fbpx
More
    30 C
    Colombo
    Monday, April 7, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    2018 අවුරුද්දේ සාහිත්‍ය සම්මාන දිනූ මෙම කෘති ඔබත් කියෙව්වද?

    Family Tech Sponsorspot_imgspot_img

    පොත පතට පෙම් බඳින පුද්ගලයක් පොදුවේ ඕනෑම කෘතියකට ප්‍රිය කළත් එක් එක් පුද්ගලයින් තුළ එකිනෙකට වෙනස් ආකාරවල පොත් සම්බන්ධයෙන් ඇති රුචිය අරුචිකම්  අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. Familylife.lk අපි ෆැමිලි රීඩ් තුළින් ගෙනඑන මේ ලිපියෙන් 2018 වර්ෂයේ සාහිත්‍ය සම්මාන දිනු කෘති කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත අරන් එනවා. විශේෂයෙන් සම්මානිත කෘති කියවීමට ප්‍රිය කරන්නනන් ඇතුළු පොත් කියවන සියලු දෙන වෙනුවෙන්ම යි. අතරින් ඔබේ රසවින්දයට වඩාත්ම යෝග්‍ය සම්මානිත කෘතිය තෝරාගන්නට ඔබට පහසුවෙන්ම හැකිවේවි.

    www.familylife.lk

    – විශිෂ්ටතම ස්වතන්ත්‍ර නවකතාවරාජ්‍ය සාහිත්‍ය සම්මානයවිමල් උදය හපුගොඩආරච්චියකඩ සිල්පර

    විසි වැනි සියවසේ මුල් භාගයේ, සුදු ජාතිකයන් විසින් මෙරට දුම්රිය මාර්ගය තැනීම හා සම්බන්ධව ලියැවුණු මේ කෘතිය කතුවරයාගේ පස්වන නව කතාවයි. මෙය ඓතිහාසික නවකතා ගණයට අයත් කෘතියක්. කොළඹ සිට යාපනය දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ගය  තැනීමේ ව්‍යාපෘතියේ  ප්‍රධාන ඉංජිනේරුවරයා වන ඩන්ස්ටන් මුලර්,  ඔහුගේ බිරිද වන රූත් මුලර්, හේන කුලේ තරුණයෙකු වන පදක්කයා, ඔහුගේ බිරිද රම්බා සහ දේවාලයේ කපුවා වන ගවරා කියන චරිත ප්‍රධාන කරගෙන තමයි මේ කෘතිය ගොඩනැගිලා තියෙන්නේ. දුම්රිය මාර්ගය ඉදි කිරීම ආරම්භ වීම හේතුවෙන් එකිනෙකා සමග සම්බන්ධ  වෙන මේ චරිතවල ජිවන රටාවන්  ක්‍රමක්‍රමයෙන් වෙනස් වන ආකාරය මේ කෘතියෙන් පෙන්වා දෙනවා.

    බ්‍රිතාන්‍ය පාලනය යටතේ දුම්රිය මාර්ග ඉදිකිරීමේ ඉතිහාසය, වසර 200කට පෙර කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ පැවති  කුල ක්‍රමයේ ස්වභාවය, එවකට පැවති සමාජ ආර්ථික ක්‍රමය, ස්ත්‍රීපුරුෂ සම්බන්ධතාවල ස්වරුපය කියන කරුණු කිහිපයක පිලිබදවම ඉතා හොදින් පර්යේෂණ කිරීමෙන් පසු රචිත පොතක් විදියට මේක හදුන්වන්න පුළුවන්.

    www.familylife.lk

    හොඳම ස්වතන්ත්‍ර කෙටි කතා සංග්‍රහයරාජ්‍ය සාහිත්‍ය සම්මානසුමුදු නිරාගි සෙනෙවිරත්නගිහින් එන්න කානිවල්

    පොත් කියවන්නන් අතර ඉතා ජනප්‍රිය වුනුදුල්වල අලංකාරේකියන කෘතියේ රචිකාවිය වන කතුවරියගේ පළමු කෙටි කතා සංග්‍රහය වන මේ කෘතිය කෙටි කතා අටකින් සමන්විත වෙනවා. සිලි සිලි බෑග් යනුවෙන් හදුන්වන පොලිතින් බෑග් මෙරටට හඳුන්වලා දුන් කාල වකවානුව ඇසුරින් ලියවුණුසිලි සිලි සිරි සිරි”, තරුණ බෞද්ධ මෙහෙණියකට මුහුණ දීමට සිදුවන අභියෝග ඇසුරින් ලියවුණුමිදුණා මිදුණා මනාව මිදුණා”, නුග ගසක් යට වැදුම් පිදුම්වලට පත් වන පුල්ලෙයාර් දේව ප්‍රතිමාවක් ඇසුරෙන් ලියවුණුඅග්නි ප්‍රේත වස්තුව”, අනගාරික ධර්මපාල චින්තනය ඇසුරෙන් ලියැවුණුගිහින් එන්න කානිවල් ”, රණවිරු වැන්දඹුවන් සහ රාජ්‍ය සේවය ඇසුරින් ලියවුණුගඩුව”, ස්ත්‍රී ලෝලියෙකු සහ ඔහුගේ බිරිද අතර වන සම්බන්ධතාවය ඇසුරින් ලියවුණුකළු පෙට්ටිය”, අද්භූත සිදුවීමක් අළලා ලියැවුණුරාමු දෙකක කතාවක්සහ  වැවකින් නිවසක පොකුණකට ගෙනා මත්ස්‍යයෙකුගේ  දෘෂ්ටිකෝණයෙන් ලියවුනුපෙතියාකියන කෙටි කතා අට මෙහි අඩංගු වෙනවා.

    www.familylife.lk

    – හොඳම පරිවර්ථි නවකතාවරාජ්‍ය සාහිත්‍ය සම්මානපරිවර්තනය නිලුක කදුරුගමුවමුහුද යට දිවයින

    මෙය දහඅටවන සියවසේ අගභාගය වන විට සැන් දොමෑං දිවයින හෙවත් වර්තමානයේ හයිටි රාජ්‍ය යනුවෙන් හැදින්වෙන රාජ්‍ය පසුබිකොට ගෙන පැවති වහල්බාවය ඇසුරින් ඉසබෙල් අයියන්දේ විසින් රචනා කළ  අගනා කෘතියක සිංහල පරිවර්තන යි. තම රාජ්‍යයේ  ජනයා පීඩාවට පත්කළ වහල්බවේ ම්ලේච්චත්වයත්  සහ එයට එරෙහි අරගලයේ දී දෛවෝපගත ලෙස මුණ ගැසෙන තෙතේ හෙවත් සරිතේ නමැති වහලිය සහ තුලුස් වල්මොරුන් නමැති වතු පාලකයා ප්‍රධාන චරිත කරගනිමින් ගොඩ නැගුනු මේ කෘතිය ඉසබෙල් අයියන්දෙගේ වෙනත් කෘති හා සමානවම ආදරය, රාගය, කෘරත්වය යනාදී ලක්ෂණ එකට කැටිවූ ආකර්ශනීය අපුර්ව කෘතියක් විදියට හදුන්වන්න පුළුවන්.

    www.familylife.lk– විශිෂ්ටතම නවකතාවස්වර්ණ පුස්තක සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මානයසමන් වික්‍රමාරච්චිඅප්පච්චි ඇවිත්

    මෙම කෘතියේ වෙනස් ආකෘතිය සහ  සරල අන්තර්ගත නිසා වඩාත් කතාබහට ලක් වූ කෘතියක් විදියට හදුන්වන්න පුළුවන්කම තියෙනවා. අප්පච්චි ඇවිත් කෘතියෙන් කියවෙන්නේ තමන්ගේ මිය ගිය පියා ආවේශ වී සිය බිරිඳ හා දියණිය මරා දමන පුද්ගලයකු ගැන කතාවකි.

    මේ කුඩා කෘතිය කොටස් තුනකින් යුක්ත වෙනවා. නිශ්ශංක නම් පරිපාලන සේවා ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ බිරිඳ වන සුමාලි සහ ඔවුන්ගේ දියණිය වන සුමුදු යන දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දී ඉදිරිපත් වන කට උත්තර තුනකින් පළමු කොටස සම්පුර්ණ වෙනවා. තුන්වන කොටස විත්තිය වෙනුවෙන් පෙනී සිටින නවක නීතිඥයාගේ දේශනයෙනුත්, දෙවැන්න එම දේශනයේ දී නීතිඥයා විසින් පළමු විත්තිකරුගේ ප්‍රකාශය ලෙස සලකුණු කර ඉදිරිපත් කළ නිශ්ශංක විසින් කියන ලදැයි කියන දීර්ඝ විස්තරයෙනුත් සමන්විත වෙනවා.

    බිරිදගේ පියාගේ බලපෑම නිසා තම පියාගෙන් වෙන්ව මාමණ්ඩිය ලබා දෙන නිවසකට එන නිශ්ශංක, ඔහුගේ නීතිඥයා පවසන ආකාරයට තමන්ගේ දියණියත් බිරිදත් ඝාතනය කරන්නේ පියා ආවේශ වීම හේතුවෙන් බව කතාවෙන් කියවේ. මේ තත්ත්වය මනෝ ව්‍යාධි තත්වයක් එහෙමත් නැත්නම් නිශ්ශංකට සැබවින්ම මිය ගිය පියා ආරූඪ වනවාදැයි වටහාගෙන කතාව කියවීම පාඨකයාට අයත් කාර්යයක් විදියට තමයි අපි නම් දකින්නේ. වගේම සමන් වික්‍රමාරච්චි මහතාගේ අසන්ධිමිත්තා කියවා ඇතිවූ ආශක්ත බවින් යුතුව මෙය කියවන්නට යනවානම් එය ඔබේ බළාපොරොත්තු බිඳ දමන්නක් වන්නට ඉඩ ඇති බවටත් අප අනතුරු අඟවනවා.

    www.familylife.lk– විශිෂ්ටතම කෙටි කතා සංග්‍රහයස්වර්ණ පුස්තක සම්මානයලියනගේ අමරකීර්තිඅළු පැහැති ආරංචි

    නිතර නිතර කතාබහට ලක් නොවන පුද්ගල චරිත වගේම අවස්ථා ප්‍රධාන කරගනිමින් රචනා කෙරුණු කෙටි කතා 7 කින් මේ කෘතිය සමන්විත වෙනවා.

    භාණ්ඩ ඍජු අලෙවිකරණයේ යෙදෙන තරුණයෙකුට කවියෙකු යයි සිතා රැවටෙන මහාචාර්යවරයෙක් සම්බන්ධ කරගෙන ලියවුනුකවියෙකු සොයාකෙටි කතාව මුල සිට අග දක්වාම කුතුහලයෙන් පිරුණු නිර්මානයක් විදියට හදුන්වන්න පුළුවන්.

    ඉඩි අමින් සහ වැලිමඩ සමන්කෙටිකතාව, 1988/89 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ නැගී සිටීමත්, මර්ධනකාරී වැඩපිළිවෙලකින් එය කඩාකප්පල් කළ රජය සහ ආරක්ෂක අංශත්, නිරපරාදේ මිය ගිය තරුණ ජිවිතත් ඇසුරින් ලියැවුණකි.

    ටෙලි නාට්‍ය නිෂ්පාදනයේ සැබෑ මුහුණුවර විදහා දක්වන කෙටිකතාවක් විදියටදෙවන රංගනයනිර්මාණය හදුන්වන්න හැකියාව තියෙනවා. සීසීටීවී දර්ශන පෙළක් මත පදනම්ව තමන්ගේ ජිවිතයේ වැදගත් තීරණයකට එළඹෙන තරුණියක් පිලිබදව කතා පුවතක්අළු පැහැති ආරංචිකෙටිකතාවෙන් කියැවෙනවා.

    හදවත සිඳුනු තැනකෙටි කතාවෙන්, තරුණ වියේ දී ඇතිකරගත් අනියම් සබදතාවයක් පිළිබද පසුතැවෙන විශ්‍රාමික ගුරුවරියක් පිලිබදවත්, Down syndrome රෝගයෙන් පෙළෙන නිසල් නම් දරුවා ප්‍රධාන කොටගෙන නිර්මාණය කෙරුණුඑකම පුතාකියන කෙටි කතා ද්විත්වයත් ඊට අමතරවසෝ බර සමයයනුවෙන් තවත් කෙටි කතාවකුත් මෙම කෘතියේ අන්තර්ගතය ලෙස හඳුන්වන්න පුළුවන්.


    ඔබ වැනිම පොතට පතට ආදරය කරන, දැනුමට, රසවින්දනයට ප්‍රියකරන තවත් අයෙකුගේ යහපත වෙනුවෙන් පහත මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න


    කවරයේ ඡායාරූපය – media.buzzle.com

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    30 ° C
    30 °
    30 °
    75 %
    0.5kmh
    77 %
    Mon
    30 °
    Tue
    29 °
    Wed
    29 °
    Thu
    30 °
    Fri
    29 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු