fbpx
More
    32 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    දරුවාට පෙර පාසලක් තෝරා ගැනීමට පෙර මේ ගැනත් සිතන්න.

    Family Tech Sponsorspot_imgspot_img

    familylife.lk ෆැමිලි ටුඩේ තුළින් අපි අද කතා කරන්නේ දරුවෙකුට පෙර පාසලක් තෝරාගැනීමේදී මව්පියන් අවධානය කළ යුතු කරුණු පිළිඹදවයි.

    දරුවෙකුගේ මුල් ළමා විය සංවර්ධනය පිලිබද මූලික වගකීම මව්පියන්ට පැවරිලා තිබුණත් නිවසේදී සියළුම අත්දැකීම් ලබා දීම අපහසු දෙයක්. මව්පියන්ගේ කාර්ය බහුලත්වය මේ දේට සැළකිය යුතු බළපෑමක් කරන නිසා තමන්ගේ පොඩිත්තා පෙර පාසල් වෙත යොමු කරන්න දෙමව්පියන් යොමු වෙලා තියෙනවා.

    මූලිකවම මව්පියන් පෙර පාසල් අධ්‍යාපනය පිළිබද අවශ්‍ය තරම් අවබෝධයකින් යුක්ත නම් දරුවාට සුදුසු පෙර පාසලක් තෝරාගැනීම එතරම් අපහසු කරුණක් නෙවෙයි. ගැනත් අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අනෙක් අතට  ළදරු පාසලක්  තෝරාගන්න කලින් ප්‍රධාන වශයෙන්ම දරුවා සම්බන්ධව ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කීපයක් තියෙනවා. මෙයින් ඇතැම් කරුණු පිළිබඳව පුහුණුවක් පෙර පාසලෙන් ලබා දෙනවා වුවත් මව්පියන් විසින් නිවසේදී යම් තරමක හුරුවක් ලබා දී තිබීම දරුවාට පෙර පාසලේදී පහසුවක් වීමට ඉඩ තියෙනවා.

    • දරුවාගේ වයසඅවම වශයෙන් අවුරුදු 3ක් වීම වඩාත් සුදුසුයි.
    • කායික මානසික සූදානමළදරු පාසලකට යෑමට, මිතුරු මිතුරියන් ඇති කර ගැනීමට, ක්‍රීඩා කිරීමට සහ ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට තරම් කැමැත්තක් සහ ශාරීරික නිරෝගීතාවයක් තිබීම.
    • තනිව ආහාර ගැනීමට ඇති හැකියාව
    • තනිව ශරීර කෘත්‍යය කරගැනීමේ හැකියාවතනිවම කරගැනීමට හෝ අවශ්‍යතාවය ප්‍රකාශ කිරීමට හැකියාව තිබීම.
    • කථන හැකියාව.- අදහස් ප්‍රකාශ කිරීමට සහ අන් අය සමග අදහස් හුවමාරු කරගැනීමට හැකි වීම දරුවාට පහසුවකි.
    • ආචාර විධිකතා බහ සහ හැසිරීමෙහි ආචාරශීලී බව
    • තමන්ගේ ආරක්ෂාව පිළිබද හැඟීමතම ශරීරය, නාදුනන්නගෙන් විය හැකි අනතුරු යනාදිය ගැන අවබෝධයක් ලබා තිබීම.
    www.familylife.lk
    ©holmdelpreschool.com

    මේ ආකාරයට ඔබත් ඔබගේ දරුවාත් සූදානම් නම් සුදුසු පෙර පාසලක් පරීක්ෂා කිරීමේ හැකියාව ඔබට තියෙනවා. පළමුව ඔබේ හිතවතුන්ගෙන් නිර්දේශ ලැබූ, ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන ආකාරයේ පෙර පාසල් කීපයක් පිළිඹදව අවධානය යොමු කරන්නඑම පෙර පාසල්වල පහත සදහන් ලක්ෂණයන් ඇතිදැයි සොයා බලන්න.

    1. පෙර පාසල අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි වූ නිසි ප්‍රමිතියකින් යුතු එකක් විය යුතුයලියාපදිංචි සහතිකය සහ ඊට අදාළ වෙනත් කරුණු පිළිබඳව විමසා සිටීමේ සහ පරීක්ෂා කිරීමේ අයිතිය ඔබ සතු .

    2. පෙර පාසල් පාලිකාවන් නියමිත අධ්‍යාපන සුදුසුකම්වලින් සහ නිසි පුහුණුවක් ලැබූ අය විය යුතුයි. මේ පිළිබඳවද පැකිළීමකින් තොරව විමසා බලා නිරවුල් කරගත යුතුයිඔවුන් කරුණාවන්ත, ආදරණීය අවංක සහ පිරිසිදු (ශාරීරිකවපුද්ගලයින් වීම ඉතාමත් වැදගත් කරුණකි.

    3. පෙර පාසල පිහිටා ඇති ස්ථනය ඔබගේ නිවසට, කාර්‍යාලයට ආසන්න ස්ථානයක් වීම ඔබටත් දරුවාටත් පහසුවකි. එය ආරක්ෂාකාරී සහ පිරිසිදු පරිසරයක පිහිටා තිබීම අත්‍යවශ්‍යයිඑමෙන්ම පෙරපාසල සහ අදාළ උපකරණවල ආකර්ෂණීය බවත් ආරක්ෂාකාරී බවත් දරුවා තුළ ප්‍රියතාවයක් ඇති කිරීමට හේතු වේ.

    4. දරුවන් ප්‍රමානයට සරිලන පාලිකාවන් සංඛ්‍යාවක් සිටිය යුතු. දරුවාට ප්‍රමාණවත් ආරක්ෂාවක්, අවධානයක් ලබා දිය හැක්කේ එවිට .

    5. විෂය නිර්දේශය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. පෙර පාසල් අධ්‍යාපනයට අකුරු ඉගැන්වීම තහනම් වූවත් ඇතැම් පෙර පාසල් තුළ විභාග පවා පවත්වන බව අසන්නට ලැබේ.

    www.familylife.lk
    ©elchc.org

      මුල් ළමා විය සංවර්ධනයට මූලිකවම අයත් වන්නේ බුද්ධි වර්ධනය, කායික වර්ධනය, සෞන්දාර්‍යාතමක වර්ධනය, සමාජයීය හාචිත්තවේග සංවර්ධනය යන කරුණු වේ. යටතට, පින්තූර පෙන්වමින් කතා කියාදීම සහ කතා ගොඩනැගීමට අවස්ථාව ලබා දීමවස්තූන්වල සමාන අසමානකම් සෙවීම, කුරුටුගෑම, ඇඹීම, කඩ ඉරි මත ඇදීම, පාට කිරීම, වස්තූන් සහ පින්තූර වර්ගීකරණය, නිරීක්ෂණ නිගමන වලට එළඹීම, අවකාශීය හැකියාවන් වර්ධනය කිරීම, ක්‍රීඩා කිරීම, කණ්ඩායම් හැඟීම වර්ධනය, උපදෙස් පිළිපැදීමට හුරු කිරීම, නිර්මාණකරනය, නැටුම් ගැයුම් වැයුම්, ඉදිරිපත්වීමේ හැකියාව වර්ධනය කිරීම, ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දීම, තම වාරය එනතෙක් ඉවසීමට හුරු කරවීම, සමාජය හා ගනුදෙනු කිරීම හුරු වීමට ඉඩ ලබා දීම, අවස්ථාවට සහ ස්ථානයට ගැළපෙන ලෙස හැසිරීමට හුරු කිරීම සහ පරිසරය අධ්‍යනය වැනි කරුණු අයත් වේ.

    ඔබ තෝරාගන්න ළදරු පාසල මූලිකත්වය දෙන්නේ ඉහත සදහන් කරුණුවලට අදාළ ක්‍රියාකාරකම්වලට , එසේත් නැතනම් අකුරු කියවීම ලිවීම වැනි දේවල්වලටද යන්න හොඳින් සොයා බලන්න.

    6. පෙර පාසල තුළ කටයුතු කෙරෙන භාෂා මාධ්‍ය යන කරුණට වැඩි අවධානයක් ලබා දෙන්න. මෙය ඔබගේ දරුවා පසුකාලීනව ඇතුළත් කරවන පාසලටද අදාළ කරුණකිපෙර පාසල් සහ පාසල් ඉගැන්වීම් කටයුතු කෙරෙන භාෂා මාධ්‍ය අතර නොගැලපීමක් තිබීම දරුවා අපහසුතාවයට පත් කරන්නක් විය හැකි . නමුත් මේ වන විට ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම ඉගැන්වීම කෙරෙන පෙර පාසල් බහුල නිසා එය විශාල ගැටළුවක් නොවීමට ඉඩ තිබේ.

    7. ගෙදර වැඩ ලබාදීම, විභාග වැනි දෑ පෙර පාසල් දරුවෙකුට අවශ්‍ය නොවේ. නමුත් මේ දේවල් සිදු කෙරෙන පෙර පාසල් පවතින බැවින් ගුරුවරුන් හා කතා බස් කර එය පැහැදිලි කරගැනීම වැදගත් වේ.

    8. පෙර පාසලට පිරිසිදු ඉතිහාසයක් ඇතිද, එහිදී දරුවන්ට හිංසා පීඩා සිදුවී ඇත්ද, මුදල් වංචා වැනි දෑ සිදු වී ඇත්ද යනාදිය පිළිඹදව සොයා බලන්න.

    www.familylife.lk
    ©teacher.org

    9. දරුවාගේ උපන් හපන්කම් සහ හැකියාවන් දියුණු කරගැනීමට, දරුවාට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන සහ වයසට ගැළපෙන අධ්‍යාපනයක් ලබාදෙන පෙර පාසලක්ද යන්න සොයා බලන්න.

    10. නිතර නිතර මුදල් එකතු කරන සහ වසරේ වැඩි කාලයක් වර්ෂාවසාන විවිධ ප්‍රසංගයට දරුවන් වෙහෙසවමින් පුහුණු කරන පෙර පාසලක් නම් එය තෝරාගැනීමට පෙර දහස් වතාවක් සිතන්න.

    11. ගුරුවරුන් සහ දරුවන් එකිනෙකාට දක්වන ආදරය, ගෞරවය, අනෙක් දරුවන් උදෑසන පෙර පාසලට එන විට සහ ආපසු පිටවී යනවිට දක්වන ප්‍රතිචාරයන් නිරීක්ෂණය කරන්න. දරුවා පෙර පාසලට ඇතුළත් කිරීමට පෙර දින කිහිපයක් පෙර පාසලට පැමිණ මේ පිළිබඳව අධ්‍යනයක යෙදෙන්න. අසල්වැසියන්ගෙන්අනෙක් දරුවන්ගේ මවුපියන්ගෙන් තොරතුරු ලබාගන්න.

    12. අවසන් වශයෙන් ඔබ තෝරාගන්න පෙර පාසල සම්බන්ධව ඔබගේ සිතට ස්වභාවිකව දැනෙන සැබෑ හැඟීම අනුව කටයුතු කරන්න. හිතේ සැක සංඛා තබා ගනිමින් දරුවා පෙර පාසලකට ඇතුළත් නොකරන්න. දරුවාගේ අදහස් විමසීමට අමතක නොකිරීම ඔබගේ වගකීමක් බව සිහියේ තබාගන්න.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරූපය – dominellimusic.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    32 ° C
    32 °
    32 °
    68 %
    4.9kmh
    26 %
    Fri
    32 °
    Sat
    29 °
    Sun
    28 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු