fbpx
More
    31 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    සල්ලි ඉතුරු කරන විදිය ගැන පොඩ්ඩට කියලා දෙමුද?

    Family Tech Sponsorspot_imgspot_img

    සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි කියලා ප්‍රසිද්ධ කියමනක් හැදිලා තියෙන්නේ ජිවත් වෙන්න සල්ලි ඒ තරමටම අත්‍යාවශ්‍ය නිසා වෙන්න පුළුවන්. විශේෂයෙන් ම දරුවෝ ඉන්න දෙමවුපියන්ට නම් සල්ලිවල අත්‍යවශ්‍ය බව හොදටම වැටහෙනවා ඇති. සැප පහසුවට ජීවත් වෙන්න වගේම මුල්‍යමය වශයෙන් සුරක්ෂිත බවක් ඇති කරගන්න, මුදල් ඉපයීමත් ඉතිරි කිරීමත් අනිවාර්ය වෙනවා. මේ ලිපිය කියවන ඔබ අතරේ මුදල් අඩුපාඩු ඇතිව උස මහත් වුණු මව්පියන් වගේම කිරෙන් කාලා තෙලෙන් අත හෝදපු උදවියත් ඉන්නවා වෙන්නට පුළුවන්. ඔබ අයත් වෙන්නේ මෙයින් කුමන වර්ගයට වුනත් ඔබේ දරුවාටත් මුදල් ඉතිරි කරන්න හුරු කිරීම ඉතාමත් පලදායී කියලා හිතන නිසයි දරුවන්ට මුදල් ඉතුරු කිරීම හුරු කිරීම සම්බන්ධව ලිපියක් familylife.lk අරන් ෆැමිලි ටුඩේ එන්න අපි හිතුවේ.

    පොඩ්ඩට ලස්සන කැටයක් අරන් දෙන්න. 

    පොඩි දරුවෝ ලස්සන දේවල්වලට, හුරුබුහුටි දේවල්වලට ගොඩක් කැමැති නිසා ලස්සන කැටයකට සල්ලි එකතු කරන එක එයාට ගොඩක් ආසා හිතෙන විදියේ අත්දැකීමක් වේවි. පොඩ්ඩට එයා ආස විදියේ වාහනයක, සතෙකුගේ හෝ හැඩයක කැටයක් ගෙනත් දීම ඉතුරු කරන්න හොඳ ආරම්භයක් වේවි.

    බැංකු ගිණුමක් පටන් ගන්න.

    මේ දේ ඔබ දැනටමත් කරනවා වෙන්න පුළුවන්. හැබැයි කැටය පිරුණම පොඩ්ඩා එක්ක එකතුවෙලා ඒ කැටය කඩලා, කාසි නෝට්ටු වර්ග කරලා, ගණන් කරලා බැංකුවට අරන් ගිහින් ගිණුමට බැර කරන එක වෙනමම විනෝදයක් වෙයි. කැමතිනම් ළඟ කඩේකට දීලා සල්ලි  මාරු කරගෙන බැංකුවට යන්න වුණත්  පුළුවන්.

    සල්ලි ඉතුරු කරගෙන අවශ්‍ය දේ ගන්න හුරු කරන්න.

    පොඩ්ඩා ආසම දෙයක් ගන්න ඕනි කියලා කුණු කුණු ගානවානම් එයාට කියන්න සල්ලි එකතු කරගෙන කැමැති දේ ගන්න කියලා. ඉල්ලන දේ දරුවට කොයි තරම් ගැළපෙනවද නැද්ද කියන එක දෙමවුපියන්ට තීරණය කරන්න පුළුවන්. හැබැයි සාධාරණව හිතලා ඒ තීරණය ගන්න. පොඩි භාජනයක් හෝ කීපයක් අවශතාවය අනුව දීලා ඒවාට සල්ලි එකතු කරන විදියත් සතිපතා ලැබෙන මුදල්වලින් අවශ්‍ය මුදල එකතු කරගන්න පුළුවන් බවත් දන්වන්න. දරුවා ආසා දෙය අරගත්තට පස්සේ නිතර ඒ ඒ මතක් කරමින් දිරි ගන්වන්න. උනන්දුවෙන් මේ දේ කරනවනම් සතියට දෙන මුදල පොඩ්ඩක් වැඩි කළත් කමක් නෑ.  

    ඉලක්කයක් දෙන්න.

    උදාහරණයක් විදියට බබා ඊළඟ උපන් දිනයට බයිසිකලයක් ගන්න ආසයි කියනවනම් ඒක ඉලක්කයක් කරගන්න විදිය එයාට කියලා දෙන්න. කාලය හා මුදල් කියන සංකල්ප දරුවන්ට එතරම් හුරු නැති දේවල් වුනත් වගුවක් ඇඳලා ඒක දරුවට කියලා දෙන්න පුළුවන්. බයිසිකලයක් රුපියල් 6000 නම් මාස 12ක් ඇතුලතදී මේ ඉලක්කය සපුරා ගන්න වෙන බවත් මාස් පතා රුපියල් 500ක මුදලක් ඉතුරු කරගන්න ඕනි බවත් වටහලා දෙන්න. දිනපතා මේ කැටයට පොඩි ගානක් දෙන එක වගේම මාසේ පඩිය ලැබුණාම පොඩ්ඩක් වැඩිපුර සල්ලි ටිකක් දීමෙනුත් දරුවාව ධෛර්යමත් කරන්න දෙමවුපියන්​ට පුළුවන්කම තියෙනවා. අනිත් දේ තමයි බබාගේ උපන් දිනයේ සියලුම වියදම් වෙනුවෙන් කැටයකට සල්ලි එකතු කරන එක. එක සැරේ විශාල මුදලක් බැංකුවෙන් ගන්නවට වඩා මේ දේ දෙමව්පියන්ටත් විශාල සහනයක් වෙයි. මේ විදියට ඉලක්කයක් සපුරාගැනීම වෙනුවෙන්  සල්ලි  එකකතු කරනකොට දරුවට මුදල් ඉතිරි කිරීමේ  වටිනාකම වැඩිපුර දැනේවි.

    ආදර්ශමත් වෙන්න. 

    අංක 4න් කතා කරපු විදියට බබා එක්ක එකතු වෙලා හරි, තමන්ගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් හරි  කැටයකට සල්ලි එකතු කිරීමෙන් දරුවට ඒ දේ  හොඳ ආදර්ශයක් වෙන්න ඉඩ තියෙනවා. සමහර අම්මලා තාත්තලා සැප්තැම්බර් මාසයේදී පොත් ගන්න මේ විදියට කැටයකට සල්ලි එකතු කරන එක හොඳ උදාහරණයක් විදියට පෙන්වන්න පුළුවන්.

    සල්ලි ගැන දරුවා සමඟ විවෘතව කතා කරන්න.

    සල්ලි ඉපයීම්, ඒ වෙනුවෙන් කැපවෙන විදිය, අවශ්‍යතා සහ උවමනා අතර වෙනස, සල්ලි ඉතුරු කිරීමේ ක්‍රම, ඉතුරු කිරීමෙන් අනාගතයේ ලැබෙන ප්‍රතිලාභ, ඉතුරු කිරීම් වැඩිවීමෙන් වාසි වැඩිවෙන ආකාරය, ඉතිරි කිරීම් නාස්ති නොකර වැය කරන ආකාරය,  ඒ වැය කිරීම් සටහන් කරගන්නා ආකාරය, අය වැය සංසන්දනය, මව්පියන්ගේ විශ්‍රාම සැලසුම්, නිවසේ පවතින මුදල් ගැටළු (දරුවාට පීඩාවක් නොවන විදියට සහ ධනාත්මකව මේ අගහිඟකම් ගැන කතා කරන්න.) වගේ දේවල් ගැන දරුවා සමඟ කතා කරන්න. දරුවන් ඒ සම්බන්ධව නගන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. දරුවන්ට නොතේරුණත් ඔවුන් ඉදිරියේ මුදල් සම්බන්ධව කතා කරන්න මැළිවෙන්න එපා. දරුවන් මේ සාකච්ඡාවලින් වඩා යහපත් මුල්‍යමය තේරීම් කරන විදිය ගැන අවබෝධයක් ලබා ගනීවි. 


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    31 ° C
    31 °
    31 °
    68 %
    5.2kmh
    62 %
    Fri
    31 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු