fbpx
More
    27.8 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පොඩ්ඩා ගෙනා දවසේ ඉඳලා ලොක්කට විශේෂ අවධානය අවශ්‍යමයි.

    Family Tech Sponsorspot_imgspot_img

    පවුලකට සාමාජීකයන් එකතු වෙනවා කියන්නේ පවුල තුළ වගකීම් වගේම සතුටත් වැඩි වන කාරණයක්. ඔය කාරණය නිවසේ මවටත් පියාටත් නෑදෑයන්ටත් පරිපූර්ණ හැඟීමක් ගෙන ආවත් මේ වෙන කොටත් පවුලේ දරුවෙක් හෝ දරුවෝ ඉන්නවා නම් අලුත් අමුත්තාගේ ආගමනය සෘජුවම ඒ දරුවන්ට බලපාන බව නම් මොහොතකටවත් අමතක කරන්න එපා. අද අපි familylife.lk දරු සෙනෙහස තුළින් පොඩ්ඩා ගෙනා දවසේ ඉඳලා ලොක්කව බලාගන්න හැටි ගැන කතා කරමු

    www.familylife.lk
    ©http:kristinmilitophotography.com

    විශේෂ අවධානය වැඩිමල් දරුවා වෙත යොමු කරවන්න

    පුංචි කිරි කැටියෙක් නිවසට ආවම හැමෝගෙම අවධානය ආදරය නිරායාසයෙන්ම හිමි වෙන්නේ මේ අලුත් අමුත්තට. දෙමාපියන් වගේම අලුත උපන් බබා බලන්න එන අමුත්තොත් දැනගන්න වැඩිමල් දරුවාට විශේෂ අවධානය ලබා දෙන්න.

    ඔහු හෝ ඇය වෙනුවෙනුත් යමක් ගෙන යන්න. ගෙදරට එන අමුත්තන්ට ඒ බව අමතක නම් දෙවරක් නොසිතා මව හෝ පියා වන ඔබ අමුත්තන්ගේ විශේෂ අවධානය වැඩිමල් දරුවා වෙත යොමු කරවන්න.

    දෙවන දරුවා නොආවා නම්…

    දෙවන දරුවා එන විට කාගේත් අවධානය, ආදරය දිනාගත් වැඩිමලා අවධානයෙන් ගිලිහෙන්නේ කාටවත් නොදැනිමයි. අපි කවුරුත් සාපේක්ෂව හිතන්න පුරුදු වෙලා ඉන්න නිසාදෝ “එයා දැන් ඉතින් ලොකුයිනෙ” යන සිතුවිල්ල සමගම මෙතෙක් දරුවට ලද සැලකිලි අහිමි වෙනවා.

    දෙවන දරුවා නොආවා නම් තවමත් ඔබේ ලොකු දරුවා ඔබට පොඩි දරුවාම නොවේද? එනිසා ඔබේ අලුත් සිඟිත්තා හා සංසන්දනය කරමින් ලොකු දරුවා වැඩිහිටියෙක් කරන්නට උත්සහ නොකරන්න.

    ආදරය අහිමි වෙනවට කවුද කැමති ?

    වැඩිහිටියෝ වුණු අපිටත් ආදරයක වෙනසක් දරාගන්නට බැරි නම් මේ ලඳ බොළඳ දරුවෝ කොහොමද තමන්ට විතරක්ම හිමි වුණු ආදරේ බෙදිලා යනවා බලා ඉන්නේ. දෙමාපියෝ තමන්ගේ දරුවන්ට අසීමිතව ආදරෙයි. ඒත් අලුත ආපු දරුවට දක්වන සැලකිල්ල එක්ක වැඩිමල් දරුවෝ තමන්ට ආදරේ අහිමි වෙනවා කියලා හිතන එක සාමාන්‍ය දෙයක්.

    අලුත් සිඟිත්තාට ඔබ නොසිතා දෙන හාදුවකට, වචනයකට, බැල්මකට පවා වැඩිමලාගේ පූර්ණ අවධානය යොමු වී ඇති බව අමතක කරන්නට එපා. වැඩිමල් දරුවා ගැන වැඩිපුර හිතන්නට වගේම ඔහු/ඇය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්නත් අමතක කරන්න එපා.

    වාරණ දැමීමට පෙර දෙවරක් සිතන්න

    තවත් දරුවෙක් ඉන්නකොට අම්මගේ වැඩ රාජකාරි දෙගුණ වෙනවා. ඔන්න දැන් ඉතින් අම්මගේ වාරණ ලොක්කට වැටෙන්න පටන් ගන්නවා.

    “හා හා මල්ලි නිදි කෑගහන්න එපා”
    “ආ… ආ… ඕක මල්ලිගේ ක්‍රීම් එක”

    තම නිදහස, අයිතීන්, ආදරය, අවධානය අඩු වූ බවට මුල්ම ඉඟිය වැඩිමලාට දැනෙන්නේ අපිට නොදැනීමයි. ඉතින් ලොකු දරුවා පොඩි දරුවා සමග ගැටුම ආරම්භ වෙනවා. අලුත් සිඟිත්තා මුල් කර වැඩිමල් දරුවාගේ නිදහස සීමා කිරීමට පෙර දෙවරක් සිතන්න.

    www.familylife.lk
    ©laparent.com

    තරවටු කරන්නට ගියොත් නම් තත්ත්වය බරපතලයි

    කොයිතරම් අපි වෙනසක් නොකළත් පුංචිම වැරැද්දක් හරි අල්ලගන්න දරුවෝ හපන්නු. ඔන්න ඔය වෙලාවට අලුත් නංගියට මල්ලියට අක්කගේ හෝ අයියගේ කෙනිත්තිල්ලකට, පහර දීමකට ලක්වෙන්න සිද්ධ වෙනවා. ඒත් ඉතිං ඒකට වැඩිමල් දරුවාට තරවටු කළොත් නම් තත්ත්වය බරපතල වෙන්නට පු`ඵවන්. හොඳම දේ චාටුවෙන් එවැනි ක්‍රියා නොකිරීමට පොළඹවා ගන්න.

    “නංගි අයියට ආදරෙයිලු… ඒක නිසා රිද්දන්නේ නැතිව ඉමු නේද පුතේ”
    “නංගී එහෙම කිව්වද?”
    “ඔව් එයා ආවෙත් ඔයා නිසා”
    “හා මම ආයේ රිද්දන්නේ නැහැ”

    වැඩිමල් දරුවාගෙන් අවසරයක් ගන්න

    අම්මාට අලුත් සිඟිත්තා ළඟ වැඩි කාලයක් ඉන්න සිද්ධ වෙනවා. කිරි දෙන්න, තෙමුණු ඇඳුම් ඉවත් කරන්න, පැටියව පිරිසිදු කරන්න වගේ පුංචි වැඩ මහ ගොඩයි. මවක් වන ඔබ සූක්ෂම විය යුතුයි. හැකි සෑම විටම වැඩිමල් දරුවාගේ කැමැත්ත ලබා ගෙන සිඟිත්තාගේ වැඩ කටයුතු කරන්න.

    ඔයාගේ මල්ලි පැටියට බඩගිනි වෙලා, කුක්කු ටිකක් දෙමුද ? සෑම විටම සිඟිත්තා වැඩිමල් දරුවාගේම බව හඟවමින් ආමන්ත්‍රණය ඔබට ප්‍රයෝජනයක් වනු ඇත.

    ඔබේ වැඩිමල් දරුවාව, ඇස්මානයේම තබාගෙන වගකීම් පවරන්න. නංගී/මල්ලි බලාගන්නට, අඳුම්පැළදුම් තෝරන්න වගේම දවසට එක්වරක් හරි නංගි/මල්ලි උකුලේ තියාගෙන හුරතල් කරන්න, ආදරේ කරන්න කියාදෙන්න. මෙවැනි දේ හරහා වැඩිමල් දරුවා මානසික වශයෙන් තනි වීම, දුක් වීම මගහරවා ගන්නට උත්සාහ කරන්න.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    27.8 ° C
    27.8 °
    23 °
    78 %
    3kmh
    31 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු