අද අපි familylife.lk සුව පියස තුළින් කතා බහට ලක් කරන්නේ ලියුකේමියා (Leukemia) රෝගය පිළිබඳවයි. ඕනෑම කෙනෙකුට නම ඇසුනත් බිය දනවන සුළු මෙම රෝගයේ ඛේදනීයම තත්ත්වය නම් කුඩා දරුවන් අතරද බහුලව පවතින් පිළිකා තත්ත්වයක් වීමයි.
අපගේ රුධිරය සෑදී තිබෙන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා යන සෛලමය කොටස් සහ ප්ලාස්මාව යන දියරමය කොටස මගිනි. රතු රුධිරාණු මගින් අවශ්‍ය ඉන්ද්‍රියයන් කරා ඔක්සිජන් සැපයීමත් සුදු රුධිරාණු මගින් ශරීරය වීෂබීජවලින් ආරක්‍ෂා කිරීමත් සිදු කෙරෙන අතර රුධිර පට්ටිකා මගින් අනවශ්‍ය ලේ ගැලීම්වලින් ශරීරය ආරක්‍ෂා කරනු ලැබේ.
ඉහත සෛල වර්ග සහ රුධිර පට්ටිකා නිපදවෙන්නේ අස්ථිවල මැද කොටසේ ඇති ඇටමිදුළුවලය. මේවා ක්‍රමයෙන් පරිණත සෛල බවට පත් වේ. ඇටමිදුළුවල මුලින්ම නිපදවෙන නොමේරූ සෛල, බ්ලාස්ට් (Blast Cells) ලෙස හැඳින්වේ. මෙම නොමේරූ සෛල ක්‍රම ක්‍රමයෙන් පරිණත සෛල බවට වර්ධනය වේ.
සමහර අවස්ථාවල දී මෙම බ්ලාස්ට් සෛල සාමාන්‍ය පරිණත සෛල බවට වර්ධනය නොවී අසාමාන්‍ය සෛල බවට පත්වේ. මෙලෙස ඇටමිදුළු තුළ නිපදවෙන නොමේරූ රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී රුධිරයට මුදාහැරීම නිසා ඇතිවන තත්ත්වය ඛැමනැපස් ලෙස හැඳින්වේ.
මෙම නොමේරූ සෛල විශාල ප්‍රමාණවලින් හටගන්නා අතර එම සෛලවලට ස්වාභාවික සෛලවලින් සිදු කරන කාර්යයන් කිරීමට නොහැකිය. එසේම මෙලෙස හටගන්නා අසාමාන්‍ය සෛල ඇටමිදුළුවල එක්රැස් වීම නිසා සාමාන්‍ය සෛල නිපදවීමට ද බාධා ඇති වේ.
සමහර ලියුකිමීයා වර්ග ඉතා ඉක්මණින් වර්ධනය වන අතරම ඒවා Acute Leukemia ලෙසද සෙමෙන් වර්ධනය වන වර්ග Chronic Leukemia ලෙස ද හඳුන්වනු ලැබේ. මීට අමතරව එම ලියුකිමීයාව සෑදී ඇති රුධිරාණු වර්ගය අනුව Myeloid iy Lymphoblastic ලෙස වර්ග කිරීමට පුළුවන. මේ ආකාරයට ලියුකිමීයා වර්ග Acute Lymphoblastic Leukaemia (ALL), Chronic Lymphocytic Leukaemia (CLL), Acute Myeloid Leukaemia (AML), Chronic Myeloid Leukaemia (CML) ලෙස ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4 කට බෙදා දැක්විය හැකිය.
කුඩා දරුවන්ට වැළඳෙන පිළිකා අතරින් වැඩි ප්‍රමාණයක් Acute Leukaemia වර්ග වේ. ඒ අතරින්ද Acute Lymphoblastic Leukaemia (ALL) වර්ගය කුඩා ළමයි අතර බහුල වශයෙන් දක්නට ලැබෙන වර්ගය ලෙස සඳහන් කළ හැකිය.
ලියුකිමීයා රෝගය සෑදීමට හේතු මොනවාද?
ලියුකිමීයාව ඇති වීම සඳහා නිශ්චිත හේතූ සඳහන් කිරීම අපහසුය. සමහර ජානගත රෝග ඇති පුද්ගලයන්ට ලියුකිමීයාව සෑදීමට වැඩි සම්භාවිතාවක් ඇති බව සොයාගෙන ඇත. උදාහරණ ලෙස ඩවුන්ස් සහ ලක්‍ෂණය සහිත දරුවන් දැක්විය හැකිය.
අනවශ්‍ය ලෙස විකිරණවලට නිරාවරණය වීම තවත් එක් අවදානම් සාධකයක් ලෙස සඳහන් කළ හැකිය. පරමාණු අනතුරුවලට ලක් වී දිවි බේරාගත් අය පසුව ලියුකිමීයාවට වැඩිපුර ගොදුරු වූ බව සොයාගෙන ඇත. Benzene වැනි සමහර රසායන ද්‍රව්‍යවලට නිරාවරණය වීම මෙන්ම පිළිකා සඳහා ප්‍රතිකාර වශයෙන් යොදාගන්නා සමහර ඖෂධ නිසාද පසුකාලීනව ඉතා කලාතුරකින් ලියුකිමීයාව හටගත හැකිය.
සමහර වෛරස ආසාදනවල පසුකාලීනව සංකූලතාවයක් ලෙසද කලාතුරකින් ලියුකිමීයාව ඇති වීමට ඉඩ තිබේ.
උදා: HTLV (Human T Cell Lymphotropic Virus)
ලියුකිමීයා රෝගයේ රෝග ලක්‍ෂණ මොනවාද?
ඉක්මණින් වර්ධණය වන Acute Leukemia වර්ග සහිත රෝගීන් අතර රෝග ලක්‍ෂණ බොහෝ විට කලක් ඇතුළත දක්නට ලැබේ.
- දින ගණනක් පවතින උණ
- කුද්දෙටි ඉදිමීම
- ඇඟේ ලේ පැල්ලම් ඇති වීම
- විදුරුමස්නා
- සය සහ මුත්‍ර මාර්ගයෙන් ලේ පිට වීම
- ඇඟ සුදුමැලි වීම
ආදී රෝග ලක්‍ෂණ බොහෝ විට දක්නට ලැබේ.
- සමේ ආසාදන
- බඩ ඉදිමීම
- අසූචි තද කළු පැහැයෙන් පිට වීම
- විදුරුමස් ඉදිමීම (Gum Hypertrophy)
- පිරිමින් ගේ වෘෂණ ඉදිමීම
සමහර අවස්ථාවල දී දක්නට ලැබේ. Acute Leukemia රෝගීන් හඳුනාගනු ලබන අවස්ථාවේදී ඔවුන් බොහෝ විට දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසු වන බාහිරින් පෙනෙන්නට තිබේ.
Chronic Leukemia සහිත රෝගීහූ බොහෝ විට රෝග ලක්‍ෂණ බාහිරින් නොපෙන්වති. සමහර විටෙක වසර 2 ක් 3 ක් පමණ යන තුරුම රෝග ලක්‍ෂණ දක්නට නොලෙැබේ. එබැවින් මෙවැනි රෝගීන් බොහෝ විට හඳුනාගනු ලබන්නේ වෙනත් රෝගාබාධ සඳහා පරීක්‍ෂා කරනු ලබන අවස්ථාවලදීය. එහෙත් රෝගය යම් කාලයක් පැවතුන විට
- අධික මහන්සිය (Fatigue)
- කුද්දෙටි ඉදිමීම
- බඩ ඉදිමීම
- හන්දිපත් අමාරුව
ආදී රෝග ලක්‍ෂණ පෙන්නුම් කෙරේ.
මෙම ලිපිය සැකසීමේදී සිය දැනුම් නොමසුරුව ලබා දෙමින් පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා දැක්වූ සහයෝගයට Familylife.lk අපගේ ස්තුතිය මෙසේ පළකරමු.