fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    නිවාඩු කාලය ඵලදායීව ගෙවන්න දරුවා හුරු කරන්න.

    Family Tech Sponsorspot_imgspot_img

    නිවාඩු කාලය ඉස්සර තාලයේ නම් දරුවන් බොහොම සතුටට පත් වුනා. ඒ වගේම දෙමව්පියන්ටත් කිසියම් සැනසිල්ලක් ලැබුනේ තමන්ගේ දරුවන් සමග සතුටින් ටික දිනක් ගෙවන්න, ගමනක් යන්න කාලය එළැඹෙන නිසයි. ඒ වුනත් අද දවසේ දෙමව්පියන්ට නිවාඩු කාලය සමග ඇති වෙන ගැටලු එදාට වඩා වෙනස්. සාමාන්‍ය රටාවට අනුව උදේ දරුවන් පාසලට පිටත් කරලා තමනුත් කාර්යාලයේ වැඩට ගියාම නැවත දරුවන්ගේ දිනපතා පාසල සහ අතිරේඛ පංති අවසානයේදී සියලු දෙනාම හවසට නිවසට පැමිනියත් දැන් ඒ රටාව වෙනස්…

    දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ…

    • දරුවන් දවල්ට කවුද රැකබලාගන්නේ…

    ඔන්න දෙමව්පියන්ට ඇති වෙන මුල්ම ගැටලුව. අම්මාට ඉන්න විදිහකුත් නැහැ. ඇයගේ රැකියාව සමග ඒ තත්වයත් අපහසුයි. දරුවන් තනියම නිවසේ තියන්නත් බැහැ. ඔය ගැටලුව නිසා විටින් විට නිවාඩු ලබා ගනිමින් කොහොම හෝ දරුවන් රැක බලා ගන්නා නිවාඩු කාලය ඉතාම ගැටළුකාරී පරිසරයක් බවට පත් වෙනවා.

    • තත්වය හැම දෙනාටම පොදුයි…

    හැම දෙයක්ම නෑ..බෑ කියන තැනට පත් නොකොට දෙමව්පියන් විදිහට ඒ වෙනුවෙන් විකල්ප සෙවීමත් අවශ්‍යයි. දරුවන්ට නිවාඩු කාලය නිවාඩුවක් විදිහට ගෙවන්න අවසරය ලබා දීම වැඩිහිටියන්ගේ යුතුකමක්. එහෙමනම් නිවාඩු කාලය අර්ථාන්විතව දරුවන්ට ගත කිරීමට ඉඩ සලසා දීමත් ඉතාම වැදගත්.

    • කෝචිචියෙන් ගමට යනවා. කිරියි පැනියි කාලා එනවා..

    අද වගේ විද්යුත් සන්නිවේදනයන් බහුල නොවුන යුගයක හැම නිවාඩුවක්ම දරුවන් තමන්ගේ පවුලේ උදවිය සමග ගත කිරීම සාමාන්‍ය සිදුවීමක්. අම්මා, තාත්තාගේ සහෝදර සහෝදරියන්, දෙමව්පියන් සමග පුංචි අය නිවාඩු කාලය ගෙවලා නැවත පාසල පටන් ගනිද්දී පිටත් වෙලා එන්නේ ඊළග නිවාඩුව ගත කරන ආකාරය ගැනත් සැලසුම් සදා ගෙන. අධිවේගී මාර්ග පහසුකම් නොතිබුන මේ යුගයේ ඔවුන් කෙසේ හෝ කාලය ඒ වෙනුවෙන් සලසා ගත්තා.

    අද ඉතින් නිවාඩු ප්‍රශ්න…පංති…වගේ නිදහසට කරුණු ඉදිරිපත් කරමින් දරුවන්ගේ නිවාඩු කලාය වෙනදා ගෙවුන රටාවටම ගෙවීම මිසක කිසිදු අලුත් බවක් දරුවන්ගේ මනසට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබට හැකි පමනින් හෝ නිවාඩුවක් ගෙන දිනක් හෝ දරුවන් සමග නෑදෑ නිවසක හෝ වෙනත් චාරිකාවක යෙදීමට අවස්ථාවක් සලසා ගන්නේ නම් දරුවන් එයින් සතුටක් ලබනු ඇති.

    • විනෝදාංශයක් ලබා දෙන්න…

    නිවාඩු කාලයේදී දරුවන්ට විනෝදයක් ලබා ගත හැකි සහ ඵලදායී විනෝදාංශයක් ලබා දෙන්න. ඉස්සර කාලයේ දෙමව්පියන් දරුවන්ට නිවාඩු කාලයේදී මල් , එලවලු වවන්න උනන්දු කලා. නිවාඩුවේදී වවන මල්, එලවලු අස්වැන්න මාස දෙක තුනකින් ලැබෙන විට දරුවන්ගේ හිතටත් විශාල තෘප්තියක් ලැබුණා.

    • අද ඉතින් වගාවට ඉඩක් කෝ…

    ඉඩ කඩ ගැටළුව හැම තැනටම පොදුයි. ඒ වුනත් ඉවත දමන ප්ලාස්ටික් භාජන, මැටි භාජන වගේම විවිධ ඇසුරුම්වල පුංචි පැලයක් හිටවන්න නිවාඩු කාලයේදී දරුවන් දැණුවත් කිරීමෙන් ඔවුන්ගේ හිතට විශාල සතුටක් ලබා ගන්න පුලුවනි. මෙගා බෝතලයකින් වුව නිවස අලංකාර කිරීමට පැලයක් එහෙම නැත්නම් ගොටු කොළ පඳුරක්, කංකුං පැලයක් වගා කිරීමට දරුවන්ගේ අත මේ නාවාඩුවේදී හුරු කරන්න පුලුවනි.

    • අත්වැඩටත් ඉඩ

    අද කාලයේ බොහෝ දරුවන් වෙතින් අත්වැඩ වැනි කුසලතාවයන් නොදැනීම දුරස් වෙලා. නමුත් නිවාඩු කලායේදී ලැබෙන විවේකයෙන් පුංචි පුංචි අත්කම් වැඩ දරුවන්ට කිරීමට ඉඩ දෙන්න. ඉදස්සර කාලයේදී ගැහැණු දරුවන් බෝනික්කන් වෙනුවෙන් ඇදුම් මැසීම නිසා කාලය සමග තමන්ගේ ඇදුම් පවා මසා ගැනීමේ හැකියාව ලබා ගත්තා. මේ හුරුව ගැහැනු පිරිමි වෙනසක් නැතුවම ලබා ගන්න පුලුවනි. ඒ නිසා නිවාඩු කාලය තුළ පුංචි අත්කම් නිර්මාන වෙනුවෙන් දරුවන් යොමු කිරීමත් ඉතාම සීරුවට කරන්න පුලුවනි.

    නිවාඩු කාලය

    • පොත් පත් කියවන්න.

    දිනපතා පාසලේ විෂය නිර්දේශය සමග පොත් පත් කියවන්න අවසර නැති වුනත් නිවාඩු කාලයේදී දරුවන්ට අතිරේක පොතක් පතක් කියවන්න අවසරයක් ලබා දීමට කාලය ලැබී තිබෙනවා. අසුරු සැනින් ගෙවී යන නිවාඩුවේදී දරුවන්ගේ හිත පොතක් පතක් කියවීමට යොමු කරනවා නම් ඇතත්ටම නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන ලැබු බවට දෙමව්පියන් විදිහට ඔබටත් සෑහීමක් ඇති වේවි.

    උත්සව සමයට උදව්..

    මේ නිවාඩුව ඉතා වැදගත් වෙන්නේ නත්තල සමග අලුත් අවුරුදු නිවාඩුවත් යෙදෙන කාලය නිසයි. ඉතින් නිවසේ වැඩට දරුවන්ගේ සහයෝගය ලබා ගැනීමටත් දෙමව්පියන්ට පුලුවනි. නිවස පිරිසිදු කිරීම, සාප්පු සවාරියට වගේම කැවිලි සකස් කිරීම වැනි කටයුතුවලදී දරුවන්ගේ උදව් නොමදව ලබා ගැනීම මේ නිවාඩුවේදී ඉතාම පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබෙන නිසා ඒ අවස්ථාව මග හරින්න එපා.

    කාලය සමග අපි යෙදෙන දැවැන්ත අරගලයේදි ගෙවෙන කාලය අපට නැවත ලැබෙන්නේ නැහැ. ඒ නිසා දරුවන්ට වුනත් කාලයෙන් නිසි ප්‍රයෝජනගත හැකි අන්දමින් නිවාඩුව කළමනාකරණයකින් ගෙවීමට අවශ්‍ය පසුබිම සැලසුම් කිරීම දෙමව්පියන් විසින් ඔබේ වගකීම බැව් අමතක නොකරන්න.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු