fbpx
27 C
Colombo
Wednesday, April 30, 2025
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk

ආදරය පිරුණු පවුලක ආනන්දනීය උත්සාහය – සුයී ධාගා – මේඩ් ඉන් ඉන්ඩියා

Family Tech Sponsorspot_imgspot_img

familylife.lk ෆැමිලි සිනමා තුළින් අද අපි ඔබට රැගෙන එන්නේ තවත් ආනන්දනීය බොලිවුඩ් නිර්මාණයක් වූ සුයී ධාගා – මේඩ් ඉන් ඉන්ඩියා නැමති නවතම සිනමා සිත්තම පිළිබඳවයි.

www.familylife.lkනූගත් මවුජි ඉතා කටුක මෙන්ම කළබලකාරී ජීවිතයක් ගෙවන විවාහක තරුණයෙකු වන අතර සිය පවුලෙන් මෙන්ම රැකියාව කරන ස්ථානයෙන්ද අනේක විධ කරදරයන්ට නිතර ලක්වෙයි. ඔහුගේ ස්වාමියා ඔහුට සලකනු ලබන්නේ සුනඛයෙකුට වගේය. ඔහුගේ පියාද නිතර මෙම තරුණයා පීඩාවට පත් කරන අතර විවාහකයෙකු වුවද විවාහක යුවලක් ලෙස දිවිගෙවන්නට ඔවුන්ට නොහැකි වන්නේ එසේ ජීවත් වීමට තරම් ප්‍රමානවත් ඉඩකඩක් ඔවුන් ජීවත්වන නිවසේ නොමැති වීම නිසාය. ඔහුගේ බිරිඳ වන මම්තා මේ නිසා දැඩි අපහසුතාවයට කළකිරීමටත් පත් වුවද මවුජි ඒ සියල්ල විඳදරාගෙන සැමවිටම සිනහ මුසු මුහුණින් කල් ගෙවයි.

සැමටම වැඩකට නැති පුද්ගලයෙක් ලෙස කල් ගෙවූවද මවුජි එක් දෙයකට සුවිශේෂී වෙයි. එනම් අඳුම් මැසීම හෙවත් ටේලර් කෙනෙකු ලෙස ඔහුගේ දක්ෂතාවය ඉතා ඉහලයි. නමුත් ඔහුගේ පියා සලකන ආකාරයෙන් එය කිසිදු ප්‍රයෝජනවත් හැකියාවක් නොවන්නේ ටේලර් වෘත්තිය පිළිබඳව ඔහුට ඇති අඩු තක්සේරුව හේතුවෙන්.

ඔහුට රැකියා ස්ථානයෙන් හිමි වන පීඩනය දරා ගත නොහැකි තැන ඔහු රැකියාවෙන් ඉවත් වන්නේ සිය පියාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙමින්. නමුත් සිය බිරිඳ මම්තාගේ සහය හා දිරිගැන්වීම මත ඔහු තමන්ගේ පැරණි රෙදි මහන යන්ත්‍රය අලුත්වැඩියා කර තනිව මහමග රෙදි මසන්නට පටන් ගනී.

එතැන් පටන් පවුලක් ලෙස ජීවිතය ගොඩ නගා ගන්නට මේ යුවල වන වෙහෙස හා ඔවුන් හට මුහුණ දීමට වන අනේක විධ අභියෝග හරහා සිනාමා සිත්තම ගොඩ නැගෙයි. ඔවුන්ගේ ප්‍රයත්නයේ අවසානය කෙසේ සිදුවනාද යන්න දැන ගැනීමට ඔබට මෙම සිනමා සිත්තම රසවිදින්නට සිදුවනවා. ආනන්දනීය මෙන්ම විහිළු තහළුවෙන් පිරි එමෙන්ම ජීවිතය හා බැඳුනු බොහෝ හැඟීම් ඉස්මතු කරමින් දිවෙන මේ සිනමාත්මක ගමන විඳගන්නට අපි ඔබට ෆිමිලි සිනමා තුළින් මේස් ආරාධනා කරනවා.

ෂාරත් කතාරියා ගේ අධ්‍යක්‍ෂණයෙන් හා යාෂ් රාජ් චිත්‍රපට වෙනුවෙන් මනීෂ් ෂර්මාගේ නිෂ්පාදනයෙන් එළි දකින සුයි ධාගා චිත්‍රපටයේ ප්‍රධාන චරිත වන මවුජි ගේ චරිතයට පනපොවනු ලබන්නේ බොලිවූඩ් සිනමාවේ නමතම සිහින කුමරු වන වරූන් ධවන් විසිනි. එමෙන්ම ඔහුගේ බිරිඳ ලෙස රඟන අනුෂ්කා ෂර්මා මම්තාගේ චරිතය ඉතා සාර්ථකව තිරයේ ප්‍රතිනිර්මාණය කරයි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ චන්දාරි නගරයේ 2018 වසරේ පෙබරවාරි මාසයේ රූගත කිරීම් ආරම්භ කළ මෙම සිනමා සිත්තම පසුගිය සැප්තැම්බර් 28 වන දා ඉන්දියාවේ සිනමා හල් පුරා තිරගත වීම ආරම්භ කළා. ආරම්භක දිනයේම ඉන්දියානු රුපියල් කෝටි අට හමාරකට ආසන්න මුදලක් ඉපයූ මෙම චිත්‍රපටය දෙවන දිනයේ ඉන්දියානු රුපියල් කෝටි දොලහක් හා තෙවන දිනයේ ඉන්දියානු රුපියල් කෝටි දහසයක් උපයමින් සාර්ථක නිර්මානයක් ලෙස දැන් තිරගත වෙමින් පවතිනවා.

www.familylife.lk

ප්‍රථමයෙන් මෙහි ප්‍රධාන චරිතය සඳහා රන්බීර් කපූර් තෝරාගෙන තිබුනත් විවිධ හේතු නිසා රන්බීර්ට මෙම සිනමා සිත්තමට දායක වීමට නොහැකි වුනා. ඉන් පසුව ඒ සඳහා තෝරා ගනු ලබුවේ වරුන් දවන් වන අතර රන්බීර්ගේ අඩුව පුරවමින් වරුන් මෙහි සුවිශිෂ්ට රංගනයක නියැලෙන බව විචාරකයන් පවසා තිබෙනවා. මම්තාගේ චරිතය රඟන අනුෂ්කා ෂර්මා සිය නිසඟ ප්‍රතිභාව ඉහලම තලයට ගෙනෙමින් සිය චරිතය ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය නොමසුරුව ලබාගන්නා තැනට පත්කොට තිබෙනවා.

මෙම චිත්‍රපටයේ තිර රචනය බොහෝ දෙනාගේ අවධානයට හා ප්‍රසාදයට ලක් වූවත් එය සිනමාවට නැගෙද්දී පිටපතෙහි වූ ප්‍රබලත්වය යම් තරමකට ගිලිහී ඇතැයි යන්න මෙම සිනාමා සිත්තමට එල්ල වන ප්‍රධාන චෝදනාවක්. එමෙන්ම දෙවන භාගය ඉතා මන්දගාමීව ගලා යෑම බොහෝ දෙනාගේ අකමැත්තට ලක් වූවත් එයින් චිත්‍රපයේ කූටප්‍රාප්තිය වැඩියෙන් ඉසමතු වන බව තවත් පිරිසක් පවසා සිටිනවා. එමෙන්ම ඉන්දියානු රසික ප්‍රජාවට හුරුව ඇති වානිජ සිනමාවට වඩා මෙය කලාත්මක සිනමාවට බර චිත්‍රපටයක් ලෙස නිමවා තිබීමෙන් යම් රසික පිරිසක් මෙය නැරඹීමෙන් බැහැර වනු ඇතැයි යන්නත් විචාරකයන්ගේ අදහසක්.

මේ දේවල් කෙසේ සිදුවුවද සුයී දාගා යනු පවුලක් ලෙස ධෛර්‍යය සම්පන්නව උත්සාහයෙන් කටයුතු කරන බොහෝ දෙනාට පිදෙන තිළිණයක් බඳු සිනමා සිත්තමක්.සැප දුක නිසි ලෙස බෙදා ගනිමින් ජීවිතයේ යම් අරමුණක් කරා ගමන් කරන්නටත් දිනෙක ඒ වෙනුවෙන් තමන්ට හිමි වන අහිමි වන දේ පිළිබඳව පවුලක් ලෙස ඇති අනේකවිධ හැඟීම් සමුදායත් අත්දැකීමෙන් දන්නා බොහෝදෙනාට මෙම කතාව තමන්ගේ කතාව ලෙසෙ දැනෙනු ඇති. විශේෂයෙන් පවුල යන සංකල්පය යම් ප්‍රමාණයකට අභියෝගයට ලක් වන සමාජයකට මෙම සිනමා සිත්තම කදිම පිළිතුරක් සපයා තිබේ.

ෆැමිලි සිනමා යටතේ ලියවුණු සියළු ලිපි බලන්න


ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


 

මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

Colombo
overcast clouds
27 ° C
27 °
27 °
81 %
4.9kmh
100 %
Wed
29 °
Thu
30 °
Fri
30 °
Sat
29 °
Sun
29 °
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
www.familylife.lk
error: Content is protected !!
www.familylife.lk

හොඳම දේ ඔබ ලඟටම...

දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු