fbpx
More
    29 C
    Colombo
    Tuesday, April 15, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අලුත් අවුරුද්දට ෂොපිං කරන්න යද්දි මේ ගැනත් හිතන්න

    Family Tech Sponsorspot_imgspot_img

    අලුත් අවුරුද්දට ෂොපිං යන අය මේ දවස්වල දකින්නට ලැබෙන සුලභම දර්ශනයක්. ශ්‍රී ලංකාවේ උත්සව කැලැන්ඩරය සැලකිල්ලට ගන්නකොට දෙසැම්බර් මාසයේ පළමු සතියේ සිට පටන් ගන්නා උත්සව සමය අප්‍රේල් මාසයේ අවසන් සතිය වෙනකන්ම අඩු වැඩි වේවි ඇදෙනවා.

    ශ්‍රී ලාංකික අපිට මෙයින් වඩාත් වැදගත් වෙන්නේ නම් සිංහල දමිළ අලුත් අවුරුද්ද කියලා කිවොත් වඩාත් නිවැරදියි. තමන්ගේ ආර්ථික තත්ත්වය කොහොම වුණත් අලුත් ඇඳුමක්, සෙරෙප්පු දෙකක්, එහෙමත් නැත්තන් පවුලේ අයට තෑගී බෝග, වෙනදාට වඩා සරුවට ආහාර පාන ද්‍රව්‍ය මිලට ගන්න කොයි කවුරුත් මේ කාලයේ සාප්පු සවාරියේ යෙදෙන්න යොමුවෙනවා.

    උත්සව සමයේ සාප්පු සවාරි යන එක යුද්ධෙකට යනවා හා සමාන දෙයක් නිසා familylife.lk ෆැමිලි ටුඩේ හරහා අපි හිතුවා, සාප්පු සවාරි යන්න කලින් ඔබ සැළකිලිමත් විය යුතු කරුණු කීපයක් ගැන ඔබව දැනුවත් කරන්න.

    අලුත් අවුරුද්දට ෂොපිං
    ©npo-glad.org

    ගන්නේ මොනවද?

    කඩ සාප්පුවල බඩු භාණ්ඩ මේ අලුත් අවුරුද්දෙන් පස්සේ අවසන් වෙන්නේ නෑ කියන කාරණය හිතේ තියාගෙන ඔබේ අත්‍යවශ්‍යතාවයන් අනුපිළිවෙලකට පෙළ ගස්වා ගන්න.

    තමන්ට කොහොම වෙතත් අවුරුද්දකට සැරයක් හෝ තමන්ගේ ආදරණියයන්ට තෑග්ගක් ලබා දීම හිතේ සතුටට කාරණයක් කරගන්න බොහොමයක් දෙනක් ඉන්න නිසා තෑගි බෝග ගැනත්, ආහාර පාන ගැනත් වැඩි අවධානයක් ලබාදෙන එක හොඳයි කියලයි අපි නම් හිතන්නේ.

    තෑගි කීවම මුලින්ම හිතට එන්නේ රෙදි පිළි වුණත් ඇඳුම් ලබාදෙන්න අවශ්‍යයි කියලා නීතියක් නැති නිසා කෙනාගේ රුචි අරුචිකම් අනුව තෑග්ගේ ස්වභාවය වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට පොත් පත්, සෙරෙප්පු සපත්තු, බෑග්, ආභරණ, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපාංග, විසිතුරු භාණ්ඩ, විසිතුරු මල් පැල හෝ එළවලු පළතුරු පැල, ගෘහ භාණ්ඩ, ගිෆ්ට් වවුචර්ස් වගේ ඕනෑම දෙයක් තෑගි කිරීමේ හැකියාව තියෙනවා.   

    කොහෙන්ද ගන්නේ?

    හැකියාවක් ඇත්නම් විශ්වාසවන්ත වෙබ් අඩවියක් හරහා තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන්වාගන්න පුළුවන්. සාප්පු සවාරි යාමට අකමැති සහ සඳහා වෙන්කරන්න කාලයක් නැති කෙනෙක්ට මේ දේ ඉතාමත් සහනදායක වෙනවා. ක්‍රෙඩිට් කාර්ඩ් පත් හරහා සහ අත්පිට මුදල් ගෙවලත් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව වගේම අන්තර්ජාලය හරහා තෝරාගත් භාණ්ඩයක මුදල් ගෙවා, එම ආයතනය හරහාම අදාළ පුද්ගලයාට තෑගී කර යැවීමේ හැකියාවත් මේ වෙනකොට ඔබට තියෙනවා.

    සාප්පු සවාරියේ දී  කාර්ඩ්පත් සහ අත්පිට මුදල් ගෙවීම අතරින් තමන්ට වාසිදායක ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්කම තියෙනවා. සාප්පු සවාරි යාම වඩා ප්‍රියජනක නම් තමන් පිළියෙළ කරගත්ත භාණ්ඩ ලයිස්තුවේම මේ භාණ්ඩ මිලට ගන්න හැකියාව තියෙන ලාභාදයකම, විශ්වාසවන්තම සහ පහසුම කඩ සාප්පු ටිකත් සඳහන් කරගන්න පුළුවන්.

    එකම ස්ථානයකින්, වීදියකින් ගන්න පුළුවන් භාණ්ඩ, තෝරාගැනීම් විශාල ප්‍රමාණයක් සහිත කඩ සාප්පු, වට්ටම් ලබාදෙන හොඳම තත්ත්වයේ භාණ්ඩ සහිත කඩසාප්පු වගේ දේවලුත් මේ ලිස්ට් එකටම ඇතුලත් කරගත්තනම් වටේ කැරකි කැරකි නොයිද ඔබේ කාර්යය ඉක්මනින් ඉටුකරගන්න පුළුවන්කම තියෙනවා.

    අලුත් අවුරුද්දට ෂොපිං
    ©verywellfamily.com

    යන්නේ කවදද?

    මේ ගෙවීගෙන යන කාල සීමාව දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයකින් යුක්ත නිසා එලියට බැහැලා සුළු මොහොතකින් සාප්පු සවාරිය එපා වෙන්නත් ඉඩ තියෙනවා. වගේම වැඩි දෙනෙක් එළියට බහිත සති අන්තයේ සාප්පු සවාරි යන එකත් එතරම් සුවදායක දෙයක් නම් නෙවෙයි. සතියේ දිනයක්, උදේ වරුවක් එහෙමත් හවස 6 වගේ පහුවෙලා යන එක වඩාත් ප්‍රතිපලදායක වෙන්න ඉඩ තියෙනවා. වගේම උත්සව සමය නිසා කඩ සාප්පු දවසේ වැඩි වෙලාවක් විවෘත කරලා තියෙන බවත් මතක තියාගන්න.

    යන්නේ කා එක්කද?

    ඔබ යන්නේ හැබෑවටම බඩු භාණ්ඩ මිලට ගන්න නම් තනියම යන එක තමයි හොඳම දේ. කට්ටිය වැඩි වෙන තරමට කරදරත් වැඩියි. ගතවෙන කාලය වගේම වෙහෙසත් වැඩියි.

    විශේෂයෙන්ම මේ වගේ අපහසුදායක කාලගුණ තත්ත්වයක දී පොඩි දරුවන් අරන් සාප්පු සවාරියේ යන එක නම් කිසිසේත්ම අනුමත කරන්න අමාරුයි. එහෙම අරන් යන්නම වෙනවනම් සැමියා බිරිඳ දෙදෙනාගෙන් එක අයෙක් දරුවන්ට සම්පූර්ණ අවධානය යෙදවීම, දරුවන්ට සුවපහසුදායක සහ ක්‍රීඩා කිරීමට පරිශ්‍රයක් ඇති කඩ සාප්පුවලට යෑම සහ හැකි ඉක්මනින් සාප්පු සවාරිය අවසන් කිරීම වගේ කාරණා ගැනත් අවධානය යොමු කරන්නම වෙනවා.

    ආරක්ෂාව

    උත්සව සමය කියන්නේ ගැට කපන්නන්ටත් සැණකෙළි සමයක් නිසා තමන් මිලට ගන්න භාණ්ඩවල, යන එන වාහනයේ, මුදල් පසුම්බියේ, ජංගම දුරකතනයේ සහ තමන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න වෙනවා. වගේම සෙනඟ අතරේ මඟහැරීමට ඉඩ කඩ තියෙන නිසා හැකිතරම් කුඩා දරුවන් රැගෙන නොයන එක තමයි සුදුසුම දේ වෙන්නේ.

    www.familylife.lk
    ©spice4life.co.za

    වෙළඳ උපක්‍රම

    ඔබ අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරි යන්නේ මුළු ජීවිත කාලයටම ඇතිවෙන්න තරම් භාණ්ඩ මිලට ගන්න නෙවෙයි නිසා ලාබදායි වාසිදායක යැයි හිතෙන සියළුම දේවල් මිලට ගැනීම නම් එතරම් සුදුසු දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම උත්සව සමයේ සේල් දමා විකුණන බඩු බාහිරාදිය සියල්ලම පාවිච්චියට නුසුදුසු දේවල් නොවුනත් බොහෝ කඩ සාප්පුවලින් කාලයක් තිස්සේ දූවිලි වැදෙමින් වෙළුණු සහ ඇතැම් විට ඇද පළුදු සහිත භාණ්ඩ, නැවත හුවමාරු නොකරන කොන්දේසිය සහිතව අඩු මිලට විකුණනවා.

    නිසා ඔබට අත්‍යවශ්‍ය වෙන භාණ්ඩ අඩංගු ලැයිස්තුව සාදාගැනීම කියන කාරණය ගැන අපි නැවතත් මතක් කරනවා. සාප්පු සවාරියේ දීමට පෙර මිල ගණන් සහ භාණ්ඩවල තත්ත්වය පිලිබඳ පුළුවන් ආකාරවලින් සැසඳීමක් කර තිබීම ඔබේ පසුම්බිය හිස් නොවෙන්න යම් උපකාරයක් වේවි.

    වගේම  තොග සීමිතයි, අද විතරයි, එකක් ගත්තොත් එකක් නොමිලේ, මේක ගත්තොත් අරක නොමිලේ, වගේ වෙළඳ උපක්‍රම වලට හසු වී තමන්ට අනවශ්‍ය දේවල් පවා මිලට ගැනීමෙන් පාඩු සිදුවන්නේ තමන්ටම බවත් අනිවාර්යෙන්ම මතක තියාගන්න වෙනවා.

    හිතන්න තවත් දේවල්

    නිවසින් පිටවන විට ආහාර ගෙන පිටත් වීම සහ සැහැල්ලු ඇඳුමකින් සහ පාවහන්වලින් සැරසීම ඔබට විශාල පහසුවක් වේවි. වතුර බෝතලයක් කුඩයක්, අවශ්‍ය නම් කෙටි ආහාරයක්, ජංගම දුරකථනය, පසුම්බිය වැනි අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් දැමිය හැකි කුඩා බෑගයක් සහ කුඩා දරුවන් රැගෙන යනවානම් ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍යත් පමණක් අරන් යන්න.

    සාප්පු සවාරිය අතරතුර නිරන්තරයෙන් තමන්ගේ බෑගයේ ඇති භාණ්ඩවල සහ මුදල්වල ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙන අතරේම සාප්පු සවාරිය නතර කල යුතු අවස්ථාව ගැනත් හොඳ අවබෝධයකින් යුතුව ක්‍රියා කරන්න.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    29 ° C
    29 °
    29 °
    78 %
    3.2kmh
    63 %
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    30 °
    Sat
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු