fbpx
More
    28.4 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    පොඩ්ඩට එපා! කියන්න කළින් මේ ගැනත් හිතන්න

    Family Tech Sponsorspot_imgspot_img

    මේ ලිපියෙන් familylife.lk අපි කතා කරන්නේ පොඩිහිටියෝ අහන්න අකමැතිම සහ වැඩිහිටියෝ වැඩිපුරම පාවිච්චි කරනඑපා!” කියන වචනය මගහරවා ගන්න විධි කීපයක් ගැන. ඔබත් දරුවෝ කරන කියන හැම දෙයටමඕක කරන්නෙපා, ඒක ඉල්ලන්නෙපා, දුවන්නෙපා, දගලන්නෙපාකියන අම්මෙක් තාත්තෙක් නම් මේ පොඩි දේවල් ටික අත්හදා බැලුවොත් ඔබේ ගැටළුවට පිළියමක් ලැබෙයි.

    පොඩි දරුවෝ එක්ක ගනුදෙනු කරනකොට ගොඩක් වගකීමෙන් යුතුව වැඩ කරන්න සිද්ධවෙනවා. අපි හැමදාම කියනවා වගේ පුද්ගලයෙක් තමන්ගේ කුඩා අවධියෙදි අත්විඳින දේවල් ඔහුගේ ඉදිරි ජීවිත කාලයටම විශාල වශයෙන් බලපෑම් කිරීමක් කරන්නට ඉඩ තියෙනවා. ඉතින් මව්පියන් විදියට දරුවෝ එක්ක වැඩ කරනකොට, තමන් කතා කරන වචනයක් පාසා කරන ක්‍රියාවක් පාසා ගොඩක් පරෙස්සම් වෙන්න සිදුවෙනවා. අම්මා තාත්තගේ කටින් පිටවෙන එකම එක වචනයක් උනත් දරුවා වැරදි විදියට අවබෝධ කරගන්න පුළුවන්.ඒ නිසා මේ අකරු දෙකේ වචනෙන් දරුවට දමා ගහන්න කලින් මේ දේවල් ටික කරල බලන එක පාඩුවක් වෙන එකක් නෑ. එහෙම නේද?

    1. දරුවාගේ ඉල්ලීමට කොන්දේසි සහිතව එකඟ වෙන්න.

    හරි පුතේ..කෑම කාලා ඉවර උනාම ඔයාට අයිස් ක්‍රීම් දෙන්නම්කියන වචන ටිකකන්න කලින් අයිස් ක්‍රීම් ඉල්ලන්නෙපා, දෙන්නේ නෑකියනවට වඩා ගැළපෙනවා නේද? හැබැයි මේ ක්‍රමය  හැම අවස්ථාවටම ගැළපෙන්නේ නම් නෑ. මේ වචන ටිකෙන් දරුවව පාලනය කරගන්න බැරි අවස්ථාවට ආවම වෙනත් උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. වගේම කිසිම අවස්ථාවක බොරු පොරොන්දු දීලා දරුවාගේ හිතේ දෙමව්පියෝ ගැන තියෙන විශ්වාසය නම් නැති කරගන්නෙපා. තමන්ට ඉෂ්ට කරන්න පුළුවන් දෙයක් ගැන විතරක් පොරොන්දු වෙනවනම් තමයි හොඳ.

    2. තෝරාගැනීමකට ඉඩ දෙන්න

    මේ ක්‍රමය තුළින් දරුවා ඉවසීම පුරුදු කරගන්නවා. දිගු කාලීන වාසියක් වෙනුවෙන් කෙටිකාලීන සතුට කැප කරන්න ඉගෙනගන්නවා. මේ දේ දරුවගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්නත් ඉවහල් වෙවී  . “අයිස් ක්‍රීම් ඉල්ලන්නෙපාකියනවට වඩාකෑම ටික කාලා ඉවර උනොත් අම්මා අයිස්ක්‍රීමුයි චොක්ලටුයි දෙකම දෙනවා. කන්න කලින් නම් අයිස් ක්‍රීම් විතරයි. ඔයාට කොහොමද හොඳ?” ඊටපස්සෙ කළ යුතු නිවැරදිම දේ දරුවම තෝරා ගනිවී.

    3. අවධානය වෙනස් කරවීම

    ළමා උද්‍යානයක බොහෝ වෙළාවක් ගතකර එයින් පිට වෙන්නට අකමැතිව පෙරළි කරන දරුවටකෑ ගහන්නෙපා පුතා. දැන් යන්න ඕනිකියලා අතින් ඇදගෙන යනවට වඩාඅපි ඊළඟ සතියෙත් එනවනේ. දැන් ගෙදර යමු. අම්මා ඔයා ආසම කුකීස් හදලා දෙන්නම්වගේ  උපක්‍රමයක් මගින් දරුවගේ අවධානය වෙනස් කරලා සාර්ථක ප්‍රතිපලයක් ලබන්න පුළුවන්. දෙමව්පියන් ඉතාම ඉවසිල්ලෙන් මේ වගේ අවස්ථාවලදී ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය කරුණක්.

    4. කෙළිලොල් සහ විනෝදකාමී වෙන්න

    කෝපයෙන් කෑගහන පොඩ්ඩටම හරියන්න, අම්මා තාත්තත් කෑගහන්න පටන් ගත්තොත් නම් ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ. දත් මදින්නේ නැතිව නින්දට යන්න උත්සහ කරන දරුවටදත් මදින්නේ නැතිව නිදාගන්න එහෙම යන්නේ නෑකියලා තර්ජනය නොකර, දත් මැදීම ගැන තියෙන සින්දුවක් කියමින්, එහෙමත් නැත්තන් අන්තර්ජාලයෙන් ලබාගත් නරක් වූ දත් පෙළක් පෙන්වමින් දත් මැදීමට පොළඹවන්න පුලුවන්. විහිළු කතාවක් කියන්න වගේම දරුවා එක්ක අම්මටත් දත් මදින්න යන්න පුළුවන්. පොඩ්ඩෝ ආදරේම විනෝදෙන් ඉන්න මව්පියන්ටයි.

    5. සුදුසු අයෙක්ගෙන් උපදෙස් ලබාදෙන්න.

    කෑම ගැනීමෙන් පසු වතුර බොන්න හොර දරුවටවතුර නොබී ඉන්නෙපා ළමයෝකියලා කෑගහන එක පුරුද්දක් කරගන්නවට වඩා පවුලේ වෛද්‍යවරයා ලවා නිසි උපදෙසක් ලබාදෙන්න පුළුවන්නම් වටිනවා. අන්තර්ජාලයෙන් නිවැරදි තොරතුරු ලබාගෙන පෙන්වීමත්, දරුවා ප්‍රිය කරන ගුරුවරයෙකු, වැඩිහිටියෙකු ලවා කාරණාව අවබෝධ කරවන්නත් පුළුවන්.

    6. දරුවාට හවුල්කරුවෙක් වන්න

    නියමිත කාලයෙන් පසුව රූපවාහිණිය නැරඹීමට පෙරළි කරන දරුවාටඔච්චර ටීවී බලන්න හොද නෑ දරුවො, යන්න කාමරේටකියලා කියනවට වඩා කනස්සල්ලෙන් ඉන්න පොඩ්ඩා එක්කම හවුල් වෙලාබලන්නකෝ ඉතින්, ඔයාට විතරක් නෙවෙයි අම්මටයි තාත්තටයිත් ටීවී බලන්න නෑ. එච්චර වෙලා ටීවී බලන එක ඇස්වලට හොද  නැතිලුනේවගේ දෙයක් කියන්න පුළුවන්. ඒක දරුවා තැන්පත් කරගන්න හොද ක්‍රමයක් වේවී.

    7. පෙර සිදුවීම් සිහි කරවීම

    යමක් ඉල්ලමින් සුපිරි වෙළදසැල දෙවනත් කරන පොඩ්ඩට පොඩි රහසක් කියන්න අම්මට පුළුවන්. “කරදර කරන්නෙපා පුතා, ඔය කෑගැහිල්ල නවත්තගන්නකියනවට වඩාගිය සැරෙත් මෙහෙමම වෙලා අන්තිමට උන දේ මතකද පුතේ? අදත් එහෙමම වෙනවට අම්මා කැමති නෑ. ඔයා කැමතිද?” පොඩි තර්ජනයක් වගේ නිසා මේ කතාව කියනකොට නම් පුළුවන් තරම් ඉවසීමෙන් කාරුණිකව කියන එක තමයි වඩාත් සුදුසු. අනෙක් අතට මේ  උපක්‍රමයෙන් නම් දරුවා පොඩි කනස්සල්ලකටත් පත් වෙන්න ඉඩ තියෙනවා.

    8. සමාන සිදුවීමක ප්‍රතිපලයක් සිහි කරවීම

    අනතුරුදායක දෙයක් කරන්න වලි කන පොඩ්ඩෙක්ටඕක කරන්නෙපා, වැටිලා තුවාළ වෙයිකියනවට වඩාඔයාට මතකද අර ඔයාගේ යාළුවා පසන්? එයා ගහකට නගින්න හදලා වැටිලා අතක් කැඩිලා ගොඩක් අමාරු උනා. එයාගේ අම්මා කොච්චර ඇඬුවද? ඔයාට එහෙම දෙයක් වෙනවා මට නම් ඉවසන්න බෑ“. මෙහෙම දෙයක් කීවම පොඩ්ඩො චුට්ටක් බය වෙන්නත් ඉඩ තියෙනවා. පුළුවන් තරම් පරිස්සමින් වචන හසුරවලා තේරුම් කරවන්න. දරුවන්ට අවදානම් දරන්න වගේම අත්දැකීම් ලබන්නත් ඉඩ දෙන්න ඕනි උනත් අනතුරුදායක වස්ථාවක මේ උපක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.

    9. දරුවාට වගකීම් පැවරීම

    නිතරම අයිස් වතුර බොන්න හොද නැත්තෙ ඇයි කියලා මල්ලිට කියලා දෙන්න පුතේ. අම්මා ඔයාට ගැන කියලා දීලා තියෙනවනේ නේද?” මේ ක්‍රමය පාවිච්චි කරලා දරුවටම වැරැද්ද අවබෝද කරගන්න ඉඩ ලබා දෙන්න පුළුවන්.  හැම තිස්සෙම අයිස් වතුර බොන්නෙපා දරුවෝකියල කෑගහනවට වඩා ඒක හොදයි.

    අනෙකුත් දරු සෙනෙහස තීරය යටතේ ලියවුනු ලිපි කියවන්න පිවිසෙන්න

    තවත් ලිපි කියවන්න මුල් පිටුවට පිවිසෙන්න


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරූපය – beenke.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28.4 °
    75 %
    5.4kmh
    99 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    28 °
    Thu
    27 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු