේ දවසක් වඩා සුදුසුයි. තමන්ට දරන්න පුළුවන් තරමට වියදම් වෙන විදියට වැඩේ සැළසුම් කරගන්න. හස්බන්ඩ්ගේ/ වයිෆ්ගේ පවුලේ අය හෝ හිතවත්ම යාළුවෝ කීපදෙනෙක් වගේ එයාගේ ප්‍රියතමයෝ පිරිසකට ගෙදරට හෝ අවන්හලකට ආරාධනා කරලා ආහාර වේලක් දීලා ඒ දවස ඒ අයත් එක්ක ගත්කරන්න ඉඩ සළසලා දෙන්න. හැබැයි ඉතින් එයාගේ එදාට තියෙන සැලසුම් ගැන අහලා බලලා ඒවත් එක්ක ගළපගෙන තමයි මේ පුදුම කරවීම ලෑස්ති කරගන්න වෙන්නේ.

    වැලන්ටයින්

    හේතුවක් නැතුවම පොඩි තෑග්ගක්.

    සමහර වෙලාවට උපන් දිනයක් වගේ විශේෂ දවසකදි එදාටම තෑග්ගක් දෙන්න අතේ ඇති තරම් සල්ලි නැතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනාම ආයේ තෑග්ගක් දෙන්න ඊළග උපන්දිනය දවස වෙනකම් ඉන්නේ නැතුව එයා ආසම කරන විදියේ දෙයක් පහුවෙලා හරි දෙන්න. තෑගි දෙන්න, ලබන්න විශේෂ දවසක් ම වෙන්න ඕනේ නෑ වගේම තෑගි ලැබෙනවට අකමැති අයත් නෑ. වියදම් කරන්න දාහක් හේතු තියෙන පවුල් ජීවිතේ ගෙවෙන අතරේ හේතුවක් නැතුවම, නොහිතන වෙලාවක ලැබෙන චොක්ලට් එකක, ටී ෂර්ට් එකක පවා තියෙන වටිනාකම කියලා නිමකරන්න අමාරුයි. වැලන්ටයින් දවසත් ඒකට හොඳ දවසක්.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26 ° C
    26 °
    26 °
    85 %
    0.8kmh
    86 %
    Thu
    29 °
    Fri
    29 °
    Sat
    29 °
    Sun
    29 °
    Mon
    30 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු