fbpx
More
    27.8 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    උපතින් පසු දරුවා නිවසට රැගෙන යාමේදී ඔබ දැනගත යුතු දෑ

    Family Tech Sponsorspot_imgspot_img

    අලුත උපන් බිළිඳා ගැන ඔබ දැනගත යුතුම කාරණා කීපයක් අපි පසුගිය ලිපියෙන් කතාබහ කළා. අද familylief.lk  අපි මවු සිහිනය තුලින් කථා කිරීමට බලාපොරොත්තු වන්නේ අලුත උපන් බිළිදා හා හා පුරා කියල තම නිවසට රැගෙන යාමෙන් අනතුරුව මවක් සිය බිළිදා ගැන දැනුවත් විය යුතු තවත් වැදගත් කාරනා කිහිපයක් ගැනයි.

    01. දරුවාගේ ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීම

    දරුවා සෑම වෙලාවකම වියළිව තබාගැනීමට මව වගබලා ගත යුතුය. පරිසරය සිසිල් නම් දරුවා එතීමට පෙර රෙදි උණුසුම් කරගත හැකි නම් (අයන් කිරීම) වඩා සුදුසු වේ. හිස් වැසුම්, පා වැසුම් දමා තබන්න.
    වියළි කාලගුණයක් පවතී නම් දරුවාට පහසු කපු රෙදි වලින් මැසූ ඇඳුම් අන්දවා තබන්න. දරුවා සෘජුවම හිරු එළියට නිරාවරණය වුවහොත් තදබල ලෙස ශරීර උෂ්ණත්වය වැඩිවිය හැක. (Hyperthermia)

    02. කිරි පෙවීම

    දරුවාට කිරි ලබාදීම, දිනකට (දිවා-රාත්‍රි) වාර 8 ක් හෝ ඊට වැඩියෙන් දරුවාගේ අවශ්‍යතාවය සිදුවේ. (පැය 2-3 වරක්) දරුවාට කිරි ලබාදී මිනිත්තු කිහිපයක් හෝ පැය එකහමාරකට අඩු කාලයක් තුළ නැවත කිරි බීමට පෙළඹේ නම් මවගේ කිරිදීමේ ක්‍රමයෙහි යම් වැරැද්දක් නිසා විය හැක. කිරිදෙන වාරයකදී දරුවා එම පියයුර අත්හරින තුරු කිරි ලබාදෙන්න. ඉන්පසු අවශ්‍ය නම් අනෙක් පියයුරෙන් ලබාදිය හැක. පළමු මුල් මාස 6 තුළ ජලය හෝ වෙනත් දියර වර්ග දරුවාට බීමට දීම නොකළ යුතුය.

    www.familylife.lk

    03. දරුවා නැහැවීම (Bathing)

    දරුවා නැහැවීමේදී දරුවා සීතල වීම අවම කළ යුතුය. එසේම විනාඩි පහක් වැනි කාලයක් තුළ දරුවා නැහැවීම කළ යුතුය. එසේම නිතර පිරිසිදුව හා වියළිව තැබීමට වගබලා ගන්න. දරුවා මල/මුත්‍රා පහ කළ වහාම ඒවා ඉවත් කිරීමට උනන්දු විය යුතුය.
    සීතල කාලගුණයක් සහිත නම් දරුවා නැහැවීම වෙනුවට නැපියක් මද උණුසුම් ජලයෙන් පොඟවා පිස දැමීම කළ හැක. මේ සඳහා තෙත පුළුං වුවද භාවිත කළ හැක. මෙමගින් දරුවා අනවශ්‍ය ලෙස සීතල වීම/මන්දතාපයට පත්වීම (hypothermia) වළකී.

    04. පෙකණියට සාත්තුව ලබාදීම (Umbilical care)

    පෙකණිය විවෘතව තැබිය යුතු අතර ඖෂධ ගැල්වීම නොකළ යුතුය. උපතින් දින 4-10 කාලය තුළදී සාමාන්‍යයෙන් මෙය වැටී යයි. නැපියක් ඇන්දවීමේදී පෙකණියට පහළින් ඇන්දවිය යුතුය. මෙම පෙකණිය දරුවාට අන්දවන ඇඳුමින් වැසී තිබීම ප්‍රමාණවත් වේ. නමුත් සැරව සහිත ශ්‍රාවයක්, දුඟදක් පවතී නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

    www.familylife.lk

    05. ඇස්වලට සාත්තුව (Eye care)

    සමහර දරුවන්ගේ ඇස්වලින් කඳුළු ගැලීම, ශ්‍රාවයන් ගැලීම නාස ආශ්‍රිත පූනාල අවහර වීම නිසා සිදුවේ. මෙහිදී මවගේ ඇඟිල්ලක් (මැඳගිල්ල/වෙඳගිල්ල) ඉතා මෘදු ලෙස පහළට සම්බාහනය කිරීම කළ හැක. මෙය දිනකට දෙවරක් එක්වරකට සම්බාහන වාර 10 බැගින් කළ යුතුය. වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිම ඖෂධයක් ඇස්වලට නොදැමිය යුතුය.

    06. ප්‍රතිශක්තිකරණය

    BCG එන්නත දරුවා රෝහලින් පිටවීමට පෙර ලබාදේ. උපතින් පැය 24 තුළ ඊක්‍ඨ එන්නත ලබාදීම වඩාත් යෝග්‍ය වේ. එය ලබාදුන් විට එම ස්ථානයේ සති 3-4 පසු පැසවා කැළලක් ඇතිවිය යුතුය. එම ස්ථානයේ කැළලක් ඇති නොවුනි නම් දෙවන මාත්‍රාව මාස 6 කින් පසුව ලබාදිය හැක.

    අලුත උපන් දරුවා රෝහල් ගත කළ යුතු හෝ වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්ව හඳුනා ගනිමු. මේවා අනතුරු සංඥා ලෙස(danger sign) හඳුන්වයි.

    01. ශරීරයේ කුමන හෝ ස්ථානයකින් රුධිර වෑස්සීමක් සිදු වේ නම්
    02. කාමලාවෙහි ලක්‍ෂණ (Jaundice) මුල් පැය 24 තුළ අල්ල, විලුඹ ආදී ස්ථානවල කහ පැහැවීම සති 2 කට වඩා පවතී නම්
    03. පැය 24 තුළ මල, මුත්‍රා පිට නොවුනි නම්
    04. දරුවා දිගටම වමනය කරයි නම්
    05. කිරි උරා බීම අඩුනම්
    06. අසාමාන්‍ය ලෙස අලස ගතියක් පෙන්වයි නම්
    07. අසාමාන්‍ය ලෙස අඬයි නම්
    08. ශ්වසන අපහසුතා

    • හුස්ම නවතා සිටීම (Aprioea)
    • නිල් පැහැවීමත් (Cyanose) – තොල්, අත්, පා, ඇඟිලි, නියපොතුවල ඇත්නම්

    09. හදිසියේ ශරීර උෂ්ණත්වය අඩු වැඩි වේ නම්
    10. වලිප්පුව/ආක්ෂේප (Convulsions) ඇති විට
    11. ආසාදනයක ලක්‍ෂණ – උණ, ඇස් රතුවීම, ශ්‍රාව, කදුළු ගැලීම conjuctiritis / සැරව බිබිලි (pustules) ඇත්නම්

    www.familylife.lk

    රෝහලේ සිට දරුවා නිවසට ගෙන ගිය පසු දරුවා නිවසට ගෙන ආ බව තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැන්විය යුතුය. දරුවා නිවසට ගෙන ආ මුල් දින 3 ඇතුළත ඇය පැමිණිය යුතු වේ. දෙවන පැමිණීම මුල් දින 10 තුළදී ද, ඉන්පසු දින 15-21 අතර නැවත වතාවක් ද ඇය පැමිණ දරුවා නිරීක්‍ෂණය කර අවශ්‍ය උපදෙස් දරුවාට දිය යුතු වේ.

    සෑම දරුවෙකුගේම වර්ධනය හා සංවර්ධනය ඇගයීම, කලින් රෝග හඳුනාගැනීම හා රෝග පාලනය සෞඛ්‍ය අධ්‍යාපනය යන සියලු අවශ්‍යතා ක්‍ෂේත්‍රය තුළ ඇති ළමා සායන මගින් සිදු වේ. අලුත උපන් දරුවා වෛද්‍යවරයෙකු ලවා පරීක්‍ෂා කරවා ගැනීම සති 4-5 තුළදී සිදුවිය යුතුය.

    මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දුන් කුරුණෑගල පළාත් මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ළදරු ඒකකයේ පළමු ශ්‍රේණියේ සූතිකා පුහුණු හෙද නිළධාරිනී ක්‍රිශාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය දැක්වූ සහයෝගයට familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    27.8 ° C
    27.8 °
    23 °
    78 %
    3kmh
    31 %
    Mon
    28 °
    Tue
    28 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    27 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු