fbpx
More
    24 C
    Colombo
    Wednesday, January 1, 2025
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk

    අන්තර්ජාලය තුල ඔබ ආරක්ෂිතද?

    Family Tech Sponsorspot_imgspot_img

    අද වෙනකොට අන්තර්ජාලය කියන්නේ අපිට ඕනෙවටත් වැඩ සමීප වුණු දෙයක්.  සමහරෙක් බොහොම සංයමයෙන් සැලකිලිමත්ව මේක පාවිච්චි කළත් නොදැනුවත්කම නිසාම තවත් සමහරෙක් සීමාවකින් තොරව අන්තර්ජාලය භාවිත කරනවා. විශේෂයෙන්ම ජංගම දුරකතන මගින් අන්තර්ජාලයේ ආරක්ෂිතව සැරිසරන්නෙ කොහොමද කියල ඔබව දැනුවත් කරන්න familylife අපි තීරණය කළා.

    1. සෑම විටකම ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී එය මුල් තත්ත්වයට (Reset) ගෙන භාවිතයට ගන්න. ඔබ පාවිච්චි කරන ලද දුරකථනයක් ලබා ගැනීමේදී අනිවාර්යයෙන්ම Reset කර භාවිතයට ගන්න.
    2. නිතරම විශ්වාසදායි ක්ලවුඞ් සේවාවන් ලබා ගන්න. බොහෝ ජංගම දුරකථන සමාගම් විසින් නොමිලයේ ක්ලවුඞ් සේවාවන් ලබා දෙයි.ප‍්‍සිද්ධ ජංගම දුරකථන සමාගම් විසින් ලබා දෙන ක්ලවුඞ් සේවාවන් Google Drive, DropBox, Amazon Drive, Microsoft One Drive යන ක්ලවුඞ් සේවාවන්ද ඉතා සුරක්ෂිත වේ.
    3. සෑම අවස්ථාවකදීම ලබා ගන්නා ඡායාරෑප, වීඩියෝ සහ Documents ආරක්ෂිත Wallet එකක් තුළ රඳවන්න. එම Wallet මෘදුකාංගයට ආරක්ෂිත මුර පද යොදා ආරක්ෂාව තහවුරු කරන්න. එවිට ඔබගේ දුරකථනය නැති වීමකදී, Cloud ආක්‍රමනයකදී හෝ ජංගම දුරකථනය අලූත්වැඩියා කිරීමකට දුන් අවස්ථාවකදී එය වෙනත් පාර්ශවයකට ලබා ගැනීමේ හැකියාව අවහිර වේ. තවද මුරපදය (Password& යොදා සමස්ත දුරකථනයම ආරක්ෂා කිරීමටත් වගබලා ගන්න.
    4. සියලූම පෞද්ගලික ඇප්ස් (Apps) ඇප් ගාර්ඞ් එකක් යොදා ආරක්ෂා කරගන්න. එවිට වෙනත් පාර්ශවයකට ඔබගේ පෞද්ගලික ඇප් ගොනු විවෘත කළ නොහැකිය. උදාහරණ ලෙස ඔබගේ Facebook, WhatsApp, Viber , Skype,SMS, Phone book , Photo Gallery යන ආදිය ඇප්ස් ගාර්ඞ් එකක් යොදා ආරක්ෂා කළ හැකිය. බොහෝ ඇප් ගාර්ඞ්ස් නොමිලයේ ලබා දුන්නත් සුළු මුදලක් ගෙවා පුර්ණ ආරක්ෂිදත ඇප් එකක් භාවිත කිරීම වඩා යෝග්‍ය වේ. බොහෝ විට මෙම ඇප් එකක මිල ඩොලර් 5 කට අඩු වේ.
    5. ඔබට හැකියාවක් ඇත්නම් ඔබගේ සිම් පතට PIN අංකයක් යොදා භාවිත කරන්න.යම් ලෙසකින් ඔබගේ සිම් පතෙහි පින් අංකය අමතක වී වැරදි පින් අංකයක් ඇතුළත් කළහොත් ඔබගේ සිම්පත විනාශ වී යනු ඇත. එබැවින් සිම් පතෙහි පින් අංකය සම්බන්ධයෙන් ඔබට නිවැරදි වැටහීමක් නොමැති නම් එම සේවාව භාවිත නොකර සිටන ලෙසට අවවාද කරමි. ඔබට සිම් පතෙහි ඇති පින් අංකය සම්බන්ධයෙන් වැඩි විස්තර අවශ්‍ය නම් ඔබගේ ජංගම දුරකථන සේවා සපයන සමාගම අමතන්න.
    6. සුදුසු Antivirus මෘදුකාංගයක් භාවිත කරන්න. එවිට ඔබගේ ජංගම දුරකතනයේ රහස් ලෙස තැන්පත් කර ඇති ඔත්තු බලන මෘදුකාංග තැන්පත්වී ඇති නම් එය ඔබට දැනුම් දෙනු ඇත. තවද එවැනි ඔත්තු බලන වැඩසටහන් ඇත්නම් ආරක්ෂාකාරී ලෙස දුරකතනයෙන් ඉවත් කර ගත හැකිය. අනුමතකරන ප්‍රතිවයිරස් නාශක මෘදුකාංග AVG Antivirus, Norton Internet Security, Kaspersky Mobile Antivirus, Avast Mobile Security.
    7. අද අන්තර්ජාලයේ ව්‍යාජ මෘදුකාංග බොහොමයක්ද ඇති බැවින් ඔබ නොදන්නා Antivirus භාවිත කිරීමෙන් වැළකෙන්න. ව්‍යාජ Antivirus භාවිත කිරීමෙන් ඔබ තවත් අනතුරකට ලක්වීමේ හැකියාව ඇත.
    8. Find my phone සේවාව සක්‍රීය කරගන්න. Find my phone සේවාව යනු ජංගම දුරකථනය නිෂ්පාදනය කරන සමගම මගින් ලබා දෙන සේවාවකි. එයට අමතරව ගූගල් සහ Norton යන සමාගම්වලින්ද මෙම පහසුකම ලබා ගත හැකිය. Find my phone සේවාව යනු යම් හෙයකින් ඔබගේ ස්මාර්ට් ෆෝන් එක සොරා ගතහොත් හෝ එසේත් නැතිනම් නැති වූ අවස්ථාවක මහගු ප්‍රයෝජන ලබා ගත හැකි මෘදුකාංගයකි. ඔබගේ සොරාගත් දුරකතනය පිහිටා ඇති ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකියාව ඇත. සොරාගත් පුද්ගලයාට නොදැනෙන්න ජංගම දුරකතනයේ කැමරාව සක්‍රීය කර ගත හැකිය. අවශ්‍ය නම් ඔබගේ දුරකතනයේ ඇති සියලූම දත්ත ක්‍ෂණයකින් මකා දැමිය හැක. තවද දුරකතනය ලෝක් කිරීම, එලාම් නාදයක් නිකුත් කිරීම පවා කළ හැකිය. මෙම ලබාදෙන සේවාවන් ජංගම දුරකථනය නිෂ්පාදනය කර ඇති සමාගම අනුව වෙනස් වේ. ඔබට අවශ්‍ය නම් තෙවන පාර්ශව Find my phone සේවාවක් ගූගල් සහ Norton යන සමාගම්වලින් ලබා ගත හැකිය.
    9. ඔබගේ ජංගම දුරකථනය අලූත්වැඩියාවට ලබා දෙන්නේ නම් සෑම විටකදීම මෙමරි කාර්ඞ් ඉවත්කර අලූත්වැඩියාවට ලබා දෙන්න. ඉහත සඳහන් ආකාරයෙන් ඔබගේ දුරකතනයේ ඇති මෘදුකාංග, ඡුායාරුප, වීඩියෝ ඇප් ගාර්ඞ් එකක් මගින් ආරක්ෂා කර ඇති නම් තෙවන පාර්ශවයක් වෙත ඔබගේ දත්ත ලැබීමේ ප්‍රවනතාවය ඉතා අඩුවේ.
    10. ඔබ විසින් භාවිත කරන ලද ජංගම දුරකතනය නැවත විකිණීමට අදහස් කරයි නම් පළමුවෙන්ම ෆෝන් එක Reset කරන්න. එවිට දුරකතනයේ ඇති සියලූ දත්ත ඉවත්වනු ඇත. නමුත් මෙවැනි දත්ත ඉවත් කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ඔබ සියලූ දත්ත මකා දැමුවද අන්තර්ජාලයේ ඇති විවිද මෘදුකාංග භාවිත කොට ඔබ විසින් මකා දැමු දත්ත නැවත ලබා ගත හැකිය. එනම් ඔබ විසින් දෙවන අදියරේදී නැවත එම දත්ත ලබා ගත නොහැකි අයුරින් ඉවත් කළ යුතු වේ. සඳහා අවශ්‍ය විවිධ මෘදුකාංග අන්තර්ජාලයෙන් ඔබට ඩවුන්ලෝඞ් කරගත හැකිය.
    11. ජංගම දුරකතනයට ඇප්ස් ස්ථාපනය කිරීමේදී පිළිගත් මෘදුකාංග පමණක් ස්ථාපනය කරන්න.
    අන්තර්ජාලයේ ඇති අනාරක්ෂිත තත්ත්වයන් සහ ඒවායෙන් වැළකෙන ආකාරය පිළිබඳ පලවන ලිපි නිරන්තරයෙන් පුවත් පත්වල සඟරාවල, වෙබ් අඩවි වල දක්නට ලැබෙන නමුත් මා මෙම ලිපිය මගින් පැහැදිලි කරන්න යන්නේ මා විසින් කරන ලද යම් පර්යේෂණ සහ අත්දැකීම් ඇසුරින් ලබා ගත් දෑය. අනෙකුත් පොදු ආරක්ෂිත ක්‍රමවේදයන් මෙම ලිපියට එක් කර නැති බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳ දැනුවත් වීමට ඔබට යම් ගැටලූවක් හෝ ආරක්‍ෂාව පිළිබඳ විස්තර අවශ්‍ය නම් marx@bytesrack.com  වෙත මේල් ලිපියක් යොමු කරන්න. අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ ලබා ගන්නා දැනුම සමාජය තුළ බෙදා හැරීමෙන් අන්තර්ජාලය සියලූ දෙනාටම යහපත් ස්ථානයක් බවට පත්කරගත හැකි බව මාගේ අදහසයි.

    මෙම ලිපිය ගැන ඔබේ අවංක අදහස් පහතින් කමෙන්ට් කරන්න.

    Colombo
    scattered clouds
    24 ° C
    24 °
    24 °
    87 %
    6.5kmh
    45 %
    Wed
    29 °
    Thu
    29 °
    Fri
    27 °
    Sat
    28 °
    Sun
    28 °
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    www.familylife.lk
    error: Content is protected !!
    www.familylife.lk

    හොඳම දේ ඔබ ලඟටම...

    දැනුම, රසාස්වාදය පිරි නැවුම් ලිපි ඔබ ලඟටම ගෙන්වා ගන්න familylife.lk සමග සම්බන්ධවන්න.

    familylife.lk පවුලට සාදරයෙන් පිළිගනිමු