fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවන් හිංසනයට ලක්වීම ට පාසැලේ / පෙරපාසලේ ඇති ඉඩකඩ අහුරන්න

    Family Tech Sponsorspot_imgspot_img

    දරුවන් හිංසනයට ලක්වීම කියන කාරණය මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක්ග විශේෂයෙන් නව පාසැල් වාරය ආරම්භ වීමත් සමගම අලුතින් පළුමු වසරට හා පෙරපාසැල් සඳහා ඇතුලත් කරන දරුවන් සිටින මවුපියන් අතර මෙම මාතෘකාව කතාබහට ලක්වනවා. මෙතෙක් කල් නිවසේම සිට අළුත් පරිසරයක මුහු වන දරුවන්ගේ ක්‍රියාකාරකම් විවිධාකාරයි.

    කතාවට අපි කියන්නේ පුංචි දරුවෝ මල් වගේ කියලනේ. හැබැයි මේ පුංචි මල් සමනල්ලු ඉස්කෝලෙදිත් පෙර පාසලේදීත් එහෙමම ඉන්නවද? එහෙමත් නැත්තන් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තවත් පොඩ්ඩෙකුට හිරිහැර කරන්න පෙළඹෙනවද?

    සරදම් කිරීම, ඇනුම් පද කීම, නම් පටබැඳීම, කොන් කිරීම, පහර දීම, පයින් ගැසීම සහ සියලුම ශාරීරික සහ මානසික වද හිංසා මේ හිරිහැරවලට අයත් වෙනවා. Famillylife.lk අපි මේ ලිපියෙන් කතා කරන්නේ පාසලේදී/පෙර පාසලේදි ඔබේ දරුවා හිංසනයට ලක් වෙනවනම් (Bullying) ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැනයි. 

    දරුවන් හිංසනයට ලක්වීම

    කුඩා අවධියේදි සම වයස් කණ්ඩායම් අතින් දරුවන් හිංසනයට ලක්වීම , දරුවාගේ ආත්ම විශ්වාසයට විශාල වශයෙන් අහිතකර විදියට බලපානවා. විශේෂයෙන්ම ගුරුවරුන් සහ මව්පියන් මෙයට මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා. දරුවන්ගේ ප්‍රශ්න දරුවන්ටම විසදා ගැනීමට අවස්ථාව දිය යුතු වුවත් වැඩිහිටියන් ඒ ගැටළුවලට මැදිහත් විය යුතු සීමාව පිළිඹදව ඔබ මනා අවබෝධයකින් සිටිය යුතු වෙනවා. එවැනි අවස්ථාවක ඔබට පහත සදහන් ආකාරයට ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා.

    ඇහුම්කන් දීම

    හිංසනයට ලක්වෙන දරුවාට විශාල අවධානයක් සහ ආදරයක් ලබා දිය යුතු අතර වැඩි වැඩියෙන් සෙනෙහස දැක්වීම අත්‍යවශ්‍ය වෙනවා. සිදු වූ දේවල් පිලිබදව සරල ප්‍රශ්න අසමින් සම්පූර්ණ විස්තරය ගැන දැනුවත් වී සිදුවීම පිලිබදව සත්‍ය කරුණූම අනාවරණය කරගෙන සාරංශගත කරගන්න.

    ඇතැම් දරුවන් අධික බිය නිසා කරුණු වසන් කිරීමට පවා ඉඩ තියෙන නිසා දරුවාගේ සිතේ විශ්වාසයක් ඇති කර සියළුම කරුණු හෙලිකරගන්න. මෙවැනි අවස්ථාවක කණගාටුවට පත්වීම, පීඩනයට හා බයට පත්වීම ඉතා සාමාන්‍ය දෙයක් බව පවසා දරුවා අස්වසන්න.

    දරුවා නිකරුනේ හිංසනයට පත්වීම ඔහුගේ වැරැද්දක් නිසා සිදු වන දෙයක් නොවන බව වටහා දෙන්න. දරුවාගේ මව්පියන් වශයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවා වටහා දෙන්න. ගුරුවරුන් පාසලේදී තත්ත්වය මැඩපවත්වන අතරතුරේදි මව්පියන් නිවසෙදි දරුවාට ශක්තියක් විය යුතු වෙනවා.

    දරුවන් හිංසනයට ලක්වීම

    සන්සුන්ව සිටින්න

    තමන්ගේ දරුවා දිගින් දිගටම වෙනත් අයෙක්ගෙන් හිංසාවට පත් වීම කිසිම අම්මෙකුට තාත්තෙකුට ඉවසන්න පුළුවන් දෙයක් නොවන බව අපි දන්නවා. නමුත් ඔබ කෝපයට පත්ව සිටියත් ඒ බව දරුවාට අගවන්න එපා. කෝපයට පත්වී ප්‍රශ්න විසදීම සිදු කළ නොහැකි බව දරුවාට හැගෙන්න සලස්වන්න. දරුවා සමගත්, අදාළ අනෙකුත් පාර්ශවයන් සමගත් මේ ගැන සාකච්ඡා කළ යුත්තේ ඉවසීමෙනි. 

    තේරුම් කරන්න

    වෙනත් අයෙකු හිංසාවට පත් කිරීමට දරුවෙක් පෙළඹිමට බලපාන්න පුළුවන් කරුණු ගැන දරුවාට වැටහෙන ආකාරයට තේරුම් කරන්න. හිංසකයා ඇතැම් විට කවුරුන් හෝ අනුකරණය කරනවා විය හැකියි. ඒ දෙය නිවසේදී අහන දකින හෝ අත්විදින දෙයක් විමට බොහෝ දුරට ඉඩ තියෙනවා.

    ඒ දරුවා අනෙක් අය සමග සහයෝගයෙන් සමගියෙන් සිටින ආකාරය ගැන නොදන්නවා වීමටද ඉඩ ඇත. එහෙමත් නැත්තන් අධි ක්‍රියාශීලි දරුවෙක් හෝ එයට සමාන තත්ත්වයකින් පෙළෙනවා වීමටත් ඉඩ තියෙනවා. කවරාකාරයෙන් ගත්තත් දරුවා ක්‍රියා කරන ස්වභාවයට දරුවගේ මව්පියන් සහ වැඩිහිටියන් වගකිව යුතු බවට වටහාගෙන දරුවාටත් එය තේරුම් කර දෙන්න උත්සහ කරන්න.

    මේ ගැන තවදුරටත් අවබෝධයක් ලබාගන්න මේ ලිපිය කියවන්න – දරුවන්ගේ කරදරවලට හේතු නැතුවාම නෙවෙයි…

    ගුරුවරුන් සමගින් සාකච්ඡා කරන්න

    මේ දෙය අනිවාර්‍යෙන්ම සිදුවිය යුතු වෙනවා. ගුරුවරුන් වශයෙන් මේ තත්ත්වය මැඩ පැවැත්වීමේ හැකියාව ඔවුන් සතුවිය යුතු ය. ගුරුවරුන් සමග එක්වී පියවරක් ගන්නා බව දරුවාටත් දන්වා සිටින්න. ඉතා ඉවසිලිවන්තව හා පෞද්ගලිකව ගුරුවරයා සමග කතා කර සිදුවීම පිළිඹදව දන්වා උපකාර ඉල්ලන්න.

    සිදුවීමේ සත්‍ය බරපතල බව වටහා දී මෙයට අනිවර්යය විසදුමක් තිබිය යුතු බව පවසන්න. විසදුමක් සාකච්චා කිරීමෙන් සතියකට පමණ පසු ප්‍රතිපල විමසන්න. ගුරුවරුන් සමග දිගින් දිගටම සම්බන්ධතාවය තබාගන්න.

    දරුවන් හිංසනයට ලක්වීම

    හිංසා කරන දරුවා සමග කතා කරන්න.

    ඉතා ඉවසීමෙන් සහ ආදරයෙන් එය සිදු කිරීමට වග බලා ගන්න. ඇතැම් විට ඒ දරුවාද වැඩිහිටියන්ගේ උපකාර අවශ්‍යකරන  දරුවෙක් වීමට ඉඩ තියෙනවා. අදාළ දරුවාගෙ මව්පියන් සමගත් සාකච්ඡා කරන්න. තත්ත්වය සමනය කරගැනීමට ඔවුන්ගෙනුත් උපකාර ඉල්ලන්න. මෙවැනි අවස්‍ථාවක අනිවර්යයෙන්ම ගුරුවරයාගේ මැදිහත් වීම මත මෙවැනි සාකච්ඡා සිදු කරන්න.

    මේ ගැන තවදුරටත් අවබෝධයක් ලබාගන්න මේ ලිපිය කියවන්න – දරුවන් ගැන ඔබේ මැසිවිල්ල ඔවුන්ගේ සැනසිල්ලට හරවන්න

    ඉවසිලිවන්තව හිංසකයාට විරුද්ධව නැගී සිටින ආකාරය දරුවාට කියා දෙන්න. 

    උදා:- “මට ගහන්න එපා, මට ගොඩක් රිදෙනවා. මාව වැටුනොත් තුවාල වෙන්න ඉඩ තියෙනවා”

    හිංසා කරන දරුවන් මගහැර අනෙකුත් දරුවන් සමග සිටින ලෙසත්, හිංසාවට පත්කරන්න උත්සහ කරන විට කෙළින්ම ගුරුවරයාට දන්වන ලෙසටත් උපදෙස් දෙන්න. දරුවාගේ අනෙක් මිතුරන්ගේ සහයෝගය මෙවැනි අවස්ථාවක ඉතාමත් වැදගත් වෙනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු