fbpx
More
    23.9 C
    Colombo
    Monday, March 2, 2026
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    මානසික ආතතිය අවම කර ගන්න මේ මූලික දේවල් දැනගෙන ඉන්න.

    Family Tech Sponsorspot_imgspot_img

    මානසික ආතතිය , අද ලෝකය පුරාම කතා බහ කරන මාතෘකාවක්. ඒ නැතත් නිකමට වුනත් අනේ මට හරි Stress කියන හිත මිතුරන් ඔබ ඇසුරු කරන සමාජයේත් ඕනෑ තරම් ඇති. මේ හැමදෙනාටම පොදු තත්ත්වයක්ව තිබෙන ආතතියට හේතු වෙන්නේ ඔබේම සිතුවිලි බැව් විවිධ අධ්‍යනයන් මගින් හඳුනා ගෙන තිබෙනවා. එහෙමනම් ආතතියට හේතු වෙන කරුණු මොනවාදැයි දැන හඳුනා ගැනීම වඩාත් සුදුසුයි නේද?

    තමා වැඩකට නැති පුද්ගලයෙක් බව සිතීම

    හැම පුද්ගලයෙක් තුළම කුමන හෝ වටිනාකමක් හැකියාවක් තිබෙනවා. අප විසින් මේ සැගවී සිටින යෝධයා අවදි කර ගත යුතුයි. එහෙම නැතුව අනේ මං කිසිම වැඩකට නැති පුද්ගලයෙක් යන සිතුවිල්ලේ රැඳෙන්න ගියොත් නොදැනීම මානසික ආතතියට පත් වෙන්න පුලුවනි.

    මානසික ආතතිය අවම කර ගන්න

    අනුන්ගේ අඩු පාඩු සෙවීම

    තම වරද නොදිස්නේ – මෙරමා වරද දිස්නේ යැයි කියන්නා වගේම අපි අනුන්ගේ වැරදි සොයන්න යෑම නිසා නොදැනීම අපි ආතතියට පත් වෙන්න පුලුවනි. දැන් ඔබ හිතයි අනුන්ගේ වැරදි අපේ ආතිතයට හේතු වෙන්නේ කොහොමද කියලා? නිතරම අනුන්ගේ වැරදි හොයන විට ඔබේ හිතේ ඇති වෙන සෘන සිතුවිලි නිසා ඔබටත් නොදැනීම මානසික ආතතියට පත් වෙන්න පුලුවනි.

    සංසන්දනය කරන්න එපා

    ඇගිලි පහ එක හා සමාන නැහැ වගේ අපි හැම දෙනාම එකිනෙකාට වෙනස්. ඒ හින්දා අපි ලද පමනින් සතුටු වීමත් වැදගත්. තමාගේ ඉලක්ක ජය ගැනීම වෙනත් දෙයක්. එහෙම නැතුව අනුන් දෙස බලමින් ඒ සැප සම්පත් තමාට නොලැබීම නිසා කම්පා වීම් ඇති කර ගැනීම නිසා ඔබ මානසික ආතතියට පත් වෙන්න පුලුවනි.

    මානසික ආතතිය අවම කර ගන්න

    පමනට වඩා හිතන්න එපා

    බොහෝ අය තමන් ගැන පමණට වඩා හිතනවා. ඒ අන්දමින් හිතීම වෙනුවට වර්තමානයේ ජීවත් වෙන්න. අතීතය ගැන හිතමින් තැවෙන්න එපා. අනාගතය විපත්තිකාරි යැයි හිතන්නත් එපා. අද දවසේ ජිවත් වෙන්න. අතීතය දැන් ගෙවී අවසානයි. අනාගතය තවම ඔබ ඉදිරියේ නැත. ඒ නිසා අනවශ්‍ය පීඩනයක් හිතේ ඇති කරගන්නේ නැතුව එදිනෙදාට ජීවත් වෙන්න. කිසිම විදිහකින් ඔබ මානසික ආතතියේ ගොදුරක් නොවෙනු ඇති.

    කාලය නාස්ති කරන්න එපා

    පමණට වඩා විවේකයත් මානසික ආතතියට හේතුවක්. ඒ වගේම කාලය නිසි විදිහට ප්‍රයෝජනයට නොගැනීමත් ආතතියට හේතුවක්. ඒ නිසා නිතරම කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ වටිනාකම තේරුම් ගන්න. ඔබ තත්පර අපතේ යැව්වොත් අවුරුදු නොදැනම ඔබට අහිමි වෙනු ඇත. ඒ වගේම තත්පර ආරක්ෂා කරන්නාට අවුරුදු නොදැනීම ඉතිරි වේ. එහෙම වුනාම අනේ මට වැඩ කර ගන්න කාලයක් නැහැ කියන මැසවිල්ල කිසිම දිනක නැගෙන්නේ නැත. ඒ ශක්තිය විසින් මානසික ආතිතයෙන් ඔබ නිදහස් කරනු ඇත.

    බයක් දැනීම

    සමහර පුද්ගලයන් තලියේ පැනෙහි කිඹුලන් දකින්නා සේ හැම දෙයක් වෙනුවෙන්ම බියක් දක්වනු ඇත. තීරණ ගැනීමට කිසිසේත්ම කැමැති නැත. අවදානමට සූදානමක් නැත. හැම දෙයක්ම දකින්නේ සර්ව අසුබවාදී විදිහටයි. මේ මානසික තත්වය නිසාම මානසිකව ඇති වෙන ආතතියේ ඔබ ගොදුරක් බවට පත් වෙනු ඇත.

    සැකය

    සැකය පවුලක වුනත් සමගිය, සාමය, සෞඛ්‍ය පිරිහෙන තැනට පත් කරන හේතුවක් බව අමතක කරන්න එපා. පවුලක වුනත් සැකය නිසාම පවුලේ සමගිය, සාමය බිඳවැටෙන බැව් අත්දැකීමෙන් දන්න ඔබ මේ භයානක සිතිවිල්ලෙන් මිදීම වඩාත් වැදගත් වෙන්නේ  සැකයෙන් ජීවත්වෙන ඔබ මානසික ආතතියට ගොදුරක් වීම එතරම් ඇතක නොවන නිසාය.

    මානසික ආතතිය අවම කර ගන්න

    පසුතැවීම

    පසුතැවීම නිසා ඔබේ හිතේ නිතරම ඇති වෙන්නේ වෙහෙසක්. ඒ නිසාම වෙහෙසකර හෝර්මෝන නිදහස් වෙන අතර එය මානසික ආතතියට හේතුවක්. ඒ නිසා අහිමි වුන දෙයට කිසිම දිනක තැවෙන්න එපා. ඉහිරුන කිරට හඬා දොඩා ඵල නැති බැව් දන්නා නිසා ඔබ ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න. එවිට ඔබ කිසිම දිනක ආතිතයේ ගොදුරක් නොවනු ඇත

    කල්දාන්න එපා

    අද කළ යුතු දෙය අදම කරන්න උනන්දු වෙන්න. කරනු මිස වැඩ ඇති තමා අත – පමාවට කරුනු මට උවමනා නැත.. කියන්නා සේ අප්‍රමාදී වෙන්න. අද කළ යුතු දෙය හෙට නොව අදම ඉටු කරන්න. ඔබ වැඩ කල් දැමීම නිසා ඒ සියල්ලම ගොඩ වී ඔබට මානසික ආතතිය ඇති කිරීමට හේතුකාරකයක් වීම වැලැක්වීමට නොහැකියි.

    එහෙමනම් මානසික ආතතිය හෙවත් Stress ඇති වෙන්නේ ඔබේ සිතුවිලි පෙරලා ඔබට දක්වන ප්‍රතිචාර නිසාම බැව් අමතක කරන්න එපා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    23.9 ° C
    23.9 °
    21 °
    92 %
    2.7kmh
    74 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    27 °
    Thu
    27 °
    Fri
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු