fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    ඉන්ෆ්ලුවෙන්සා උණ ආයෙත් ඇවිත් – පරිස්සටම මේ දේවල් කරන්න

    Family Tech Sponsorspot_imgspot_img

    ඉන්ෆ්ලුවෙන්සා උණ ආයිත් රටපුරා පැතිරෙන්න පටන් අරන් තිබෙන මේ දවස්වල බබාගේ ඇඟ රත්වේගෙන එනකොට අම්මාගේත් ඉහ මොළ රත්වෙන්න පටන් ගන්නවා. පාසැල, පෙර පාසැල විතරක් නෙවෙයි පොදු ප්‍රවාහන, පොදු ස්ථාන අපේම වැරදිවලින් රුකුල් අරගෙන මේ වගේ ලෙඩ හතර වටේට අරන් යන්න ඕනේ වෙලාවක සූදානම්. ඒ කොහොම වුණත් පුංචිම පුංචි දරුවන්ට වගේම ආච්චිලා සීයලාටත් මේ ලෙඩ රෝගවලට ඔරෝත්තු දෙන්න පුළුවන්කමක් නම් නැහැ කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. අන්න ඒ නිසාම ඉන්ෆ්ලුවෙන්සා උණ හදා ගන්නවට වඩා ඒකෙන් වැලකෙන්න උත්සාහ කරන එකයි වටින්නේ. ඒ වෙනුවෙන් දැනුවත් වීම තමයි මූලික වෙන්නේ.

    මොකද්ද‍ මේ රට වටේ යන ඉන්ෆ්ලුවෙන්සාව‍

    ඉන්ෆ්ලුවෙන්සා උණ ප්‍රභේද තුනක් තියෙනවා. ඒ

    • ඉන්ෆ්ලුවෙන්සා A
    • ඉන්ෆ්ලුවෙන්සා B
    • ඉන්ෆ්ලුවෙන්සා A1H1

    ඉන්ෆ්ලුවෙන්සා A, B කොහොම වුණත් 2009 වසරේ ඉඳලම ලෝකේ අධි වසංගතයක් විදියට පැතිරුණු දරුණු තත්ත්වය තමයි ඉන්ෆ්ලුවෙන්සා A1H1 කියන්නේ.

    කොහොමද මේ ඉන්ෆ්ලුවෙන්සාව හැදෙන්නේ

    වෛරසය ආසදිත වූ පුද්ගලයකුගේ සෙම, සොටු දියර, ශ්වසනය මගින් රෝගය නිරෝගි පුද්ගලයෙකුට වැළ‍‍දෙනවා. මේ වෛරසය ශරීර ගත වුණාම මූලිකවම බලපෑම් ඇති කරන්නේ ශ්වසන පද්ධතියට. වෛරසය නාසයෙන් සිරුරට ඇතුළු වෙලා නාසය උගුර ආශ්‍රිතව ආසදනයට ලක්කරනවා.

    ඊට පස්සේ,

    වෛරසය ආසාදනය වෙලා සතියකට විතර පස්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊට විරුද්ධව ප්‍රතිදේහ නිපදවලා වෛරසය පාලනය කරනවා. ඉතිං සාමාන්‍ය හොඳ සෞඛ්‍ය තත්ත්වයක ඉන්න කෙනෙකුට නම් උණ පාලනය කරලා විවේක ගත්තොත් රෝගය සිරුරෙන්ම සුව අතට පත්කරනවා. නමුත් ශරීරය දුර්වල අයෙක්ට නම් වෛද්‍ය උපකාරය අවශ්‍යයි. වයස අවුරුදු 60ට වැඩි අයට වගේම අවුරුදු 5ට අඩු දරුවන්ටත් මේ තත්ත්වය ටිකක් බරපතල විය හැකියි.

    ඉන්ෆ්ලුවෙන්සා උණ

    ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයේදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ සාමාන්‍ය වෛරස් උණකදී පෙන්නුම් කරන රෝග ලක්ෂණ වලට බොහෝ දුරට සමානයි. ඒ කියන්නේ සෙම්ප්‍රතිශ්‍යව, නාසයෙන් සොටු දියර ගැලීම, ඇඟ පතේ මෙන්ම හිසේ වේදනාව, ඇස් රතු වීම වගේ ලක්ෂණ. ඒත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයේදී මේ රෝග ලක්ෂණ, වෛරස් උ‍ණ තත්ත්වයේදීට වඩා බොහොම තදින් ඒ කියන්නේ දරුණු විදියට පෙන්නුම් කරනවා.

    ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ

    • අධික උණ
    • මස්පිඩු වේදනාව
    • තදබල හිසේ වේදනාව
    • ඇස් ආශ්‍රිත ආසදන
    • වමනය/පාචනය
    • අප්‍රාණික බව

    ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයට ප්‍රතිකාර නැද්ද?

    ඉන්ෆ්ලුවෙන්සාවේදී සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයේ සිටින අයෙක් නම් වෛරස උණ තත්ත්වයේදී වගේම විජලනයට ලක් වීම වළක්වා ගැනීම සඳහා වැඩිපුර දියර වර්ග ලබාගනිමින් වි‍වේකීව කාලය ගත කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම උෂ්ණත්වය පාලන කිරීම සඳහා පැරසිටමෝල් ලබාගත හැකියි. දින තුනක් ගත වුණත් උණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂාවකට යොමු විය යුතුයි.

    ඒත් වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන්, වයස අවුරුදු 60 වැඩි වැඩිහිටියන්, ගැබිනි කාන්තාවන් වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ගැටලු තියෙන අය නම් මේ තත්ත්වයේදී මුල ඉඳලම වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම අවශ්‍යයි.

    ඉන්ෆ්ලූවෙන්සා උණ පැතිරෙන එක වළක්ව ගන්න බැරිද?

    බැරි නැහැ. ඒත් ටිකක් අපහසුයි. ඒකට අපි කවුරුත් කල්පනාකාරී වෙන්න ඕනේ. ඕනෑම බෝවන රෝගයකදී අනෙක් අය ගැනත් හිතලා සැලකිලිමත් වෙනවා නම් රෝග පැතිරීමේ අවදානම අවම කරගන්න පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා උණ රෝග තත්ත්ව පැතිරීම අවම කරගන්න නම්,

    • සම්පූර්ණයෙන් සුව වන තුරු වැඩිහිටි ඔබ රැකියාවට යාම, පොදු ස්ථානවල ගැවසීම නතර කරන්න
    • රෝගී දරුවන් පෙර පාසැල් / පාසැල් යැවීම නොකරන්න
    • මුඛ ආවරණයක් භාවිත කරන්න.
    • රෝගය සීග්‍රයෙන් පැතිර යන කාලයේදී පොදු ස්ථානවල ගැවසීම හැකිතාක් අවම කරන්න
    • පොදු ස්ථානවල පොදු ප්‍රවාහන සේවාවල ගමනාගමනයෙන් පසු හොඳින් පිරිසිදු වන්න
    • තමාගේ පරිහරණය සඳහා ලේන්සු / ටිෂූ කඩදාසි / තුවා වෙන්කර තබාගන්න
    • ආසදිත පුද්ගලයෙකුගේ පිඟාන / කෝප්පය භාවිත නොකළ යුතුය.
    • ලේන්සුවක් / ටිශූ කඩදාසියක් නොමැති අවස්ථාවක රෝගී ඔබ කිවිසීම සඳහා වැලමිට භාවිත කිරිම මගින් ආසදනය ව්‍යාප්ත වීමේ අවදානම අවම කරගත හැක.

    අද වන විට ඉන්ෆ්ලූවෙන්සා රෝගය සඳහා වූ එන්නත පෞද්ගලික අංශයේ රෝහල් වෙතින් ලබාගත හැකි අතර ඔබේ වෛද්‍යවරයා හමු වී අවශ්‍ය නම් ඒ පිළිබඳව උපදෙස් ලබාගන්න.


    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය ඒ. එම්. එස් පතිරණ මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


     

    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු