fbpx
More
    27.8 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පවුලේ වැඩ බෙදාගැනීමේ කලාව – බෙදා නොගෙන හදාගන්නා ගැටලු

    Family Tech Sponsorspot_imgspot_img

    අතීත සමාජය තුළ බිරිද හා සැමියා නිවසේ වගකීම් බෙදා හදා ගත්ත විදියත්, ක්‍රමය වර්තමාන සමාජයට ගැළපෙන්නේ නැත්තේ ඇයි කියන කාරණයත් ගැන Familylife.lk අපි      පසුගිය සතියේ කතාබහ කළා.

    ලිපි පෙළේ දෙවැන්න වෙන මේ ලිපියෙන් අපි කියන්න යන්නේ බිරිද හා සැමියා අතර නිවසේ වැඩ කටයුතු බෙදා නොගැනීම නිසා ඇතිවන ගැටළු ගැන. එහෙමත් නැත්තන් පවුල් අවුල් වෙන විදිය ගැන.

    තනිකඩයෙක්ට තමන්ට උවමනා දේවල් තමන්ට ඕනි වෙලාවට, ඕනි විදියට කරන්න පුළුවන් උනත් විවාහක ජෝඩුවකට එහෙම කරන්න අමරුයි. දෙදෙනාම රැකියා කරනවානම් සහ විශේෂයෙන්ම දරුවෝ ඉන්න දෙමව්පියන් නම් ඒක තවත් අමාරු වෙනවා. විවාහකයෙක් යම් කිසි දෙයක් කරනවනම් එයින් තමන්ගේ පවුලට වෙන බලපෑමත් අනිවාර්යෙන්ම සළකලා බලන්න වෙනවා.වෙන විදියකින් කීවොත් පවුල් උන කෙනෙක් තනිකඩයෙක් වගේ හැසිරෙන්න ගියොත් ගොඩක් ගැටළු ඇතිවෙන්න පුළුවන්

    තව දුරටත් පැහැදිලි කළොත් කසාද බැන්දත් සැබෑවටම දෙන්නා දෙන්නෙක් මිසක් එක්කනෙක් නොවන නිසා අනිත් කෙනාගේ රුචි අරුචිකම් සහ සිතැගියාවන් ගැනත් හිතන්නම වෙනවා. වර්තමාන විවාහක යුවළවල්, එහෙමත් නැත්තන් මව්පියන් ගැන සළකා බැලුවොත් ඔවුන් එකිනෙකාට උදව් කරගන්න ප්‍රමාණය සහ එකිනෙකාගෙන් උපකාර ලැබිමේ අවශ්‍යතාවය වැඩිවෙලා තියෙනවා. අධික කාර්‍යබහුලත්වය මෙයට මූලිකවම හේතුවක් වෙලා.

    වගේම අනෙකාගෙන් උදව් නොලැබීම සහ දෙදෙනා අතර වගකීම නිසි අයුරින් බෙදී නොයෑම ගැටළු රාශියකටත් මග පාදවනවා..

    නිවසේ වැඩ කටයුතුවලට මුල් වන්නේ කාන්තාව නිසා කාන්තාවන්ගේ පාර්ශවයෙන් මුළින්ම සළකා බැලුවොත් ඉරටත් කලින් අවදිවෙන බිරිදට තමන්ටත්, ස්වාමියාටත්, දරුවන්ටත් පාසලට සහ කාර්‍යාලයට ගෙනියන කෑම පිළියෙල කිරීම, උදෑසන තේ සැදීම, දරුවන් පාසලට එහෙමත් නැත්නම් දිවා සුරැකුම මධ්‍යස්ථානයට හෝ පෙර පාසලට ගෙන යෑමට සූදානම් කිරීම, ඔවුන්ට ආහාර කවන පොවන කාර්‍යන් සියල්ලගේම වගකීම භාර ගැනීමට සිදු වන්නේ නම් ටික දිනකින්ම ඇයට එම කාර්‍යන්ගෙන් එකක් හෝ ඉටු කිරීමේ උවමනාව, හැකියාව සහ උනන්දුව හීන වෙන්න ඉඩ තියෙනවා.

    හවසට නිවසට පැමිණ ආහාර පිළියෙල කරලා දරුවන්ට කවා පොවා, පිරිසිදු කර නින්දට යවා, පසුවදාට උයන පිහන දේ පවා සූදානම් කිරීමත් ඇයට තනිවම සිදු කිරීමට සිදු වුවහොත් අවසන නින්දට යන ඇය බෙහෙවින්ම විඩාවට පත්වෙනවා.

    සතියක් මුළුල්ලේ මේ ක්‍රියාවලියේ නිරතව සති අන්තයේත්  රෙදි සෝදා, නිවස පිරිසිදු කොට, දරුවන්ගේ පාසල් වැඩ කටයුතු පිළිබඳව සොයා බලා සුපුරුදු පරිදි ආහාර පිළියෙල කිරීම වැනි දෑ උපකාරයක් රහිතවම සිදු කරන්නට වුවහොත් ඇයට ජීවිතය පවා කළකිරෙන්නට ඉඩ තියෙනවා.

    තේ බිවු කෝප්පය, ආහාර ගත් පිගාන පවා සෝදා නොතබන්නටත්, ඉවතලන ඇදුම අදාල භාජනයට බහාලන්නටත්, ගන්නා දෙය නිසි තැනින් තබන්නටත් සැමියා සහ දරුවන් උනන්දු නොවන්නේ නම් ඇයගේ විඩාව දෙගුණ කරවීමට එය හේතුවක් වෙනවා.

    අනෙක් අතට ගතහොත් දිනපතා රැකියාවට ගොස් පැමිණ නිවසට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ඒම, නිවසේ අළුත්වැඩියා කටයුතු කිරීම, දරුවන් අමතර පන්ති සදහා රැගෙන යෑම වැනි කටයුතු චක්‍රයක් මෙන් ඉටු කිරීමෙන් ඇතැම් විට වෙනත් වගකීම් භරගත්තත් ඒවා නිසි අයුරින් ඉටු නොකිරීමට අසමත් වීම, සහ අසමත්කම නිසාම බිරිඳගේ උදහසට ලක්වීම  සැමියා විඩාවට හේතු වෙන්න  ඉඩ තියෙනවා.

    මේ විඩාව, එපාවීම, කළකිරීම, නිදහසක් නොමැතිකම බොහෝ ගැටළුවල ආරම්භයය යි. විවාහයට පෙර හෝ දරුවන් ලැබීමට පෙර පැවති  නිදහස අහිමි වීමත්, එකවරම රාජකාරි රාශියකට යට වීමත් මූලිකවම මානසික පීඩනයකට හේතු වෙන්න ඉඩ තියෙනවා.

    කාන්තාවක්  නම් ඇතැම් විට ඇයගේ රැකියාවෙන් පවා ඉවත්වීමටත්, පූර්ණකාලීනව නිවසේ කටයුතු භාරගැනීමටත් සිදු වීම මෙයට විශාල වශයෙන් බලපාන්න පුලුවන්. වගේම ඇය නිසි අධ්‍යාපනයක් ලබා ඇති තැනැත්තියක් නම් හෝ මුදල් උපයමින් ස්වධීනව ජීවත් වූ තැනැත්තියක් නම් එම මානසික පීඩනය දෙගුණ තෙගුණ වීමට ඉඩ තියෙනවා.

    ඊට අමතරව ප්‍රමාණවත් නින්දක් නොමැතිවීම, රැකියාවේ වගකීම, දරුවන්ගේ වැඩ රාජකාරි ,ඇතැම්විට පෝෂ්ණ ගැටළු , මිතුරු ඇසුරක් නොමැතිවීම, ශාරීරික වෙනස්වීම් වැඩි වර්ධනය වීම මානසික පීඩනය වැඩි වීමටත් එම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීම පසුකාලීනව වෛද්‍ය ප්‍රතිකාර ලැබීමටත් පවා හේතු වෙන්න පුළුවන්.

    නමුත් කිසිම කෙනෙක්ගේ උපකාරයකින් තොරව ස්වාමියාගේ උපකාර පමණත් ඇතිව වුනත් කාන්තාවකට මේ රාජකාරි සියල්ලක්ම කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙනවා. වර්තමානයේ බොහෝ පවුල්වල සිදු වන්නේද එයයි. ඇතැම් තරුණ මව්පියවරුන් දරුවා උපන් දවසේ පටන් වැඩිවන වගකීම දෙදෙනා අතර පමණක් බෙදාගෙන ක්‍රියා කරනවා.

    නමුත්  යම් විදියකින් මේ කටයුතු සියල්ලේම වගකීමෙන් වැඩි කොටසක් ඇය/ඔහු මත පැටවුනහොත් එක කටයුත්තක්වත් නිසි ආකාරයෙන් කරගැනීමට නොහැකිවීම, අධික කෝපය, අඹු සැමි සම්බන්ධතාවයගේ ගැටළු, නිවැසියන් නුරුස්නා බව, නිවසේ අඩදබර, ලෙඩ රෝග සහ ඇතැම් විට අනියම් සබදතාවයන්  වැනි දෙයට පවා මග කියන්න හේතු වෙනවා.

    නිසි විසඳුමකින් තොරව දීර්ඝකාලීනව මෙම තත්ත්වය පැවතීම අවසානයේ විවාහය කෙළවර වීම දක්වා ගෙනයන්න පුළුවන්. මවගේ වගකීම් අත්‍යවශ්‍ය අවස්ථාවකට හෝ ඉටු කිරීමට නොහැකි වීම, බිරිදගෙන් එල්ලවන පීඩනය සහ රැකියාවේ රාජකාරි අතර සිර වීම, විශේෂයෙන්ම නිදහස සහ හිත මිතුරු ඇසුර පෙර මෙන් නොලැබීම වැනි තත්වයන් නිසා ඉහතින් සදහන් කළ ආකාරයේ පීඩනයක් පිරිමියා තුළද ඇතිවීමේ හැකියාව තියෙනවා.

    නමුත් දෙදෙනා සුහදව, සහකරුවා/සහකාරියගේ තත්ත්වය වටහාගෙන,  සෑබෑ උවමනාවකින් සහ වගකීම සහිත බවකින් කටයුතු කළහොත් මේ අනිසි ඵලවිපාක බොහොමයකගෙන් මිදෙන්නත්, විවාහය සතුටින් රස විඳින්නත් ඉඩ ලැබෙනවා.

    රාජකාරි හා වගකීම සුදුසු විදියට බෙදි යෑම නිසා ජීවිතය විදින පුද්ගලයන් වගේම වගකීම්වල නිසි කළමනාකාරීත්වයක් හෝ බෙදා හදාගැනීමක් නොමැති නිසා ජීවිතය විදවන පුද්ගලයනුත් මේ සමාජයේ විරල නැති නිසාම මේ ලිපි පෙළේ ඊළග ලිපියෙන් මේ කී කරුණට අදාළව ජීවිතය විඳින්න පොඩි තල්ලුවක් දෙන්න familylife.lk අපි බලාපොරොත්තුවෙනවා.

     


    මෙම ලිපිය ගැන ඔබගේ අවංක අදහස් කමෙන්ට්ස් ඔස්සේ අපට කියන්න. ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    cover photo – huffingtonpost.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    27.8 ° C
    27.8 °
    23 °
    78 %
    3kmh
    31 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු