fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    නින්දේදී ගෙරවීම සාමාන්‍ය දෙයක් කියල නම් හිතන්න එපා

    Family Tech Sponsorspot_imgspot_img

    ඔබ නොදන්න, අනිත් අයට වදයක් වුණ, සමහර විට ඔබටම වදයක් වුණ නින්දේදී ගෙරවීම අපි සාමාන්‍ය දෙයක් ලෙස බැහැර කලත් එසේ බැහැර කල නොහැකි තත්ත්වයක්. familylife.lk අපි සුව පියස තුළින් අද කතා බහ කරන්නෙ සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්ත්වයක් වන නින්දේදී ගෙරවීම සම්බන්ධවයි.

    “ගර්…ගර්… ගර්…”
    “අපෝයී නින්දක් නැහැ මෙයාගෙ ගෙරවිල්ල නිසා”
    “ආ… මම ගොරවනවා”
    “නැතිව, හරියට පරණ එන්ජින් එකක් ස්ටාට් කරලා වගේ ”

    ඇතැම් විට ගොරවන තැනැත්තාට ශාරීරිකව හා මානසිකව බලපාන අතරම ගොරවන තැනැත්තා සමග නිදන සාමාජිකයන්ටද ශාරීරිකව හා මානසිකව මෙම තත්ත්වය නිසා ගැටළු ඇතිවිය හැකිය.

    ඇයි නින්දෙන් ගොරවන්නේ ?

    ගෙරවීමට බලපාන හේතුව හුස්ම ගැනීම හා සම්බන්ධයි. සාමාන්‍යයෙන් අපේ ශ්වසන මාර්ගය දහවල් කාලයට වඩා රාත්‍රී කාලයේදී ප්‍රමාණයෙන් අඩුවීමක් සිදුවෙනවා. එසේම ඇතැම් පුද්ගලයන්ගේ විවිධ හේතූන් නිසා සාමාන්‍ය තත්ත්වයට වඩා ශ්වසන මාර්ගය පටුවීම හේතුවෙන් හුස්ම ගැනීමේදී ශබ්දයක් පිටවේ.

    ශාරීරික හා ඇතැම් පුරුදු නිසා ශ්වසන මාර්ගයේ අර්ධ අවහිරතාවය හේතුවෙන් හුස්ම ගැනීම අපහසු වේ. මේ නිසා අර්ධව අවහිර වූ මාර්ගය ඔස්සේ වායු ධාරාවක් ගමන් කිරීමෙන් ශබ්දයක් නිකුත් වේ.

    නින්දේදී ගෙරවීම

    ඇතැමුන් නින්දේදී ගොරවන්නේ පහත ශාරිරික ව්‍යුහමය ගැටලුකාරී තත්ත්වයන් නිසාය

    • ශ්වසන මාර්ගයේ පැති බිත්ති අධික ලෙස හැකිලීම.
    • නාසයේ ඇති අවහිරතා තිබීම.
    • එනම් නාසයේ බිත්තියේ ඇඳ තිබීම , නාසයේ මස් දළු තිබීම.
    • මෘදු තල්ල විශාලව පිහිටීම සහ එහි අධික නම්‍යශීලිභාවය නිසා.
    • ඉතා විශාල දිවක් පිහිටා තිබීම.
    • විශාල ඇඩිනොයිඩ් ග්‍රන්ථියක් පිහිටීම.
    • සෙම් ගෙඩි විශාල වීම.
    • අපිජීවිකාවේ අධික නම්‍යශීලිභාවය.
    • ස්ථූලභාවය නිසා ගෙලෙහි අධික මේදය තැනැපත්ව තිබීම.
    • ඇතැමුන් නින්දේදී ගොරවීමට හේතුව ඔවුන්ගේ ජීවන චර්යාවේ විවිධ පුරුදු විය හැකිය.
    • අධික ලෙස නිදිමැරීම.
    • දුම්පානය කිරීම.
    • මත්පැන්, හා මත් බෙහෙත් භාවිත කිරීම.

    නින්දෙන් ගෙරවීමට ගොදුරු වූවෙක් නම්

    • දහවල් අධික නිදිමත
    • අධික තෙහෙට්ටුව
    • අධ්‍යාපනයට හෝ රැකියාවට අවධානය යොමු කිරීමට නොහැකිවීම
    • අධික රුධිර පීඩනය නිසා හිසරදය ඇති වීම

    වැනි තත්ත්වයන්ගෙන් පීඩාවට ලක්වේ. එසේම ගොරවන පුද්ගලයකු සමීපයේ නිදන අයටද සුව නින්දක් නොලැබෙන අතර එය පවුලේ අසමගියට හේතු වේ. එසේම අන් සාමජිකයන්ට අධික රුධිර පීඩන තත්ත්වයන් හා නින්ද ආශ්‍රීත රෝගද ඇතිවිය හැකියි.

    ගෙරවීමේ රෝගය නිසා වෙනත් රෝග වැළඳිය හැකිය

    • හෘදයට, මොළයට, රුධිර වාහිනීවලට මෙම තත්ත්වය තදින් බලපානු ලබයි. ඉතා තරුණ වියේදීම අධික රුධිර පීඩනයට, හෘදයාබාධ වලට හා ආගාධයන්ට ගොදුරු විය හැකිය.
    • ලිංගික බෙලහීනතාවය ඇතිවීමට ද සරුභාවය අඩුවීමට ද රුධිරයේ ඔක්සිජන් මඳ බව හේතු වන බව දැන් සොයාගෙන තිබේ.

    නින්දේදී ගෙරවීම

    නින්දෙන් ගෙරවීම සුව කරගත හැකිද?

    • උගුර,කන , නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වන්න. එහිදී ඔබේ නාස, උගුර හොඳින් පරීක්ෂා කරනු ඇත.
    • ඔබට දහවලට නින්ද ඇති වීම පිළිබඳ වෛද්‍යවරයා හොඳින් අධ්‍යනය කොට ඔබව නිද්‍රා පරීක්ෂණයක් සඳහා යොමු කර නින්දෙන් ගෙරවීම හා සම්බන්ධ ශ්වසන අවහිරතා පිළිබඳ නිගමනයකට එළැඹ ඒ අනුව ප්‍රතිකාර තීරණය කරනු ඇත.
    • නින්දෙන් ගෙරවීමට හේතු වන නාසයේ ඇදයක් තිබේනම්, සෙම් ගෙඩි තිබේනම් හෝ උගුරේ හෝ නාසයේ වෙනත් ආබාධයක් තිබේනම් ශල්‍යකර්මයක් මගින් එම තත්ත්වයට විසඳුමක් ලබා ගත හැකිය.
    • තරබාරු බව නිසා නින්දෙන් ගොරවන්නේ නම්, තරබාරු බව පාලනය කිරීමෙන් එම තත්ත්වයෙන් මිදිය හැකිය.
    • නින්දෙන් ගොරවන පුද්ගලයන් සඳහා “සී පැප්” නමින් හැඳින්වෙන උපකරණය වෛද්‍ය උපදෙස් අනුව වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට හැකිය. එම උපකරණය පැළඳගෙන නින්දට යාමෙන් නින්දෙන් ගෙරවීම පාලනය කළ හැකිය. “සී පැප්” උපකරණය සැමවිටම ස්වසන මාර්ගය විවෘත කර තැබීමට උපකාරී වෙනවා. පුද්ගලයා මහත පුද්ගලයකු වුවත්, ශ්වසන මාර්ගයේ වෙනත් අවහිරතා තිබුණත්, මෙම සී පැප් උපකරණය මගින් නිරන්තරයෙන්ම උගුර, ග්‍රසනිකාව යන ස්ථාන විවෘතව තබා පෙනහළු තුළට පහසුවෙන් වාතය ඇතුළු කරනු ලැබේ. එසේ වාතය පෙනහළු තුළට ඇතුළු වන්නේ උපකරණය මගින් අධික පීඩනයකින් වාතය තල්ලූ කිරීම නිසයි. මෙම සී පැප් උපකරණය ඉතා පහසුවෙන් භාවිතා කළ හැකි අතර පැළඳගෙන සිටීමටද පහසු උපකරණයක්ය.

    ඉතින් ඔබටත් හොරා ඔබ තුලින් නින්දෙන් ඇති වන අමිහිරි ගෙරවීමට පියවරක් ගෙන ඔබත් සතුටින් නීරෝගීව ජීවත් වන්න.


    www.familylife.lkමෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් ගෝල්ඩන් කී රෝහලේ උගුර කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු