fbpx
More
    31 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවන්ට වින කරන උණ හා සෙම්ප්‍රතිශ්‍යාව ගැන දැනගනිමු

    Family Tech Sponsorspot_imgspot_img

    දෙමාපියන්ට දරුවන්ගේ නීරෝගීකම පවත්වාගෙන යාම තරම් සතුටක් තවත් නැත. එහෙත් පුංචි පැටවුන්ට නිතරම වින කරන්නෙ උණ හා සෙම්ප්‍රතිශ්‍යාව කියන තත්ත්වයයි. දරුවන් අසනීප වෙනවා කියන්නෙ මව්වරුන්ට ඇතිවන බරපතලම හිසරදයයි. එනිසාවෙන්ම familylife.lk අපි මෙවර දරු සෙනෙහස තුළින් දරුවන්ට වැළඳෙන උණ හා සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබව දැනුවත් කරන්න සිතුවා.

    දරුවන්ට උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිමට හේතූ සලකා බලමු

    සෙම්ප්‍රතිශ්‍යාව හා උණ වැළඳෙන්න ප්‍රධානම හේතුව වෛරස්. කුඩා දරුවන්ට පරිසරයේ පවතින වෛරස් ආගන්තුකය. එම නිසා තවත් කෙනෙකුගෙන් ඉක්මණින්ම වෛරස් රෝග කුඩා දරුවන්ට බෝවීමේ සුලබතාවයක් තිබෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව පෙර පාසලේදී හා පාසලේදී දරුවන්ට ඉතාම පහසුවෙන් බෝ විය හැකිය.

    එසේම වැඩි දෙනෙක් ගැවසෙන ස්ථාන වලදි අසාදිතයන්ගෙන් දරුවන්ට බෝවිය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති කෙනෙකුගේ නාසයෙන් ගලන සොටු දියර හා කිවිසන විට බිඳිති ලෙස වාතයට මුසු වූ විට එම විෂබීජ වලින් දරුවන් අසාදනයට ලක් වෙනවා.

    www.familylife.lk

    දරුවාට උණ ඇත්දැයි නිවැරදිව හඳුනාගන්න

    දරුවාගේ නළලට අත තබා, මුහුණට මුහුණ තබා ආදී බැලීම සිදු නොකරන්න. උණ බැලිය යුතු විශ්වාසදායී ක්‍රමය උණකටුවකින් ශරීරයේ උෂ්නත්වය බැලීමයි. එනිසා නිවසේ උණ කටුවක් තබා ගන්න.

    උණ ඇතිවන්නේ ඇයි?

    උණ ගැනීම ස්වාභාවික ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වන ක්‍රමයකි. වෛරසයක් ශරීරගත වූ විට අපගේ ශරීරය උෂ්ණත්වය ඉහළ දමාගන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කරගැනීමටයි.

    උණ හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට මේ රෝග ලක්‍ෂණ ඇත්නම් නොපමාව දරුවා වෛද්‍යවරයෙකුට යොමු කරන්න

    • දින තුනකට වඩා උණ පැවතීම
    • වමනය හෝ උදරයේ ඇතිවන වේදනාව
    • ප්‍රමාණවත් තරම් දියර වර්ග පානය නොකිරීම
    • විජලනයේ රෝග ලක්ෂණ ලෙෂ පෙන්නුම් කිරීම.එනම් වෙනදාට වඩා අඩුවෙන් මුත්‍රා පහවීම
    • අලසකම සහ නුරුස්නා ගති පැවතීම
    • අසාමාන්‍ය නිදිමත
    • දැඩි හිසරදය
    • බෙල්ලේ ඇති වන දැඩි අපහසුතාවය
    • ශ්වසන අපහසුතා
    • නොනවත්වා හැඬිම
    • කනෙහි ඇති වන වේදනාව
    • දිගුකල් කැස්ස පැවතීම
    • හිර වු නාසය හා සෙම්ප්‍රතිශ්‍ය ලක්ෂණ දින 10 කට වඩා වැඩි කාලයක් පවතී නම්.
    • ප්‍රතිකාර ලබා දී දින දෙකක්, හෝ හතරක් ගත වනවිට නාසයේ මාර්ගයේ වේදනාවක් ඇතිබව පවසයි නම්.
    www.familylife.lk
    ©parents.com

    උණ පාලනය කරන්නට පැරසිටමෝල් ලබා දිය හැකියි

    • දරුවාට උණ ඇති වූ විට පැරසිටමෝල් සිරප් හෝ පෙති ලබාදිය යුත්තේ දරුවාගේ වයසට අනුව නොව දරුවාගේ ශරීර බර අනුවයි.
    • පැරසිටමෝල් ලබා දිය යුත්තේ අවම වශයෙන් පැය හයක් ගත වූ පසුවයි.
    • නියමිත වාර ගණනට වඩා වැඩි වාරයක් පැරසිටමෝල් ලබා දීමෙන් දරුවාට දැඩි හානියක් සිදුවිය හැකියි.
    • මව්වරුන් බිය විය යුත්තේ දරුවාගේ උණ ගැන නොව උණ පාලනය කිරීමට පැරසිටමෝල් අධික මාත්‍රාවක්ලබා දීම පිළිබඳවයි.

    උණ පාලනය කිරීමට වෙනත් ඖෂධ දෙන්නට පෙර මේ ගැනත් සිතන්න

    • උණ පාලනය කිරීමට වෙළෙඳ පොළේ විවිධ ඖෂධ ඇත. එහෙත් ඒවා භාවිතයෙන් අතුරු ආබාධ රැසක් ඇතිවිය හැකි බව මතක තබා ගන්න.
    • මෙම ඖෂධ දරුවන්ගෙ වකුගඩු වලට බරපතල බලපෑම් කරයි.
    • ඩෙංගු වැනි රෝගී තත්ත්වයන් වලදී මෙවැනි ඖෂධ පරිහරණය කළහොත් ශරීරයේ අභ්‍යන්තර ලේ ගැලීම් ඇතිවිය හැකිය.
    • දරුවාට එක දිගටම උණ පවතින විට
    • දරුවාගේ ඇඳුම් ලිහිල් හෝ ඉවත් කරන්න.
    • පිරිසිඳු රෙදි කඩක් ඇල් මැරුණු ජලයෙන් තෙමා දරුවගේ ඉකිලි කිහිළි තෙතමාත්තු කරන්න
    • විදුලි පංකාවක් ක්‍රියාත්මක කර තබන්න.
    • උණ ඇති අවස්ථා වලදී දරුවාට හැකිතාක් දියර වර්ග ලබා දෙන්න. එමගින් ශරීරයේ උෂ්නත්වය පාලනය කර ගැනීමටත් දරුවා විජලනයට පත්වීමත් වලක්වා ගත හැකිය.
    www.familylife.lk
    ©consumerreports.org

    සෙම්ප්‍රතිශ්‍යාවේදී කුඩා දරුවාන්ට පීඩාකාරී නාසය සිරවීම

    සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට ආසාදනයන්ට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා ශේෂ්මල වැඩි වෙන බැවින් නාසය සිරවීමට ලක්වේ. වයස අවුරුදු 3 ක් පමණ වන තෙක් දරුවන්ට නාසයෙන් සොටු සූරා ඉවත් කිරීම කල නොහැකිය. එනිසා සොටු දියර සිරවී තිබීමෙන් දැඩි අපහසුතාවයකට ලක්වේ. මෙම තත්ත්වයන්ට පහත ආකාරයට කටයුතු කල හැකිය.

    • නින්දේදී දරුවාගේ හිස ඉහල සිටින සේ නිදි කරවන්න.
    • ඒ සඳහා කොට්ට තැබීම හෝ මෙට්ටය හිස තිබෙන පැත්තෙන් ඔසවා තැබිය හැකිය. එමගින් දරුවාට ශ්වසනය පහසු කරවයි.
    • සේලයින් විසඳුම – සේලයින් දරුවන් සඳහා විශේෂයෙන් සාදන ලද විසඳුමක් වන අතර ඔබගේ දරුවාගේ නාසයේ ශේෂ්මල තුනි කිරීමක් සිදු කරයි.
    • නාස් කුහර පිරිසිදු කරන උපකරණයක් භාවිතා කරන්න.
    • ඔබේ දරුවා සජලනය කර තබන්න
    • දියර භාවිතය ඔබේ දරුවා සජලනය කර තබන බවට සහතික වනවා පමණක් නොව නාසයේ වු ශේෂ්මල තුනී කර තදබදය අඩු කර ගැනීමට එය උපකාර කරයි. ජලය, කිරි සහ යුෂ සුදුසුයි. චිකන් සුප් ඉතා සුදුසුයි.

    උණ හා සෙම් ප්‍රතිශ්‍යව වැළඳීමෙන් දරුවා ආරක්ෂා කරගමු

    • පළතුරු සහ එළවළු සමග සමබල ආහාර වේලක් ලබාදෙන්න.
    •  නිවසේ අයෙකුට වෛරසය ආසාදනය වූ විට කිවිසුම් යන විට බිඳිති විසිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් භාවිත කිරීම.
    • මව්කිරි දෙන මවකට ආසාදනය ඇති වූ විට අනිවාර්යයෙන්ම මව්කිරි දෙන අවස්ථාවේදී මුඛ ආවරණයක් භාවිත කිරීම.

     

    උණ හා සෙම්ප්‍රතිශ්‍යව ඇති විට දරුවාගේ පිරිසිඳු බව

    වෛරස් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙරෙහි යම් බලපෑමක් ඇති කරන අතර, දරුවා වෙනත් ආසාදන තත්වයන්ටද ගොදුරු කරන්නට හැකියි. එනිසා දරුවාගේ පිරිසිඳුව තබා ගැනීම ඉතා වැදගත්. ඇතැම් මව්වරුන් රෝගී තත්ත්වය සමනව වූ පසුවද දරුවන් නෑවීම පමා කරයි. නැවත මෙම දරුවන්ව රෝගී විය හැක්කේ අපිරිසිදුකම නිසා ඇති වන බරපතල ආසාදන තත්ත්වයන් හේතුවෙන් විය හැකිය. එනිසා රෝගය සමහනය වූ පසු දරුවා නහවා පිරිසිඳුව තැබීම ඉතා වැදගත්ය.

     

    www.familylife.lkමෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සේනක ගුණතිලක මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.

     


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    31 ° C
    31 °
    31 °
    68 %
    5.2kmh
    62 %
    Fri
    31 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු