fbpx
More
    31 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පුංචි පැංචෙකුට ගැළපෙන ඉංග්‍රීසි, සිංහල කතන්දර පොත්

    Family Tech Sponsorspot_imgspot_img

    නිරන්තරයෙන් පොත පත ගැන ඔබව දැනුවත් කරන familylife.lk අපි මේ ලිපියෙන් ඔබට අරන් එන්නේ අවුරුදු 2ත් 5ත් අතරෙ පොඩ්ඩන්ට ගැළපෙන ඉංග්‍රීසි සහ සිංහල පරිවර්තන කතන්දර පොත් කිහිපයක් පිළිබඳ තොරතුරු යි.

    අවුරුදු 2 වැඩි දරුවොන්ට විතරක් නෙවෙයි ඊට වඩා වයසින් අඩු දරුවෙකුට වුණත් අපි මේ කියන පොත් බලන්න කිසිම තහනමක් නෑ. විශේෂයෙන් දරුවාගේ පරිකල්පන ශක්තිය දියුණු වීම, බුද්ධි වර්ධනය වීම, භාෂා හැකියාව සහ අවධානය රඳවා තබාගැනීමේ හැකියාව දියුණු වීම ඇතුළු වාසි රැසක් පොත් කියවීම තුළින් ඔබේ දරුවාට හිමි වෙනවා.

    පින්තූර කතා

    www.familylife.lk

    එන්. රැඩිලොව් කියන රුසියානු චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද චිත්‍රවලට පද්‍ය නිර්මාණය කරලා තියෙන්නේ  එන්.ගෙර්නිත් සහ නතාලියා දිලක්තොර්ස්ක්යා කියන රචකයෝ දෙන්නා. රුසියානු බසින් නිමවුනු පොතේ සිංහල පරිවර්තනය ප්‍රකාශයට පත් කෙරෙන්නේ ප්‍රගති ප්‍රකාශකයෝ විසින්.

    මේ පොතේ සිංහල පරිවර්තනය  වගේම ඉංග්‍රීසි පරිවර්තනයත් මිලට ගන්න පුළුවන්කම තියෙනවා. බොහොම අපූරු පින්තුරත්, පින්තුර ආශ්‍රිතව ලියැවුණු වෙනස්ම ආකාරයේ පුංචි පුංචි කවි/ කතන්දරත් මේ පොතෙහි අඩංගු වෙනවා. වගේම පින්තුරය බලාගෙන තනියම කතන්දරයක් කියන්න වුණත් පොඩිත්තට අවස්ථාව ලබා දෙන්න  හැකියාව තියෙනවා.

     

    පුංචි පැටවූ සහ උන්ගේ අම්මලා

    www.familylife.lk

    ජිආං යීමින් කියන චීන ජාතික කතුවරයා විසින් රචනා කෙරුණු මේ පොතේ ඇති හුරුබුහුටි පින්තුර ඇදලා තියෙන්නෙත් ඔහු විසින්මයි. සිංහල පරිවර්තනය සවිමන් උරුගොඩවත්ත විසිනුත්, බෙදාහැරීම අරුණ ප්‍රකාශකයෝ විසිනුත් සිදු කරනවා. මේ කතා පොතසිගිති විද්‍යා කතා පෙළකියන ඉතාම අපූරු පොත් පෙළෙන් එක පොතක් පමණයි.

    පොඩි දරුවොන්ට ගැළපෙන සරල විදියට, බොහෝ අවස්ථාවල සතුන් ආශ්‍රිතව යම් යම් විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමක් තමයි මේ පොත් පෙළෙන් සිදු කෙරෙන්නේ.

     

      පුංචි රවුම් බනිස් ගෙඩිය

    www.familylife.lk

    මේ පොතේ කතුවරයෙක් පිළිබදව සටහනක් ඇතුළත් වෙලා නම් නැති වුනත් සිංහල පරිවර්තනය කැනොල් ප්‍රකාශකයන් විසින් සිදුකෙරිලා තියෙන බව සඳහන් වෙලා තියෙනවා. වයසක ආච්චි කෙනෙක් හදන පුංචි බනිස් ගෙඩියක්, පෝරණුවෙනුයි ගෙදරිනුයි එළියට පැනලා යනකොට මුණගැහෙන අය ගැනයි, අන්තිමට බනිස් ගෙඩියට අත් වෙන ඉරණම ගැනයි තමයි මේ පොතෙන් කියවෙන්නේ. පොඩ්ඩෝ ප්‍රිය කරන ආකාරයේ පින්තුර මේ පොතෙත් අඩංගු වෙලා තියෙනවා.

     

     

    අපූරු කතා

    www.familylife.lk

    කර්නේ චුකොව්ස්කි කියන රුසියානු ලේඛකයා විසින් රචනා කරපුටෙලිෆෝනය, අවුසද හාමි, කාටත් පාඩමක්, නැතිවුණු හිරුකියන ළමා කතන්දර 4 මේ පොතේ අඩංගු වෙනවා. ප්‍රගති ප්‍රකාශකයෝ තමයි මේ අපුරු කතන්දර කීපය කවි කතන්දර විදියට, ලස්සන පින්තූරත් සමග ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ කතා වෙන වෙනම පොත් 4ක් විදියටත් මිලට ගන්න පුළුවන්කම තියෙනවා. දැනුම ලබාදෙන අතරේම විනෝදයත් සපයන කතා පොතක් විදියට මේ පොත හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.

     

     

    Monster in the well

    www.familylife.lk

    පොඩි දරුවෝ අතරේ බොහොම ජනප්‍රිය ළමා කතා ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මියගේලිඳේ යකාකියන කතා පොත ඇතුළුව තවත් පොත් ගණනාවක් කතුවරිය විසින් ඉංග්‍රීසි පරිවර්තනය කරලා තියෙනවා. ඕනෑම පොත් හළකින් මේ පොත් මිලට ගැනීමේ හැකියාව තියෙනවා. අතහැරලා දාපු ළිඳක ජීවත්වෙන යක්ෂයෙක් එතනින් එළියට අරගන්න අදිත් කියන පොඩ්ඩා මේ යක්ෂයව මිනිස්සු එක්ක ජීවත්වෙන්න පුළුවන් තත්ත්වයට පත්කරන ආකාරය ගැන තමයි මේ කතාවෙන් කියැවෙන්නේ.

    කතාවේ සාරාංශය විදියට පොතේ අන්තිමට මෙන්න මේ වචන කීපය සඳහන් වෙලා තියෙනවා.”To make a cruel heart soft and tender, kinder and love are magic wonders”. මේ අවසන් ආදර්ශය ඕනෑම කුඩා දරුවෙකුට තමුන් වැඩිහිටියෙකු වෙන මොහොතේ මතකයේ තිබෙනවානම් කොයිතරම් ලස්සන ලෝකයක් හදන්නට හැකිවේවිද?

    The ugly duckling

    www.familylife.lk

    ලේඩිබර්ඩ් පොත් මාලාවේ පළමු මට්ටමේ(Level 1) පොත්වලින් එකක් ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. පුංචි කාලේ කැතම  කැත තාරාවෙක් විදියට හඳුනගෙන හැමෝම අතහැරලා දාපු හංස පැටියෙක් කාලයත් එක්ක එයාගේ ලස්සන හංස ස්වරූපයට පත්වෙන ආකාරය තමයි මේ කතාවෙන් කියවෙන්නේ. අවුරුදු 3 පොඩි දරුවෙකුට වුණත් කතාවේ වාක්‍ය පවා මතක හිටින ආකාරයට තමයි කතාන්දරය ලියැවිලා තියෙන්නේ.

    ලේඩිබර්ඩ් කතා පොත්වල තියෙන එක් විශේෂත්වයක් විදියටත් ගුණාංගය හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. වගේම කතාන්දරය ඉවර වුනාම බබාගෙන් අහන්න ප්‍රශ්න කීපයක් සහ කරන්න පොඩි ක්‍රියාකාරකමකුත් මේ පොත්වල අඩංගු වෙලා තියෙනවා. එය දරුවාට කතාව කොයිතරම් මතකද කියන දේ දැනගන්නත්, පොතෙන් දැනෙන විනෝදය වැඩි කරවන්නත් හේතුවක් වේවි.

    Hop hop and away

    www.familylife.lk

    Richard Scarry’s Great Big Schoolhouse Readers කියන පොත් මාළාවේ දෙවන මට්ටමේ (Level 2) බොහොම අපූරු පොතක් තමයිහොප් හොප් ඇන්ඩ් අවේකියන්නේ. පාසලේ තියෙන වැඩසටහනකට තමන්ගේ සුරතල් ගෙම්බාව අරන් යන හක්ල් කියන පූස් පැටියා සහ එයාගේ අනිත් යාළුවොත් ගැන තමයි මේ පොතෙන් කියැවෙන්නේ.

    පොඩ්ඩෝ බොහොම කැමතිවෙන විදියේ පින්තුරත් එක්කම එකම විදියට කියවගෙන යන්න පුළුවන් විදියට මේ පොතත් ලියවිලා තියෙනවා. එකම විදියට ලියැවුණු වාක්‍ය තියෙන නිසා කියවීම පුරුදු වෙන දරුවෙකුට පවා මේ පොත කියවීම පහසු වෙනවා කියන්න පුළුවන්.

    At the farm

    www.familylife.lk

    Really Decent Flip Flap පොත් පෙළින් එක් පොතක් වන මෙයින් කියවෙන්නේ ගොවිපොළක ජීවත්වෙන සතුන් කීපදෙනෙක් සහ සතුන් හඬනගන විදියත් පිලිබඳවයි. කවියක් වගේ ලස්සනට වචන ගලාගෙන යන විදියට තමයි පොත ලියවිලා තියෙන්නේ. මේ පොතේ පිටුවක් පෙරළන්නේ දෙපැත්තට.

    කියන්නේ අනිත් පොත්වල වගේ වම් පැත්තට නම් නෙවෙයි. ඉතින් සතාගේ පින්තුරය හරියට ගැළපෙන විදියට පොතේ පිටු පෙරළන එකත් පොඩ්ඩට අභියෝගයක් වෙනවා. මරදානේ සරත් පොත් හළෙන් මේ හාර්ඩ් බෝර්ඩ් පොත් මිලට ගැනීමේ හැකියාව තියෙනවා. වගේම බිග්බෑඩ් වුල්ෆ් වගේ ජාත්‍යන්තර පොත් සල්පිලකින් මිලදීගන්නටත් හැකියාව තිබෙනවා.

    The trouble with the tippers

    www.familylife.lk

    වර්ණවත් සහ විශාල පින්තූරත්, අකුරුත් අඩංගු වෙලා තියෙන මේ පොතට නම් කිසිම පොඩ්ඩෙක් අකමැති වෙන එකක් නෑ. පොතත් ප්‍රමාණයෙන් අනිත් පොත්වලට වඩා විශාලයි. ගොඩනැගිල්ලක් හදන තැනක වැඩකරන ඉදිකරන්නන්ටත් ටිපර් එකකටත් සිදු වෙන අකරතැබ්බයක් ගැන තමයි මේ  කතාවෙන් කියවෙන්නේ.

    එක් එක් පිටුවේ අඩංගු වෙලා තියෙන වචන පිටුවේ පැත්තකින් පින්තුරවලින් වෙනමත් හඳුන්වලා දීලා තියෙනවා. මහ මග දකින්න ලැබෙන විශාල ටිපර් රථයක් වගේම ඉදිකරීම් වැඩ දැක්කම මේ පොත දරුවාට පහසුවෙන් මතක් කරන්නත් පුළුවන්කම තියෙනවා.

     


    ඔබ වැනිම පොතට පතට ආදරය කරන, දැනුමට, රසවින්දනයට ප්‍රියකරන තවත් අයෙකුගේ යහපත වෙනුවෙන් පහත මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    31 ° C
    31 °
    31 °
    68 %
    5.2kmh
    62 %
    Fri
    31 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු