අන්තර්ජාලය තුල ඔබ ආරක්ෂිතද?
Family Tech Sponsor
අද වෙනකොට අන්තර්ජාලය කියන්නේ අපිට ඕනෙවටත් වැඩ සමීප වුණු දෙයක් . සමහරෙක් බොහොම සංයමයෙන් සැලකිලිමත්ව මේක පාවිච්චි කළත් නොදැනුවත්කම නිසාම තවත් සමහරෙක් සීමාවකින් තොරව අන්තර්ජාලය භාවිත කරනවා . විශේෂයෙන්ම ජංගම දුරකතන මගින් අන්තර්ජාලයේ ආරක්ෂිතව සැරිසරන්නෙ කොහොමද කියල ඔබව දැනුවත් කරන්න familylife අපි තීරණය කළා.
සෑම විටකම ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී එය මුල් තත්ත්වයට (Reset) ගෙන භාවිතයට ගන්න . ඔබ පාවිච්චි කරන ලද දුරකථනයක් ලබා ගැනීමේදී ද අනිවාර්යයෙන්ම Reset කර භාවිතයට ගන්න .
නිතරම විශ්වාසදායි ක්ලවුඞ් සේවාවන් ලබා ගන්න . බොහෝ ජංගම දුරකථන සමාගම් විසින් නොමිලයේ ක්ලවුඞ් සේවාවන් ලබා දෙයි . ප‍්‍සිද්ධ ජංගම දුරකථන සමාගම් විසින් ලබා දෙන ක්ලවුඞ් සේවාවන් ද Google Drive, DropBox, Amazon Drive, Microsoft One Drive යන ක්ලවුඞ් සේවාවන්ද ඉතා සුරක්ෂිත වේ .
සෑම අවස්ථාවකදීම ලබා ගන්නා ඡායාරෑප, වීඩියෝ සහ Documents ආරක්ෂිත Wallet එකක් තුළ රඳවන්න . එම Wallet මෘදුකාංගයට ආරක්ෂිත මුර පද යොදා ආරක්ෂාව තහවුරු කරන්න . එවිට ඔබගේ දුරකථනය නැති වීමකදී , Cloud ආක්‍රමනයකදී හෝ ජංගම දුරකථනය අලූත්වැඩියා කිරීමකට දුන් අවස්ථාවකදී එය වෙනත් පාර්ශවයකට ලබා ගැනීමේ හැකියාව අවහිර වේ . තවද මුරපදය ( Password & යොදා සමස්ත දුරකථනයම ආරක්ෂා කිරීමටත් වගබලා ගන්න .
සියලූම පෞද්ගලික ඇප්ස් (Apps) ඇප් ගාර්ඞ් එකක් යොදා ආරක්ෂා කරගන්න . එවිට වෙනත් පාර්ශවයකට ඔබගේ පෞද්ගලික ඇප් ගොනු විවෘත කළ නොහැකිය . උදාහරණ ලෙස ඔබගේ Facebook, WhatsApp, Viber , Skype,SMS, Phone book , Photo Gallery යන ආදිය ඇප්ස් ගාර්ඞ් එකක් යොදා ආරක්ෂා කළ හැකිය . බොහෝ ඇප් ගාර්ඞ්ස් නොමිලයේ ලබා දුන්නත් සුළු මුදලක් ගෙවා පුර්ණ ආරක්ෂිදත ඇප් එකක් භාවිත කිරීම වඩා යෝග්‍ය වේ . බොහෝ විට මෙම ඇප් එකක මිල ඩොලර් 5 කට අඩු වේ .
ඔබට හැකියාවක් ඇත්නම් ඔබගේ සිම් පතට PIN අංකයක් යොදා භාවිත කරන්න . යම් ලෙසකින් ඔබගේ සිම් පතෙහි පින් අංකය අමතක වී වැරදි පින් අංකයක් ඇතුළත් කළහොත් ඔබගේ සිම්පත විනාශ වී යනු ඇත . එබැවින් සිම් පතෙහි පින් අංකය සම්බන්ධයෙන් ඔබට නිවැරදි වැටහීමක් නොමැති නම් එම සේවාව භාවිත නොකර සිටන ලෙසට අවවාද කරමි . ඔබට සිම් පතෙහි ඇති පින් අංකය සම්බන්ධයෙන් වැඩි විස්තර අවශ්‍ය නම් ඔබගේ ජංගම දුරකථන සේවා සපයන සමාගම අමතන්න .
සුදුසු Antivirus මෘදුකාංගයක් භාවිත කරන්න . එවිට ඔබගේ ජංගම දුරකතනයේ රහස් ලෙස තැන්පත් කර ඇති ඔත්තු බලන මෘදුකාංග තැන්පත්වී ඇති නම් එය ඔබට දැනුම් දෙනු ඇත . තවද එවැනි ඔත්තු බලන වැඩසටහන් ඇත්නම් ආරක්ෂාකාරී ලෙස දුරකතනයෙන් ඉවත් කර ගත හැකිය . අනුමතකරන ප්‍රතිවයිරස් නාශක මෘදුකාංග AVG Antivirus, Norton Internet Security, Kaspersky Mobile Antivirus, Avast Mobile Security .
අද අන්තර්ජාලයේ ව්‍යාජ මෘදුකාංග බොහොමයක්ද ඇති බැවින් ඔබ නොදන්නා Antivirus භාවිත කිරීමෙන් වැළකෙන්න . ව්‍යාජ Antivirus භාවිත කිරීමෙන් ඔබ තවත් අනතුරකට ලක්වීමේ හැකියාව ඇත .
Find my phone සේවාව සක්‍රීය කරගන්න . Find my phone සේවාව යනු ජංගම දුරකථනය නිෂ්පාදනය කරන සමගම මගින් ලබා දෙන සේවාවකි . එයට අමතරව ගූගල් සහ Norton යන සමාගම්වලින්ද මෙම පහසුකම ලබා ගත හැකිය . Find my phone සේවාව යනු යම් හෙයකින් ඔබගේ ස්මාර්ට් ෆෝන් එක සොරා ගතහොත් හෝ එසේත් නැතිනම් නැති වූ අවස්ථාවක මහගු ප්‍රයෝජන ලබා ගත හැකි මෘදුකාංගයකි . ඔබගේ සොරාගත් දුරකතනය පිහිටා ඇති ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකියාව ඇත . සොරාගත් පුද්ගලයාට නොදැනෙන්න ජංගම දුරකතනයේ කැමරාව සක්‍රීය කර ගත හැකිය . අවශ්‍ය නම් ඔබගේ දුරකතනයේ ඇති සියලූම දත්ත ක්‍ෂණයකින් මකා දැමිය හැක . තවද දුරකතනය ලෝක් කිරීම , එලාම් නාදයක් නිකුත් කිරීම පවා කළ හැකිය . මෙම ලබාදෙන සේවාවන් ජංගම දුරකථනය නිෂ්පාදනය කර ඇති සමාගම අනුව වෙනස් වේ . ඔබට අවශ්‍ය නම් තෙවන පාර්ශව Find my phone සේවාවක් ගූගල් සහ Norton යන සමාගම්වලින් ලබා ගත හැකිය .
ඔබගේ ජංගම දුරකථනය අලූත්වැඩියාවට ලබා දෙන්නේ නම් සෑම විටකදීම මෙමරි කාර්ඞ් ඉවත්කර අලූත්වැඩියාවට ලබා දෙන්න . ඉහත සඳහන් ආකාරයෙන් ඔබගේ දුරකතනයේ ඇති මෘදුකාංග , ඡුායාරුප , වීඩියෝ ඇප් ගාර්ඞ් එකක් මගින් ආරක්ෂා කර ඇති නම් තෙවන පාර්ශවයක් වෙත ඔබගේ දත්ත ලැබීමේ ප්‍රවනතාවය ඉතා අඩුවේ .
ඔබ විසින් භාවිත කරන ලද ජංගම දුරකතනය නැවත විකිණීමට අදහස් කරයි නම් පළමුවෙන්ම ෆෝන් එක Reset කරන්න . එවිට දුරකතනයේ ඇති සියලූ දත්ත ඉවත්වනු ඇත . නමුත් මෙවැනි දත්ත ඉවත් කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ . ඔබ සියලූ දත්ත මකා දැමුවද අන්තර්ජාලයේ ඇති විවිද මෘදුකාංග භාවිත කොට ඔබ විසින් මකා දැමු දත්ත නැවත ලබා ගත හැකිය . එනම් ඔබ විසින් දෙවන අදියරේදී නැවත එම දත්ත ලබා ගත නොහැකි අයුරින් ඉවත් කළ යුතු වේ . ඒ සඳහා අවශ්‍ය විවිධ මෘදුකාංග අන්තර්ජාලයෙන් ඔබට ඩවුන්ලෝඞ් කරගත හැකිය .
ජංගම දුරකතනයට ඇප්ස් ස්ථාපනය කිරීමේදී පිළිගත් මෘදුකාංග පමණක් ස්ථාපනය කරන්න .
අන්තර්ජාලයේ ඇති අනාරක්ෂිත තත්ත්වයන් සහ ඒවායෙන් වැළකෙන ආකාරය පිළිබඳ පලවන ලිපි නිරන්තරයෙන් පුවත් පත්වල සඟරාවල , වෙබ් අඩවි වල දක්නට ලැබෙන නමුත් මා මෙම ලිපිය මගින් පැහැදිලි කරන්න යන්නේ මා විසින් කරන ලද යම් පර්යේෂණ සහ අත්දැකීම් ඇසුරින් ලබා ගත් දෑය . අනෙකුත් පොදු ආරක්ෂිත ක්‍රමවේදයන් මෙම ලිපියට එක් කර නැති බව කරුණාවෙන් සලකන්න . මේ පිළිබඳ දැනුවත් වීමට ඔබට යම් ගැටලූවක් හෝ ආරක්‍ෂාව පිළිබඳ විස්තර අවශ්‍ය නම් marx@bytesrack.com වෙත ඊ මේල් ලිපියක් යොමු කරන්න . අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ ලබා ගන්නා දැනුම සමාජය තුළ බෙදා හැරීමෙන් අන්තර්ජාලය සියලූ දෙනාටම යහපත් ස්ථානයක් බවට පත්කරගත හැකි බව මාගේ අදහසයි .
error: Content is protected !!