fbpx
More
    26.9 C
    Colombo
    Monday, April 7, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    කටට රසට කන්න වෙජිටේරියන් ( Vegetarian ) කෑම වට්ටෝරු කිහිපයක්

    Family Tech Sponsorspot_imgspot_img

    කටට රසට කන්න අපි කොයි කවුරුත් කැමතියි. කුමක් හෝ හේතුවක් නිසා කෙනෙක් මස් මාළු කන්න අකමැති වුණත් අයත් රසට කන්න නම් අකමැත්තක් නෑ. familylife.lk අපි ෆැමිලි චෙෆ් තුළින් මේ ලිපියෙන් අරන් එන්නේ නිර්මාංශ අයට එහෙමත් නැත්තං දන්න වචනෙන් කිවුවොත් වෙජිටේරියන් Vegetarian අයට විතරක් නෙවෙයි, කාට වුනත් කන්න පුළුවන් රසවත් ආහාර වර්ග කීපයක් හදන විදිය යි.

    මස් මාළු නැතුව වේලක් ගෙවාගන්න බැරි උදවියත් මේ කෑම කාලා බැලුවොත් හිත වෙනස් කරගන්න ඉඩ තියෙනවා.

    vegetarian pollos cutlet

    පොළොස් කට්ලට්

    • කටු ඉවත්කළ පොළොස් ග්‍රෑම් 300
    • අර්තාපල් අල ග්‍රෑම් 100
    • සිහින්ව ලියාගත් රතු ළූණු ගෙඩි 8-10
    • කෑලි මිරිස් මිරිස් මේස හැඳි 02
    • මිරිස් කුඩු තේ හැඳි 02
    • ගම්මිරිස් කුඩු තේ හැඳි 01
    • අමු මිරිස් කරල් 4-5
    • අබ ඇට ස්වල්පයක්
    • සිහින්ව ලියාගත් සුදු ළූණු බික් 02
    • සිහින්ව ලියාගත් කරපිංචා
    • ගොරකා
    • පාන් පිටි
    • කෝර්න් පිටි
    • බිස්කට් කුඩු
    • ලුණු
    • තෙල්

    පොළොස් කැබලි ලුණු සහ ගොරකා එකතු කර හොඳින් තම්බා පොඩි කරගන්න. තම්බාගත් අර්තාපල් පොඩි කරගන්න. තෙල් රත්කර මුලින්ම අබ ටික පිපිරෙන්න හරින්න. කරපිංචා, රතු ළූණු, සුදු ළූණු, කුඩාවට කපාගත් අමු මිරිස් එකතුකර තෙම්පරාදු කරගන්න.

    මේ තෙම්පරාදුවට කෑලි මිරිස්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, පොඩි කරගත් අර්තාපල් අල, පොඩි කරගත් පොළොස් සහ රස අනුව ලුණු එකතු කර විනාඩි 2-3කින් පමණ පසු ලිපෙන් බාගන්න. පාන් පිටි සහ කෝර්න්  පිටි සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන වතුර එකතු කර උකු මිශ්‍රණයක් සාදා ගන්න.

    තෙම්පරාදු කරගත් අල සහ පොලොස් මිශ්‍රණය බෝල ආකාරයට සාදාගෙන පිටි මිශ්‍රණයේ දමා බිස්කට් කුඩු තවරගන්න. නැවතත් පිටි මිශ්‍රනය සහ බිස්කට් කුඩුවල තවරන්න. හොඳින් රත්කරගත් තෙලට දමා මද ගින්නේ රන්වත් පාට වනතෙක් බැදගන්න.

    Vegetarian Tofu curry

    ටෝෆු ව්‍යංජනය

    • ටෝෆු ග්‍රෑම් 150
    • ඉඟුරු සුදු ළූණු පේස්ට් තේ හැඳි 02
    • සිහින්ව ලියාගත් රතු ළූණු ගෙඩි 05
    • අමු මිරිස් කරල් 03
    • රම්පෙ
    • කරපිංචා
    • කුරුඳු පොතු කැබැල්ලක්
    • එනසාල් ස්වල්පයක්
    • කරාඹු නැටි 2-3
    • මිරිස් කුඩු තේ හැඳි 02
    • බැදපු තුනපහ කුඩු තේ හැඳි 02
    • කහ කුඩු තේ හැඳි ½
    • උළුහාල් ස්වල්පයක්
    • අබ ස්වල්පයක්
    • ලුණු
    • යෝගට් මේස හැඳි 01-02
    • පොල් මිටිකිරි අඬු කෝප්ප බාගයක්
    • තක්කාලි ගෙඩි 02

    කෑලි කපාගත් ටෝෆු ලුණු ගම්මිරිස් දමා තම්බා වතුර හැර තෙම්පරාදු කරගන්න. ටෝෆු ටික භාජනයකට අයින් කරගෙන රත්වූ තෙලට අබ ඇට ටිකක් දමා පිපිරෙන්න ඉඩ හරින්න. ඉඟුරු සුදු ළූණු එක්කර තෙම්පරාදු කරගන්න. එනසාල්, කරාඹු නැටි, රම්පෙ, කරපිංචා, රතු ළූණු, අමු මිරිස් මේ තෙම්පරාදුවට එකතුකරන්න.

    විනාඩි 2-3 පමණ බැදගත් පසු ටෝෆු මෙයට එකතු කරන්න. ඉන්පසු මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු සහ යෝගට් එකතු කරන්න. අවසානයට කුඩාවට කපාගත් තක්කාලි, පොල් කිරි සහ රස අනුව ලුණු එකතු කර පොල්කිරි හිඳීගෙන එනවිට ලිපෙන් බාන්න.

    coleslaw Salad

    කෝල්ස්ලෝ සලාදය

    • ගෝවා ග්‍රෑම් 200
    • කැරට් ග්‍රෑම් 200
    • ලොකු ළූණු ග්‍රෑම් 50
    • මයෝනිස් සෝස් මේස හැඳි  03
    • විනාකිරි මේස හැඳි  02
    • සීනි තේ හැඳි 02
    • ලුණු තේ හැඳි 1/2
    • දෙහි යුෂ මේස හැඳි  01
    • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2

    ගෝවා, කැරට්, ලොකු ළූණු සිහින්ව දික් අතට කපාගන්න. මයෝනිස් සෝස්, විනාකිරි, සීනි, ලුණු, ගම්මිරිස් කුඩු සහ දෙහි යුෂ භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණයට කපාගත් ළූණු, කැරට්, ගෝවා එකතුකර ප්‍රවේශමෙන් කලවම් කරන්න. ආහාරයට ගැනීමට පෙර පැය 02ක් පමණ ශීතකරණයේ තබන්න.

    dossa

    තෝසේ

    • උඳු ග්‍රෑම් 300
    • කැකුළු හාල් පිටි 150
    • පොල් මිටිකිරි අඬු කෝප්ප 1 ½
    • පොල්තෙල්/තලතෙල්
    • කරපිංචා
    • ලොකු ළූණු
    • අබ ස්වල්පයක්
    • වියළි මිරිස් කරල් 2-3

    සෝදා පිරිසිදු කරගත් උඳු රැයක් පෙඟෙන්නට හරින්න. වතුර බේරා හැරලා පොල් කිරි එකතු කර බ්ලෙන්ඩරයෙන් අඹරා ගන්න. පොල්කිරි උඳු මිශ්‍රණයට හාල් පිටි එකතු කරලා උකු මිශ්‍රණයක් හැදෙන තෙක් වතුර හෝ පොල් කිරි එකතුකර භාජනය පියනකින් වසා පැය 3-4ක් තියන්න.

    අවශ්‍යනම් පසුව පොල්කිරි හෝ වතුර එකතු කරන්නත් පුළුවන්. රත්කරගත් තෙල් ස්වල්පයකින් අබ, කරපිංචා, කඩාගත් වියලි මිරිස් කරල්, ළූණු තෙම්පරාදු කරලා උඳු මිශ්‍රණයට එකතු කරන්න. රස අනුව ලුණුත් එකතු කරන්න. රත්කරගත් තැටියේ තෙල් ආලේප කරලා, මිශ්‍රණය වත්කරලා තොසේ හදාගන්න.

    සාම්බාරුව හදන ක්‍රමය (අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ද්‍රව්‍ය අරගන්න )

    අබ, උළුහාල්, වියළි මිරිස්, සූදුරු, කරපිංචා, ලොකු ළූණු, කුරුඳු පොතු තෙම්පරාදු කරගන්න. වතුර කෝප්ප 03ක් ලිපේ තියලා, අමු මිරිස්, ඉඟුරු සුදු ළූණු, වට්ටක්කා, මුරුංගා, වම්බටු, පරිප්පු, මෑකරල්, තක්කාලි, ලුණු, කොත්තමල්ලි, ගම්මිරිස් යන ද්‍රව්‍ය එකතුකරලා තම්බාගන්න. සියඹලා යුෂ සහ තෙම්පරාදුව එකතු කරලා ලිපෙන් බාගන්න.

    පොල් චට්නිය හදන ක්‍රමය (අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ද්‍රව්‍ය අරගන්න)

    අමු මිරිස්, කරපිංචා,ඉඟුරු ස්වල්පයක්, සුදු ළූණු සහ ලොකු ළූණු වතුර ස්වල්පයක් දමා අඹරා ගන්න. එයට ගාගත් පොල් එකතුකර නැවත අඹරා ගන්න. රස අනුව සියඹලා ඉස් සහ ලුණු එකතු කරන්න.

    caramel pudding

    කැරමල් පුඩින් 

    එකම භාජනයකින් මේ සදහන් කරන සියලුම ද්‍රව්‍ය මැනගන්න

    • දියකරගත් පිටිකිරි/ නැවුම් කිරි කොප්ප 02
    • යෝගට් කෝප්ප 02
    • මිල්ක්මේඩ් කෝප්ප 02
    • කෝර්න් පිටි තේ හැඳි 05
    • වැනිලා ස්වල්පයක්
    • සීනි  කෝප්ප බාගයක්
    සීනි කැරමල් කරගන්න ක්‍රමය 

    සීනිවලට වතුර මේස හැඳි 02ක් දාලා හොඳට කලවම් කරන්න. භාජනයකට සීනි දාලා අඩු ගින්දරේ පෙන ගතිය මතු වෙනකන් රත් කරන්න.පෙන මතු වුනාට පස්සේ ගින්දර ටිකක් වැඩි කරන්න. බුබුළු මතුවෙලා සීනි ටික දුඹුරු පාට වෙනකොට ලිපෙන් බාගන්න.

    භාජනෙකට යෝගට් කෝප්ප 02 දාලා කැට ගතිය නැතිවෙනකන් බීටරයකින් හෝ හැන්දකින් ගසාගන්න. එයට මිල්ක්මේඩ් එකතු කරලා නැවතත් බීට් කරගන්න. පිටිකිරි/ ෆ්‍රෙෂ් මිල්ක් වලට කෝර්න් පිටි ටික ටික එකතු කරගන්න. කෝර්න් පිටි කැටි ගැහෙන්න ඉඩ දෙන්න එපා.

    මේ මිශ්‍රනයත් යෝගට් මිල්ක්මෙඩ් මිශ්‍රණයට එකතු කරලා නැවතත් බීට් කරගන්න. අන්තිමට වැනිලා එකතු කරන්න. පුඩිම හදන භාජනයේ පතුලට කැරමල් කරගත්ත සීනි ටික දාලා පුඩින් මිශ්‍රණය ඊට උඩින් දමාගන්න. විනාඩි 20-25ක් පම ස්ටීම් කරගන්න.


    මුළුතැන්ගෙයි කටයුතු පිළිවෙලට පහසුවට කරගන්න වගේම රසට, ගුණට, පදමට ඉවුම් පිහුම් කරන්න කැමති ඔබ වැනි සියලුදෙනාගේ දැනුම හා අවධානය සඳහා මෙම ලිපිය පහත මාධ්‍ය ඔස්සේ ෂෙයා කිරීමට අමතක නොකරන්න


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    overcast clouds
    26.9 ° C
    26.9 °
    26.9 °
    85 %
    2.4kmh
    93 %
    Mon
    30 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු