fbpx
More
    28.4 C
    Colombo
    Monday, October 7, 2024
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අතමාරුවක් ඉල්ලා ගැනීමට හොඳම බොලිවුඩ් නිළිය කවුද?

    Family Tech Sponsorspot_imgspot_img

    අද familylife.lk අපි ෆැමිලි සිනමා තුළින් ගෙන එන්නේ 2018 වසරේ චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන ඔබේ ප්‍රියතම බොලිවුඩ් නිලියන් පිළිබඳවයි. ඔවුන්ගෙන් අතමාරුවක් ඉල්ලා ගැනීම හිතලුවක් වුවත් ඔබ එසේ කරන්නේ නම් යා යුතු පිළිවෙල මෙසේයි.

    www.familylife.lk01. දීපිකා පදුකෝන්

    බොළිවුඩ් රජදහනේ මේ වන විට අග රැජිනියගේ චරිතයට පන පොවන දීපිකා පදුකෝන් කාගේත් මතකයේ රැඳෙන ඉතා විශි්ෂ්ඨ නිර්මාන කීපයකම තම නිසඟ හැකියාව ප්‍රදර්ශනය කළ වෘත්තීය නිලියක්. එය කලාත්මක හෝ වානිජ සිනමාව වේවා ඇගේ ප්‍රතිභාව එකසේ ලබා දෙමින් එම නිර්මාණය උසස් තලයකට ගෙන ඒමට කටයුතු කරන අංක එකේ නිලිය මේ වන විට චිත්‍රපටයක් සඳහා අය කරන මුදල ඉන්දියානු රුපියල් කෝටි පහලොවක් (ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 35 ආසන්න මුදලක්). බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් නිෂ්පාදන වලටද දායක වන දීපිකා මේ වසරේ රඟපෑ පද්මාවත් චිත්‍රපටයේ පනදෙන චරිතය බොහෝ දෙනාගේ අපමන පැසසුමට ලක්වුනා. 2015 වසරේ තිරගත වූ පජිරාඕ මස්තානි, එම වසරේම පීකු, 2014 වසරේ තිරගත වූ රාම්ලීලා වැනි දැවැන්ත නිෂ්පාදන ඇයට මේ වාසනාව ගෙන ආවා.


     

    www.familylife.lk02. ප්‍රියංකා චොප්රා

    දීපිකා හා බොහෝ අවස්ථාවල සම තැන් ගනිමින් ඉතා දැඩි තරඟයක නිරත වන හොලිවුඩ්, බොලිවුඩ් කර්මාන්ත දෙකම ජයගත් ප්‍රියංකා චොප්රා මේ වන විට චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි 13ක් (ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 30 අධික මුදලක්) අය කරනවා. විශේෂයෙන් ඇය දායක වන හොලිවුඩ් රූපවාහිනී කතා මාලව වන කොන්ටිකෝ හි ඇගේ රංගනයෙන් පසුව මෙලෙසින් ඇගේ වටිනාකම ඉතාමත් ඉහල තලයකට පැමිණ තිබෙනවා. ඇය සිය රංගන ජීවිතය අරඹා ඇත්තේත් හොලිවුඩ් නිෂ්පාදන කීපයකින් වීමත් විශේෂයි. ඇය මේ වසරේ චිත්‍රපට දෙකක් සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා


     

    www.familylife.lk

    03. කරීනා කපූර්

    කපූර් යන නාමය බොලිවුඩ් සිනමාව සැමදා ඔසවා තැබූ නාමයක්. කබී කුෂී කබී ගම්, ජබ් වී මෙට්, ත්‍රී ඉඩියට්ස්, ආදී චිත්‍රපට රැසකින් සිය දක්ෂතාවය ඉදිරිපත් කළ කරීනා කපූර් මේ වන විට එක් චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි එකොලහක් ( ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 25 අධික මුදලක්) අය කරනවා. සෑම වසරකම ඇයගේ රංගනයෙන් බොක්ස් ඔෆීස් වාර්තා පිහිටවන චිත්‍රපටයක් නිපද වන බැවින් ඉතාමත් ස්ථාවර බොලිවුඩ් නිලිය ලෙස ඇය හඳුන්වනවා. වීරේ දි වෙඩින් ඇය මේ වසරේ දායකත්වය ලබාදුන් චිත්‍රපටයක් වන අතර එහි සාර්ථකත්වයත් මෙවැන් මුදලක් ඇයට හිමි කර දීමට බලපා ඇති බවයි පැවසෙන්නේ.


     

    www.familylife.lk04. කංගනා රාවුට්

    2015 වසරේ ක්වීන් චිත්‍රපට වෙනුවෙන් හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයා සම්මානයෙන් පිදුම් ලැබූ කංගනා බොලිවුඩ් සිනාමාවට ලැබුනු සම්පතක් ලෙසයි බොහෝ දෙනා හඳුන්වන්නේ. විශේෂයෙන් කලාත්මක චිත්‍රපට වල ඇය රගපෑ ඇති චරිත සෑම එකක් පාහේම විශේෂ අවධානයට පාත්‍ර වුනා. 2019 වසරේ තිරගත වීමට ඇති මානික්කර්නිකා – ජාහානසි මහ රැජින චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය ඉන්දියානු රුපියල් කොටි එකොලහකට ආසන්න මුදලක් ( ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 25 අධික මුදලක්) අය කර ඇති බවයි වාර්තා වන්නේ. ක්වීන් හා තනු වෙඩ්ස් මනු රිටර්න්ස් චිත්‍රපට වෙනුවෙන් ඇය ඉන්දියානු රුපියල් කොටි දහය බැගින් අය කර තිබෙනවා.


     

    www.familylife.lk05. කත්රිනා කායිෆ්

    කත්රිනා ගේ රංගනය මෙන්ම ඇය චිත්‍රපටයක් සඳහා අය කරනු ලබන මුදලත් නිරන්තරයෙන් වෙනස් වන සුලුයි. 2015 වසරේ වැඩිම මුදලක් අය කරන නිලියන් අතර හය වන ස්ථානයේ පසුවූ ඇය 2017 වසර වන විට එම සටහනේ එකොලොස් වන තැන දක්වා පහලට ගොස් තිබුනා. නමුත් 2018 වසරේ ටයිගර් සින්දා හේ චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමග ඇය මේ සටහනේ පස්වන ස්ථානය අත් කරගන්නේ චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 9යක මුදලක් අය කරමින්. එය ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 21 ආසන්න මුදලක්. එමෙන්ම අමීර් ඛාන් රඟන තග්ස් ඔෆ් හින්දුස්තාන් චිත්‍රපටයත් ඇයට වාසනාව ගෙන එනු ඇති බව විචාරකයින් පවසනවා.


     

    www.familylife.lk06. සෝනම් කපුර්

    බොලිවුඩ් නිෂ්පාදකයන්ගේ නොමද පැසසුම් හා විශ්වාසය දිනාගත් සෝනම් කපූර් මේ වන විය චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි අටක මුදලක් අය කරනවා. ඇගේ එක දිගට සාර්ථක වූ චිත්‍රපට වූ ඩෝලි කි ඩෝලි, නීර්ජා, පෑඩ් මෑන්, වීරේ ඩී වෙඩින් ආදී චිත්‍රපට ඇයව මෙම ස්ථානයේ රඳවන්නට දායක වී තිබෙනවා. විශේෂයෙන්ම ඇය බොහෝ සන්නම් නාම වෙනුවෙන් මේ වන විට ගිවිසුම් ගතව සිටිනවා. ඇය සංජු චිත්‍රපටය වෙනුවෙන් මෙම ඉන්දියානු රුපියල් කෝටි අටක මුදල අය කර තිබෙනවා.


     

    www.familylife.lk07. විද්‍යා බාලන්

    බොලිවුඩ් සිනමා කර්මාන්තයට පැමිණ කලක් ගත වුවත් විද්‍යා බාලන් හට ඇති ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය නම් කිසි දිනක අඩු වූවක් නොවේ. බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන නිලියන්ගේ ලයිස්තුවේ සිය සුපුරුදු ස්ථානය මෙවරත් ඇය සහතික කර ගෙන ඇත්තේ චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි අටක මුදලක් අය කිරීම වෙනුවෙන්.(ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 19 ආසන්න මුදලක්). විශේෂයෙන්ම පසුගිය වසරේ අති සාර්ථක චිත්‍රපයක් වූ තුමාරී සුලු සමගින් ඇයගේ මෙම වටිනාකම තවත් ඉහල යනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.


     

    www.familylife.lk08. අනුෂ්කා ෂර්මා

    අනුෂ්කා ගැන පසුගිය වසරේ වැඩිම අවධානය දිනාගත් පුවත වූ ඇයගේ හා සුප්‍රසිද්ද ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි ගේ විවාහය ගැන වුවත් 2017 වසරේ අමීර් සමග රඟපෑ පීකේ චිත්‍රපටය වෙනුවෙන් දැවැන්ත මුදලක් අය කිරීම වැඩි අවදානයකට ලක් වූයේ නෑ. නමුත් ඇයත් ඉන්දියානු රුපියල් කෝටි අටක මුදලක් චිත්‍රපටය සඳහා අය කර තිබුනා. වැඩිම මුදලක් උපයන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙන විරාත් ට අනුෂ්කාගේ ආදයම එකතු වූ විට ඉන්දියාවේ තරු යුවලක් (සෙලිබ්‍රිටි ෆැමිලි) උපයන වැඩිම ආදායම ලෙස විරාත් අනුෂ්කා යුවල ඉදිරියෙන්ම සිටිනවා. ගියවර ලයිස්තුව සමග සැසඳීමේදී ඇය එක් ස්ථානයක් පහල බැස තිබීමත් අවදානයට ලක් විය යුතුයි.


     

    www.familylife.lk09. ආලියා බාට්

    මෑත ඉතිහාසයේ බොලිවුඩයේ සාර්ථකත්වය අතින් ඉහලම නිලිය වශයෙන් සැලකෙන ආලියා වසරින් වසර සිය අයකිරීම ඉන්දියානු රුපියල් කෝටියකින් ඉහල දමන නිලිය ලෙස වාර්ථා වනවා. මේ වසර වන විට ආලියා ඉන්දියනු රුපියල් කෝටි අටක් එක් චිත්‍රපටයක් වෙනුවෙන් අය කරනවා. පසුගිය වසර වල ඈ අය කළ ඉන්දියානු රුපියල් කෝටි හය වෙනුවට මේ වන විට ඇයට කෝටි අටක සීමාවට පිවිසීමට හැකියාව ලැබී ඇත්තේ ඇය රඟපෑ රාසි චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමගින්. ඉදිරියේදී තිරගත වීමට නියමිත කලාන්ක් චිත්‍රපටයේ රංගනයත් සමගින් ඇය ලබන වසර වන විට කොපමන මුදලක් අයකරාවිද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වන්නේ මෙම ලැයිස්තුවේ ඉදිරි පෙල ස්ථානයක් ආලියා තමා වෙනුවෙන් වෙන්කරගනු ඇතැයි යන බලාපොරොත්තුවත් සමගයි.


    10. ෂද්ධා කපූර්

    කරීනගෙන් පසුව බොලිවුඩයට පෑයූ සාර්ථකම කපූර් තාරකාව වන ෂද්ධා මේ වන විට ලැයිස්තුවේ අවසන් ස්ථානයේ පසුවන්නේ චිත්‍රපටයක් සඳහා ඉන්දියානු රුපියල් කෝටි පහක් පමණ අය කරමින්. නමුත් පසුගිය වසරේ ඇය රඟපෑ ඕකේ ජානු, රොක් ඔන් 2, චිත්‍රපට ආදායම් අතින් අසාර්ථක වීමත් සමගම ඇයගේ ස්ථානය පිළිබඳ අවිනිෂ්චිතභාවයක් ඇතිවී තිබෙනවා. කෙසේ නමුත් සාහෝ හා නවබ්සාදේ චිත්‍රපට තුලින් නැවතත් ඇය සිය ජනප්‍රියභාවය රඳවා ගනු ඇතැයි විචාරකයන් පවසනවා.


     

     

    ඉතිං ඔබට මේ අයගෙන් අතමාරුවක් ලබා ගන්න අවස්ථාවක් ලැබුනොත් ඔබ තෝරා ගන්නේ කවුරුන්ද යන්න තීරනය කරන්න මේ කරනු ප්‍රමානවත් කියල අපි විශ්වාස කරනවා. සැබෑ ලෝකයේ තරමක් අතාත්වික අදහසක් ලෙස පෙනුනත් හෙට දවස ගැන අපි කාටවත් අනාවැකි කියන්න බැරි තරමට මේ ලෝකය කුඩා වෙමින් පවතිනවා. ඒ නිසා හෙට දවසේ මේ අතරින් කෙනෙක් ඔබේ ළඟම මිතුරිය වීමටත් බැරි කමක් නෑ.

    බොලිවුඩ් සිනමාව ගැන ලියවුනු මෙම ලිපියත් ඔබට රසවත් දැයි බලන්න

    හිතුවක්කාර සිත්තරා – සල්මාන් ඛාන්

    මුල් පිටුවට පිවිසෙන්න


    ඔබ වැනිම රසිකත්වය ප්‍රිය කරන තවත් කෙනෙකුගේ රසවින්දනය සඳහා පහත ඇති මාධ්‍ය ඔස්සේ මෙම ලිපිය ෂෙයා කිරීමට අමතක නොකරන්න.


     

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    light rain
    28.4 ° C
    28.4 °
    28.4 °
    75 %
    5.4kmh
    99 %
    Mon
    28 °
    Tue
    27 °
    Wed
    28 °
    Thu
    27 °
    Fri
    26 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු