fbpx
More
    26 C
    Colombo
    Thursday, June 5, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    වෙළඳපලෙහි ඇති රස වෙසින් එන වස බොජුන් ඔබත් හඳුනාගන්න

    Family Tech Sponsorspot_imgspot_img

    ඔන්න ඉස්සර කාලේ එළවළු, පලතුරු, කෑම ජාති ඕනේ තරම් තිබුණු නිසා කෑම කල්තියා ගැනීමේ ක්‍රමවේදයන් ගැන ඒ තරම්ම තැකීමක් තිබුණෙ නෑ. ඒත් අද වෙනකොට කෑම කල්තියා ගැනීමේ අවශ්‍යතාවය එන්න එන්නම වැඩි වෙලා. ඉතිං වෙළඳ පොළෙන් අපි මිලට ගන්න ආහාර වර්ග රස ගැන්වීමට වගේම කල්තබා ගැනීමටත් යොදා ගෙන තියෙන රසකාරක ගැන දැනුවත් වීම බොහොම වැදගත් වෙනවා. අද අපි familylife.lk ෆැමිලි ටුඩේ තුලින් කතා කරන්නේ වෙළඳපලේ පවතින විවිධ ශරීරයට අහිතකර රසකාරක පිළිබඳවයි.

     

    වෙළඳ පොළේ ඇති ආහාරවලට එකතු කරන විවිධ රසායනිකයන් E අංක යටතේ පෙළ ගස්වා තියෙන්නෙ යුරෝපයේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ආයතනය මගින්. එය වර්ග කර ඇත්තේ මෙහෙමයි.

    • E100 – E199 (වර්ණක)
    • E200 – E299 (පරිරක්ෂක/සංරක්ෂක ද්‍රව්‍ය)
    • E300 – E399 (ප්‍රතිඔක්සිකාරක)
    • E400 – E499 (ස්ථායිකාරක)
    • E500 – E599 (ආම්ලිකතාව පාලන ද්‍රව්‍ය)
    • E600 – E699 (රස උද්දීපන)
    • E700 – E799 (ප්‍රතිජීවක)
    • E900 – E999 (වෙනත්)

    වෙළඳ පොළෙන් මිලදී ගන්න සකස් කළ ආහාරවල (Processed Food) අන්තර්ගත ද්‍රව්‍ය ගැන යම් අවබෝධයක් ඇසුරුම්වල අලවා ඇති ලේබලයේ දැක ගත හැකියි. ඒ ඉහත දැක්වූ අංක යටතේයි. සමහරක් ශරීරයට අහිතකර බලපෑම් ඇතිකරන බව සොයා ගෙන තිබුණත් එසේ අහිතකර බලපෑම දක්නට ලැබෙන්නේ අධික ලෙස පරි‍භෝජනය කිරීමෙන් පමණක් බව මතක තියා ගන්න.

    රස වෙසින් එන වස බොජුන් සමහරක්

    Tartrazin (E102)

    කහ පැහැ වර්ණකය ලෙස භාවිත කරන E102 සමහර රෝගී තත්ත්ව උද්දීපනය කරන බව සොයාගෙන ඇත. එබැවින් 2010 සිට සමහර E102 වර්ණක ආහාර සඳහා භාවිතය පාලනය කර ඇත. ඇදුම, ආමාශ ප්‍රදාහය, වකුගඩු රෝග, පිළිකා ආදී රෝගී තත්ත්ව මෙය භාවිතයෙන් ඇති වීමට ඉඩ ඇති බව සනාථ කොට ඇත.

    Tertiary Butyl Hydro Quinine -TBHQ (E319)

    ප්‍රතිඔක්සිකාරකයක් ලෙස භාවිත වන මෙම රසායනිකය ඇරොමැටික කාබනික සංයෝගයකි. ආහාර කල් තබා ගැනීමට උපකාර වන මෙහි සාන්ද්‍රණය සීමා කොට ඇත්තේ අධික පරිභෝජනයෙන් ජානවලට හානිවිය හැකි බැවිනි. වර්ධන සංකූලතා, ස්නායු ආබාධ, වකුගඩු උදර ආබාධ ඇති කරන බවද සොයාගෙන ඇත. එමෙන්ම පිළිකා කාරක බවද පරීක්ෂණ මගින් හෙළිදරව් වී ඇත.

    Sodium Nitrate (E252)

    ආහාර කල් තබා ගැනීමට, මස් වර්ගවල වර්ණය නොනැසී පවත්වා ගැනීමට භාවිත වන මෙය ලවණ වර්ගයකි. අධික උෂ්ණත්වයට රත් කිරීමේදී මස්වල ඇති ප්‍රෝටීන සමග ක්‍රියා කොට පිළිකා කාරක සංයෝග සාදන බව සොයාගෙන ඇත. අධික පරිභෝජනයෙන් ඇල්ෂයිමර්, පාකින්සන් වැනි ස්නායු රෝග උද්දීපනය කරන බව පරීක්ෂණවලින් සනාථ කොට ඇත.

    Trans Fatty Acid

    එළවළු තෙල් හයිඩ්‍රජනීකරණය වීමේදී ඇතිවන මෙම සංයෝගය කොලෙස්ටරෝල් වැඩි කිරීමට, පිළිකා ඇති කිරීමට හේතු විය හැකි බව සොයාගෙන ඇත. අර්ධ වශයෙන් හයිඩ්‍රජනීකරණය කරන ලද තෙල් වර්ග භාවිත කර නිෂ්පාදනය කරන බේකරි නිෂ්පාදන කල්තබා ගැනීම පහසු බැවින් මෙම සංයෝග බහුලව ආහාරවල දක්නට ඇත.

    මීට අමතරව වෙළඳපොළෙන් ආහාර මිලදී ගැනීමේදී පහත සඳහන් E නොම්මර පිළිබඳවත් සැලකිලිමත් වන්න.

    E102, E110, E122, E123, E124, E127, E129, E131 E133, E142, E151, E153, E154, E155, E210, E224, E226, E227, E228, E232, E249, E250, E251, E252, E284, E285, E319, E320, E321, E512, E621, E942, E954

    ඔබ තෝරාගන්න ආහාරවල ආවරණ පැකට්ටුවෙහි E අංක ඉතා අවම මට්ටමක පැවැතිම ඉන් ආරක්ෂා වීමට ගත හැකි හොඳම පියවරයි. අදින් පස්සේ ඒ ගැන සැලකිලිමත් වෙන්න.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දුන් කථිකාචාර්ය, ප්‍රවීණ සූපවේදී සුමින්ද ලියනගේ මහාතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    26 ° C
    26 °
    26 °
    81 %
    4kmh
    28 %
    Thu
    29 °
    Fri
    29 °
    Sat
    29 °
    Sun
    29 °
    Mon
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු