fbpx
More
    31 C
    Colombo
    Friday, October 4, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    නින්ද නැති රැයේ… සිදුවන දේ දැනගන්න, මේ ලිපිය කියවන්න…

    Family Tech Sponsorspot_imgspot_img

    Familylife.lk සුවපියස තුළින් අද අපි කථා කරන්නේ හැමෝගෙම ශාරිරක සහ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට අත්‍යාවශ්‍යම සාධකයක් වන නින්ද පිළිබඳවයි. 

    අපි හැමෝගෙම ශාරිරක සහ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට නම් නින්ද අත්‍යාවශ්‍යම සාධකයක්. යන්ත්‍රයක් වුවත් එක දිගටම ක්‍රියාත්මක කළහොත් ක්‍රියා විරහිත වන බව අපට අමුතුවෙන් කිවයුතු නැත. මිනිස් ශරීරයේ ප්‍රධාන පාලක මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමටත් නිසි ලෙස පවත්වාගෙන යාමටත් නින්ද ලබා ගත යුතුය.

    නින්දේදී සිදු වන දේ

    • අපි අවදිව සිටින සෑම විටම අපේ මොළය ක්‍රියාකාරීයි. මොළයට විවේකයක් ලැබෙන්නේ නින්දේදීය.
    • කුඩා දරුවන්ගේ වර්ධනයට අත්‍යාවශ්‍ය මානව වර්ධක හෝමනය ශ්‍රාවයවීම සිදුවන්නේ නින්දේදීය.
    • දිනපතා අපේ ශරීරයේ හානි වන පටක යලි අලුත් වැඩියාවීම .
    • හොඳ නින්දකින් ආයුෂ වැඩි කරන අතරම පෙනුමද ආරක්ෂා කරයි.
    • දවස පුරාම ඔබ රැස් කරගත් තොරතුරු දිගුකාලීන මතකයක් ලෙස තැන්පත්වීම සිදුවන්නෙ නින්දේදීය.
    • ශරීරයේ බර පවත්වාගෙන යාමට නින්ද උපකාරී වේ.
    www.familylife.lk
    ©timeslive.co.za

    ඔබට ප්‍රමාණවත් නින්දක් නොලැබුනහොත්

    • පසු දිනය ඇරඹන්නට සිදුවන්නෙ අලසවය.
    • ඇස් රතුවීම, ඇසිපිය හා ඇස් අවට ඉදිමීම, ඇස් වටා අඳුරු පැහැවීම, සහ යටි ඇසිපිය එල්ලා වැටීම , ඇස් වටා රැලි හටගැනීම, ඉදිමීමක් දැකිය හැකිය. පර්යේෂකයන් පවසන ආකාරයට එසේ වීමට හේතුව වන්නේ නිසි නින්දක් නොලැබීම නිසා හෝමෝන ක්‍රියාකාරීත්වය අඩපන වීමය’
    • මෙහි සෘජු බලපෑම වන්නෙ ඔබේ ශරීරයේ බර වැඩිවීමයි. ඔබේ එයට හේතුව කස ගින්න කෙරෙහි බලපාන හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පාලනය නොවීමයි.
    • නින්ද නොලබා විඩාවට පත්වුණු පසුව ගන්නා තීරණ එතරම් නිවැරදි සහ තියුණු නොවන ඒවා වීම.
    • නින්ද මට්ටු කිරීමට කැෆෙන් අඩංගු ආහාර පාන වලට යොමුවනු දැකිය හැක. නමුත්. කෙටි කාලීනව කැෆෙන් අඩංගු ආහාර පාන වලින් නින්ද පමා කලත් දිගුකාලීනව එසේ කිරීමෙන් නින්ද නොයාම ( හෝ අනිසි බිය හටගැනීමට වැඩි අවදානමක් ඇත.
    • නොරුස්සනා සුළු බව, නින්ද නොයාම සමග ඇතිවන ප්‍රධාන ලක්ෂණයකි.
    • කෙසේ වුවත්, නැවත සාමාන්‍ය ලෙස නිදාගැනීමෙන් අනතුරුව ඔවුන් යථා තත්ත්වයට පත්වීම සිදුවිය.
    • මානසික අවපීඩනය, මානසික ඒකාග්‍රතාවය සහ මතකය දුර්වල වීම.
    www.familylife.lk
    ©natural-cure.org

    දිනකට කොපමණ වෙලාවක් නින්ද අවශ්‍යද?

    බොහොමයක් අවුරුදු 18 වැඩි වැඩිහිටියන්ට දිනකට පැය 7-9 ක් නිදාගැනීම ප්‍රමාණවත්ය.. කුඩා දරුවන්ගේ වර්ධනයට අවශ්‍ය මානව වර්ධක හෝමෝනය (්‍යමප්බ ඨරදඅඑය ්‍යදරපදබැ) ශ්‍රාවය වන්නේ ද නින්දෙහි පසුවන විට බැවින්, ඔබේ දරුවා හොඳින් නිදාගැනීම ඔහුගේ හෝ ඇයගේ මනා වර්ධනයට ඉතා වැදගත් වේ.

    එනිසා අලුත උපන් දරුවකුට මාස 2ක් ගත වන තුරු, පැය 12ක 18ක වේලාවක්ද, මාස 3 සිට අවුරුද්දක් පමණ වන තුරු,  පැය 14-15ක්ද, වසර 1ත් 3ත් අතර පැය 12-14ක්ද, වසර 3-5ත් අතර පැය 11- 13ක්ද වයස 5ත් 12 ත් අතර පැය 10- 11 ද, වයස 12ත් 18 අතර පැය 8ක් 9ක්ද ප්‍රමාණවත්ය.

    සුවදායක නින්දක් ලැබීමෙන්

    • දවස පුරා වෙහෙස වූ ඔබේ මොළයට විවේකයක් අත්‍යවශ්‍යමයි. නින්දේදී මොළයේ සිදු වන ප්‍රතිසංස්කරණ නිසා පසු දින ඔබට නැවුම් ජීවයක් ලැබෙනු ඇත.
    • නැවුම් බවකින් අවදි වන නිසා දිනය පුරාවටම ඔබ කරන කටයුතු සාර්ථක කරගත හැකිය.
    • හොඳ නින්දක් ලැබීමෙන්, ඔබේ ක්‍රියාකාරීත්වය, මානසික තත්ත්වය (ඵදදා), සහ මානසික ඒකාග්‍රතාවය වැඩිදියුණු වෙනවා. ඒ වගේම, ඔබ වැඩකරන අතරතුර අනතුරු වලට ලක්වීමට සහ තුවාළ වීමට ඇති ඉඩකඩත් අවම වෙනවා.
    • දිනපතා ඔබගේ ශරීරයේ හානි වන පටක යලි අලූත්වැඩියා කරගන්නේත් ඔබ නින්දෙහි පසුවන විටයි. ඒ නිසා, හොඳ නින්දක් ලබාගැනීම ඔබගේ ජීවිත කාලය වැඩිකරනවා මෙන්ම, ඔබගේ පෙනුම ආරක්ෂා කරගැනීමටත් වැදගත් වෙනවා.
    • වැදගත් තොරතුරු දිගුකාලීන මතක ගබඩාවෙහි තැන්පත් වන්නෙ නින්දෙහි පසුවන විටදීය. නින්ද යාමට පෙර මතකයේ තබාගත යුතු තොරතුරු නැවත මෙනෙහි කිරීම ඔබේ මතකය තවත් වැඩිකරනු ඇත.
    • හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, සන්ධි ප්‍රදාහ , අධික රුධිර පීඩනය වැනි රෝග වලට ඇති අවදානම අවම වේ.
    • අකාලයේ වයසකට යාම වලක්වයි.
    • හොඳ නින්දක් මගින් ඔබේ ප්‍රතිශක්තිය ද වැඩිවේ.
    • ප්‍රමාණවත් නින්දක් ලැබීමෙන් දිගුකලක් සුවෙන් සිටීමට හැකියාව ලැබේ.
    • සෞඛ්‍ය සම්පන්න බරක් ඔබේ ශරීරයේ පැවතීමට ද නින්ද ඉවහල් වේ.

    සුවදායක නින්දකට ඇවසි සාධක

    සුවදායක නින්දකට ප්‍රමාණවත් කාලයක් නිදා ගැනීම මෙන්ම නිදා ගන්නා ඇදෙහි මතුපිට සකස් වී ඇති ආකාරය, මෙට්ටය සහ කොට්ටයත් වැදගත්ය. එසේම ඔබ නිදා ගන්නා ඉරියව් හේතුවෙන්ද ඔබට සුවදායක නින්දක් අහිම් වීම මෙන්ම රෝග රැසකට මුහුණ දීමටද සිදු වනු ඇත

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම නොමසුරුව ලබා දෙමින් වරලත් භෞතචිකිත්සක සංගමයේ ජාතික සංවිධායක, ෆිසියෝ ලයිෆ් ආයතනයේ අධ්‍යක්ෂ, වරලත් භෞතචිකිත්සක ආචාර්ය සුජීව වීරසිංහ මහතා දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරුපය – anxiety.org

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    31 ° C
    31 °
    31 °
    68 %
    5.2kmh
    62 %
    Fri
    31 °
    Sat
    29 °
    Sun
    27 °
    Mon
    28 °
    Tue
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු