fbpx
More
    30 C
    Colombo
    Monday, April 7, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    වෙනස් විදියට පොඩ්ඩෙකුට ගුණ දේවල් කවන්න පුළුවන් විදි කිහිපයක්

    Family Tech Sponsorspot_imgspot_img

    පොඩි දරුවෙක් එක්ක දවස ගතකරන එක මොන තරම් සොඳුරු යුද්ධයක් කියන එක දන්නේ දරුවෝ ඉන්න අම්මලා තාත්තල තමයි. විශේෂයෙන් බබාට කෑම කවන වෙලාව එනකොට මේ සැරේ මොනවයින් මොනවා වෙයිද කියලා බය වෙලාම තමයි වැඩේ පටන් ගන්න වෙලා තියෙන්නේ. හැබැයි මේ වගේ පීඩනයකට මව්පියන් පත්වෙන්න මූලික හේතුව වෙලා තියෙන්නේ තුන් වේලබත් කවන්න උත්සහ කරන නිසා කියලයි අපිට නම් හිතෙන්නේ. නිසා familylife.lk අපි අදත්, ෆැමිලි චෙෆ් තුලින් බබාට ලේසියෙන් කවාගන්න පුළුවන් රසවත් සහ පෝෂ්‍යදායි ආහාර වර්ග කීපයක් අරන් ආවා.

    බලන්න, ඔයාගේ පොඩ්ඩත් මේ කෑම වලට කැමති වෙයිද කියලා. වයස අවුරුද්දට වඩා වැඩි බබාලාට මේ කෑම  වර්ග හොඳින්ම ගැළපෙනවා.

    පාන් පීසා

    www.familylife.lk

    කැරට්, බෝංචි, ගෝවා, ලොකු ළුණු, තක්කාලි, බෙල්පෙපර් සිහින්ව ලියාගන්න. ලියාගත් එළවලු වලට, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ බිත්තර මිශ්‍ර කරගන්න (බිත්තර ඔම්ලට් එකක් හදන විදියට). පෑන් එකකට මිශ්‍රණය වත්කරගන්න පුළුවන් තරමට උකු වෙනකන් නැවුම් කිරි එකතු කරගන්න. මස්/ මාළු/ සොසේජස් පොඩියට කපලා තෙම්පරාදු කරගන්න.

    පාන් පෙතිවල වාටිය ඉවත්කරගෙන කුඩා කැබලිවලට කපාගන්න. රත්කරගත් පෑන් එකක බටර් තවරා බිත්තර මිශ්‍රණයෙන් කොටසක්  දමා තුනී කරගන්න. ඊට උඩින් තක්කාලි සෝස් තවරන්න. ඉන් පසු පාන් කැබලි අතුරන්න.

    නැවත තක්කාලි සෝස් තවරා ඉතිරි බිත්තර මිශ්‍රනයත් අතුරගන්න. තෙම්පරාදු කරගත් මස්/ මාළු හෝ සොසේජස් කැබලි උඩින් ඉසින ලෙස තබාගන්න. අවසන් වශයෙන් ග්‍රේට් කරගත් චීස් අතුරාගන්න. පියනකින් වසා මද ගින්නේ බේක් කරගන්න. අනිත් පැත්ත දමාගත් පීසා එක නැවත මදගින්නේ බේක් කර හැඩයට කපාගන්න.

    සොසේජස්

    පොඩි දරුවෝ සොසේජස් කන්න කොයි තරම් ආසා වුනත් කඩෙන් ගන්න සොසේජස් දෙන්න මව්පියන් එතරම් කැමැත්තක් දක්වන්නේ නෑ. මේ විදියට රසවත් සහ පෝෂදායි විදියට සොසේජස් ගෙදරදී හදාගත්තොත් නම් බය නැතුව පොඩ්ඩට කන්න දෙන්න පුළුවන්කම තියෙනවා.

    • කැමති මස් වර්ගයකින් ග්‍රෑම් 200
    • ඉඟුරු
    • සුදු ළුණු, ලුණු
    • ගම්මිරිස් කුඩු
    • කරපිංචා
    • ළූණු
    • තෙල්

    www.familylife.lk

    මස් ටික බ්ලෙන්ඩර් එකකින් හොඳින් අඹරගන්නඉගුරු, සුදු ළූණු , ලුණු, ගම්මිරිස් කුඩු, කරපිංචා, ළූණු සහ තෙල් වෙනම යොදා අඹරාගන්න. මේ කුළුබඩු මිශ්‍රණය අඹරා ගත් මස් සමග එකතුකර හොඳින් අනාගන්න. අනාගත් මස් සහ කුළුබඩු මිශ්‍රණය ෆොයිල්, ක්ලීන් රැප් හෝ ලන්ච් ෂීට් වල ටොෆියක හැඩයට ඔතාගෙන දෙපැත්තෙන් තදින් ගැටගසා මිනිත්තු 20ක් පමණ ස්ටීම් කරගන්න.

    එහෙමත් නැත්නම් උතුරන වතුර භාජනයකට (ලිප ඔෆ් කරලා) සොසේජස් ටික දාලා පියනකින් වහලා විනාඩි 20ක් විතර තම්බගන්න පුළුවන්. ඉන්පසු ඉටිකොළය ගලවාගන්න. ඉටි කොලය ගැලවූ සොසේජස් සති තුනක පමණ කාලයක් අධි ශීතකරණයක කල් තබාගැනීමේ හැකියාවද ඇතකෑමට පෙ සාමාන්‍ය ආකාරයට තෙලේ බැදගන්න. මස් වෙනුවට මාළු, පොළොස් වගේ දේවල් වලිනුත් මේ ක්‍රමේටම සොසේජස් හදාගන්න පුළුවන්.

    චීස් කට්ලට්

    • තම්බා පොඩි කරගත් අර්තාපල් අල ගෙඩි 1
    • තම්බා පොඩි කරගත් පොළොස් අවශ්‍ය පමණට
    • තම්බා පොඩි කරගත් මාළු හෝ සැමන් අවශ්‍ය පමණට
    • චීස්
    • ලුණු
    • ගම්මිරිස් කුඩු
    • කෑලි මිරිස්
    • කුඩාවට කපාගත් ළූණු
    • ඉඟුරු සුදු ළූණු පේස්ට්
    • පාන් කුඩු, බිත්තර 1
    • කෝර්න් පිටි
    • පාන් පිටි
    • සිහින්ව ලියාගත් කරපිංචා
    • තෙල්

    www.familylife.lk

    අල, පොළොස්, මාළු, ඉඟුරු, සුදුළූණු, ලුණු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, කරපිංචා, ළූණු සියල්ලම හොඳින් තෙම්පරාදු කරගන්න. මේ මිශ්‍රණය නිවාගෙන අවශ්‍ය ප්‍රමාණයේ චීස් කැබලි මැදට හිටින විදියට කට්ලට් බෝල සාදාගන්න. ​කෝර්න් පිටි සහ පාන් පිටි සම ප්‍රමාණයන්ගෙන් අරන් මේ බෝලවල දවටා ගන්න.

    බිත්තර සාරු තවරාගත් කට්ලට් බෝල පාන් කුඩු වල දවටාගන්න. නැවත වරක් බිත්තර සාරු තවරාගෙන බිස්කට් කුඩුවල දවටන්න. හොඳින් රත්කරගත් ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු  බැදගන්න.

    කුකුළු මස් සහ වට්ටක්කා මිශ්‍ර සුප්

    • වට්ටක්කා අවශ්‍ය පමණට
    • පරිප්පු ස්වල්පයක්
    • කුකුළු මස් අවශ්‍ය පමණට
    • සූදුරු ඇට 5-6,
    • ලුණු
    • තෙල්
    • කරපිංචා
    • ළූණු
    • තුනපහ ස්වල්පයක්
    • ගම්මිරිස් කුඩු
    • අවශ්‍ය නම් කෝර්න් පිටි ස්වල්පයක් 

    www.familylife.lk

    කුකුළු මස් සෝදා කුඩා කැබලිවලට කපා තම්බගන්න. පොතු හැර කුඩාවට කපාගත් වට්ටක්කා, මස් තැම්බූ වතුරින්ම තම්බා පොඩි කරගන්න. මස් සහ වට්ටක්කා තැම්බූ වතුර භාජනයකට දමා ඉවත්කර තබාගන්න. භාජනයක් ලිප තියා සූදුරු, කරපිංචා සහ ළූණු තෙම්පරාදු කරගන්න. මෙයටම පරිප්පු සහ තුනපහ එකතුකර මස් සහ වට්ටක්කා තැම්බූ වතුර ස්වල්පයක් එක කර තම්බාගන්න. පරිප්පු තැම්බුනු පසු හැන්දකින් පොඩි කරගන්න.

    කෝර්න් පිටි එක්කර ගැනීමෙන් මේ තැම්බුම උකු කරගන්න පුළුවන්කම තියෙනවා. මස්, වට්ටක්කා සහ ඒවා තැම්බූ වතුර මෙයටම එකතු කරගන්න. ලුණු, ගම්මිරිස් රස අනුව එක් කර පිසගන්න. අවශ්‍ය නම් නිවුණු පසු බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්.

    ස්ටීම් කේක්

    • බිත්තර 2
    • සීනි මේස හැඳි 4
    • නැවුම් කිරි/ දියකරගත් පිටිකිරි මේස හැඳි 4
    • බටර්/ එළවලු තෙල් මේස හැඳි 2
    • පාන්පිටි මේස හැඳි 5
    • බේකින් පවුඩර් මේස හැඳි ¾
    • වැනිලා ස්වල්පයක්
    • අවශ්‍ය නම් වියළි මිදි ස්වල්පයක්

    www.familylife.lk

    බිත්තර 2 හොඳින් ගසාගන්න. අනුපිලිවෙලට සිනි, කිරි, තෙල්, බේකින් පවුඩර් දමමින් හොඳින් කලවම් කරගන්න. මෙයට පාන්පිටි ටිකින් ටික  එකතුකර කැටි නොගැසෙන ආකාරයට නැවත මිශ්‍ර කරගන්න. වැනිලා බිඳුවක් එකතු කරන්න. සුදුසු භාජනයක ¾ ක් වැහෙන තරමට මේ මිශ්‍රණය වත්කර උඩින් වියළි මිදි දමා හොඳින් වසා වාෂ්පයෙන් විනාඩි 20ක් තම්බාගන්න.

    පොටැටෝ වෙජස්

    • තරමක් විශාල අර්තාපල් අල අවශ්‍ය පමණට
    • තෙල්
    • කහ කුඩු
    • ගම්මිරිස් කුඩු
    • කෝර්න් පිටි

    www.familylife.lk

    පොතු අයින් කරගත් අල දිග අතට කපාගෙන බාගෙට තම්බාගන්න. තෙත මාත්තු කරලා වතුර අයින් කරගන්න. කෝර්න් පිටි, ලුණු, ගම්මිරිස්, කහ සහ තෙල්  අල කැබලිවල දවටාගන්න. සෙල්සියස් අංශක 180 රත්කරගත් අවන් එකේ විනාඩි 25ක්  බේක් කරගන්න. එහෙමත් නැත්නම් රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැදගන්න.

    මේ වගේම තවත් රෙසිපි පහක් බලන්න මෙතනින් පිවිසෙන්න –  කෑමට හොර පොඩ්ඩන්ට ගුණදායක කෑම කවාගන්න පුළුවන් කෑම රෙසිපි පහක්

    බලන්න මේ ලිපියත් මේ යුද්ධය ජය ගන්න ඔබට උපකාරී වෙනවා නේද කියල – පොඩ්ඩන්ට කවන්න අම්මලාට පාවිච්චි කරන්න පුළුවන් උපක්‍රම ටිකක්


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    30 ° C
    30 °
    30 °
    75 %
    0.5kmh
    77 %
    Mon
    30 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු