fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    එළවලු පළතුරු මිලාධික කාලවලට පවුලේ පෝෂණය රැකගන්නෙ මෙහෙමයි

    Family Tech Sponsorspot_imgspot_img

    එළවලු පළතුරු වලින් වැඩිවෙන ජීවන වියදමට සැළකිවයුතු දායකත්වයක් ලැබුණත් ආහාර වේලක් සමබලව පිලියෙළ කරගන්න මේ දේවල් අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන් ම හිතාගන්න බැරි විදියට ඉහළ යන එළවලු මිල මට්ටු කරන එක පාරිභෝගිකයින් වන අපිට කරන්න බැරි දෙයක් වුණත් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමෙන් ඉහළ මිල ගණන් නිසා ඇතිවෙන අපහසුතා අවම කරගැනීමේ හැකියාව නම් තියෙනවා.

    මේ නිසා එළවලු මිල වැඩි කාලෙට පවුලේ පෝෂණය රැකෙන විදියට ආහාර සම්බන්ධව ක්‍රියාකරන ආකාරය ගැන කතා කරන්න familylife.lk අපි තීරණය කළා. හැබැයි ඉතින් එක කාල සීමාවකට කොටු නොවී එදිනෙදා ජීවිතයේදි මේ කියන පියවරවල් අනුගමනය කළොත් නම් සෑහෙන වියදම් ප්‍රමාණයක් අඩු කරගන්නත් හැකියාව ලැබේවී. 

    ගහෙන් කඩාගත්ත ගමන් තියෙන එළවලු පළතුරු ම අවශ්‍ය නෑ.

    හැම අවස්ථාවකදි ම නැවුම් ආහාර බෝග ම ලබාගන්න තියෙන හැකියාව අඩු නිසා වියළාගත්, ශීතකර කල්තබාගත්, සකස් කර බෝතල් කරගත්, බීම ආකාරයට පිළියෙල කරගත් වගේ ආකර කිහිපයකින්ම තියෙන එළවලු පළතුරු පරිභෝජණයට මැළිවෙන්න එපා. ඒ ඒ ආකාරවලින් ආහාරයට ගන්න පුළුවන් බෝග ලාභදායි මුදලකට මිලට ගන්න හැකි ස්ථාන හොයාගන්න පුළුවන් නම් තවත් වාසිදායක වෙනවා.

    එළවලු පළතුරු

    එක එක දවසට වෙන වෙනස් දේවල් කන්න.

    සතියකට සැරයක් සතියටම ගැළපෙන්න මීල් ප්ලෑන් එකක් හදලා ඒ කෑම වර්ග පිළියෙළ කරන්න අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණවලින් විතරක් මිලට ගන්නවනම් නාස්තිය අවම වෙනවා වගේම විවිධත්වයක් ඇතුව ආහාර පිළියෙළ කරගන්නත් හැකියාව ලැබෙනවා. 

    එළවලු පළතුරු බහුල කාලයට මිලට අරන් කල්තියාගන්න පුළුවන් විදියට සකස් කරගන්න.

    එළවලුවක් හෝ පළතුරක් බහුලව දකින්නට ලැබෙන කාලවලදි ටිකක් වැඩිපුර අරගෙන කල්තියෙන විදියට සකස් කරලා පසුව පාවිච්චියට ගැනීම අපේ රටේ ඉවුම් පිහුම් කලාවට අලුත් දෙයක් නම් නෙවෙයි. හැබැයි මේ විදියට තොග අරගන්නකොට මතක ඇතුව ඇත්තටම තමුන් ආහාරයට ගන්නවනම් විතරක් මිලට අරන් නිවැරදි ක්‍රමවලටම කල්තියා ගන්න උත්සහ කරන්න.

    විකල්ප පාවිච්චි කරන්න

    කඩල, කව්පි, මුං වගේ ඇට වර්ග,කොස් පොළොස්, පැපොල්, පලා වර්ග වගේම මීට කලින් මිලට ගත්තේ නැති එළවලු පළතුරු වර්ගත් මේ කාල සීමාවේදි උත්සහ කරලා බලන්න. විශේෂයෙන් ම ආහාරයට ගන්න සුදුසුයි කියලා නොදැන හිටියත් ආහාරයට සුදුසු පලා වර්ග එහෙම ගෙවත්තේ වැවිලා තියෙන්න ඉඩ ඇති නිසා ඒ ගැනත් අවධානය යොදවන්න.

    පොෂ්‍යදායි ආහාරවලට වැඩි මුදලක් වෙන් කරන්න.

    එළවලු, පළතුරු ගණන් ගියත් ඒවා කෑම වේලෙන් ඉවත් කරන එක ශරීර සෞඛ්‍යට නම් සුබදායක නෑ. ඒ නිසා වෙනත් කාලවලදි ක්ෂණික ආහාරවලට, ඇගට ගුණ නැතත් ලේසියට කන මිලාධික ආහාරවලට පොඩ්ඩක් තිත තියලා එළවලු පළතුරුවලට වැඩි මුදලක් වෙන් කරන්න උත්සහ කරන්න.

    වගාකරුවන්ගෙන් මිලට ගන්න.

    මේ දේ නම් හැමෝටම කරන්න අපහසු වෙයි. හැබැයි කෙළින්ම ගොවියන්ගෙන් ආහාර බෝග මිලට ගන්න පුළුවන්කමක් තියෙනවනම් නැවුම් සහ ලාභදායක දේවල් මිලට ගන්න අවස්ථාව ලැබෙනවා.

    එළවලු පළතුරු

    අලුත් ආහාර වට්ටෝරුවලට ආහාර පිසගන්න.

    ගොඩක් වෙලාවට අපි පුරුදුවෙලා ඉන්නේ ලේසියට එකම ක්‍රමවලට එළවලු පිසගන්න. ඒ වගේම ගෙදර ගෙනාව එළවලු වලින් පොඩ්ඩක් ඉතුරුවෙලා තියෙනවනම් වේළිලා ගියාම විසිකරලා දානවා. හැබැයි මේ විදියට විසිකරන්නේ නැතුව ගැළපෙන එළවලු කීපයක් එකට එකතු කරලා උයාගන්න, එහෙමත් නැත්තන් සලාද හදාගන්න හෝ අලුත් ම වට්ටෝරුවකට පිසගන්න උත්සහ කරනවනම් සල්ලි දීලා අරන් එන කෑම වර්ග අපතේ යෑමෙන් වැළකෙනවා. පළතුරු වර්ගවලිනුත් බීම, අතුරුපස වගේ දේවල් පිළියෙල කරගන්න හැකියාව ලැබෙනවා.

    තවත් විස්තර මේ ලිපියෙන් – එළවළු පිසීමේදී පෝෂණය රැකගන්න මේ ක්‍රම අත්හදා බලන්න

    ගෙදර ගෙනත් කපාගන්න.

    ගොඩක් වෙලාවට සුපිරි වෙළදසැල්වල කපලා අසුරපු එළවලු සහ පළතුරු විකිණීම සදහා තියෙනවා. මේවා සාමාන්‍ය මිලට වඩා ඉහළ මිලකට තමයි අලෙවි කරන්නේ. ඒ වගේම එළවලු, පලා වර්ග පිසගන්නා අවස්ථාවේදීම කපන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ.

    ආහාර බෝග නිවැරදිව අසුරන්න.

    ගොඩක් වෙලාවට එළවලු වර්ග අසුරන්නේ ශීතකරණයේ. මෙහෙම අසුරනකොට එළවලු වර්ග, විශේෂයෙන්ම පලා වර්ග වේළිලා කොළ හැලිලා නාස්ති වෙනවා. භාජනවල ඇසීරීම, පත්තර පිටුවලින් ආවරණය කර බෑග්වල ඇසිරීම, සිප් ලොක් බෑග්වල ඇසිරීම, සෝදා පිරිසිදු කර වතුර වේලා ශීතකරණයේ දැමීම වගේ සුදුසු ක්‍රමයකට අසුරන්න පුරුදු වෙනවනම් මේ නාස්තියත් අවම කරගන්න ඉඩ ලැබෙනවා.

    අවශ්‍ය තරමට විතරක් උයන්න.

    පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයට පමණක් ආහාර පිළියෙල කරගන්නවා නම් අපතේ යෑම අවම වෙනවා. ආහාර ඉතිරිවෙනවා නම් ශීතකරණයේ දමා ඊළග වේලට එකතුකරගන්නත් හැකියාව තියෙනවා.

    එළවලු පළතුරු

    වගා කරන්න

    තමන්ටම කියලා වගාවක් පවත්වාගෙන යනවානම් එළවලු පළතුරුවල ගණන් නොබලා වස විස නැති නැවුම් ආහාර පරිභෝජනය කරන්න අවස්ථාව ලැබෙන නිසා පවුලේ හැමෝමත් එක්ක එකතුවෙලා ගෙවතු වගාවක් පටන් ගන්න එකත් හොදම පිළියමක් විදියට පෙන්වන්න පුළුවන්.

    තවත් විස්තර මේ ලිපියෙන් – ගෙවතු වගාව ගැන උනන්දු අය දැනගත යුතුම දේවල් මෙන්න


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු