fbpx
More
    28.2 C
    Colombo
    Friday, December 27, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    සිංහල අලුත් අවුරුද්ද එක්ක එන පොඩ්ඩන්ගේ සැමරුම්

    Family Tech Sponsorspot_imgspot_img

    සිංහල අලුත් අවුරුද්ද ළඟ ලඟම එන විත්තිය අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය කාරණයක් නොවුනත්, ශ්‍රී ලංකික අපි අලුත් අවුරුද්දක් උදා වුණා කියලා සිංහල ක්‍රමයට අනුව පිළිගන්න මේ උත්සවය ගැන නම් කතා කරන්න කරුණු  කාරණා බොහොමයක් තියෙනවා.

    කොයි තරම් කාර්යබහුල වුණත් අවුරුද්දකට සැරයක් යෙදෙන අලුත් අවුරුදු උදාව නිවැසියන් සමග ගතකරන්න, තෑගි බෝග හුවමාරු කරගන්න, පුළුවන් හැටියකට කැවිලි පෙවිලි ටිකක් හදාගන්න වගේම නැකතට අනුව චාරිත්‍ර ටික ඉෂ්ට කරන්න අදටත් බොහෝ උදවිය උනන්දු වෙනවා.

    වගේම අපෙන් පස්සේ එන පරම්පරාවත් මේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනෑය කියල හිතලා පොඩිහිටියනුත් මේ චාරිත්‍ර වාරිත්‍ර වලට බොහොම උනන්දුවෙන් සහභාගි කරගන්න වැඩිහිටියන් පෙළඹෙනවා. ඉතින් නිසා familylife.lk ෆැමිලි ටුඩේ තුළින් අපි හිතුවා පොඩ්ඩොන්ට මේ අලුත් අවුරුදු චාරිත්‍ර ගැන ගැන අදහසක් ලබා දෙන්න වැඩිහිටියෝ අනුගමනය කරන යම් යම් ක්‍රියාමාර්ග කොයි තරම් ඵලදායකද කියලා මේ ලිපිය හරහා කතා කරන්නට.

    ප්‍රධාන වශයෙන්ම අලුත් අවුරුදු චාරිත්‍ර නැකත් මාලාවකට අනුව සිදුවෙන ක්‍රියාවලියක් විදියට හඳුන්වන්න පුළුවන්. නක්ශස්ත්‍රයට අනුව සුර්යයා මීන රාශියේ සිට තමන්ගේ උච්ච රාශිය වන මේෂ රාශියට පැමිණීම අලුත් අවුරුදු උදාව විදියට සළකනවා. චන්ද්‍ර මාස ක්‍රමය අනුව සකසාගත්, නිශ්චිත නැකතක් නොමැති චාරිත්‍රයක් වන නවසඳ බැලීම පළමුවන චාරිත්‍රය විදියට හඳුන්වන්න පුළුවන්.

    සුර්යාගේ නැගීම හා බැසීම අනුව ගණනය කරගත් සුර්ය මාස ගණනය අනුව අනෙකුත් චාරිත්‍ර සඳහා නැකත් සකසාගෙන තියෙනවා. පරණ අවුරුද්ද සඳහා ස්නානය, ආගමික කටයුතුවලට මුලිකත්වය ලබාදෙන පුණ්‍යකාලය, කැවිලි පෙවිලි බෙදාහදා ගැනීම, අලුත් අවුරුදු උදාව, ලිපගිනි මොලවා කිරි ඉතිරවීම, වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවය, හිස තෙල් ගා ස්නානය කිරීම, ලිඳ සමඟ ගනුදෙනු කිරීම, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම වැනි චාරිත්‍ර වලින් ඇතැම් ඒවා නිශ්චිත නැකතක් අනුවද අනෙක් ඒවා නිශ්චි නැකතක් නොමැතිවද සිදු කරනව.

    ©firstfriends.lk

    කොහොම වුනත් මේ සෑම චාරිත්‍රයකින්ම යම් වැදගත් අදහසක් නිරුපනය වන නිසා එකක් හෝ නිරර්ථක ක්‍රියාවක් විදියට සලකලා බැහැර කිරීමේ හැකියාව අපිට තියෙනවා කියලා කියන්න අපහසුයි.

    අලුත් අවුරුදු චාරිත්‍ර ගැන පොඩි දරුවෝ මුලිකම අදහස ලබාගන්නේ තමන්ගේ නිවසින්. රූපවාහිනියෙන්, ළදරු පාසලෙන් හෝ පාසලෙන් වෙන්න පුළුවන්. නිවාස පිරිසිදු කිරීම, කැවිලි පෙවිලි සැදීම, අලුත් ඇඳුම් ඇඳුම් සහ තෑගි බෝග මිලට ගැනීම, නිවාඩුවක් නිදහසක් ලැබීම, ඥාති නිවෙස්වලට යාම වගේ දේවලින් දරුවන්ට අලුත් අවුරුදු සමය විශේෂ කාල සීමාවක් බව දැනෙනවා.

    පාසලේ එහෙමත් නැත්තං ළදරු පාසලෙන් පවත්වන අලුත් අවුරුදු උත්සව, චාරිත්‍ර ඉටු කිරීම සඳහා ඒවා නිරුපනය කිරීමට අවස්ථාව ලබා දීම, නිවාඩු සමයේ අලුත් අවුරුද්දට අදාලව ගෙදර වැඩ කරගෙන එන්න ලබා දීම වගේ දේවල් පාසල පැත්තෙන් සිදුවෙන දේවල් විදියට සලකන්න පුළුවන්. බොහෝ පාසැල් වල සහ පෙරපාසල්වල අලංකාර රෙදි හැට්ට, කමිස සරම් ඇඳගත් පොඩිත්තෝ සැරිසරනවා දකින්නට ලැබීම මේ දවස්වල සුලබ දර්ශනයක් වෙලා තියෙනවා

    මෙහෙම දේකින් ළමයින්ට අපේ සංස්කෘතිය සහ උරුමය වගේම පෙර කාලයේ ගම ගැන ඉගෙනගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එහෙම වුනත් දේ එක දවසකින් නිමාවෙනවා හැරෙන්නට දරුවාට යම් කාලයක්වත් අත්විඳින්නට ඉඩක් ලැබෙන්නේ නෑ. ඒකට හේතුව වෙන්නෙ මේ ගෙවෙන කාර්යබහුල ජීවන රටාව සහ නූතනත්වයයි.

    ©firstfriends.lk

    රූපවාහිනියේ පෙන්වන ගම හැරෙන්නට අලුත් අවුරුද්ද වෙනුවෙන් පෙර කාලයේ ගමක අසිරිය ගන්නා ගමක් නැති තරම්. අද වන විට සියළු රූපවාහිනී අවුරුදු වැඩසටහන් එහි නිෂ්පාදනය සඳහා අනුග්‍රහය දක්වන වෙළඳ ආයතනවල අවශ්‍යතාවය වෙනුවෙන් හැඩගැසුනු චාරිත්‍ර වාරිත්‍ර පවා වෙනස් කරන ලද හුදු වෙළඳ ප්‍රචාරන උපක්‍රම බවට පත් වී අවසන්. කොටින්ම සිංහල අවුරුද්ද කියන්නෙ තවත් වෙළඳ ප්‍රවර්ධන කාලපරිච්ඡේදයක් පමණක් වන තරමට සංස්කෘතික උත්සවයකින් බැහැර වුනු තැනකට තල්ලු වී තිබෙනවා.

    මේ නිසා රූපවාහිනියේ පෙන්වන අවුරුද්ද තුළින් දරුවෙකුට සැබෑ සිංහල අවුරුද්ද ගැන පැහැදිලි අදහසක් ලබාගැනීමට හැකිද යන්න නම් සැක සහිතයි. අලුත් අවුරුද්දට නෑදෑයන් එකතු වීම හැරෙන්නට එකී පැරණි ක්‍රම ගමකින්වත් හොයාගන්නට බැහැ. විශේෂයෙන් සිංහල අවුරුද්ද සඳහා මූලික වූ පැරණි කෘෂිකාර්මික ජීවන රටාවත් අද වන විට පවතින කාර්මික හා සේවා ආර්ථිකයත් අතර වෙනස දරුවාට පහදා දෙන්න. සැබෑ කෘෂිකාර්මික පරිසරයක් හා ඊට ගැටගැසුනු ජන ජීවිතයක් නොමැතිව සිංහල අවුරුද්දක් යනු හුදු සංකේතීය උත්සවයක් බව දරුවාට වටහා දෙන්න. 

    අනෙක් කාරණය නම් අවුරුදු කාලයට දරුවන්ට සිදුවන හිංසනික ක්‍රියාවන්. විශේෂයෙන් නගරයේ සිටින දරුවන් අවුරුද්ද වෙනුවෙන් ගමට රැගෙන ගිය සැනින් දරුවා ගමට හා දෙමවුපියන් ගමෙහි ජීවත් වූ ජීවන රටාවට ක්‍ෂණිකව අනුගත විය යුතුයි යන දෙමාපියන්ගේ ආකල්පය දරුවන්ට කරන හිංසාවක්.

    අවුරුදු චාරිත්‍ර අතර වැඩිහිටියන්ට දනනමා වැඳ ආශිර්වාද ලබා ගැනීම පැරණි සිරිතක් බව අපි කවුරුත් දන්නව. නමුත් අද වන විට බොහෝ දරුවන් තම දෙමාපියන්ටවත් එසේ වැඳ නමස්කාර කිරීම සුලබ තත්ත්වයක් නොවෙයි. එසේ තිබියදී දරුවන් ගමට රැගෙන ගිය සැනින් මුළු නෑදෑ පරපුරටම දනනමා වැඳිය යුතු යැයි දෙමාපියන් අදහස් කරනවා පමණක් නොව එසේ නොකරන විට දරුවන්ට තරවටු කිරීමට පවා දෙමවුපියන් කටයුතු කරනවා.

    ඇත්තෙන්ම යම් පුද්ගලයෙකු පිළිබඳ ඇතිවන සැබෑ ගෞරවයකින් තොරව දරුවාට තරවටුවකින් කිසිවෙකු ඉදිරියේ දනින් වැටීමට බල කිරීම අනුමත නොකළ හැකි තත්ත්වයක්. එය දරුවාගේ පෞර්ෂ වර්ධනය කෙරෙහිද නරක විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා දෙමවුපියන් ලෙස මේ දේවල් ගැන දෙපාරක් හිතල බලන එක හොඳයි කියන එකයි අපේ යෝජනාව.

    අද වන විට පවතින තාක්‍ෂණික දියුණුවත්, ඉගෙනුම් රටාවන් ආදිය සලකා බලන විට සිංහල අවුරුද්ද සමග සැබැඳුනු යම් යම් දේ අභියෝගටය ලක් වන අවස්ථා එමටයි. මේ නිසා සිංහල අවුරුද්දේ ඇති සංස්කෘතික අගයන් හා ඒවායේ ප්‍රායෝගික භාවිතයන් මෙන්ම සීමා පිළිබඳව දරුවන්ට හරි හැටි පහදා දෙන්න. ගෙදර සිටින විට දෛනිකව බ්ලෙන්ඩරය භාවිතා කරන ඔබ ගමට ගිය සැනින් වංගෙඩිය ගැන වර්ණනා කරන්නට පටන් ගත්තොත් දරුවන්ට ඇතිවන වික්ෂිප්ත භාවය පිළිබඳව ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑ.

    එක් දිනක් රෙද්ද හැට්ටය, සරම කමිසය හැඳි දරුවන් යම් පැටලිල්ලකට භාජනය කරාවි. එනිසා ඔබේ දරුවාට අපේ පුරාතන සිරිත් විරිත් වගේම, සුලබව දකින්නට නැති ඉපැරණි සංස්කෘතික ලක්ෂණ ගැන කියාදෙන්න. අවුරුදු චාරිත්‍ර නිවසේ ඉටු කරන්න. නමුත් වර්ථමානයේ මේ චාරිත්‍ර වල පවා ඇති සීමාවන් විවෘතව සංවාදයට ගන්න. එය දරුවාට සිතන්නට බොහෝ දේ සපයාවි. එය දරුවාට ඔවුන් ජීවත්වන වර්තමානය සහ ඉපැරණි සිංහල අලුත් අවුරුදු සමයේ ක්‍රමය පිළිබඳව වෙනසක් පහදාවි.

    නැතහොත් එක් දිනක් පොල් අතු මඩුවක සරම ඇඳ කොකිසක් කෑ පමණින් දරුවන්ට අපගේ අතීතය, චාරිත්‍ර වාරිත්‍ර, හොඳ නරක සියල්ල ග්‍රහණයකර ගනිවී යැයි සිතන මුලාවෙන් මිදෙන්න. දරුවාටද සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර වලින් කොටු කරන ලද අවුරුද්දකට වඩා සංවාදශීලී සිතන්නට යමක් ඇති සිංහල අවුරුදු උත්සවයක් දායාද කිරීමට අදිටන් කරගන්න.

    ඔබ සැමට මේ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත හා ප්‍රීතිමත් කාලයක් වේවා යැයි familylife.lk වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා.


    ඔබ වැනිම දැනුම අවැසි තවත් කෙනෙකු දැනුවත් කිරීම සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


    කවරයේ ඡායාරුපය ©sundaytimes.lk

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    broken clouds
    28.2 ° C
    28.2 °
    28.2 °
    74 %
    3.9kmh
    75 %
    Fri
    28 °
    Sat
    28 °
    Sun
    29 °
    Mon
    29 °
    Tue
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු